Menu Close

දුම් දමන ජීවිත


දහඩියෙන් පෙඟුණු මිනිස්සු
පිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට
දුම් දමන ප්ලේන්ටිය – අනුපානයට සිකැරට්ටුවක් දල්වා
බ්ලොග්ගල් අට්ටි දෙකකට – හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ ඉදගෙන
කරති වාද ළඟ එන කතිර හටන ගැන
බලමින් අත බැදි ඔරලෝසුව
තබමින් බාගයට ඉවර කළ කහට බැඳි කෝප්පය අහකට
දුවයි කඩිමුඩියේ – වැස්සට පිරී  ඉතිරුණු පාරේ කාණු උඩින් පැනගෙන
ආවත් හයේ මහවට – නැතිලු අදත් කෝච්චි
අපරාදේ ප්ලේන්ටියේ ඉතුරු බාගය…    

%d bloggers like this: