


24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උතුරු ඇමරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හිදී මහත් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. රටවල් 153ක 45000 කට අධික බාලදක්ෂයන් සහභාගී වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර ශ්‍රී ලංකාවේ සහභාගීත්වය 125 දෙනෙකි.24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවයි. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය මහත් අභිමානවත් අන්දමින් සිදු වූ අතර විවිධ රටවල සංස්කෘතික අංග රැසකින් උත්සවය වර්ණවත් විය.සංස්කෘතිය යනු යම් රටක ජාතියක් හෝ ජන කොට්ඨාසයක පිළිගත් සම්ප්‍රදායන්, වටිනාකම් සහ අගනාකම් සමස්තයයි. එම නිසා සෑම රටකටම සංස්කෘතියක් උරුම වී ඇත.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නැරඹීමට ලෝකයේ බොහෝ රටවලින් පැමිණි අතර ලැබී තිබුණේ ඉහළ පිළිගැනීමකි. ලෝක බාලදක්ෂ සමුළුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඉහළ දායකත්වයක් ලැබෙනු ඇත. විදේශීකයන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රීලංකාවේ සෞම්‍ය පරිසරයටත් සිලෝන් ටී වලටත් ඔවුන් බොහෝ සෙයින් ප්‍රියකරන බවයි. එබැවින් තම රටේ ඉතිහාසය, සංස්කෘතිය ලෝකය හමුවේ ජාත්‍යන්තර මහා සංස්කෘතික දිනයේ දී මැනවින් ඔප් නැංවීම ශ්‍රී ලංකා බාලදක්ෂයින් කටයුතු කළ ආකාරය සුවිශේෂි වෙයි.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණය කොට ඒවා ද රසවත්ව ඉංග්‍රීසි පරිවර්තන සහිතව විදේශිකයන් වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු සංවිධානය කර ඇත.මෙවර පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතා පවසා සිටියේ මෙය ශ්‍රී ලංකා බාලදක්ෂයන්ට සුවිශේෂී අවස්ථාවක් බවත් එසේම සියලු බාලදක්ෂ ක්‍රියාකාරකම් වලට හොදින් මුහුණ දෙන බවත්ය.
24th WSJ Official Song – https://youtu.be/IfSQ5LJSyQk
24th World Scout Jamboree – 2019 – https://youtu.be/6tKByIsq1R8
Closing Ceremony of 24th World Scout Jamboree – https://youtu.be/0RsMnoEIOPk
24th World Scout Jamboree Official Song – Highlights – https://youtu.be/D_VE-CULo8I
Next Video soon – Our Scouts are meeting with Scouts from around World taking part in activities together. – https://youtu.be/DghGRu2KIuw
#ScoutJamboree Cultural Day Celebration where #Scouts showed their force behind international unity and understanding.