Menu Close

227. ගැයෙත මේ ගී

මන්ද අඳුරට තනිය රැකගෙන ගිතෙල් පහනක් හිනාවේ
බැන්ද කෙහෙරොද හිසේ මුදුනට සිහිල් සුළඟට පිනාවේ
අන්ධ වී උන්නාද සිතුමෙක දෑස සැලෙනා නුරාවේ
සින්ද සළුවෙක වහංවී ඉඳ සිතර තිසරුන් මුලාවේ

නෙළුම පෙතිමත තුෂර ඉසිලන සුරත් බැඳ බඳ වෙලෙන්නේ
පෙළුම නොපෙලෙත ගැයුම අමයුරු තරුත් විඳ වැද දිලෙන්නේ
සැළුම මී පැණි තුඩ’ග බඹරිදු විලත් සොඳ සඳ පිරෙන්නේ
කැළුම තබමින පෙමක මතකය පෙලත් රතු රත ලෙසින්නේ

~~~ මන්ජි

%d bloggers like this: