Menu Close

වාරය – In Turn

තොරක් නැතිව
ඇදහැළුණ වැස්ස
පුංචි විරාමයක් දීලා…
වීදි පහන් එළියේ
කඩිසර මෙරුවන් 
සැනකෙළියක…
අඳුරු අහසේ
උදා හිරු ද සැඟවීලා
කාක කරච්චලය
පහන් කණුව වටේ
විසිරුන මෙරුවන්
අහුලන…
ඉක්මන් කරපිය කුහුඹුවනේ
පෙරහැර 
නිසල මෙරුවන් 
ගෙනියන…
හිරු රජිඳු මුවා වෙලා
ඉවසුම් නැතුවා ඇති
ඔද තෙද පාවි
ඉරා තිමිර පට
වස්සවා තව වැස්සක්…
%d bloggers like this: