Menu Close

226. මගේ ප්‍රේමිය !

මගේ කුරුළු ආත්මය
වේදනාවෙන් මිරිකී ඇත,
සොයාගත නොහැකිව
සාමය නැමති ගොඩබිම…
කුමක් කරන්නද – කියා කියනු මැන මම  !

වරක් හෝ මට දිස්ව ,
මුසාවක් වුවද මට
ලබාදෙනු මැන, බලාපොරොත්තුව !
කුමක් කරන්නද – කියා කියනු මැන මම  !

රාන්ජන්ගේ මිතුර,
මගේ ඇමතුම ඇසෙවිද?
මට ඇති එකම පිහිට
නුඹ – පමණි මගේ මග

උන්මන්තක මිතුර,
නුඹේ දෛවය සීමා රහිතය.
දෙවියන්ට පමණක්ය
රැකබලාගත හැක්කේ අපව.
නුඹ – පමණි මගේ මග

ආගාමික අනාථයෙකි මමද,
මලක සිටිනා
සමනළයෙකු මෙන්..
වරෙක රැඳී සිට
මොහොතින් ඉගිලී යන…

මාවත මමය සොයමින් පවතින,
ස්වර්ගයට දිවෙන…..
ඔබ හැරෙන විටම
මමද ඒ අතටම හැරෙන ,

ඔබේ රැකවලකු වනු අවැසිය,
තියුණු අවියෙන් මගේ ඇදකුද
කපාගනු අවැසිය ,
වටිනා කෙනෙකු වනු අවැසිය !
කුමක් කරන්නද – කියා කියනු මැන මම  !

ආගන්තුකයින් දෙදෙනෙකු
පෙම්වතුන් වූ දිනෙක,
සියලු හුදකලාවන් – පමා වී යනු ඇත..
නැවත පෙමෙන් වෙලෙන්නට
පතන්නේ මම කුමටද?

හදවත මගේ සොයයි නිදහසට කරුණු 
– ප්‍රේමය ලංකර නොගන්නට ,
නමුදු මේ සිරුර
තේරුම් නොගයි ඒ බැඳුම…
මුණගැසුන හෙයින් නුඹ
මම මා හටම කැරලිගැසිය යුතුමය…

අග්නිය රැඳී පවතියි මා තුලම
පැමිණ උරගා බලනු මැන,
මම නුඹට මා
පුදකර අවසානය..

මගේ ප්‍රේමිය!

ප.ලි. :  
මේ ගීතය පළවෙනියට ඇහෙනකොටම ( ඒ කියන්නේ මියුසික් එක පටන්ගන්න මොහොතේම) මගේ හිත බැඳගත්ත ගීතයක්. ඒකෙ තිබ්බ වචන බර වැඩි නිසා මට එකපාරටම තේරුනේ නැහැ අර්ථය. ඒ උනාට සින්දුව පුරාම මහා වේදනාවක් තිබ්බ නිසා මම වචනෙන් වචනේ තේරුම හොයමින් වෙහෙසිලා බලනකොට ඒ සින්දුවේ මම හිතපු තේරුමට වඩා වේදනාවක් මිරිකිලා කියල වැටහුනා. මගේ ප්‍රියතම ගීතයක්!

මේක මම තව කෙනෙක්ට අහන්න දුන්නා; එකම රසයක් තියෙන වර්ගයේ. ඒ පුද්ගලයා ඒ වෙනකොට මේකේ ඝෝෂාකාරී වර්ෂන් එක අහලා තිබ්බ නිසා වෙන්න ඇති මට තරම් ඌය්යා වෙලා තිබ්බේ නැහැ.

මේ ගීතයේ අර්ථය මාව රිද්දනවා. ලස්සන පදවැලක් නිසා ටිකක් මහන්සිවෙලා අනුවර්තන කරන්න හිතුනා.

ප.ප.ලි: 
චිත්‍රපටය ගැන කිව්වොත්, එකම කතාවක්, ඒ උනාට කතා දෙකක්. සිනමාපටයේ කතාව ඉවරයි. අනෙක් කතාව තාමත් තියෙනවා. කතා දෙකේදීම පෙම්වතා සැබෑවටම ආදරේ කරනවා ඒ තරුණියට. කතා දෙකේදීම තරුණියට එය ලබාගන්න බැරි වෙනවා. එකම සිද්ධි වෙනවා එකම විදියට, එක එක කාලවල්වල ; එක එක තැන්වල.

ආදරවන්තයින් වෙන් වෙනවා කියන්නේ බොරුවට! එයාලාට වෙන්වෙන්න බැහැ…

~~~ මන්ජි

%d bloggers like this: