Menu Close

230. සුපෙම් කොත මත

හමන මදනල අතර බිහිවුන සුසුම් නිම්නය විසිරුවා
බිඳෙන ඉපදෙන වලාකුළු ඇත නුබ පුරා සිතුවම් මවා
මැවෙන මිරිඟුව ඈත සිට ඇත මා නමින් කෙම්බිම දවා
යදින අයදින දෝත ගෙන මම සිඹිමි තොල්පෙති වෙව්ලවා

පියුම් නොපිපෙත රැළිති විල’දර කුමුදු මල්පෙති කලතමින්
සිතුම් කිසිදින නොහැර යනු ඇත සුසුම් මෙන් මා ප්‍රාණයෙන්
රිදුම් තවරන ඔබේ රුවමයි මැවෙන්නේ සිත කකියමින්
සුපෙම් නොලබා සොහොන්කොත මත තබා යන්නෙමි ප්‍රේමයෙන්

Inspired by:https://dumimda.blogspot.com/2019/04/116.html

%d bloggers like this: