Menu Close

පායන තුරු නවසඳ – Waiting for New Moon

මගේ අහස ගිලගෙන අඳුර
පහර පිට පහර දෙමින්
පිරික්සයි ඉවසුමේ සිතිජය
නිදි නැති රැය දිගුය
රිදුම් දෙන උරහිස්
විඩා බර දෙනෙත්
පෙළන්නේ නොනිමිව
කඳුළු නැත මුතු හැඩව ගලන්නට…

අයදිමි මා,
මගෙ පුංචි හදවත;
හිරු පහස නොඅඩුව ලබන කල
නුඹ සුවිසල්ය පුන් සඳක් විලස,
එනමුදු අද මා අඳුරේ…
නුඹේ යහ රිද්මය මට අවැසිය
මං පාදා එතෙර කරයුතු දයාබරයන් අසරණව…
නෙතු අයා හිඳිමි මා බලාපොරොත්තුවෙන් 
පායන තුරු නවසඳ
තවත් වරක්…
මාගේ Waiting for New Moon නිර්මාණයේ අනුවාදයකි
%d bloggers like this: