
කියන්නට බොහෝ දේ
තිබුනත්
නොකියා ඉන්න
අන් අය හිත රිදේ
යැයි හිතේහිම
රදවා ගත්ත
මගේ හිත කියවන්න
පුලුවන් වුනිනම්
නුඹ හට
යම් දිනක
නුඹ ඉකිගසනු ඇත
දැරුවේ කොහොමද
යන්න…..
හිනැහෙන මුවින්
වදනින් මා නුඹ සනසා
මේ හැම දරමි
නුඹ රිදවනු බැරි හින්දා
හිත නොදෙනා බෝ දේ
සිදු වෙන දිනෙකා
මේ ඇස් කෙවෙනි
කදුලින් ඔත්පල
වෙන්නා
ලොවටම ඕන ලෙස
ඉන්නට නොම දන්නා
මම ආසා මගේ
නිදහස මා සොයලා
යන්නට පියඹලා
ඈතට හිනහීලා
පෙම්වත
නුඹත් එනවද මේ
2019.09.14