Menu Close

අවුරුදු පහේ දරුවන් දුම් බොන නගරය

අවුරුදු 5 ක දරුවෙක් දුම්බොන නගර හෝ ගම්මාන ලෝකෙ තියෙනවද ? ඔවු ! එහෙම නගර හෝ ගම්මාන තියෙනවා. ඒකෙ සුවිශේෂිත්වය තමයි මෙි කුඩා දරුවන්ගෙ අම්මල තාත්තල තමයි “ඉදා පුතේ බීපන්” කියල ඒ දරුවන්ට සිගරට් පැකට්ටුව අතට දෙන්නෙ.

එහෙම ගම්මානයක් තමයි පෘතුගාලයේ Vale de Salgueiro කියන ගම්මානය. නමුත් පෘතුගාල නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු කිසිවෙකුට දුම්බීම කරන්න බෑ ඒක තහනම් ක්‍රියාවක්. එත් වැලේ ඩී සල්ගුයිරියෝ ගම්මානයේ මිනිස්සු ඒක ගනන් ගන්නෙ නෑ. පොලිසියෙන් ඔවුනට බාධා කරන්නෙත් නෑ. මොකද ඒක ඒ ගම්මානයේ මිනිස්සුන්ගෙ ඉපැරනි උත්සව දවසක්. සියවස් ගණනාවක සිට පැවත එන සම්ප්‍රදායක්. සාමාන්‍යයෙන් ඒ උත්සවය තියෙන්නෙ ඡනවාරි මාසෙ 08 වැනිද. ඒකට කියන්නෙ ‘‘ Epiphany ‘‘ සැමරුම කියල.

දැඩි ශිත දේශගුණයක් සහිත වැලේ ඩී සල්ගුයිරෝ ගමෙි මිනිස්සු කියන්නෙ එයාලව ලිස්බන් නගරය අමතක කරල දාලයි කියල. ඒ උත්සවය දවසට ගමෙි සියලු වැඩිහිටියන් සහ දරුවන් එකතුවෙලා සිගරට් බීබී නටමින් ගයමින් විනෝද වෙනව. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව කැරොල් ගී ගයනව. ඒක ශිත සෘතුවෙි සැමරුමක්. සෘතු සැමරුම්වල කොටසක් ලෙස ශතවර්ෂ ගණනාවක් තිස්සේ එය සම්මත කර ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් මෙම කුඩා දරුවන්ට දුම් පොවන ක්‍රියාව ආරක්ෂා කරනව, නමුත් එකී සංකේතවත් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි කිසිවෙකුට හරියටම විශ්වාස නැති අතර ඒ ගැන කියන්න දේකුත් එයාලට නෑ. ඒ වගේම දෙමව්පියන් තම කුඩා දූ දරුවන්ට සිගරට් ලබා දීම වැළැක්වීමට කිසිවෙක් හෝ නොමැති අතර බලධාරීන් මැදිහත් වී එකී සම්ප්‍රදාය අවසන් කරන්නේද නැත.. පිටස්තර පුද්ගලයින්ගේ විවේචන හා කෝපය නොතකා, ප්‍රදේශවාසීන් මෙම චාරිත්‍රය ආරක්ෂා කරති.

ජෝස් රිබිරින්හා (Jose Ribeirinha ) යනු ගමේ Epiphany උත්සව පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කළ ලේඛකයෙකු හා පර්යේෂකයෙකු වන අතර ඔහු පවසා තිබුණේ මෙහි මූලාරම්භය නොදන්නා නමුත් සොබාදහමේ ශිත සෘතුව වසරක් පාසා නැවත ඉපදීම හා මියයාම සැමරීම හා මෙය සම්බන්ධ විය හැකි බවයි. ඒ අතරම මෙම ගම්මානය පිහිටා ඇත්තේ පෘතුගාලයේ ලිස්බන් අගනුවරට කිලෝ මීටර් 450 ක් දුරස්ථව පුරාණ මිථ්‍යාදෘෂ්ටික හා ඉපැරණි රෝමානු උත්සව රාශියක් සිදුකරන ප්‍රදේශයක බවත් ඔහු සටහන් කරයි.

%d bloggers like this: