Menu Close

An Expedition into the Jungle

යුරෝපීය ආණ්ඩුක්‍රමය කොළඹ දිගු කලක් රඳා පැවතගෙන එන්නේ හරිම අමාරුවෙන්. ලන්දේසීන්ට ස්තූතිවන්ත වෙන්නට ඉදිවූ පළල් මාර්ග සහ වක ගැසුනු ඇළ මාර්ග ඇති, මූදු සුළං කඩා වදින විශාල දැකුම්කලු බංගලාවන්ගෙන් යුත්, ලක්දිව ‘හයිඩ් පාර්ක්’* වූ, කුරුඳු වත්තේ පවා තත්වය එහෙමයි.

වනරොද ගවේෂණය

ගෙදර භාරදී යන්නට, දන්නා කවුරුහරි සිටින්නට තරම් වාසනාවන්ත වුවහොත් ඔහු සත්‍යවශයෙන්ම කඳුකරයට යනු ඇති. ගෙදර කවුරු හරි නොහිටියොත් අනිවාර්යයෙන්ම ඔහුට සැලවේවි ගෙදර බඩු තොග ගණනින් මංකොල්ලකා ඇතිබව. ගෙදර කට්ටිය නිදා හිටියෝතින් දවාලක වුනත් මේ හොරු, තමන්ට හිත ගිය කෑම කන මේසය පවා හොරෙන් උස්සාගෙන යන්නට තම වෘත්තියේ බොහොම දක්ශයන්. සිංහලයන් ඇත්තටම එහෙමයි.

දිනෙන් දින සින්තියා සුදුමැලි පැහැයට හැරවෙන්නට පටන් ගත්තේ ඇයට ශීත දේශගුණයක වෙනස්කම අවැසි වූ නිසයි. දැන් එය සිදු වන්නට කාලය එළබී ඇත්තේ වැවිලි කටයුතු සඳහා ඔවුන් භූමි අභ්‍යන්තරයෙන් ඉඩමක් මිලදී අරගෙන ඇති නිසයි. මේ ඉඩම් ගණුදෙනු වලට මැදිහත් වුනු සිංහල පුද්ගලයා ගැන සින්තියා එතරම් තෘප්තිමත් වුනේ නැහැ. “රටේ සිරිත්” මොක වුනත් සින්තියා අදහස් කළේ තමන් විසින්ම ගොස් එයට මැදිහත් වීම ප්‍රායෝගික සහ ප්‍රීතිමත් අත්දැකීමක් වනු ඇතැයි කියායි.

බොහීමියානු අහිගුන්ඨිකයාගේ අනාගත වාක්‍යය සපිරීම සඳහා

“ඒක කරන්න බැරි දෙයක්! කාන්තාවකට කොහොමත් ඒක කරන්න බැරි දෙයක්!” ඇගේ අදහසට පිළිතුර වුනා. හරියට ඒ වගේ වචනයක් ඇගේ වාග්මාලාවේ තිබුනා වගේ! කෙසේවෙතත් නීතිප්‍රකාරව ඇගේ රෙගුලාසියටම තමයි වැඩේ වුනේ. සියලු ගතානුගතිකත්වයන්ගෙන් මිදී සියලු සභ්‍යත්වයන්ගෙන් මිදී වනයේ ගතකරන්නට බලාපොරොත්තු වූ කාලය ඇගේ තුරුණු දිවියේ දඩබ්බර සිහිනයන් (ඉන් එකක් හෝ) සක්ෂාත් කරගැනීමට තරම් දුර ගොස් ඇතිබවක් පෙනෙන්නට තිබුනා. ඇරත්, බොහීමියානු අහිගුන්ඨිකයෙකු වරක් ඇය “අහිගුන්ඨිකයෙකු මෙන්” දුර ඈත රටවල් කරා, ගැඹුරු සාගරය හරහා සංචාරය කරන බව පවසා තිබුණේ නැද්ද? ඇගේ මිතුරියක වූ ඔස්ට්‍රියානු ආදිපාදවරියගේ මාළිගාවේදි දිනක ඇගේ හදවත මෙම අදහසට බැඳුනු ආකාරය ඇයට සිහිපත් වුනා. නමුත් එය කළ හැක්කක්ද? එවකදි ඇය එය විශ්වාස කලේ නැහැ. ඒ අනාවැකිය සැබවින්ම ලංකාවේදී සැබෑ වේවිද?

Colombo - Kandy Line
Colombo – Kandy Railway Line and Train photographed by Skeen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

අහිගුන්ඨික ගමන

කොළඹ සිට ඔවුන් උදේ පාන්දර කෝච්චියෙන් පොල්ගහවෙල බලා ගමන් කළ යුතුව තිබුණා. ඉන්දියානු කෝකියා සමඟ ඉඳුම් හිටුම් කළමනා රාශියක්, ඉවුම් පිහුම් උපකරණ, “බාස් සහ බර්ගන්ඩි” වයින් බෝතල ගමනට එකතු වුනා. පොල්ගහවෙලදී ඔවුන්ට වතු අධිකාරී සමඟ පිදුරු හෙවිලි කල යුගල් ගොන් කරත්තයක් සහ කුලීකරුවන් කිහිපදෙනෙක් හමුවනු ඇත. යන දවස එළඹුනා. පෙරයම් කාලයේ වුනත් රස්නේ බොහොමයි. එල්ලා වැටෙන තුරු මුදුන් සහ උණ ගස් ඇති ගංගා හැරෙන්නට රටේ අනෙකුත් දේවල් උනන්දුවක් ඇති කලේ නැහැ. ඔවුන් බොහොම සතුටුවුනා පොල්ගහවෙලට ආවයි කිව්වම. වතු අධිකාරි මහත්තයා ඇවිත් හිටියා. වෙල්ලාල කුලයේ දැන උගෙනගත් මිනිහෙක්. ඔහුත් එක්ක කරත්තයකුයි කුලීකරුවන් පිරිසකුයි සියඹලා ගස් හෙවනේ රැඳි සිටියා.

Bullock Cart and Driver
Bullock Cart and Driver [Image Courtesy: http://lankapura.com ]

ඔහුගේ පෙනුම ප්‍රිය මනාම ස්වරූපයක් දැරුවත් ඔහුගේ නොණ්ඩි බව හන්දා සින්තියාට නම් ඔහුව ඇල්ලුවේ නෑ. මේ නොණ්ඩිය ගැන ඔහුට කියන්න කතාවකුත් තිබුනා. කුලිකරුවන්, කෝකියා, ඇසිරූ බඩුමුට්ටු ගලවන්නට සිටි කට්ටිය, අහිගුන්ඨික තාලෙට, උයන පිහින උපකරණ කරත්තය පිටුපස එල්ලාගනිමින් ගමනට සූදානම් වන අතරවාරේ ඔහු මේ කතාව පැවසුවා. කතාව නම් බොහොම දිගයි. කතාව කියන්නාගේ කීර්ති වරුණාව තමයි වැඩි කොටසක්ම පෙන්නුම් වුනේ. කතාවේ වීරයා, තමන්ගේ ස්වාමියාගේ දේපොළ ආරක්ෂා කරගන්නට නිර්භීත උත්සහයන් දැරූ ඔහු, රෞද්‍ර වල් ඌරෙකුගේ දරුණු ප්‍රහාරයකට ගොදුරු වෙනවා. ඒ නිසා තමයි මේ කොරය ඇවිත් තියෙන්නේ. ඉතින් මේ තත්වය හන්දා ඔහුව වැඩ වලින් නිදහස් වෙන එක මෙහෙ ස්වභාවිකයි. ඇවිදින කරන වැඩ වලින් වගේ. ඒ නිසා අනෙකුත් අය මහන්සි අරින්නත් තම වාරය එනතුරු සිටින විට, ජාකෝලිස් කරත්තය පිටිපස තම ආසනයට වෙලා හරි සනීපෙට හිටියා. පහළම පන්තියේ යුරෝපීයයෙකුටවත් නොලැබෙන ආකාරෙකට ස්වදේශිකයෙකුට බොහොම සැප පහසු ආකාරෙකට තම ජීවිතය හැඩගස්සා ගන්නට ලැබෙන එක හරිම පුදුම සහගතයි. ස්වභාවධර්මයේ අනුකම්පා සහගත අනුපූරණ න්‍යාය ධර්මයන්.

Tamil Canganam and Family
Tamil Canganam and Family photographed by Scowen & Co. [Image Courtesy: http://www.imagesofceylon.com ]

* : හයිඩ් පාර්ක් එංගලන්තයේ මධ්‍යම ලන්ඩනේ විශාලතම රාජකීය උද්‍යානයකි.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 08

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 08


It is very trying to a European constitution to live long in Colombo, even in the Cinnamon Gardens, the Hyde Park of Ceylon, where the roads are broad and the large winding lake, thanks to the Dutch, permits the sea breeze beyond to enter the spacious and picturesque bungalows. One may go to the hills truly, if one be fortunate enough to know somebody to leave in charge of the home, otherwise one is sure to be apprised of burglary, on a wholesale scale, for they who, at midday, when the family are taking their siesta, can make off with a dining-table which took their fancy must be experts in the profession, as indeed the Sinhalese are.

Cynthia became more and more anaemic every day. Nothing for it but a change to a cooler climate. Now it happened they had recently purchased a tract of land in the interior, for the purpose of planting. The accounts rendered by the man in charge—a Sinhalese—didn’t appear to Cynthia very satisfactory, taking into consideration customs of the country notwithstanding. Meditating, she thought how practical as well as delightful it would be to go themselves.

“Impossible! for a lady, at any rate,” was the reply to her suggestion. As if there were such a word in her vocabulary! As was the rule, however, she had her way. The anticipation of a time spent in the jungle away from all conventionality, all civilisation in fact, seemed to go far towards realising the wild dreams (or one of them) of her youth. Besides, had not a Bohemian gipsy once told her that she would travel “like the gipsy,” in a far distant land, across the deep ocean? She recollected how her heart had bounded at the idea that day in the castle of her friend—the Austrian Countess. But—was it possible? She had been incredulous then. Was the prophecy indeed to be fulfilled in Ceylon?

From Colombo they were to travel by the early morning train to Polghawehlaya ; the Indian cook with a goodly store of provisions, cooking utensils, Bass and Burgundy, accompanying. There they would be met by the superintendent of the estate with a cadjan covered double bullock cart, and a couple of coolies. When the day came the heat was intense, notwithstanding the early hour. The country, excepting for the rivers, with their drooping willows and feathery bamboos, was flat and uninteresting. They were glad when they reached Polghawelahaya, Here was the superintendent, a well-groomed man of Vellalah caste, with the cart and coolies awaiting under the shade of the tamarinds.

Cynthia was not prepossessed, spite of the man’s appearance, which was everything that could be desired, save that he limped. Concerning this limp he had a tale to tell, which he forthwith commenced, while coolies, cook, all the rest worked away at unpacking, suspending the cooking utensils outside the cart, gipsy-fashion, and getting ready for travelling. The tale was lengthy, and reflected great credit on the narrator, the hero, in fact, who in his courageous endeavours to save his master’s property had been savagely gored by a ferocious wild boar. Hence his lameness. Naturally this exempted him from work; likewise from walking; so that while the others took turns to rest, Jacobis retained his seat at the back of the cart in a state of supreme ease. It is marvellous how comfortable a native can make himself under conditions which to a European of the lowest class would be unendurable: Nature’s merciful law of compensation.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 19

%d bloggers like this: