Menu Close

The Planter’s Story

ආර්. බර්ක්ලි ශ්‍රීමතානන් වෙත,

ගොනාවෙල්ල, ජූනි 11 වන දින.

හිතවත් මිත්‍රයා,

මෙහෙ ඇවිදින් දැන් සතියක් විතර. තවත් නම් මට ඉන්න බැහැ. මම අද උදේ, මෙහෙන් යනවය කිව්වා; ගෙරෙව්වෙ නැතැයි මට. අවාසනාව! අවාසනාව! කොළඹ යන ගමනේ අතරමඟ මට ඔහෙ නවාතැන් ගත හැකිද?

– මෙයට හැරි ෆොර්ස්ටර්.

ප.ලි.- මෙතන අරි අමුතුම තැනක්. අප හමු වූ විට විස්තර කියන්නම්.

තේ වැවිලිකරුවෙකුගේ කතාව – තෙවන කොටස

“පව් අසරණයා!” බර්ක්ලි ලිපිය දැක පැවසුවා. ඉන්පසු ඔහු විදුලි පණිවිඩයක් යැව්වා: “එන්න.”

මේ අතරවාරේ යමක් සිදුවුනා. අහම්බයක් යැයි යමෙකුට කිව හැකියි- නමුත් මම අහම්බයන් විශ්වාස කරන්නේ නැහැ. මෙය සිදුවුනේ පෙරකී පණිවිඩය ලියන මොහොත සහ විදුලි පණිවිඩය ලැබෙන මොහොත අතරතුරේයි.

අප බොහොම දෙනෙක් නිතර කරනා ලෙස ෆොර්ස්ටර්ද හදවතින්ම ඒ ගිනිහගන අව්වේ දවස පුරාම තම රාජකාරි වල යෙදී සිටියා. “වෙන මොනවා කරන්නද, හිතවත් හාදයා ඩික් ගාවට යනවා හැරෙන්න.” ඔහු තමන්ටම පුනුරුච්චාරණය කලා. “මම මහ අවාසනාවන්ත කාලකණ්ණියෙක්; ඒත් හ්ම්ම්..  අස්ස කරත්තයේ වැඩේ නම් තියනවා. මට වඩා මහත්තුරුත් ඔය ඔව්වා කරන්නේ. මගේ සහකාරිට ඕවා දැනගන්න තියන්න ඕනාත් නැහැනේ.”

Adam Peak Falls
Adam’s Peak Falls – This 10m-high water fall flows from the aquifers of Sri Pada & later on to Maskeli Oya Reservoir near Maskeliya. (ca. 1880 – 1885) Photographed by B.F.K Rives

ඔහු තේ ඉස්ටෝරුවේ ඔහුගේ පුටුවේ පිටුපසට හේත්තු වුනා. දහවල් කාලයේ ඇවිලිගත් හිරුරැස් වසා නැගෙන සෙවනැල්ල බොහොම ආනන්දජනකයි. ජේජේගේ කෑගැසිල්ලටත් දෑස් මානයටත් ඔබ්බේන් ඇති දිව්‍යමය බවක් ගෙන එනවා. “මේක ඔහුත් එක්ක ගෝරි දාගන්න අන්තිම වතාව.” ඔහු සිතුවා. “ඇයි මේ වගේ පෝරිසාදයෝ මේ ලෝකෙට බිහිවෙන්නේ. ඇයි මේ වගේ අසාධාරණකාරයන්ට ලෝකේ ජීවත් වෙන්න ලැබෙන්නේ, දියුණු වෙන්න ලැබෙන්නේ, වැජඹෙන්න ලැබෙන්නේ. දෙවියනේ! මේ ජීවිතේ ලොකු ප්‍රෙහෙලිකාවක් නෙවීද?” ඒ සමඟම ඔහු තම හිස මේසය මත තබාගෙන කල්පනාවක යෙදුනා. ඔහු දැන් මොකද කරන්නේ, ඔහුට මොනාද දැන් කරන්න පුළුවන් වෙන්නේ, ඔහු සිතුවා. ඒත් ඒ සිතුවිලි වලට අමුතු ශබ්දයකින් බාධා ඇතිවුනා.

“චීටෙක් කරදරේ වැටිලද කොහෙද කැලෑවේ. කොච්චර දුක්මුසු විලාපයක්ද! හරියට මනුස්සයෙක් කෑගහනවා වගේ. සැකයක් නැතිව චීටා අම්ම පැටව් ගැන වැලපෙනවා ඇති. එහෙමනම් ඒ සෙල්ලම එතැනින් ඉවරයි! ඔහු නැගිට අමුතු වැලපිල්ල නැගෙන දිශාව සොයා ගියා. එය ඔහුව රැගෙන ආවේ හැමදාමත් සෙවනැල්ල ලැගුම් ගන්නා කොටසේ තිබූ ළිඳක් වෙතයි. සද්දේ ආවේ ඒ තුලින්.

“මගේ දෙයියනේ! සද්දේ එන්නේ ළිඳෙන් නේ! හෙලෝ! කවුද ඉන්නේ!” ඔහුට හැකි උපරිම වෙර යොදා ඔහු කෑ ගැසුවා.  අඩක් කෙඳිරිගාන, අඩක් ගොරවන ඒ හැඬුම ආවේ ළිං පතුලින්. ළිඳෙහි වතුර නොගැඹුරු වුනත් ළිඳ ගැඹුරුයි, බොහොම ගැඹුරුයි. ළිං පතුල දෙස බැලු ෆොර්ස්ටර් සුදු පැහැ යමක් සෙලවෙන යුරු පැහැදිලිව හඳුනා ගත්තා.

Maiden Hair Fern
Maiden Hair Fern

ළිඳ ඇතුලේ, වටේටම වල් පැළ සහ හීන්වැරැල්ල මීවන නොසෑහෙන්න වැවිලා තිබුනා. ඒ පැළ අතරේ  ජේජේ පළඳින ආකරයේ සෆාරි තොප්පියක් (සොලා ටොපි) දුටු ඔහු පුදුම වුනා. “දෙවියනේ!” ෆොර්ස්ටර්ගේ මුවින් නිතැතින්ම පිට වුනා. “ජේජේ!”

ඒ සමඟම යම් සිතුවිල්ලක් ඔහුව ග්‍රහණය කරගත්තා. “ඔහුට එහෙමමම ඉන්ට හරිනවද?” විනාඩි කිහිපයකින්, සමහර විට තත්පර කිහිපයකින්, මේ ලෝකය ඔහුගෙන් ගැලවේවි. කිසිවෙකුට කල්පනා නොවේවි. මෙය පාවිච්චි නොකරන ළිඳක්. කවුරුත් මෙතනට එන්නේ නැහැ. හැමවෙලේම සෙවනැල්ල වැටෙන මේ බිම් කඩේ මුකුත් වැවෙන්නෙත් නැහැ. කුලිකරුවන් කියන විදිහට එක්කෝ ශාප ලත් භූමියක් නැතිනම් ශුද්ධ භූමියක්. කවුරුත් කවදාවත් දැන ගන්න එකක් නැහැ.

විදුලි අකුණක් ලෙසින් මෙවන් සිතුවිලි ඔහුගේ සිතට ගලා ආවා. මොහොතකට එය ඔහුව ග්‍රහණය කරගත්තා. නමුත් ඊලඟ මොහොතේ ඔහුගේ දෙතොල් අතර නලාව තැබුනා. ඔහු නලාව පාවිච්චි කලේ කුලිකරුවන් කැඳවන්න. ඔහු ප්‍රබල ලෙස එය නාද කලා. වරක්, දෙවරක්, තුන් වරක් – එනම් අනතුරක සංඥාව, එසේම සියල්ල අවසානයේ සන්තෝසමක් ලැබෙනද සංඥාව. කුලී කරුවන් දුසිමක් පමණ ඒ ඇසිල්ලේම එතැනට පැමිණුනා.

The pith helmet
The pith helmet also known as the safari helmet or solar topee

“කඹයක් හරි දම්වැලක් අරන් වරෙල්ලා ඉස්ටෝරුවෙන්. ඉස්සල්ලම ආපු එකාට රුපියල් විස්සක් ලැබෙනවා.” ළිඳට එබෙන ගමන් ෆොර්ස්ටර් කෑගසුවා. ක්ෂණයෙන් කඹයද දම්වැලද දෙකම ලැබී  ළිඳ පහලට ඇතුල් කෙරුනා. “ඇඟ වටේට ගැට ගහගන්න. බය වෙන්න එපා අපි ඔබව එළියට ගන්නවා.” ෆොර්ස්ටර් මොර දී කෑගැසුවා. ඉන්පසු කුලී කරුවන්ට “දිගටම උස්සපල්ලා, හැකි වෙර දරලා ඇදපල්ලා,” යැයි කීවා. දුඹුරුවන් අත් දුසිමක් කඹය සහ දම්වැල තදින් අල්ලා ගත්තා. එසේ වුවත් ෆොර්ස්ටර් තමයි වැඩියෙන්ම බර ඇද්දේ. මේ සිංහලයෝ මනුෂ්‍ය වර්ගයාගේ දුර්වලම නිදර්ශකයක්. කනිෂ්ඨ ජොස්කින්ගේ ස්ථූල ශරීරය වතුරින් මතුව ආවා. කෙමෙන් කෙමෙන් ඔහුව එසවුනා. එක් කකුළක් පෙනෙන නම් විදිහට කැඩිලා වගේ.

“පව් අසරණ මනුස්සයා!” ෆොර්ස්ටර් මිමිනුවා. ඔහුගේ නළලින් දහඩිය ගලාගෙන ගියා. ඔහුගේ කදිම කොණ්ඩය ඒ මත වැටිලා පෙඟිලා. ඔහුගේ කමිසයද දහඩියෙන් තෙත් වෙලා.

“දෙවියන්ගේ නාමෙන් දිගටම ඇදපල්ලා!” ඔහු කෑ ගැසුවා. ඔහු කෙතරම් වෙහෙසක් මහන්සියක් දැරුවාද කිවහොත් ඔහුට තේරුනේ මෙය දරාගන්න ඔහුට ශක්තියක් නැති වේවි කියලයි. මෙය කරගත හැකි නොවුනොත්! දෙවියනේ! මිනිස් ජීවිතයක් නේද නැතිවෙන්නේ! මේ සිතුවිල්ල තමයි ඔහුව ඉදිරියට ගෙන ගියේ. ගල් දහ අටක් බරැති (ගල් බර යනු පැරණි බ්‍රිතාන්‍ය ස්කන්ධ ඒකකයකි) ශරීරය දැන් රයිනෝසිරස් සතෙකුගේ බර වගේ.

ලැබෙන තෑග්ග ගැන සිහියෙන් කුලීකරුවන්ද දිගටම ඇද්දා. නමුත් ලැබෙන දෛනික ආහාර වේල නම් මේ උත්සහය දරාගන්න ප්‍රමාණවත් නැහැ. කුලීකරුවා යනු කුඩා ළමයෙක් වගේය. මේ මොහොතේ මිදි ගෙඩියක් දුන්නත් ඔවුනට එය සෑහෙන්න වටිනවා. ඒ නිසා ඔවුන් දිගටම මේ උත්සහය ගෙන ගියා – රුපියල් දහයක් වෙනුවෙන්. ඔවුනට ඇති උපරිම ශක්තියෙන් සහ ස්වභාවධර්මයෙන් ලැබූ මාංශ පේශී වල කාය බලයෙන් දිගටම ඇදගෙන ඔසවාගෙන ගියා. නමුත් මේ දුසිමෙන් භාගයකම උත්සහය එක ඉංග්‍රීසිකාරයෙකුට සමාන කරන්න පුළුවන්. නමුත් ඔහුටත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවා.

තවත් එක් එසවීමකින් සියලු බර උඩටම ගෙනාවා. සිහිසන් නැති අබල දුබල ශරීරය වියළි බිම මත තැබුනා. ගිලන් මැස්ස පැමිණියා. සිහි විසඥ කණිෂ්ඨ ජොස්කින්ගේ ශරීරය ඒ මත දැමුනා. එය බංගලාව වෙත ඔසවාගෙන ගියා. කුලීකරුවෙක් ආසන්නතම වෛද්‍යවරයා කැඳවාගෙන ඒමට පිටත් කෙරුන අතරවාරේ ෆොර්ස්ටර් යථා තත්වයට පත් වුනා. වෛද්‍යවරයා එකෙණෙහිම පැමිණ බිඳීගිය අස්ථිය යළි සකස් කරන්නට යෙදුනා.

“ඔබට කැමති දෙයක් කියන්න, නමුත් මේක තැනට ගැලපෙන වීර ක්‍රියාවක් ෆොර්ස්ටර් මහත්මයා. ඔව් ඔහුට දැන් සිහිය ඇවිත්, තරමක් හොඳයි. සීතල වතුරේ ගිල්වෙන එක තමයි ඔහුට ඇති ගැලවීම. මීමැස්මොරය හැදිලා. ඔහුගේ චිත්ත ස්වභාවයටයි ශරීර ස්වභාවයටයි අනුව වැඩේ තවත් නරක අතට හැරිලා. ඔබ නියම වෙලාවට ඇවිත් තියෙන්නේ. ඔහු එතැනදි සිහිසුන් උනානම් ඒ නොගැඹුරු වතුර ගොඩේ උනත් ගිලෙන්න තිබුනා. ඔහු ඔබට ජීවිතෙන්ම ණය ගැතියි. ඒත්- ඔබ ඔහුව දාලා යන්න හිතන්නේ නෑ නේද දැන්ම? මට ඇහුන විදිහට නම් ඔබ හෙට යන්න හිතාගෙනයි ඉන්නේ නේද?”

A Water-Fall on the Hills of Ceylon with Adam’s Peak in The Distance.
A Water-Fall on the Hills of Ceylon with Adam’s Peak in The Distance. The Footprint Can Be Seen Upon the Side of the Mountain [Image from the book]

ෆොර්ස්ටර්ගේ මුහුණට කලකිරුණු පෙනුමක් ආරූඩ වුනා, “මගේ මිතුරා මා බලාපොරොත්තු වෙනවා-“

දොස්තරගේ දෙනෙතට මද දීප්තියක් එකතු වුනා. “මට තේරෙනවා; ඒත් ඔබට තව එක සතියක් ඉන්නට පුළුවනි නම්, මම කියන්නේ. මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන ක්‍රියාවක් විදිහට ඔබට එය කරන්න පුළුවන්නේ ෆොර්ස්ටර් මහත්මයා.” ෆොර්ස්ටර් දිගු සුසුමක් පිට කලා. දොස්තර අනුකම්පාවෙන් මද සිනහවක් පෑවා. “මම උත්සහ ගන්නම් කෙනෙකු එවන්න ඔහුව රැක බලා ගන්න. මම හොයලා බලන්නම් ඒ ගැන. ඒත් එතකන්,” ආයාචනාත්මක ස්වරයකින්, “ඔබ ඉන්නවනේ.” ෆොර්ස්ටර් පිළිතුරක් දෙන්නට සූදානම් වුනා. “මම නවතින්නම්. බර්ක්ලිට පණිවිඩයක් යවන්නම්.”

“ස්තූත්යි, බොහොම ස්තූත්යි,” දොස්තරවරයා ෆොර්ස්ටර්ගේ දෑත හෘදයාංගම ලෙස වැළඳගත්තා. “මම හෙට ආයෙ එන්නම්. මේක බොහොම කදිම වතුකරයක්. අද “පියසටහන” බොහොම පැහැදිලි ලෙස පෙනෙන්නට තියනවා. හරිම ආශ්චර්යයක් නේද? මේ වැටෙන හෙවණැල්ල? ස්වදේශික ජනතාවගේ මිථ්‍යා විශ්වාසයක් තියනවා ඔතන වැවෙන කිසිම දෙයක් හරි යන්නේ නැහැයි කියලා-“

The shadow cast by Adams Peak
Panoramic view of a mountain landscape in ancient Ceylon. The shadow cast by Adams Peak, covering the other peaks, gives the image a certain character. Through the dense atmosphere one can make out the profiles of mountains whose lower areas are covered with lush vegetation. (1890 ca)

“දැන් වැවේවි. මම දන්නේ නැහැ කලින් වැවුනේ නැත්තෙ ඇයි කියලා,” ෆොර්ස්ටර් බාධා කළා.

“බාගෙදා ඔබ හූනියම කඩන්න ඇති. සමහරු කියනවා සුදු මිනිහට එහෙම කරන්න පුළුවන් කියලා. හොඳයි, ඔබ වාසනාව ලැබෙන්න සුදුසු පුද්ගලයෙක්. අපි බලන් ඉඳිමු ඔබට එය ලැබෙනකන්. ගිහින් එන්නම්.”

පහත විදුලි පණිවිඩය බර්ක්ලි වෙත යැවුනා:

“ඉරණම තීන්දු වුනා. දැන්ම පිට වෙන්න බැහැ. පස්සේ ලියන්නම්. – ෆොර්ස්ටර්”

The Shadow of Adam's Peak and Bible Rock
The Shadow of Adam’s Peak and Bible Rock, Taken from the Peak at Sunrise. Illustration for The Hundred Best Views of Ceylon (Plate, c 1900).

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 08

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 08


Letter addressed to R. Berkeley, Esq.

GUNIAWALLA, June 11th.

Dear Old Chap,—Been here just a week. Can’t stand much more of it. Said I’d go this morning; answer, a growl. Bad luck! Bad luck! Can you put me up on my way to Colombo? —Yours, Harry Forster.

P.S.—Something curious about this place. Will relate when we meet.

“Poor devil!” was Berkeley’s comment. Then he wrote a telegram: “Come at once.”

Now it happened, chanced some might say — but I don’t believe in chance—well, it happened that betwixt the writing of the above note and receipt of the “wire” something occurred. All through the heat of the day Forster had been attending to his duties, with a heart of lead, as many of us have often to do.

“Nothing for it but to throw myself on good old Dick!” he kept on repeating to himself. “I’m an unlucky dog; but—there’s always the coach. Better fellows than I have to come to it, and—the mater needn’t know.” Then he leaned back in his chair in the tea factory. So delightful the shade after hours under the blazing sun! So heavenly, beyond the eye and hearing of J.J! “Last time I shall ‘tiff’ with him,” he was thinking, “Why are such monsters born? Why are such iniquities allowed to live, and thrive, and prosper? My God! this life’s a riddle ? “With this he laid his head on the desk thinking, thinking what he should, what on earth he could do. But his thoughts were interrupted by a strange noise.

“Hullo! a cheetah in trouble in the jungle. What a weird, plaintive cry! Quite a human ring in it. A female mourning its cub, evidently. If so the chance of sport’s lost—pity!” He had risen and was following the direction of the weird cry. It brought him to a well in that part where the shadow always rested. It was there now.

“By Jove, it’s in the well. Hi! hullo there!” he shouted, making all the noise he could. A cry, half moan, half groan came from the bottom of the well. The water was shallow, but the well was deep, very deep. Looking down Forster could distinguish a huge white substance that moved.

Weeds and maidenhair fern grew in profusion on the side of the well and amongst them he fancied he saw a solar topee such as was worn by J.J.

“My God!” ejaculated Forster. “J.J!” and a thought seized him, “should he let him remain?” A few minutes, a few seconds perhaps, and the world would be rid of—

Nobody would be the wiser. It was an unused well. Nobody came there. On that land where the shadow fell nothing would grow. It was hallowed or accursed, the coolies said. Nobody would ever know. These thoughts coursed his mind like lightning, gripped him for the nonce. Next moment the whistle was at his lips—the whistle he used to summon the coolies. He blew lustily. Once, twice, thrice—the danger signal, which meant a santosum at the end of it. A dozen coolies appeared instanter.

“Fetch a rope, a chain from the factory. The first back shall have R20,” cried Forster, bending over the well. Both chain and rope were fetched in a twinkling and lowered down the well.

“Fasten round the body. We’ll have you out, never fear,” shouted Forster. Then to the coolies, “Hold on, hoist, for all you’re worth.” A dozen brown hands seized the rope and chain. Nevertheless, Forster had to bear the brunt; the Sinhalese is a poor specimen of mankind. Presently the bulky form of Joskins Junior arose above the water, and as it continued to rise, one leg had the appearance of being broken. ” Poor old chap ! ” murmured Forster, the sweat pouring down his brow, his fair hair darkening and matting with it, his shirt wringing wet.

“Hold on, for God’s sake!” he shouted, for the effort was such that he felt his strength might not meet it. If it should give way! God! a human life was at stake. This thought braced him. The weight of a body normally eighteen stone was that of a rhinoceros now. With the reward in view the coolies kept their hold. The fact of their daily sustenance depending on it, would not have sufficed. The coolie is like a child, a sugar plum given now is more to be valued than any future store. Therefore, they held on—for the ten rupees: held on and hoisted with all the strength and muscle nature had given them, the Englishman’s equalling the whole half dozen. But there was a limit to his. He was just conscious of this fact when another good haul brought the burden to the top and deposited it on terra firma, inert and insensible. A dandy was fetched, and the unconscious body of Joskins Junior laid thereon, and carried up to the bungalow. While a coolie was despatched for the nearest doctor, Forster set about restoring animation. The doctor being in came at once and set the fractured limb.

“A timely and heroic action, Mr. Forster, say what you will. Yes, he is conscious now, and going on all right. That immersion in the cold water was his salvation. A sudden attack of heat apoplexy, which with his temperament and constitution might have proved serious. You came in the nick of time, for had he lost consciousness, he might have been drowned even in that shallow depth of water. He is indebted for his life to you. But—you’ll not think of leaving him now, as I hear you purpose doing to-morrow?”

Forster pulled a long face, “My friend expects me”—

A slight twinkle came into the doctor’s eye. “I know; but if you could manage another week, say. It’s an action of humanity. Put it to yourself in that way, Mr. Forster.”

Forster heaved a sigh ; the doctor smiled sympathetically.

“I’ll try to send someone up to look after him—I’ll try. But, meanwhile,” with entreaty in the tone, “Right you are.” Forster braced himself to reply. “I’ll stay, and—wire Berkeley.”

“Thanks, thanks,” and the doctor shook Forster cordially by the hand. “I’ll come up to-morrow. A fine estate this. How distinct the Footprint is to-day. Quite a phenomenon isn’t it? that shadow ? There’s a superstition about it amongst the local natives. The shrubs would never thrive on that spot “—

“They will now. I don’t see why they didn’t before,” interrupted Forster.

“May be you have broken the spell. They say some white man was to do it. Well, you deserve good luck. Let’s hope you’ll have it. Good-bye.”

The following telegram was then sent off to Berkeley :

“Fates dispose. Can’t leave yet. Will write. “Forster.”


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 23

%d bloggers like this: