Menu Close

කුණු කසළ කිලෝ එකකට නොමිලේ ප්‍රනීත ආහාර වෙිලක් !


එය ඉංදියාවෙි මුදල් වෙනුවට කුණු ගොඩක් ලබාදීමෙන් ආහාර වෙිලක් ලබා ගත හැකි ප්‍රථම ඉංදියානු හෝටලයයි. එකී ආපනශාලව නම් කර ඇත්තේ Garbage Cafe යනුවෙනි.


ඕනෑම ආකාරයක කුණු කසල ග්‍රෑම් 500 කට ඔවුහු ප්‍රනීත උදෑසන ආහාර වෙිලක් දෙන අතර ඉවතලන ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් එකක් සදහා සම්පුර්ණ දිනයකට අවශ්‍ය ආහාර ලබා ගත හැක. මෙම ආහාර ලබා දෙන්නේ සාමාන්‍ය ඡනතාවට නො‍වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ඒවා ලබා දෙන්නේ ඉංදියානු විදිවල නිදාගන්නා නිවෙස් අහිමි මිනිසුන්ටය. එමෙන්ම මෙි ආපනශාලාව ඉංදියාවෙි චතිස්ගාර්හි අම්බිකාපුර්හි පවත්වාගෙන යනු ලබන්නේ අම්බිකාර් ප්‍රාදේශිය සභාවෙි පාලනයට යටත්වය. එයට අවශ්‍ය මුලික අරමුදල් සපයා ඇත්තේ අම්බිකාර්හි ප්‍රාදේශිය මන්ත්‍රීවරුන් ගේ වැටුපෙන් වීම මෙහි ඇති අනෙක් සුවිශේෂත්වයයි.

මෙම කතාවෙි ප්‍රභවය 2003 කණ්ඩායමේ IAS නිලධාරියෙකු සහ සුර්ගුජා දිස්ත්‍රික්කයේ හිටපු බදු නිලධාරියක වූ රිතූ සයින්ගේය ( Ritu Sain ). 2014 දී ඇය ප්‍රථම වරට අම්බිකාර් නගරයට පැමිණි විට ඇගේ මනසේ ඉංදියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශකල යම් අදහසක් පිළිබද සටහනක් තිබිණි. ‘‘ මහත්මා ගාන්ධිතුමාට අපට කල හැකි හොදම උපහාරය පිරිසිදු ඉංදියාවක් නිර්මානය කිරීමයි.” එහෙත් ඇය අම්බිකාපූර්වලට ඇතුල්වනවිටම එහි තිබූ දුර්ගන්ධයෙන් ඇයට සිය නාසය ලේන්සුවෙන් වසාගෙන යාමට සිදුවිය. ‘අම්බිකාපූර් වෙත සාදරයෙන් පිළිගනිමු’ නැමති දැන්වීම් පුවරුව තිබුණේ ගදගසමින් ඔඡස් ගලායන විවෘත කුණු කන්දක් උඩය. පසුව ඇයගේ දැඩි උත්සාහයත් පසුකාලීනව නගර පරිපාලනය විසින් ගනු ලැබූ පියවරත් අම්බිකාපූර්හි නිවාස අහිමි ඡනතාවට නොමිලේ ආහාර ලබාදෙන මෙි ආපනශාලව නිර්මාණය කිරීමට සමත්විය.

140,000 කට වඩා වැඩි ජනගහනයක් සහිත කුඩා නගරයක් වන අම්බිකාපූර් දිස්ත්‍රික් අගනුවරට ඇය ඇතුළු වූ පසු ඇය කල පලමු කාර්යය වන්නේ කුණු කසළ වෙන් කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමය. එයට අනුව කුණු වර්ග කර ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, කාබනික හා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි භාණ්ඩ වෙන් වෙන් වශයෙන් වෙන් කොට ඇසුරුම් කර ප්ලාස්ටික්, ලෝහ හා ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය මධ්‍යම භාණ්ඩාගාරයට යවා නිෂ්පාදකයින්ට ප්‍රතිචක්‍රීකරණය සඳහා අමුද්‍රව්‍ය ලෙස විකුණනු ලැබීය. ඉතිරිව ඇති කාබනික අපද්‍රව්‍ය අවශේෂ ජීව වායු ඩයිජෙස්ටර් සහ කොම්පෝස්ට් සඳහා යොදා ගත්තේය. එය අතිශය සාර්ථක වුයේ ඇය සනීපාරක්ෂ කම්කරු ගැහැණුන් 500 ක් වෘත්තීයමය ලෙස බදවාගෙන ගෙන්ගෙට ගොස් මෙි අපද්‍රව්‍ය එකතුකොට කුණු කසල වෙන්කිරීමෙි මධ්‍යස්ථානය වෙත ගෙනා බැවිනි.

කුණු කසල විකුණා පළමු අවුරුදු දෙක තුල ඇය ඉන්දීය රුපියල් කෝටි දෙකක් භාන්ඩාගරයට එකතුකොට තිබිණි.
මෙම ක්‍රියාවලියේම දිගුවකි නිවාස අහිමි මිනිසුන් යොදවා කුණු කසල එකතු කිරීම. එම ව්‍යාපෘතියෙන් අගනා ප්‍රතිපල රැසක් ‍රිතූ සයින් නගරයට පෙන්වා දී තිබෙි. පළමුව නිවාස අහිමි රැකියා අහිමි අම්බිකාපූර් ඡනතාවට කුණු කසල එකතුකරදී සුරක්ෂිත හා පෝෂ්‍ය ගුනයෙන් සපිරි ආහාර නොමිලේ ලබා ගත හැකිවීමයි. දෙවැන්න ඉංදියාවෙි මහාමාර්ග වලට අවශ්‍ය ප්ලාස්ටික් නැවත නිෂ්පාදනයකින් තොරව නොකඩවා කුණු කසළ තුලින් සොයාගත හැකිවීමයි. (ඉංදියාව මහාමාර්ග ඉදිකිරීමෙිදී අමුදව්‍යක් ලෙස ප්ලාස්ටික් යොදා ගනී ) තෙවැන්න නිවාස අහිමිවු මිනිසුන් යොදවා මෙි එකතුකරනු ලබන කුනුවලින් ලැබෙන ප්‍රතිලාභ තුලින්ම ඔවුන්ට නිවෙස් සදාගත හැකි ව්‍යාපෘතියක් දියත් කිරීමයි. ‍මෙි වනවිට 2019 අගෝස්තු 01 දින විවෘත කල Garbage Cafe වෙතින් දිනපතා කූනු එකතුකරදී යැපෙන නිවාස අහිමි පවුල් සංඛ්‍යාව 100 කි.

2019 ශ්‍රේණිගත කිරීම් යටතේ, අම්බිකාපූර් ඉන්දියාවේ දෙවන පිරිසිදු නගරය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් නගරය ඉංදියාවෙි පිරිසිදුම නගරයයි. එහෙත් පසුගිය වසරට වඩා ස්ථාන 15 කින් ඉහළටවිත් එහි දෙවෙනි ස්ථානය දිනාගැනීමට අම්බිකාපූර් සමත්විය. එහි පුර්ණ ගෞරවය රිතූ සයන් නැමති ගැහැණියටය. ඊට අමතරව මෙි කුණුවලින් උපයා ගන්නා ලද මුදලින් නගරය අක්කර 15 ක දැවැන්ත ගොඩකිරීමක් 2016 මැයි මාසයේදී සිදුකර එහි ගස් වැල් මල් වර්ග හා පොකුණු වලින් සලකුණු කරන ලද ‘සනීපාරක්ෂක දැනුවත් කිරීමේ උද්‍යානයක්’ බවට ඇය පරිවර්තනය කර තිබුණි. එබැවින් මෙය කුනු එකතුකරන්නන්ට නොමිලේ ආහාර සපයන කතාවක් පමණක් නොවෙි. ඉබාගාතේ රස්තියාදුවුනු නිවෙස් අහිමි මිනිසුන් යම් වෘතිකට පෙළඹවීමක් පිලිබද කතාවකි. නිවාස අහිමි මිනිසුන්ට නිවාස ලබාදීමෙි වැඩ පිලිවෙලික් ගැන කතාවකි.. සංවර්ධනය වන රටකට නැවත නිෂ්පාදනය නොකර ප්ලාස්ටික් භාවිතයට ගත් උත්සාහයකි. එය නගරයක් මිනිසුන්ගෙන් බදු නොගසා ලස්සන කරන හැටි ගැන රටක ඉහළ නිළධාරීන්ගේ කැපවීමෙි හා උත්සාහය පිලිබදවද කතාවකි. ස්තුතියි රීතූ සයින් ! ලෝකය ලස්සන වන්නේ නුඹලාගෙනි !

%d bloggers like this: