Menu Close

How the Sinhalese Drive

කෙසේ වුනත් මොන හේතුවක් නිසාවත් කරත්තයේ අසුනක් කියන්නේ මල් යහනාවක් නම් නෙවෙයි.

සිංහලයෝ කරත්ත දක්කන්නේ කොහොමද

මේ ගොනුන්, කුඩා බූරුවෙකුගේ තරම් ශරීර ප්‍රමාණයක් ඇති පුංචි සවිබල තිරිසන් සත්තු ජාතියක්. උන්ට අනපේක්ෂිත ලෙස පහර කන්නට සිදුවෙනවා ඉදිරියට යෑමට. එවිට උන් රැගෙන යන හරස් පොලු මත ඇති කරත්තයත්, උයන පිහින බඩු මුට්ටුත්, මිනිස්සුත් යැවෙනවා. එසේ නැති වුනොත් නොසිතූ විරූ ලෙස රියදුරාත් මඟීනුත් සමඟ බියගත් අවලම් ගොන්නුත් මඩේ වැටෙන්න පුළුවන්. තැලීම්, සීරීම්, කිලුටුවීම් එක්ක ගොනුන් කරත්තයෙන් නිදහස ලබනවා. මේ පුංචි වෙනස්වීම නිතරම වාගේ සිද්ධ වුනා නවතාවයක ප්‍රමෝදය සඳහා. ඊටත් වඩා ඒ වෙලාවෙ දරුණු ලෙස කුපිතවෙන රස්නියක් තිබ්බේ. එක් කුලීකරුවෙකුට සිදු වුනා ඒ පටු මාවතේ ගොනුන් කෙලින් මගක යවා ගන්න උන්ට පසෙකින් ඇවිදින්නත්. ඒත් මේ ස්වදේශිකයන්ගේ පරික්ෂාකාරි බවේ අඬුලුහුඬුකම් නොතිබුනාම නොවේ.

Double Bullock Cart, Ceylon
Double Bullock Cart, Ceylon photographed by Plate &Co.

ලක්දිව සත්ව හිංසා වැළැක්වීමේ රාජකීය සංගමය

ඉස්සරහ හරස් ලීය හාවෙන පොල්ල මත ඇණ තියා ඉඳගෙන ඉන්න කරත්ත රියදුරාගේ පුරුද්ද නම් සින්තියා අනුමත කළේ නැහැ. හැම ගොනාගෙම තට්ටම් ප්‍රදේශය හොඳටම තුවාල කරලා ඕනා කමින්ම. මේ තුවාලයට කෝට්ටකින් අනින්නේ අස්ථියටම වදින්න. සතාට වද දීම එතනින් නවතින්නේ නැහැ. උගේ වලිගයේ ගැටයක් ගහලා ස්වදේශිකයන්ගේ අතිවිශාල ඇත්දල වන් දත් වලින් හැකි උපරිමයෙන් එය හපනවා. සිංහලයන්ගේ කරත්ත දැක්කීමේ ක්‍රමය තමයි මේ. ඔටුනු පළන් යටත් විජිතයේ සත්ව හිංසා වැළැක්වීමේ රාජකීය සංගමයක්* නැද්ද? සින්තියා මේක නිතරම අහපු ප්‍රශ්නයක්. නමුත් පත්තරේට ඇය ලියන්නේ කාන්තාවක් විදිහට නිසා එයට ඇයට පිළිතුරක් නම් ලැබෙන්නේ නැහැ.

Double Bullock Cart
Double Bullock Cart, Colombo, Ceylon

දැවැන්ත සියඹලා ගසත් මැහෝගනී ගසුත් ගිමන් නිවාගන්නට සෙවණක් දුන්නා. ඒ අතරවාරේ කෝකියා ප්‍රධාන දහවල් කෑම වේල එසේත් නැතිතම් හවස තේ යයි කිව හැකි ආහාරයක් පිළියෙල කළා. ඇත්තටම මේ ඉන්දියානු කෝකියා නම් බොහොම වටිනවා – මත් වෙලා නැති වෙලාවට. සීමිත දේවල් ප්‍රමාණයක් සීමිත පහසුකම් යටතේ පළමු පෙලේ භෝජන සංග්‍රහයක් බවට හරවන්නට ඔහුට හැකි වීම ඇත්තටම අපූරුයි. ආහාර ගබඩාවේ අඩු පාඩු නැවත පුරවාගන්න හැකි වුනා තුවක්කුව හන්දා. වටුවන්, වළිකුකුළන්, හාවුන්, ආදි සතුන් ඒ අතර වුනා. පරෙවියන් තරම් විශාල, කොළපැහැ අස්ථීන් ඇති, තළ එළලු සමක් ඇති, එනමුත් රසවත්, කුකුළ් මස්ද, මී කිරිද (එය හරියට ගවතෙල් පහනකට ඇල්මැරුණු වතුර දාලා කලතලා වගේ) මිලදී ගැනුනා. ගම්මාන මැදින් යන අතර වාරේ තමයි මිලදී ගැනිම් සිදු වුනේ.

අම්බලමේ නැවතුම – රෙස්ට් හවුස්

New Rest House, Trincomalie, Ceylon
New Rest House, Trincomalie, Ceylon by E. Abdul Rasool

පළමු රාත්‍රිය බොහොම සැප පහසුවෙන් ගෙවුනේ රෙස්ට් හවුස් එකක ඉන්නට ලැබුනු නිසා. එය සංචාරකයන්ට රජය මගින් ලබා දෙන අම්බලමක්. එය හරියට ඉන්දියාවේ “ඩක් හවුස්” වගේ. ඔවුන් අප එන්නට ප්‍රථමයෙන් විදුලි පණිවිඩයක් එවා තිබූ නිසා හොඳ රාත්‍රී භෝජනයක් එහි පිළියෙල කොට තිබුනා. නමුත් එයට ඊට වඩා හොඳ කෑම වේලක් කීමයි. මන්ද රාත්‍රී 10 වන තුරුම පිරිස රෙස්ට් හවුසියට පැමිණ සිටියේ නැහැ. සඳ නැගී එමින් තිබුනේ. එය බැබළුනේ හරියට ලන්ඩනයේ හිරු නැති දවාලක ආලෝකය දිදුලමින්.

Rest House, Anuradhapura, Ceylon
Rest House, Anuradhapura, Ceylon photographed by Plate & Co.

එහි තවත් යුරෝපීයයෙකු නවාතැන් ගෙන සිටියා. ඔහු කුමක් හෝ දෙයක් කරන්නට මහත් කැමැත්තකින් සිටි අයෙක්. නමුත් තම උදාසීන ගතිය විස්කි සහ සෝඩා වල ගිල්වන්නටයි බලා සිටින්නේ. එය මේ රටේ තවත් සිරිතක්. බොහොම අගේට ලෑස්ති කොට තිබූ කෑම වේලට පසුව හැමෝම ආලින්දයට ආවේ හඳපාන රසවිඳින්නත්, අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත්, වි. සහ සෝ. කට ගන්නටත් එක්කයි.

“ඔය කරත්තේ ගිහිල්ලා ඔබ කොන්ද කඩා ගනීවි,” අලුත් අමුත්තා කීවා. “හාහ්! වීර ක්‍රියා! ඒවා මෙහෙ කරලා වැඩක් වෙන්නෙ නැහැ! මම මෙහෙ අවුරුදු 18ක් තිස්සේ වතු වවනවා. උඩරට පහතරට, මගේ තැනේ ඉඳලා කොළඹට, මහනුවරට, නුවර එළියට හැම තැනම යනවා එනවා. වැඩක් නැහැ මෙව්වා කරලා! තේ වවන එක අදකාලේ අවසානාවෙත් උපරිමය – හිතපු නැති වාසනාවක් මතු වුනොත් ඇරෙන්න. මම දන්න හාදයෙකුගේ අත්දැකීමක් කියන්නද?” ඉදින් ඔහු පටන් ගත්තා කතාවක් කියන්න. සින්තියා හිතුවා මේ කතාව සටහන් කරගත්තොත් හොඳයි කියලා.

A Tea Planter at Gampola Rest House, Ceylon
A Tea Planter at Gampola Rest House, Ceylon [Image Courtesy: http://lankapura.com ]

*  සත්ව හිංසා වැළැක්වීමේ රාජකීය සංගමය – R.S.C.P.A (Royal Society for the Prevention of Cruelty to Animals)


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 08

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 08


Under any circumstances, a seat in the cart was no bed of roses, as the bullocks, hardy little beasts the size of small donkeys, were given to making unexpected dashes in the direction of the side ditches, when over would go cart, crockery, contents human and otherwise, without and within, precipitating driver and passengers, together with the terrified delinquents, into the mud below. When, bruised and soiled, they extricated themselves and belongings, it demanded all their united efforts to right the cart—Jacobis always excepted. This little diversion occurred too frequently to possess the charm of novelty. Moreover, it was direfully provocative of prickly heat. A coolie was told off to walk by the side of each bull to endeavour to keep it in the straight and decidedly narrow way. But even their native vigilance was escaped at times.

The driver who sat asquat a bar connecting the shafts in front, had a habit Cynthia approved not of. On the haunches of each bull was a bad wound, inflicted purposely. Into this wound a stick was thrust, probing the festering flesh to the bone. If this sufficed not to set the poor creatures off, a knot was made in the tail, and bitten with all the might of the natives’ elephantine “ivories.” This is the Sinhalese method of driving. What of the R.S.P.C.A. in our First Crown Colony? Cynthia had frequently to ask this question. But being but a “writer for news-papers” as the “ladies” there put it, she got no reply.

The huge tamarind and mahogany trees made grateful shade for halting, whilst the cook prepared a capital tiffin or “afternoon tea.” Really the Indian cook is a treasure—when sober. It is marvellous what a first-rate repast he can turn out from limited material and conveniences. The larder was well replenished by the produce of the gun—snipe, woodcock, jungle fowl, hare, &c., while chickens, the size of pigeons, with green bones and brunette skin, very good all the same, were purchasable, as also was buffalo’s milk (which may be likened unto tepid water stirred up with a tallow candle). This so long as they passed through the villages.

The first night was comfortable enough, being spent at a Rest House, an Ambalama provided by Government for travellers, like the dak bungalows of India. As they had wired beforehand a good dinner was in readiness, or supper, it might better be called, as they did not arrive until 10 P.M. The moon was increasing, and it was as light at night as an average sunless day in London.

Another European was quartered there, who, for want of something to do, was seeking to drown his ennui, in whisky and soda—another custom of the country. After supper, to which they did full justice, all adjourned to the verandah to enjoy the moonlight, a chat and a W. and S.

“You’ll break your back riding in that cart,” said the new acquaintance. “Psha! adventures! not worth it out here! I’ve been out planting eighteen years, and know no more of the Island than up and down, to and from my place and Colombo—with a little Kandy and Nuraliya thrown in. ‘Tisn’t worth it. It’s hard luck at best, tea planting nowadays—unless something unexpected turns up. Here’s an experience of a chap I know? “

He then commenced a story which Cynthia thought afterwards worth taking notes of, with the following result.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 20

%d bloggers like this: