Menu Close

ඉස්පිරිතාල ගමන

ජාතික රෝහල තියෙන්නේ වෝඩ්පෙදෙසේ. මම 170 බස් එකේ ගිහින් වෝඩ් ප්ලේස් එකෙන් බැස්සා. බැහැලා දත් වාට්ටුව පැත්තෙන් මහරෝහලට පිවිසෙන්න හැදුවත් ඒ පැත්තෙන් එන එන්ටරන්ස් වල සිකුරිටි කට්ටිය දාලා. මට ගේට්ටු අංක 5න් යන්න කිව්වා. මම ඒ ගමන නොරිස් ඇල පැත්තෙන් ඕ පී ඩී එකට ආවා. ඕ පී ඩී එක තියෙන්නේ හැංගිලා. කාගෙන් හරි ඇහුවොත් ඇර ඕ පී ඩී එක හෙවත්බාහිර රෝගී අංශය එක එල්ලේම හොයාගන්න බැහැ. 


තුන්ඩු ගැනීම 


ඉස්සර ඉස්පිරිතාලේ ගියාම අපි වයස කියනවා නම කියනවා තුන්ඩුව ලියනවා. දැන් දියුනු වෙලා. මුලින්ම මට නොම්බරයක් දුන්නා. මට ලැබුනේ නොම්බරේ 739 හප්පා මම හිතුවා වරුවක් යාවිය කියලා එත් එච්චර වෙලා ගියේ නම් නැහැ. ඉතින් නොම්බර ගත්තයින් පස්සේ මෙන් බොලේ කොම්පියුටර් එකක් ඉස්සරහ ඉන්නව කෙල්ලො වගයක්. ඒ ඇටෙන්ඩන් කෙල්ලෙක් මගෙන් අයිඩි එක ඉල්ලුවා. කලින් උධවිය අයි ඩී අරන් යන නිසා මමත් අයිඩන්ටි කාඩ් එක පෝස් එකෙන් එලියට අරගෙනයි තිබුනේ. ඉතින් අයිඩී එක දුන්නාම ටිකකින් ප්‍රින්ට් කරපු කාඩ් කෑල්ලක් ලැබුනා. ඒ කාඩ් කෑල්ල සහ නොම්බරේ අරගෙන මම ඒ ආසන්නයේ තියෙන පුටුවල වාඩි වුනා. 


වාඩිවෙලා වෙයිටින් ලැයිස්තුවේ 
බොරැල්ලේ මල් ශාලාවල මිනි බලන්න ගියාම පුටු පේලි තියා තියෙනවා. ආන්න ඒ වගේ පේලි පේලි පුටු තියෙලා තියෙනවා. ලෙඩ්ඩු ඒවෑ වාඩිවොල තමුනගේ වාරය එනකල් ඉන්නවා. මේක 10 සෙට්ස් වලින් නොම්බර යන සිස්ටම් එකක් තියෙන්නේ ඒ කියන්නේ 720-730 අතර නොම්බර ටිකට එකපාර ඇතුලට එන්නය කියනවා..ඉන් ප්සසෙ ඇතුලට ගියාම දොස්තර ගොල්ල පාලහක් විතර කොමිප්යුටරත් මේසුඩ තියාගෙන ලෙඩ බලන්න ලෑස්ති වෙල ඉන්නවා. සාමාන්‍යෙයන් ඒ අවකාශය ටිකක් හිස්වෙද්දි එකපාර දහයක් ඇතුලට ගන්නවා. එ ්ගන්න අය ලෙඩ්ඩු නැති දොස්තරයෙක් ගාවට ගිහින් පුටුවෙන් වාඩි වෙනවා. හරිම සරල මෙව්වා එකක්. 


මුස්ලිම් නාට්ටිය 


හරියට කියන්නොකො උපන්දිනේ.. කියල මහ ගෝසාවක් ඇහුනා මම වාඩිවෙල ඉද්දි. බැලින්නම් තම්බි ගෑනියෙක්. ටිකක් වයසක අම්මා කෙනෙක්. කළුවට ඇදලා ඔලුව විතරක් වහලා තිබුනා. ඉතින් මේ ඇටෙන්ඩන්වරිය අර රෙජිස්ටර කරන තැනයි උන්නේ. එයා අහනවා මුස්ලිම් ගෑනු කෙනාගෙන් උපන් දිනය. එයා ආලෝ නීලෝ වෙලා උපන්දිනය ඇහුවම වයස කියනවා. ඉතින් කොහොමින් හරි මේ තැනදි “අයිඩන්ටිය ගේන්නෙත් නැහැ, අපි කියන දෙයක්තේරෙන්නෙත් නැැහැ“ ආදී වශයෙන් ඇටෙන්ඩන් ගෑනි අර මුස්ලිම් අම්මාට බැන්නා. ඒ උස් හඩින් බැනවැදීම ගැන අනෙක් ලෙඩ්ඩු කතාකලේ අප්‍රසාදයෙන්. ඒ උදවියට සිංහල අපහසුයි. ඉතින් ඒ වගේ වෙලාවක බොරුවට බැන අඩගහන් නැතුව දෙමල දන්න කෙනෙක්ගෙන් උදව් ගත්තනම් ලේසියි කියලයි මට හිතුනේ. අනෙක් පසින් ජාතික රෝහලේ බාහිර රෝගී අංශය වගේ තැනක අනිවාර්යෙන් දෙමල දන්න කෙනෙක් ඉන්න එපැයි. අනෙක් පැත්තෙන් ඉතින් මෙච්චර බෝම්බ කේස් තියෙද්දි අයිඩන්ටි කාඩ් එක යන තැනක අරන් යන්න මුස්ලිම් අම්මලා වුනත් හිතට ගන්න ඕනි. 


මම ජාතිවාදී වෙන්න ඇති. එත් මේ මුස්ලිම් ගෑනු අය ගොඩක් වෙලාවට හැසිරීමෙන් ටිකක් අවුල්. ඔවුන් ගිය තැන ආක්‍රමණශිලි ස්වභාවයක් හදාගෙන එතැන වරප්‍රසාද ඔක්කොම ටික ගන්න හදන ලයින් එකක් තියෙනවා. පෝලිම් පැනීම, සදාචාරයක් නැතුව කියවීම, අනෙක් මිනිස්සු ගැන සැලකිල්ලක් නැතිවීම අතින් මුස්ලිම් ගෑනු අනෙක් ජාති වලට වඩා ඉස්සරහින් ඉන්නවා. මේක මම විහාරමහාදේවී උයන, ගෝල්ෆේස් වගේ මුස්ලිම් අය එකතු වෙන තැන් වලත් දැකලා තියෙනවා. 


කොම්පියුටර ක්‍රමය 


අපි වාඩිවෙලා ඉද්දි ඔන්නසෙට් යනවා. සාමාන්‍යෙයන් ඒ ජාතික රෝහලේ මම ගිය වෙලාවේ විනාඩි පහකට ලෙඩ්ඩු 10ක ලොට් එක්ක බැලෙනවා. මම යද්දි උදේ 11 විතර වෙලා. එතකොට 739 නොම්බර් කියන්නේ නොම්බර දීලා තිබුනේ 1 ඉදලා නම් ලෙඩ්ඩු ඒ තරම් ප්‍රමාණයක් බේත් අරගෙන තියෙන්න ඇති. 


මේ කොම්පියුටර ක්‍රමය නිසා හරි ලේසියි. කඩදාසි පාවිච්චිය අඩුයි. වැරදිම් වෙනෝ අඩුයි. ඉතින් අපි දොස්තර මහත්තයට ලෙඩ කිව්වාම දොස්තර මහත්තයා කොම්පියුටර එකේ අපිට තියෙන ලෙඩේ සිලෙක්ට් කරලා ඉන් පසසේ ඒකට බෙහෙත් නියම කරනවා.ඒ බේත් ඉස්සර වගේ ලියන් නැහැ. ඉන් පස්සේ අපි ඉස්පිරිතාල පාමසියට ගිහින් අර බාර් කේත තියෙන අපේ ඉස්පිරිතාල අයිඩන්ටිය පෙන්වලා බෙහෙත් ටික අරගන්නවා. 


දොස්තර මහත්තයාගේ දේසපාලන කතාව 


බෙහෙත් නියම කරන අවස්තාවේදි අවශ්‍ය හොද බෙහෙත් ජාති අඩු බව දොස්තර මහත්තයා කිව්වා. ඊට අමතරව මේ ආන්ඩුව බේත් ටිකවත් හරියට ගෙන්වන්නේ නැහැය කියලත්දොස්තර මහත්තයා කිව්වා. වැඩිදුරටත් අදහස් දක්වමින් මිනිස්සුන්ගේ ලෙඩට දුකට දෙන බේත් ටිකවත් හරියට දෙන්න බැරි මේ ආණ්ඩුව ගෙදර යවන්න ලබන 16 වෙනිදා කටයුතු කරන්න කියලාත් දොස්තර මහත්තයා මගෙන් ඉල්ලීමක් කලා. 


මේ ජාතික රෝහලේ බෙහෙත් ගන්න එන උදවිය බොහෝවිට වයසක අය. නැතිනම් දුප්පත් අය. මම පෝසතෙකු ත්නෙමෙයි යොවුන් තරණුයෙකුත් නෙමෙයි තමයි. ඒත් දොස්තර මහත්තයාට වචනයක් දෙක්ක කතාකරන්න වත් හරිහමන් කෙනෙක් සෙට් වෙන් නැතුව ඇති. ඒ නිසා එතුමා බෙහෙත් නැතිවීම සහ ඔහුගේ දේශපාලන මතය මාත් එක්ක බෙදාහදාගන්න ඇති. මම රෝගියා ලෙස මගේ ගෞරව ආරක්ශා වන පරිද්දෙන් කට වහගෙන හිටියා. ඒ එක්ක බෙහෙත් නියම කරද්දි ජේ වී පී අය ගැනත් පොඩ්ඩක් කතා වුන නිසා මම ජෙ වි පි අයට ඕනි දෙයක් කියන්න පුලුවන් එයාලට බලය එන් නැති නිසා කියලත් මගේ අදහසකුත් කියලා දැම්මා. දොස්තර මහත්මයා ඒ අදහස ගැනත් සතුටු වුනා. 


නැති බෙහෙතක් පිටින් ගන්න ලියන්නද කියලා දොස්තර මහත්තයා මගෙන් ඇහුවා. මම හා කියලා කිව්වා. ඒ ගමන පිටින් ගන්න ගාන බෙහෙතකුයි බොන බේතකුයි දුන්නා.ඒ බේත් දෙකට රුපියල් 700ක් ගියා. ඒ වුනාට දොස්තර මහත්තයාට මම හිතන්නේ ඒ බේත් තුන්ඩුවේ සීල් එක හෙවත් නිල මුද්‍රාව ගහන්නත් මතක නැතිවුනා. 


පාමසිය


ජාතික රෝහල පිලිවෙලයි. ඒත් බාහිර රෝගී අංශය සහ බේත් ගන්න තියෙන ෆාමසි තියෙන්නේ හෙනම හොයාගන්න බැරි අමාරු තැන්වල. ඒ විදියට ඒ තැන් පිලියෙල කරන්න මොනාහරි හේතුවක් තියෙනවාද දන් නැහැ. කොහොම නමුත් එතැන පාමසිය හොයාගෙන ගියාම එතැන පෝලිම් තුනක්.පෝලිම් තුනේම සෙනග. මාත් එක පෝලිමකට එකතු වුනා. හොද වෙලාවට මට තිබුන ලෙඩේ අනුව හිටගෙන ඉන්න බාදාවක් නැහැ. මම හිටගෙන ඉදලා පැය බාගයක් විතර ගිහින් බෙහත් ටික අරගන එලියේ පාමසියකින් ඒ බේතුත් අරගෙන මගේ අනෙක් වැඩ වලට පිටත් වුනා. 


කාල වෙලාව සැලකීම 


ටිකක් හොයාගන්න අමාරුයි. ඒ වගේම පැයක විතර කාලයක් ගියා සම්පූර්ණ වැඩේට. ඒ වුනා ටදොස්තර මහත්තයත් හොදට ලෙඩ ටික බැලුවා. බේත් වලිනුත් බාගයක්ම නිකන් ලැබුනා. ඊට අමතරව ඉතින් දැන් අර සිස්ටම් එක නිසා මගේ ලෙඩ සහ බේත් මම හිතන්නේ රැකොඩ් වෙනවා. ඒ රැකොඩ් වෙන ක්‍රමය නිසා ඊලග පාරමට තියෙන ලෙඩේ හොද නොවෙුනොත් දොස්තර මහත්වරුන්ට ඒක බලාගන්න හැකියාව ලැබෙනවා. 


ඉස්සර තරම් දැන් ඉස්පිරිතලේ නරක තැනක්නෙමෙයි. අලුත් කාර්යමණ්ඩල ඉස්සර තරම් රලු නැහැ. ඒ වගේම බේත් ගන්න එන උදවියත් දැන් ටිකක් උසස් මට්ටමක විනයක් තියාගනෙ ඉන්නවා. බේත් ගන්න වෙයිටින් ඉද්දි එතැන හිගන්නෙක් ඇවිත් හිමිහිට හිගාකන්න ගත්තා. වහාම ඇටෙන්ඩන් වරයෙක් බැහැලා ඒ හිගන්නා එලෝලම දැම්මා. ඇත්තටම මේ බෙහෙත් ගන්න එන පහල මට්ටමේ අය අතර ටිකක් මුරන්ඩු කියන දේ නාහන අයත් ඉන්නවා. ඒ නිසාම ඉස්පිරිතාල වල කාර්යමණ්ඩල ටිකක් සැර මෝඩ් එකකින් තමයි හැමතිස්සේම ඉන්නේ. එත් ටිකක් වැදගත් විදිහට ඇදලා පැලදලා ඒ අයට වැඩිය වාත නොවී ඉන්නවා නම් අපිට අර කනෙක්සන් මේ කනෙක්සන් දැන හැදිනුම්කම් නැතිව වුනත් ඉස්පරිතාලේ වගේ තැනකදි යම් ප්‍රමුඛතාවයක් හදාගන් පුලුවන් කම ලැබෙනවා. 


චැනල් සහ ඉස්පිරිතාල ඕ පීඩී 


හොද දොස්තර මහත්තයෙක්ට චැනල් එකක් දාපු කෙනෙක් දන්නවා රස්තියාදුව කොහොමද කියන එක. ඒ උදවිය වෙලාවට එන්නෙැහැ. අපි ඉතින් වැඩ පාඩු කරගෙන ඒ තැන්වල රස්තියාදු වෙනවා. අනික ඒ තැන්වල මෙහෙම පරිගණක සිස්ටනුත් නැහැ. මට අනුව මම හොද පුද්ගලික ඩිස්පැන්සරියකට ගියත් චැනල් පොලකට ගියත් පැයක් වගේ කාලයක් කොහෙමත් ඔය බේත් ගන්න වැඩේට වැයවෙනවා. රජේ තැනට ටිකක් හුරුවෙන්න අමාරුයි. පුද්ගලික තැන් වගේ හොද පාරිබෝගික සේවාවක් නැහැ. ඒත් කාලෙත් එක්ක පුද්ගලික අංශයටත් වඩා වැඩියෙ න්මේ මහ ඉස්පිරිතාලෙ බේත් දෙන ක්‍රම නවීකරණය වෙලා කියලා මට හිතුනා. 


%d bloggers like this: