Menu Close

මහ වනේ – කෝ අනේ

Deforestation

               

ඒ අතට මේ අතට අතු විහිදි තුරු පතර
තාම මතකයි අඳුරු සුවය සිත කළ නතර
කෝඩ සුළඟින් වුණත් දඟය මොහොතක් විතර
මා පැතුවෙ නිසල බව තිබූ ඒ වන නිතර
  
දිය පිරුණු උල්පත් ය එහි තිබහ හැඟුණෙ නෑ
ගෙඩි පිරුණු ගහ වැලින් සුදහ ගිණි රැඳුණෙ නෑ
හිරු රැසින් වැසි වලින් විඩා බර දැනුණෙ නෑ
වන සතුන් මැවු අසිරි වෙන තැනක තිබුණෙ නෑ
  
ගෙපැල් පොඩි තනන්නට කැළෙන් ඉඩ වෙන් වුණා
දොර ජනෙල් බිම පවා වන රුකෙන් නිමැවුණා
මළ කඳන් වගෙම මහ තුරු කඳන් විකිණුනා
අපේ ගස් මුදලාලි ඉබේ පොහො- සත් වුණා
  
එළිය වැටෙනව’ හොඳට අඳුරු නෑ පෙර වගේ
තාර කාපට් වැටෙයි ඉඩ පිරුණු මහ මඟේ
ටිකක් රස්නෙයි තමයි දැනෙයි වතුරෙත් හිඟේ
ඉතුරු ගස් ටිකත් නැති වුණොත් තේරෙයි රඟේ
  

%d bloggers like this: