Menu Close

වනාන්තර වල අගය සහ ගසක මෙහෙවර ……..

         1.            ගසක බැගෑපත් ඉල්ලීම
ස්පාඤ්ඤයේ  ‘සෙවිල්’ නම් ගමෙහි වනරොදක ඇති විශාල ගසක එල්ලා  තිබුණු ලෑල්ලක සටහන් කර තබන ලද  කව් පෙළක් (ඉංග්‍රීසි) සහ එහි  සිංහල පරිවර්තනයයි මේ. මෙවැනි විශාල වෘක්ෂයක් තම ඉරණම පිළිබඳව හඬගා කීම කවියෙකු දුටු ආකාරය ඔබටද කියවා රස විඳීම සඳහා මෙහි දක්වා ඇත. ඉංග්‍රීසියෙන් ‘TO THE WAYFARERලෙස ලියැවී ඇති
මෙම කව් පෙළ, සිංහලට පරිවර්තනය කර ඇත්තේ “මගියානෙණි,”  යන යෙදුමෙනි. මෙහි රචකයා ගැන සඳහනක් නොමැත.  මිනිසෙකුගේ උපතේ සිට විපත දක්වාම  නැතහොත් තොටිල්ලේ සිට සොහොන් භුමිය දක්වා යන දිගු ගමනේදී ගසක නිෂ්පාදන වලින් කෙරෙන මෙහෙය සවිස්තරව දක්වන කවියා, පොරොවක් රැගෙන එන මිනිසාට මෙසේ  බැගෑපත් අයැදීමක්ද කරයි.                                                                                                                        

“මගියානෙණි”  “TO THE WAYFARER”

“Harm me not”                                                                                                                                       “විපතක් නොකරනු සගයනි, මාහට”
—————————-  
           2.    ගසක වටිනාකම තවත් ආකාරයකට ….
වැඩුණු ගසක් වෙනුවෙන් වියදම් කරන සෑම රුපියල් සියයක් සඳහාම රුපියල් 582 ක ප්‍රතිලාභයක්  ලැබෙන බව ඇමෙරිකාවේ වනාන්තර සේවා ආයතනයක්  මගින් ගණනය කර තිබේ.

එසේම ඇමෙරිකාවේ වන වගා කරුවන්ගේ සංගමයක් මගින් 1992 වසරේ පළකර තිබෙන Growing Greener Cities  නම් පොතෙහි පළකර ඇති ආකාරයට, වසරකදී ගසක මෙහෙය මුදලින් මෙසේ ගණනය කළ හැකිය. (ඩොලර් ගණනය කිරීම රුපියල් වලට හරවා ඇත) .


මේ ආකාරයට ගසක් වසර 50 ක් පැවතුනහොත්, 5% ක අවම පොළියකුත් සමග  රුපියල් 1,433,200/=  වටිනාකමකින් යුක්ත සේවාවක් සපයා තිබේ.මෙයට අමතරව පහත සඳහන් මිල කළ නොහැකි සේවාවන්ද මෙයට එකතු කළ හැකිය.

                                                                                                
මේ සියල්ලටද අගයක් දුන් විට  ගසක වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට  වඩා වැඩිවිය හැකිය.  

මෙතරම් වටිනාකමක් ඇති වෘක්ෂයක් කපා හෙලීම අපරාධයක් නොවේද ?
————————————– 

            3.    ගසක මෙහෙවර ගැන නව සංකල්පයක් ……. ‘කාබන් පා සටහන
නූතන ලෝකයේ සිදුවෙමින් පවතින දේශගුණ අර්බුදයටද එකම පිළියම වශයෙන් සදහන් කළ හැක්කේ වනරෝපණය බව අද පරිසර විද්‍යාඥයෝ ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පයක් දැනට භාවිතයට පැමිණ තිබේ.  මෙම සංකල්පය දේශගුණ විපර්යාස වලට මුලික වන වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව හා සම්බන්ධ ගණනය කිරීමකි.

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය වැඩිවීම නිසා පරිසරය උණුසුම් වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. මේ නිසා එය හරිතාගාර වායුවක් ලෙස සැලකේ. කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර මුක්තවනුයේ ගල් අඟුරු, පෙට්‍රල්, ඩිසල් වැනි පොසිල ඉන්ධන දැවීම මගින්ය. ප්‍රභාසංශ්ලේෂණයේදී ගස් වැල් මගින්  කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගන්නා නිසා එහි සමතුලිතතාවයක් ඇතිවේ. මෙම සමතුලිතතාවය බිඳ වැටුණු විට පරිසර උණුසුම වැඩිවේ.

පරිසරයේ මෙම කාබන්ඩයොක්සයිඩ් වායු සමතුලිතතාවය මැනීම සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් එකක් ඒකකය ලෙස සලකා   ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පය ගොඩ නගා තිබේ.

සාමාන්‍ය වයස් ප්‍රමාණයේ මිනිසෙකු තම ස්වසනය ඇතුළු ජීවත් වීමට අවශ්‍ය සියලුම ක්‍රියාවලියන් නිසා,  කෙලින්ම හෝ අනියමින්. මුක්ත කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඔහුගේ ‘කාබන් පා සටහන’ ලෙස සැලකේ. ඉතාමත් සූක්ෂම ආකාරයකට කර ඇති ගණනය කිරීමක් මගින්, වැඩුණු මිනිසෙකුගේ වාර්ෂික  දළ ‘කාබන් පා සටහන’ කාබන්ඩයොක්සයිඩ් ටොන් 41.48 ක් පමණ වන බව අනාවරණය වී තිබේ.

මේ ආකාරයටම කර ඇති තවත් ගණනය කිරීමකින් පෙන්වාදෙන අයුරු, සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු වෘක්ෂයක් විසින් වසරකදී, වායු ගෝලයෙන් උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ටොන් 0.07කි.

මෙය වෙනත් ආකාරයකින් දක්වතොත්, මිනිසෙකු වසරකදී  කාබන්ඩයොක්සයිඩ් වායු කිලෝග්රෑම් 41,480 පමණ මුදාහරින විට, වැඩුණු ගසකට උරාගතහැකි වනුයේ කාබන්ඩයොක්සයිඩ් වායුව  කිලෝග්රෑම් 70 පමණ ප්‍රමාණයකි.

මේ නිසා එක් මිනිසෙකු විසින් කරනු ලබන ‘පරිසර හානිය’ පිරිමැසීම සඳහා වැඩුණු වෘක්ෂ 593 ක් වත් අවශ්‍ය වේ.

මේ නිසා වනාන්තර රැකගැනීමට සහ වැඩි වැඩියෙන් ගස් සිටුවීම ගැන කාගේත් අවධානය යොමු විය යුතු බව මෙයින් පැහැදිලි වේ.

——————————–
        4.    තනි ගසක් වුවද පරිසර පද්ධතියකි.

ජෛව විවිධත්වය ගැන සලකා  බලන විට, විශාල තනි ශාකයක් වුවද බොහෝ විට පරිසර පද්ධතියක ලක්ෂණ විදහා දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි ශාකයක් ආශ්‍රීතව තිබිය හැකි සිය ගණන් ක්ෂුද්‍ර පරිසර සහ ඒවා  වාසස්ථාන කරගනිමින් ජීවත් වන පියවි ඇසට පෙනෙන සහ නොපෙනෙන දහස් ගණන් ජීවීන් නිසා එවැනි වෘක්ෂයක් වුවද කුඩා පරිසර පද්ධතියක්  ලෙස හැඳින්විය හැකිය.

වෘක්ෂ පරිසර පද්ධතියක නේවාසික සහ ආගන්තුක ක්‍ෂීරපායීහු  සහ පක්‍ෂීහු  සිටිති. සමහරවිට කටුස්සන්, ඇහැටුල්ලන් වැනි උරගයින්ද, නොයෙකුත් කෘමි වර්ග, මකුළුවන්, පත්තෑයන්, ගෝනුස්සන්  වැනි සතුන් ගසේ පොතු සහ මුල් අතරේද, දිරාගිය කොටස් සහ ගසේ බෙන වලද ජීවත් වෙති. විශාල වෘක්ෂයක නේවාසික සතුන් බොහෝවිට ආහාර, කූඩු සාදාගැනීම, ආරක්ෂාව වැනි සියලු කටයුතු වෘක්ෂයෙන්ම ලබාගනිති. 
  
 මීට අමතරව විවිධ ලයිකන වර්ග, පාසි වර්ග සහ දිලීර වර්ගද ශාක කඳ සහ  පත්‍ර මතුපිට වැනි ස්ථාන වල බහුලව දකින්නට ලැබේ.

ඒ සමගම  බේඳුරු, කාසි පෙති වැනි අපිශාකී මීවන සහ නොයෙකුත් ඕකිඩ් වර්ගද විශාල ශාක මත වැඩෙනු දැකිය හැකිය. ආලෝකය සොයා ගස්වල එතෙමින් ඉහලට ඇදී යන පෝටාවැල්, පඹ වැනි දුර්වල කඳන් සහිත ආරෝහක ශාකද,පරපෝෂිතයින් ලෙස වැඩෙන පිළිල වර්ගද,බොහෝ විට විශාල වෘක්ෂ ආශ්‍රීතව දකින්නට ලැබේ. මේ ආකාරයට දකින්නට ලැබෙන විවිධ ජෛව ඒකක සමුහය ක්ෂුද්‍ර පරිසර ලෙස හැඳින්විය හැකිය. විශාල පරිසර පද්ධතිවල තිබෙන ආහාර දාම සහ ආහාර ජාලද තරමක් දුරට හෝ මෙම ජෛව පද්ධති තුලද දකින්නට ලැබේ.
එමෙන්ම ගසකින් ලැබෙන  සෙවනද  සතුන්ට මෙන්ම මිනිසාටද මහත් ආශීර්වාදයකි.

මේ නිසා තනි ගසක් වුවද ආරක්ෂා කිරීම වනාන්තරයක් ආරක්ෂා කිරීම තරමටම වැදගත් වන බව පැහැදිලිවේ.

බෞද්ධ ඉගැන්වීම් වලද සුත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ වනරෝපා සුත්‍රයේ වනාන්තර ගස්වැල් ආදිය වැවීම ගැන විශේෂ සඳහනක් කර තිබේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ යම් ජනයෝ මල් වතු පලතුරු වතු හෝ ආරාමයන් වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු  පාලම ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හල් වැව පොකුණු කරවන්නේද, වාසස්ථාන දෙන්නෝද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු නිවනට යන දහමෙහි පිහිටි සිල්වත්තෝ ඒ ජනයෝයි.”

බුදු රජාණන්වහන්සේගේ බොහෝ දේශනා වලදී, උදාහරණ වශයෙන් පරිසරයට අදාළ බොහෝ කරුණු ධර්මානුකුලව පහදා දී තිබේ. බුද්ධ චරිතයේ නොයෙකුත් අවස්ථා වීශේෂයෙන්ම සිදුහත් කුමර උපත, බුද්ධත්වය ලැබීම, පරිනිර්වාණය වැනි වැදගත් කරුණු සියල්ලම සිදුවී තිබෙන්නේ   එළිමහනේ ඇති ශාන්ත පරිසරයේය.
           5.    අපි ඉදිරියෙන් සිටිමු.

ජෛව විවිධත්වය අතින් ලෝකයේ මුල් තැන ගන්නා රටක් වන ශ්‍රී ලංකාවේ වනාන්තර ගහකොළ ආදිය අතින් සහ සුවිශේෂී සංරක්ෂණ කටයුතු අතින්, අප  සැලකියයුතු ස්ථානයක් දිනාගෙන තිබේ. එයින් වැදගත් සිද්ධි කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

·        ලෝකයේ වාර්තා වී ඇති පළමු සංරක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ මිහින්තලේ ‘මිගදාය’ මුව උද්‍යානයයි.
·        අපගේ සිංහරාජවනාන්තරය ලෝකප්‍රසිද්ධ ස්වභාවික ජෛව විවිධත්ව විද්‍යාගාර 18 න් එකකි.
·        සංරක්ෂණය කරන ලද රක්ෂිත වනාන්තර විද්‍යානුකූලව රැක බලා ගැනීම අතින් අපි ඉදිරියෙන් සිටිමු. ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් සියයට 14  පමණ ස්වභාවික රක්‍ෂිත හෝ ස්වභාවික උද්‍යාන ලෙස නම්කර ඇත. මෙය ලෝකයේ පවතින ඉහලම අගයයන්ගෙන් එකකි.
·        ශ්‍රී ලංකාවේ  ඒක දේශීය ශාක විශේෂ ප්‍රතිශතය, ලෝකයේ ඉහලම අගයකි. රට තුළ දැනට හඳුනාගෙන ඇති ශාක විශේෂ 3200 කින් 850 ක් පමණ ඒක දේශීය ශාක වේ. මෙය 25 % ක ප්‍රතිශතයකි.
·        ඖෂදීය ශාක පිලිබඳ දැනුම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ එකතුවක් ශ්‍රී ලංකාවේ තිබේ. හඳුනාගෙන ඇති 3200 ක් පමණ වන ශාක විශේෂ වලින් 1500 ක් පමණ ඖෂධ සඳහා භාවිත කෙරේ.
·        ලෝකයේ වාර්තා ගත වී ඇති රෝපණය කරනලද පැරණිතම වෘක්ෂය ඇත්තේද  ශ්‍රී ලංකාවේ ය. මෙය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි

          පරිසරය සුරකිමු, වැඩි වැඩියෙන් රුක් රෝපණය කරමු.

%d bloggers like this: