
මම ආසම වැස්සට
කවි ලියලන්නෙ
එතකොට
මල් පූදින්නෙ හදකට
හිත් නලියන්නෙ
විතකට
අකුණු එලියක හීසර
පණගස්සවයි
හදවත
මම ආසම වැස්සට
අකුරෙන් අකුර බිඳ බිඳ
කවි දලුලන්නෙ
ටික ටික
දල්ලෙන් දල්ල තුරුහිස
යාවී ඉන්නෙ
එතකොට
දිය බිඳක් නැති තොලකට
පිණි බිංදු ඉහිරෙන්නෙ
තිත තිත
මම ආසම වැස්සට
කවි කැලතෙන්නෙ
එතකොට
සත්වර්ණ දේදුන්නක
කඳු දෙකඳු ගැටගැහේ
නිම්නෙක
කැටිගැසුන සුදු මීදුම
දෙකම්පෙති අතගායි
හොරහට
මම ආසම වැස්සට,
මා තනිවෙන්නෙ කුටියක
ඈ ගුළිවෙන්නෙ පපුවක
කවි පැටලෙන්නෙ
එතකොට
– ප්රසාද් නිරෝෂ බණ්ඩාර (2019/10/11)