Menu Close

බෙලිඅත්ත මාතර කෝච්චි ගමන

කෝච්චි පාරවල් වලට අලුතින් එකතු වුනු පාර තමයි බෙලිඅත්ත මාතර කෝච්චි පාර. මේක ඉස්සර ආර් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කාලේ ඉදලා රජය සැලසුම ්කරපු දෙයක්. ඒත් සැබෑවක් බවට පත් වුනේ පසුගිය මහින්ද රාජපක්ෂ මහතතයාගේ කාලේ. ව්‍යාපෘතියේ ගුණදොස් සහ ණය ගැන කතාකරන එක පැත්තකින් තියාල අපි බලමු එකේ ගමන ගැන.

උඩින් යටින් ගිය පාර

මාතර ඉදන් බෙලිඅත්තට යද්දි ඇත්තටම කදු කර පරිසයක් හම්බ වෙනවා. ලෑනඩ් එක ෆ්ලැට් වුනානම් ලේසියි. ඒත් අවාසනාවකට ලෑන්ඩ් එකේ කදු තියෙනවා බෑවුම් තියෙනවා ඉතින් අමාරුයි ඒ නිසා කදුඋඩින් පාර හදන්න. වැහි කාලෙට දෙගොඩතලා ගලන පහත් බිම් උඩින්කෝච්චි පාර යද්දි උස පාලම් දාලා තියෙනවා. නිල්වලා නිම්නය කියන්නේ ගංවතුර කාලෙට සෙතපෝච්චි වෙන පලාතක්. ඉතින් ඒ පැත්තේ යට වෙන පලාත් උඩින් නිකම්ම කෝච්චි පාර එලුවා නම් වැහි කාලෙට බෝට්ටු වලින් තමයි කෝච්චි පාර බලන්න යන්න වෙන්නේ. දැන් හදාපු විදියට නම් වැහිපිට වැහි වැහැලා ගැලුවත් කෝච්චි පාරෙන් ගංවතුර ආදාර ගෙනියන්න හැකියාව තියෙනවා.

මතක විදිහට වෙහෙරහේන කැකණදුර මාර්ගයේ හම්බෙනවා දිග බිංගෙයක්. ඒ බිංගේ තුලින් යද්දි නුවර බිංගෙවල් වගේ ගල් නෙමෙයි. වටේම කොන්ක්‍රිට් දාල තියෙනවා කියලා පේනවා. ඒ වගේම පාරේ ගොඩක් තැන්වල එක්කෝ පාලම් නැතිනම් හොදට පුරවාපු බෑවුම් තියෙනවා. මේ තියෙන අපූරු තත්වය නිසාම අලුත් කෝ්චචි පාර ලංකාවෙ අනෙක් පාර වල නැති කික් එකක් තියෙනවා. පාරේ යද්දි පොලවට වඩා සෑහෙන උඩින් යන ෆීලින් එකක් තියෙන නිසා ටික්ක ඈථට භූමි දර්ශන ගෙවල්දොරවල් ගම් බිම් වතුපිට ආදිය පේනවා.

බෙලිඅත්ත සිට මාතර

පාන්දරම බෙලිඅත්තෙන් කෝච්චි පටන් ගන්නවා. ඒත් දොලහකුත් ගාන්ට පටන් ගන්නකෝච්චියක් එනෝ ඒක මාතරට විතරයි. අපි ඒකේ තමයි ආවේ. කෝච්චිය පරණ ජාතියේ රතු එකක් ලංකාවේ දි අලුතින් අලුත් වැඩියා කරලා තිබුනා. අලුත් වැඩියා කරපු නිසා අලුත් කෝච්චියක් වගේ ිපරිසිදුවට තිබුනා. බෙලිඅත්ත කඩේ ඉදලා මාතර එන උදවියට තව කෝච්චි ටිකක් තිබුනා නම් වටිනවා. ඒත් ඉතින් මහා දිගකෝච්චි මුගුරු වල යන්න සේනාව නැහැ. බෙල්අත්ත මාතරට වගේම ලංකාවේ අනෙක් පොලොන්නරුව, අනුරාධපුරය, තලේමන්නාරම, කැළණිවැලි පාර, උඩරට මාර්ගේ කෙළවර වගේ පැතිවලටත් පෙට්ටි දෙක තුනක පොඩි සෙට් ටිකක් ගෙනල්ලා දානවා නම් වටිනවා. මොකද මේ පාරවල මිනිස්සු ටිකදෙනෙක් ඉන්නවා ඒ අයට කෝචිචියක් තිබුනා නම් පෑ දෙකකට සැරයක් වත් බොහොම වටිනවා. අර රේල් බස් තිබුනත් ඒවා හරිම ප්‍රාථමිකයි. ගැස්සෙන්න ගත්තාම අක්මාව, කුඩා ප්‍රාචීරය, මහා ප්‍රාචීරය, පිත්තාශය වගේ ඉන්ද්‍රිය ඇගේ තියෙනවා කියලා අපිට වැටහෙන්න ගන්නවා.

අලුත් දුම්රිය මග සහ දුම්රිය ස්ථාන

දැන් හදලා මාස ගානක් ගියත් තාමත් සිල්පර සිමෙන්ති පාටට පීලි හොද පාටට තියෙනවා. ඒ වගේම බෙලිඅත්ත, බඹරැන්ද, කැකණදුර දුම්රිය ස්ථානවල තියෙන ස්ටනින් පෙනුමට ඉතින් කොටුව මරදාන වගේ සුද්දාගේ පරණ ස්ටේශන් පරාදයි. දැන් නම් ලංකාවේ හොදම දුම්රිය ස්ථාන විදියට මේ චිනාගේ මොඩලෙට හදාපු කැකණදුර, බඹරැන්ද බෙලිඅත්ත වගේ දුම්රිය ස්ථාන ගන්න පුලුවනි. හරිම ලස්සනට ගොඩක් පිරිසකට ඉන්න පුලුවන් විදියට හදලා තියෙන මේ දුම්රිය ස්ථාන විදියට අඩුගානේ බම්බා, කොල්ලුපිටිය වගේ දවසකට විශාල පිරිසක් සේවා සලසාගන්න දුම්රිය ස්ථාන ටිකවත් හැදෙනවා නම් ලොකු දෙයක් ඉතින්.

දුම්රිය සහ ආදායම

දුම්රිය අපි දන්න කියන කාලේ ඉදලා පාඩුයි. ලංකාවේ දුම්රිය වල ගාස්තු යන්නේ ෆ්ලැට් රේට් එකකට. ඒ කියන්නේ කොයි දුම්රියත් එක ගනන්. කොළඹ ඉදන් මාතරට පෑ තුනෙන් යන රුහුණු කුමාරියත්, පෑ පහකින් විතර යන ස්ලෝම එකෙත් එකම ටිකට් ගාන තමයි අය කෙරෙනනේ. එතකොට ප්‍රෙයා්රිටි දීගෙන ඉක්මනින් ගියා කියලා ලොකු ආදායමක් රුහුණු කුමාරියෙන් දුම්රියට ලැබෙන් නැහැ. ඉතින් වේගෙන් යනවා නම් හොදට සැප පාසුවට සීටුත් දෙන්න හැකිනම් ගාස්තු ටිකක් වැඩිවුනත් යන්න මිනිස්සු ඉන්නවා.

දුම්රිය දෙපාර්ථමේන්තුව තියෙන්නේ පින් සීසන් වලට රජයේ සේවකයෝ ටිකයි කොළඹ වැඩකරන කන්තෝරු ජනතාව ටිකයි ට්‍රාන්ස්පෝට් කරන්න කියලා සමහර උදවිය හිතනවා. ඉතින් දැනට තියෙන සීසන් ක්‍රමයත් එක්ක අලුතින්කෝච්චි සියක් පාරවල් වලට දැම්මත් ඒවා පිරෙනවා ඒත් ඒකෙන් ආදායමක් එන්නේ නැහැ. අලුතින් බෙලිඅත්ත පාර හදන්න කෝටි ගානක් මුදල් වැයවෙන්න ඇති. ඒ සල්ලි අපිට කවදා හොයාගන්න හැකිවේද?

%d bloggers like this: