Menu Close

The Footprint on Adam’s Peak, and What Came of it

ෆොර්ස්ටර්ගේ ජීවිත කාලෙටම ඇතිවුනු අමාරුම කාලය, අප්‍රසන්නතම කාලය තමයි දැන්.

තේ වැවිලිකරුවෙකුගේ කතාව – සිව්වන (අවසන්) කොටස

මේ කණිෂ්ඨ ජොස්කින්ට උවටැන් කරන්න සිදුවුනු කාලයයි. ස්වදේශික කුලීකරුවන් පවා ඔහුට අනුකම්පා කළා. නැතිනම් ඔවුන් සියල්ලම මෙලහකට ගිහින්. නමුත් ඔහු වෙනුවෙන්, පොරොන්දුවුනු සන්තෝසම වෙනුවෙන් ඔවුන් නැවතිලා.

View of Adams Peak in 1886 from Brunswick Estate, Muskeliya
View of Adams Peak in 1886 from Brunswick Estate, Muskeliya

දොස්තර පිටවූ වහාම ගිලන් කාමරයේ ජනේලය පිටත, දිගු වූ අත් වලින් වටවූ පුංචි කැළෑවක් වුනා.

“උන්ට මොනාද ඕනා කරලා තියෙන්නේ, මගෝඩියො, ගතමනාවක්ද?” තම යෂ්ටිය ගන්නට තැත් කරමින් රෝගියා ගොරවන්නට වුනා. නමුත් ඉන් බිඳුනු අස්ථියේ ඇතිවූ කුපිත කරවන වේදනාව නිසා නැගුනේ දරුණු මොරදීමක්.

“කරුණාකර පරිස්සම් වෙන්න. ඔබට මොනාහරි උවමනා නම් මම කරන්නම්,” ෆොර්ස්ටර් කීවා.

“එහෙනම් මේ යෂ්ටියෙන් අරුන්ගේ ඔලුගෙඩි ටික තලල දාන්න- තක්කඩියෝ!”

“හරි, ඔබ කරදර වෙන්න එපා. මම ඔවුන්ට යන්න කියන්නම්.” එය නම් කරන්නට වඩා කියන්නට පමණක් ලෙහෙසි කටයුත්තක්.

“පලයල්ලා යකුනේ. උඹලා මැරෙන්න යන මිනිහෙක්ට කරදර කරනවා.” ඒත් නැවතත් ජනේලයෙන් දිගු වූ අත් මතු වුනා. ඔවුන් සන්තෝසම් ඉල්ලා ඝෝෂා කළා. නමුත් ෆොර්ස්ටර් සතුව දෙන්නට කිසිවක් තිබුනේ නැහැ. ඔහු දොර වෙත ගොස් පැහැදිලි කළා.

“හෙට දෙන්නම්.”

ඒත් “හෙට” හරියන පාටක් නැහැ. ඔවුන්ට එය දැන්ම ඕනා වුනා. ස්වාමියාගේ කෑගැසීම් තර්ජන මධ්‍යයේ ඔවුන් කිසි අනුකම්පාවක් නැති කිසිම දෙයකට ඇහුම්කන් නොදෙන පිරිසක් බවට පත්වෙලා. මොකද ඔවුන් දැන සිටියා දැන් ඔහුට වෙනදා මෙන් ඔවුන් පසු පස එන්නට බැරි වග.

Shadow of Adams Peak Ceylon
Shadow of Adams Peak Ceylon by John & Co.

කෙසේ වුනත් අවසානයේ ඔවුන් බුම්මාගෙන පිටව ගියා. පොරොන්දු වුනු සන්තෝසම දෙන තුරු ඔවුන් නම් ආයේ කිසි වැඩක් කරන එකක් නැහැ. සෑම සිතකම ගිවිසගත් අදහස වුනේ ඒකයි. ඔවුන් මේ ගිවිස්ස තබා ගත්තා, එකෙක් නෑරම. අනෙකුත් කුලීකරුවන්ද මෙයට එකතු වුනා. ශ්‍රම බලය අවශ්‍යම කරන මොහොතක මිනිස්සු, ගැහැනු, ළමයි මේ සියල්ලෝම වර්ජනයට සහභාගි වුනා.

“අර යක්කු මොකද කරන්නේ?” එය ජේජේගේ හැමදාමත් නගන පැණයයි. ෆොර්ස්ටර් හැකි තරම් මෘදු ලෙස රෝගියාගේ තත්වයත් සලකා කාරණය ඔහුට කිව්වා. ඔහු අකුණු පහරක්සේ ගිගුරුම් දී කතා කළත් හෙණ ගහන්නා සේ විරාම තැබුවත් ප්‍රතිඵලය නම් වෙනස් වෙන්නේ නැහැ.

“මොකා! මොකා! රුපියල් විස්සක් හැම එකාටම! උන්ට බැහැ එහෙම ගන්ට, යක්කු!”

වාසනාවකට වගේ වෛද්‍යවරයා පිවිස මේ කෝපයෙන් පිපිරීම නවතා නිශ්ශබ්දතාවේ බෙහෙත් මාත්‍රාවක් නියම කළා. ඒ අතරේ ෆොර්ස්ටර් තාවකාලික ලෙස සමාදාන වීමට තම පොකට්ටුවෙන්ම රුපියල් පහ බැගින් කුලීකරුවන්ට දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දින කිහිපයක් සොයාගන්නට හිටියේ නැහැ. තැබෑරුම නම් බොහෝ ලාබ ලැබුවා.

Adams Peak shadow on the Bible Rock
Adams Peak shadow on the Bible Rock by Plate & Co.

ෆොර්ස්ටර් වෙනුවට කවුරුත් සොයාගන්නට දොස්තරට නොහැකි වුන නිසා ෆොර්ස්ටර්ට බල කෙරුනා එහි තවත් රැඳී සිටින්නට. දිවා රාත්‍රී දෙකේදීම ආවතේව කටයුතු ඔහුට කරන්නට සිදු වුනා. දෙවන සතිය අවසානයේදී ඔහු කිව්වා ඔහුට දැන් යන්නට අවශ්‍යයම බව. ඔහුගේ මේ යෝජනාවෙන් තත්වය තවත් නරක අතට හැරුනා.

“මූට ඕනා මාව මරාගන්න ඩොක්ටර්, මාව බල්ලෙක් වගේ ඔහේ මැරෙන්න ඇරලා යන්න! හපොයි!” ලෙඩින් වැටී සිටි මිනිසා අනුකම්පාව උදෙසා හෝ ප්‍රකෝපයෙන් හෝ ගොරවන්නට වුනා.

“මම දන්නවා මේක ඔබට අමාරු වැඩක්, ෆොර්ස්ටර් මහත්මයා, ඒත් – මනුෂ්‍යත්වය නාමයෙන්. ඔබේ තැන ගන්න වෙන කවුද මෙහෙ ඉන්නේ? කවුරුත් නෑනේ!” දොස්තරවරයාට කියන්න තිබ්බේ එසේ නොව “කවුද කැමති?” කියා අහන්නයි. ඔයින් මෙයින් තවත් විදුලි පණිවිඩයක් බර්ක්ලි වෙත යැවුනා. මිතුරාට හදවතින්ම අනුකම්පා කල ඔහු ඊට පිළිතුරක් එව්වේ මෙලෙසයි; “තව කලක් නවතින්නට ගත් තීරණය හොඳයි. ඒත් ඔබ පැමිණිවිට පිළිගන්නට සියල්ල ලැහැස්තියි. – ඔබගේ මිතුරා ඩික්.”

එක් දිනක් කෙඳිරි ගෑම් ගෝරනාඩු නැතිව කනිෂ්ඨ ජොස්කින් කතා කළා: “ෆොර්ස්ටර්, උඹ ඉන්නාවද? හ්ම්ම් උඹ මාව තාම අත ඇරලා නැහැ නේද, ඒත් උඹ එහෙම කරන්න හිතන් ඉන්නව නේද? නැද්ද? දැන් උඹ මා වෙනුවෙන් තුණ්ඩු කෑල්ලක් ලියන්න ඕනි:

“මෙසර්ස්*. ශාප් සහ ක්ලිපර්, කොළඹ: වහාම එන්න. – කනිෂ්ඨ ජොස්කින්”

“නැහැ! විදුලි පණිවිඩයක් නෙවෙයි. තුණ්ඩුවක් කියලා මම කිව්වේ නැද්ද?; වහාම එන්න – කණිෂ්ඨ ජොස්කින්”

ෆොර්ස්ටර් ඔහු කියූ ලෙසටම වැඩේ ඉටු කළා.

“කෙටියෙන්ම වෙන්න ඕනා දේ කිව්ව. මේ හරි. දැන් ඕක අර කලු යකෙක්ට දීපන්. ජනෙල් තිරේ ඇදපල්ලා එළියක් වැටෙන්න. අර යක්කු මොනාද අර කරන්නේ. ඉඳපල්ලා මම හෙට උඹලව අල්ල ගන්නම්. මට දැන් නිදා ගන්න ඕනා.” එසේ කියා ඔහු පසෙකට හැරුනා. ඉක්මනින්ම ඔහුට නින්ද ගියා. සති තුනකින් පසු පළමු වරට ෆොර්ස්ටර් හට පැය කිහිපයක නිදහසක් ලැබුනා. එදින රාත්‍රියේ සහ පසුදිනයේ වැඩි කාලයක් මේ රෝගියා කලේ නිදාගන්න එක. එයින් ෆොර්ස්ටර් හට ඉබාගාතේ ඇවිදින්නත් පිරිසිඳු වාතාශ්‍රය විඳගන්නටත් ඉඩකඩ ලැබුනා.

දිනක සෙවණැලි දික්වන යාමයේ ආපසු බංගලාවට එනවිට ඔහු දුටුවා මහත්වරු දෙදෙනෙක් ඒ පැත්තට එන වග. ඉන් එක්කෙනෙක් ඔහු ඉක්මනින්ම අඳුනාගත්තා දොස්තරවරයා ලෙසින්. අනෙකා වුනේ කොළඹ ශාප් සහ ක්ලිපර් නීතිඥ සමාගමේ ක්ලිපර් මහතායි. තිදෙනාම එකට බංගලාව වෙත ඇවිදගෙන ආවා. ඉන්පසු ෆොර්ස්ටර් පෙරටුව ගමන් කොට ගිලන් කාමරයට ඇතුල් වුනා. රෝගියා සම්පූර්ණයෙන්ම අවදි වී බොහොම අපූරු ලෙස සන්සුන් වී සිටියා. ඔහුගේ චිත්තස්වභාවය පොඩ්ඩක් එළියට ආවේ දොස්තර ඔහුගේ සැප සනීප අසන්නට වූ විටයි.

“සැප සනීප? ජීවිතේට මෙහෙම සැපක් සනීපයක් දැනිල නැහැ – දැන් ඔබ මෙතන ඉන්න. ඔබ දෙදෙනාම ඉන්න. ඔබට යන්න පුළුවන් (ෆොර්ස්ටර්ට).”

ෆොර්ස්ටර් කියු ලෙස ආලින්දය වෙත සක්මන් කළා. බැස යන හිරු අමුතු දිගු සෙවණැලි මවනවා. ඔහු ඉදිරිය බැලු වීට ඔහුට දැකගත හැකිවුන්නේ “පියසටහනෙහි” සෙවණැල්ලයි. බුද්ධ පාද ස්පර්ශයෙහි සෙවණැල්ලයි. ආදම් කඳු මුදුනේ සෙවණැල්ලයි. කලුවට, වෙන කවරදාටත් වඩා පැහැදිලිව, ඒ සන්ධ්‍යාවේදි.

view of adams peak across forest bridge ceylon
View of Adam’s Peak Across Forest Bridge Ceylon by Plate & Co.

“හහ්! මගේ වැඩේ කඩාකප්පල් කරන්න ඔයිට වඩා ලොකු කකුලක් ඕනා වේවි,” ඔහු කිව්වේ කුඩා තවානේ පීදිගෙන එන තේ පැළ හොඳින් වැඩෙන නිසයි. ඉන්පසු හදිස්සියෙන්ම ඔහුගේ සිතුවිලි රෝහලේ සිටි ෆකීර් හමුවුනු දිනයේ ෆකීර් ඔහුට කියූ වදන් වෙත යොමු වුනා:

“පියසටහනෙහි සෙවනැල්ල  වැටෙන්නේ කොතැනකද, එතැන ඔබගේ නිධානය තිබෙනු ඇත.”

ෆොර්ස්ටර් සිනහසුනා. “මට ස්තූතිවන්ත වෙන්න අර පැළ ජේජේගේ පෙට්ටගං පුරවාවි! ඒ කියන්නේ මම අනුන්ටයි වාසනාව ගේන්නේ.” ඉන්පසු ඔහු සුසුම් ලෑවා. “ඊළඟ සතියේ මේ වගේ වෙලාවට මම මොනවා කර කර ඉඳීවිද? ඩික් එක්ක තමයි. අනේ අපූරු හාදයා. සැබෑම මිත්‍රයෙක් අනිවාර්ය්‍යෙන්ම.”

“ෆොර්ස්ටර් මහත්මයා, ඔබ පුළුවනිද කරුණාකරලා ඇතුලට එන්න? ජොස්කින් මහත්මයා ඔබව විමසනවා.”

ඒ කතා කළේ ක්ලිපර් මහතායි. ෆොර්ස්ටර් ඊට අවනතව ඇතුල්වෙන විට දොස්තරවරයා ඔහුට ඉඟි කළා ඇඳ වෙත එන්නට. ක්ෂණයකින් ඔහුට සත්‍යය වැටහුනා – ජොස්කින් ජූනියර් පණ අදිමින් සිටියා.

“මගේ දෙයියනේ!” ඔහුට කෑ ගැසුනා. මේ හදිස්සි අවස්ථාව ඔහුට කම්පනයක් වුනා, වේදනාකාරි කම්පනයක්. දවල් රෑ දෙකේම මේ මැරෙන මිනිසාට ආවතේවකරු වුනේ ඔහු නොවෙද? මනුෂ්‍යත්වයේ බැඳීම හේතු කොටගෙන කුමන තත්වයන් යටතේ වුවද වෙන්වීම සිදුවන කල්හි අපගේ චිත්ත ස්වභාවයන් මහත් කැලඹීමකට පත් කරනවා.

ජොස්කින් ජූනියර් ඔහුගේ දෙනෙත් එසෙව්වා. අත ඔසවන්නට, කතා කරන්නට තැත් කළා. නමුත් සාර්ථක වුනේ නැහැ. ෆොර්ස්ටර්ගේ මුළු මුහුණ පුරාම බැලුවා. ඉන්පසු දෑස් පියගත්තා. ඔහු මියගියා.

“හදවත අකර්මන්‍ය වීමක්. ඔහුව බේරා ගන්නට ලෝකේ කිසිවකටත් බැහැ.” වෛද්‍යවරයා පැවසුවා. “අද හවස ඔහුව දකිනකොටම මට ඒක තේරුනා.”

ලක්දිව ගොනාවෙල්ල වතු යායේ කණිෂ්ඨ ජොසායා ජොස්කින්ගේ අවසන් කැමති පත්‍රයේ පිටපත.

මම; ලක්දිව, නුවර එළිය, ගොනාවෙල්ල වතු යායේ ජොසායා ජොස්කින්, යටකී වතු යාය සහ මගේ සියලු වතුපිටි දේපොළ සහ පෞද්ගලික බඩු භාණ්ඩ, තුන් මසකට පෙර මා වෙත පැමිණි, මට මෙතෙක් කිසිඳු හොරයක් බොරුවක් නොකළ හෙන්රි ෆොර්ස්ටර් හට උරුම වශයෙන් පවරා දෙනු ලැබේ.

අත්සන් කලේ ජොසායා ජොස්කින්. විල්ෆ්‍රඩ් මාර්ටෙන්ස්, ඇම්. ඩී., රිචඩ් ක්ලිපර්, සොලිසිටර් ඉදිරියේදි.

ෆොර්ස්ටර්ගේ වාසනාව අවසානයේ ඔහු වෙත එළඹියා – “පියසටහනෙහි සෙවනැල්ල  වැටෙන තැනදි.”

The shadow of Adams Peak
The shadow of Adams Peak by Plate & Co

මෙසර්ස්*–  මහත්මයා යන්නේ බහු වචනය


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 08

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 08


If ever Forster had a difficult time as well as a disagreeable one, it was now when he acted nurse to Joskins Junior; even the native coolies commiserated him. All would have deserted, but for him, and the promised santosum.

A little forest of arms was outstretched into the window of the sick chamber soon after the doctor left.

“What do they want, the rascals, their pay? They’ve had it,” growled the invalid, attempting to lay hold of his stick and provoking pain in the newly set limb which evoked a savage howl.

“Pray be careful. Anything you want I will do,” said Forster.

“Then, fling this stick at their heads—the villains!” “All right: don’t distress yourself. I’ll send them away.”

More easily said than done.

“Be off, you rascals. You’d rob a dying man,” chimed in J. J., his face growing purple with passion. But again, the hands and arms appeared through the window, and voices clamoured for the santosuni which Forster hadn’t in his possession to give. He went to the door, and explained—”to-morrow, perhaps.” But “to-morrow” would not do. They wanted it now, and were obdurate, utterly unheedful too of the master’s shouts and threats, knowing he couldn’t get after them. Ultimately they turned away sullenly. Not another stroke of work would they do until the promised santosum was forthcoming. This the vow uppermost in each mind, and this vow they kept, one and all, The rest of the coolies following suit, all banded together on strike, men, women and children. And just when labour and attention were most needed!

“What are those rascals doing?” was J. J’s persistent inquiry, so that Forster was obliged to tell him, as gently as possible, out of consideration for his condition. Nevertheless, had he spoken in a voice of thunder, punctuated with thunderbolts, the result could not have been worse.

“What! What! Twenty rupees each! They shan’t have it, the villains!”

Fortunately the doctor entering put a stop to more ebullition by administering a quieting dose, while Forster effected a temporary conciliation by giving each coolie five rupees out of his own pocket, the consequence being—coolies non est for a couple of days and the tavern profiting. No one could the doctor find to take Forster’s place. Forster was compelled to stay on. Night and day he had to be in attendance, and when at the end of the second week he said he really must be off, the suggestion produced a relapse.

“He wants to kill me, doctor, leaving me to die like a hound! Hurrh!” and the sick man groaned for pity—or with rage.

“It’s hard on you, I know, Mr. Forster, but — humanity. Who is there to take your place? Nobody!” The doctor might have said, “Who would?” So another wire was sent to Berkeley, who, although heartily commiserating his friend, replied, “You are right to remain a while longer, but rely on a welcome when you can come. — Yours, Dick.”

One day, from out a volley of moans and groans Joskins Junior spoke:

“Forster, are you there? Humph! Not deserted me yet, though you mean to, hey? I want you to write a note:

” ‘Messrs. Sharp and Clipper, Colombo : Come at once. — Joskins Junior.’

“No ! not a wire. Didn’t I say a note? ” ‘ Come at once. — Joskins Junior.’ “

Forster did as he was requested.

“Short and to the point. That will do. Now give it to that black devil and draw the blinds, and let more light come in. What are those rascals doing? Hurrh! To-morrow—to-morrow, I’ll be after them! I—want to sleep now.” Saying which he turned over and was soon asleep. For the first time for three weeks Forster got a couple of hours’ release. Most of that night and of next day the invalid slept, and Forster was free to wander and inspect and enjoy the air. The shadows were lengthening when, as he hurried back to the bungalow one day he overtook two gentlemen, one of whom he recognised immediately as the doctor, the other was Mr. Clipper, of the legal firm of Sharp and Clipper, Colombo. The three walked up together; then, Forster preceding, they entered the sick room. The patient was wide awake and seemed wonderfully composed. Only a little of his “temperament” showed itself on the doctor’s asking him how he felt.

”Feel? Never better in my life. Stay, I want you, though—both of you. You (to Forster) may go.”

Forster accordingly strolled out on to the verandah. The setting sun cast long- weird shadows, and when he turned he found himself in full view of the Shadow of the Footprint — Buddha’s Footprint—on Adam’s Peak, blacker, more distinct than ever this evening.

“Whew! It’ll take a heavier foot than that to stamp out my work,” he said, for the little nursery of tea-shrubs was thriving now. Then suddenly his thoughts reverted to the fakir in the hospital that day and the words said to him:

“Where the shadow of the Footprint falls there your treasure lies!” Forster laughed. “The fellow wasn’t far out—only in the personality. That crop will help to fill the coffers of J. J.—thanks to me! I bring luck to others, it seems.” Then he sighed. “Where shall I be this time next week? With Dick, dear old chap; a true friend—in need.” “Mr. Forster, will you come, please? Mr. Joskins asks for you.”

It was Mr. Clipper who spoke. Forster obeyed, and entering-, was beckoned by the doctor to the bed. At a glance the truth was revealed to him —-Joskins Junior was dying.

“My God!” he ejaculated under his breath, for the suddenness was a shock to him, and withal a painful shock, for had he not been the dying man’s constant attendant night and day? Ay, and there is a tie throughout humanity, that “one touch of nature” that stirs our fine emotions when the parting comes, no matter what the conditions may have been.

Joskins Junior raised his eyes, tried to raise his hand, his voice, but failed, looked Forster full in the face, then closed his eyes and died.

“Heart failure. Nothing on earth could save him,” said the doctor. “I knew it as soon as I saw him this evening.”

Copy of the last Will and Testament of Josiah Joskins Junior, of Guniawalla Estate, Ceylon.

I, Josiah Joskins, of Guniawalla Estate, and of Nuraliya, Ceylon, give and bequeath the said estate and the whole of my property and personal belongings to Henry Forster, who has not told me one lie since he came to me three months ago. (Signed) Josiah Joskins. In presence of Wilfred Maartens, M.D., and Richard Clipper, solicitor.

Forster’s luck came at last—” where the Shadow of the Footprint fell.”


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 24

%d bloggers like this: