Menu Close

සුළඟ මේ අහපං !

සුළඟ මේ අහපං
ගිහින් අන්න අර
උන්දැට කියපං
කොයි තරං
ඈතක හිටියත්
මං ආදරේ බව
දැනෙනවද අහපං….

ඔය සමහර ඒවා
එයාගේ හිතළු
විතරක්ම බව
ඔන්න එයාට කියපං….

මං කියන එක
විස්වාස නැත්තං
රෑට ඇවිදින් හීනෙන්
බෙල්ල මිරිකන බවත්
උන්දැට කියපං….

එයාට මං ඕනෙද
එපාද අහපං
එපානම්
මටත් එපා බව කියපං….

ආ…මතක ඇතුව
එයාගේ උත්තරෙත්
මට ඇවිත් කියපං….

%d bloggers like this: