Menu Close

The Footprint on Adam’s Peak

ෆොර්ස්ටර් තම රෝගී තත්වයෙන් ප්‍රකෘති තත්වයට එළඹුනත්, යමක් කරන්නට මහත් ආසාවෙන් මඟ බලා උන්නත් ඔහු පසුපස අවාසනාව ලුහුබැඳ ගියා.

තේ වැවිලිකරුවෙකුගේ කතාව – දෙවන කොටස

ඔහුට මෙය දින චරියාවේ පුරුද්දක් බවට පත් වුනා. සති හයක් තිස්සේ ඔහු දැන් තම මිතුරා බෙකර්ලිගේ නිවසේ ආගන්තුකයෙක්. කරන්නට යමක් ලැබෙනතුරු මේ නවාතැන් ගැනීම ගැන ඩික් මහත්සේ උනන්දු වුනත් ෆොර්ස්ටර්ගේ සිත හැකිළී ගියේ ඔහුට ඊට පෙරළා යමක් පිරිනැමීමට තිබූ නොහැකියාව නිසයි. ඔහුගේ සිනහ මුහුණින් යුතු මිත්‍රත්ව සංගමයද කෙමෙන් වියැකි ගියේ මේ අවුල් සහගත බව නිසයි.

“මෙන්න උඹට ලියමනක් තියනවා මිත්‍රයා. මගෙන් සුභ පැතුම්.” ඔහුගේ ආගන්තුක සත්කාරකයා කීවේ පන්දර හයට “චෝටා හසීරා”තේ කහට උගුරක් සමඟ ලියුම් කඩා බලන අවස්ථාවේදී. ෆොර්ස්ටර්ගේ දෑත දිගු වුනේ මහත් ආශාවකින්. ඔහුගේ දෑස් කෑදර ලෙස ලියුමේ අන්තර්ගතය වෙත යොමු වුනේ ක්ෂණයකින්.

“මගේ නුවරඑළිය කාර්යාලයට පැමිණෙන්න., පෙ.ව 10 – ප.ව 4 අතර කාලයේදි. අඟහරුවාදා. වියහියදම් ගෙවනවා. – ජොස්කින් ජූනියර්.”

Tea planters & their clubhouse in the central hills of Ceylon
Tea planters & their clubhouse in the central hills of Ceylon (ca. 1880) [Image Courtesy: http://www.lankapura.com ]

“ජොස්කින් ජුනියර්! ඌ ඔල්මාදකාරයෙක්!” බෙකර්ලි කියා සිටියා. “කාටවත් ඔහුට සම වෙන්න බැහැ. ලක්දිව ඉන්න පොහොසත්ම වැවිලි කාරයා. ඒත් පුදුමයි! උඹ ඔහු වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ නැහැනේ නේද?”

ෆොර්ස්ටර් සුසුම් ලෑවා. “මිනිහෙක්ගේ බලාපොරොත්තු සුන් වුනාම–“

“හරි හරි! වැඩේ වැරදුනොත් අස්ස කරත්තයක් තියනවනේ හැම තිස්සෙම.” විනෝද ස්වරයෙන් ඩික් කිව්වේ පිච්චියක් අතේ නැතුව ඉඳලා ලක්දිව ජීවිකාව ගෙනියන්න උඩරට මාර්ගයේ අස්ස කරත්ත දක්කපු මහත්මයා ගැන මතක් කරමින්.

ෆොර්ස්ටර් හිතුවේ ඔහුගේ සහකාරිය ගැන. ඇගේ බලාපොරොත්තු, ඇගේ ප්‍රාර්ථනාවන් සහ ඇගේ එකම ආදරවන්තයා ගැන තැබූ විශ්වාසයන් ගැන. අවශ්‍යතාවක් ඇති වුනොත් ඔහු කොටි පිරිච්ච වනයකට උනත් යන්න සූදානමින් ඉන්නේ – ලක්දිව කොටි ඉන්නවනම්.

ඔව්, ඇත්තෙන්ම ඔහු ගියා. අඟහරුවාදා ප.ව 3.30ට ඔහු නුවරඑළිය කාර්යාලයේ සිටියා. ප.ව 3.35ට දොර විවෘත වුනා. තක්කාලි ගෙඩියක් වගේ රතු පාට, ඉඟුරු පැහැ රැවුල් කොටන් එක්ක රත් තැඹිලි පැහැ හිසකේ ඇති, විනිවිද යන කුඩා නිල් පැහැ දෑස් සහිත විශාල දේහකායක් ඉන් මතු වුනා.

“ඉතින් උඹටත් අනෙක් අයට වගේ කරන්න රස්සාවක් ඕනා නේද?” ඔහු ආචාර කලේ එහෙමයි. ෆොර්ස්ටර් හිස නැමුවා. “උඹට ඉඳගන්න බැරිද මනුස්සයෝ, හන්දිපත් ගල් වෙලාද? එහෙනම් උඹෙන් වැඩක් නැහැ. අහා උඹට වාඩි වෙන්න පුළුවනි නේද? නැද්ද?”

ෆොර්ස්ටර් කැස්සා.

“ඉතින්? උඹට කතා කරන්න බැරිද? උඹ ගොළුයි නේද? මෙතනට ගොළු හරක් පට්ටියක් උවමනා නැහැ; මං කිව්වේ වාසියක් නැත්තම් ඇරෙන්න. දොඩවන රිලවු නම් ඕනා තරම්. හ්ම්, ඔය කතා යකාට ගියාවේ. අහ් උඹට ලියන්න පුළුවන්ද? උඹ එහෙම හිතනවද? නැහැ, උඹට බැරුව ඇති. එතැනත් මට ප්‍රයෝජනයක් නැහැ. උඹට ඇහෙනවද? නැතිනම් උඹ බීරිද? දෙවියනේ! මිනිහෙකුට මෙහෙමත් දෙයක් වෙන්න පුළුවන්ද? ගොළු, බීරි, අබ්බගාතයෙක්– ෂහ්! පුංකාව නැවාතුනා නේද! අර කොල්ලා ආයෙත් නිදිනේ.”

Sri Pada Mountain and Brownlow Tea Plantation
Sri Pada Mountain and Brownlow Tea Plantation (ca. 1800) [Image Courtesy: http://www.lankapura.com ]

වාග්ලංකාර මුඛරිකම විදහා දක්වමින් දෙඩවූ කථිකයා එයින්ම බොහෝ වෙහෙසට පත් වුනා. මේ දෙඩවිල්ල අතරවාරයේ ඔහු තවත් රත් පැහැයට හැරුනා වගේ. මුවහත් කුඩා නිල් දෑස් තවත් සැහැසි වුනා වගේ. කියවිල්ලට පිළිතුරක් දෙන්නට ඉඩක් ලැබුනු ප්‍රථම අවස්ථාව එයයි. ෆොර්ස්ටර් එම අවස්ථාව ග්‍රහණය කර ගත්තා.

“නැහැ, මම ගොළුවත් බිහිරිවත් නැහැ. මගේ හන්දි පත් ගල් වෙලත් නැහැ. මම හොඳින්, ඉතාමත් හොඳින්. මිනිස්සු හොඳ නම් මාත් හොඳයි. ඔබට කියන්න තියෙන්නේ මට ඔපමණයි නම් මම ඔබට සුභ දවසක් පතනවා.”

“ඔහෝ! ඉලන්දාරියා, උඹට පුදුම දහිරියක් නේ තියෙන්නේ. කන් කෙඳිරි ගෑම් නෑ, හොර බොරු නෑ. රෙකමදෝරු ලියකියවිලි වල තියන විදිහට උඹ මොනවද මේ මෙච්චරකල් කරලා තියෙන්නේ. ෂැහ්! වල්පල් නේ! මට, කණිෂ්ඨ ජොස්කින්ට හිතෙන විදිහට ඕනෑ මෝඩයෙකුට මෙහෙම කියන්න පුලුවන්. වරෙන් ගොනාවෙල්ලට දොළොස් වෙනිදා. පඩිය රුපියල් 500යි මාසෙට. උඹ හොඳට වැඩ කලොත් රුපියල් 600යි. මාසෙකට හරිය. උඹට තේරුනානේ ඉංග්‍රීසි. උඹලගෙ ලතින් “ප මෙන්සම්” ක්‍රමේට නෙවෙයි. එක හාදයෙක් ඕක කියල මම ඒකව එලවලා දැම්මා. දැන් පලයන්. උඹට සුභ දවසක්.’

Group of estate workers with britisher
Group of estate workers with Britisher

දිගු වුනු දෑත් ෆොර්ස්ටර්ගේ නෙතු ගැටුනා. එහි ඔහුගේ නමට මුදල් නෝට්ටු මිටියක් වුනා. එහි එකතුව ඔහුගේ වියදම් වලටත් වඩා දෙගුණයක්. ඔහු නැවත පැමිණියේ නව ප්‍රාණයක් ලද්දෙකු වගේ. ඔහුගේ ජයග්‍රහණය ඔහු දෙගිඩියාවෙන් පසු වුනු බර්ක්ලිට වාර්තා කළා.

ආදම්ගේ කඳු මුදුනේ පා සලකුණ

දොළොස් වෙනිදා එළඹුනා. ෆොර්ස්ටර් සිටියේ හැටන් දුම්රිය නැවතුම් පොළේ. ඔහු ගොනාවෙල්ල වත්ත කියද්දි පෝටර්වරු සිනහසුනා. ඔවුන් ජේජේ ව හඳුනනවා. ඔහුව හඳුන්වන්නේ එලෙසින්. කරත්තකාරයාද සිනහවකින් සංග්‍රහ කළේ, “මහත්තයාව ලබන සතියේ අරන් එනවා,” කියමින්. ඔහුද ජේජේ ව අඳුනනවා. එය බොහොම දිගු ගමනක්. නමුත් දුහුවිලි පිරි උණුසුම් දුම්රිය සංචාරයෙන් වෙහෙසවූ ගත සිසිල් කරවනවා. ශ්‍රී පාද කඳු මුදුන දුරින් දිස් වුනේ මුලසුන ගත් ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වගේ. ඉන් හරහට නැගුනු දැවැන්ත සෙවනැල්ල තේ පඳුරු වලින් තවමත් විනාශ නොවූ සුන්දර භූ දර්ශනය මත පතිත වුනා.

Tea Plantations with Adam's Peak in the distance
Tea Plantations with Adam’s Peak in the distance photographed by Dr. Martin Hürlimann (ca. 1929)

පටු පාර ආරම්භයට තරමක් දුරින් කරත්තය නැවතුනා. එතැන් සිට යන්නට රික්ශෝවක් හෝ දෝලාවක් තිබුනේ නැහැ. එමනිසා ෆොර්ස්ටර් දකුණු පය පෙරට තබා පයින්ම කන්ද නගින්නට පටන් ගත්තා.

“වාසනා වේවා, සර්,” කරත්ත රියදුරා ඔහුගේ ගාස්තුවත් අමතර සන්තෝසමත් සාක්කුවේ දමාගන්නා අතරතුර දත් විලිස්සා සිනහසුනා.

ෆොර්ස්ටර් හරි හරියට ඇවිද්දා. ඔහු එයින් වින්දනයක් ලැබුවා. නැවුම් වාතය ඔහුට නව පණක් ගෙනාවා. ලක්දිව හැම තැනම එහෙම තමයි. මුළු කන්දම හිරු එළියෙන් නැහැවිලා. උණුසුම වෙනස් කරවන බැස යන හිරුගෙන් එයට ප්‍රසන්න සිත් පිනවන බවක් ගෙනදුන්නා. වංගු සහිත මාවත අලංකාර භූ දර්ශනයක නැවුම් දර්ශන පථයක් සේ දිස් වුනා. එනමුත් කන්ද පුරා ගන සැරේට වවන ලද තේ පඳුරු නම් රමණීයත්වයක් ගෙන ආවේ නැහැ.

Clear-cut Forest near mount adams peak for tea plantation
Clear-cut Forest near mount adams peak for tea plantation (ca. 1870) [Image Courtesy: http://lankapura.com ]

තවත් උඩට යද්දි හැරවුමකින් විවෘත භූමියකට ඔහුව ගෙන ආවා. පෙනෙන විදිහට වගා කටයුතු සඳහා එළි පෙහෙළි කල භූමියක්.  මේ භූමිය මත සෙවණක් රැඳී තිබුනා. සෙවණැල්ලක් ඒ මත වැටිලා. ෆොර්ස්ටර් ඔහුගේ කණ්ණාඩි දෙක දෑසින් ඉවත් කරගත්තා- ඒවා අවශ්‍ය වුනේ නැහැ. හිරු එළිය මුළු භූමිය පුරාම වැටෙද්දි මෙතනට සෙවණක්, සෙවණැල්ලක් ආවේ කොහොමද?

ඔහු වට පිට බැලුවේ උත්තරයක් සොයා ගන්න. ශ්‍රී පාද කඳු මුදුනට තවමත් හිරු එළිය කන්ද වසාගෙනම පතිත වෙනවා. එහි ඇති අපූර්ව සලකුණ සිංහලයන්ගේ බුදුන්ගේ පා සලකුණ යැයි කියවෙනවා. එතකොට ඔහු සිටින මෙතන භූමියේ සෙවණැල්ලක්. හොඳින් නිරීක්ෂණය කිරීමේදි ඔහුට තේරුණා මේ සෙවණැල්ල “පාද ලාංඡනයේ” හැඩ ඇති බව. ඒ සැක හැර ගැන්මත් සමඟම ඔහුගේ සිතට ක්ෂණයෙන් නැගී ආයේ ෆකීර් දෙඩූ වදන් පෙළයි:

“පියසටහනෙහි සෙවනැල්ල  වැටෙන්නේ කොතැනකද, එතැන ඔබගේ නිධානය තිබෙනු ඇත.”

Group of Estate Workers - In Background Deforestation
Group of Estate Workers – In Background Deforestation photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 08

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 08


Although Forster was convalescent and desirous of being up and doing, ill-luck pursued him: he had got into a groove of it. He had been the guest of his friend Berkeley six weeks, and though Dick was just as keen on his staying “until something turned up,” Forster’s spirit winced under the fact of his inability to offer any sort of return. His genial companionship was on the decline too, naturally, with this load of anxiety.

“One for you, old man, and good luck to you,” said his host, sorting the letters at 6 a.m. over their chota hazira. Forster’s hand was outstretched eagerly, and his eye devoured the contents of the note in an instant:

“Call at my office, Nuraliya, between 10 a.m. and 4 p.m. Tuesday—expenses paid. —Joskins junr.”

“Joskins junior! That’s the crank!” exclaimed Berkeley. ”Nobody can square him. One of the wealthiest planters in Ceylon, but — impossible! You won’t waste your time over him will you?”

Forster sighed. “When a man’s driven to desperation-“

“Tut, tut! There’s always the coach to fall back upon,” put in Dick, half jokingly and referring to the “stony-broke” gentlemen who adopt up-country coach-driving as a livelihood out in Ceylon.

Forster was thinking of his “mater,” of her hopes, her ambition, her faith in her only boy. If necessary he would encounter a jungle full of tigers — if there were tigers in Ceylon. Yes, by George, he’d go. Accordingly, Tuesday, 3.30 p.m., found him at the office in Nuraliya, and at 3.35 p.m., the door opening, revealed the substantial vision of a huge man, red as a tomato, with ginger whiskers, carroty hair, and small blue eyes that pierced like gimlets.

“So you want a berth like the rest of ’em?” was his greeting. Forster inclined his head. “Can’t you sit down, man? Stiff in the joints? Then you won’t do for me. Oh, you can, can you? Well?”

Forster coughed. ”Well? Can’t you speak? That’s your infirmity, is it? Don’t want any dumb cattle here. Not without its advantage at times—plenty of chattering apes about. But—damn it, man, who’s to report? Oh, you’ll write, you think? No, you won’t. That won’t do for me. Bits of boys coming and making their conditions to me. I’ll have a verbal report or none. None, I say. Do you hear, or are you deaf as well? By the Lord, was ever man so plagued! Deaf, dumb, incapable —Punkah! D-n that boy, he’s asleep again.” The speaker was well nigh exhausted after this voluble display of rhetoric, during which he had grown redder and redder, and the little steel-blue eyes fiercer and fiercer. This was the first opportunity of getting a word in in reply. Forster seized it.

“No, I’m neither deaf nor dumb, nor am I stiff in the joints. I’m all round sound and square— when people are square with me. If that’s all you’ve got to say to me I’ll wish you ‘ Good day.’ “

“By — Jupiter! young ‘un, there’s grit in you. No whining or skulking. What have you been doing out here in this Testimonials? Pshaw! Rubbish! What’s it to me—Joskins junior—what any fool has to say about you? Come to Guniawalla on the 12th; salary R500 a month—R600 if you give satisfaction. A month, mind, plain English—none of your per mensem, as one young prig I kicked out called it. Now go, and good day to you.”

Forster met the outstretched hand, and in it was a bundle of paper notes left in his own, whose sum total, by the way, doubled the amount of his expenses.

He returned in high spirits, and reported his success to Berkeley, who “humphed.”

Now when the 12th arrived, Forster found himself at Hatton railway station. The porters smiled when he said, “Guniawalla Estate.’ They knew J. J., as he was called. The gharrywallah supplemented his smile with a request that he might “bring the Mahatmaya back next week” — he knew J. J. also. It was a long drive, but very refreshing after the hot, dusty railway journey. Adam’s Peak loomed like a presiding genius, and cast huge shadows athwart the lovely landscape as yet undestroyed by the little tea-shrub. But when at length the gharry pulled up at a bridlepath there was neither tat nor rickshaw, so Forster had to put the best foot first and mount.

“Good luck, sar,” with a very broad grin from the gharry driver, pocketing his fare and an extra santosum.

Forster was equal to the mount. He enjoyed it; the fresh air was new life to him, as it always is in Ceylon. The entire hill was carpeted with sunlight—the setting sun, whose heat being modified made it pleasant and exhilarating. The zigzag path opened out fresh vistas of beautiful landscape, although the hill itself was thickly planted with the tea-shrub, which is not a thing of beauty.

Farther up, a turn brought him to an open space, cleared presumably for planting. Over this space lay shade. A shadow seemed to rest upon it. Forster relieved himself of his smoked glasses—they were not required. Sunlit still was all the land around, but here was shade, a shadow —cast by what?

He turned his regards around to answer. There was Adam’s Peak still with the sunlight full upon the mountain, which only brought out that strange mark called by the Sinhalese Buddha’s Footprint in stronger contrast, while here on the ground where he stood was shadow. The closer he observed the more assured was he that that shadow took the form of the “Footprint.” Simultaneously the words of the fakir flashed into his mind:

“Where the shadow of the Footprint falls, there your treasure lies!’


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 22

%d bloggers like this: