Menu Close

296. තෙලිතුඩෙන් ලියැවුණු කවිය සහ පන්හිඳෙන් ඇඳි සිතුවම…

මගේ සිත්තරා ඇඳි සිත්තමකි 🙂
සිලි සිලි නදින් කොඳුරමින් නැලැවෙන
තුරු හිස් පිස හමා එන මඳ පවනැල්ල
හරිත පැහැ මුසු සිහිල් ගොම්මනේ
හෙමි හෙමින් ඇද හැලෙන මල් වැස්ස
සියොත් ගී රාවයෙන් කුල්මත්ව හිනැහෙන
කැලෑ මල් සුවඳින් පිරී ගිය වන ලැහැබ
ගලින් ගලට ඇද හැලෙමින් මුමුණමින්
පෙණ සිනහා නගමින් ගලා බසිනා සීත දිය දහර
වැහි බිඳු රැඳුනු සියපත් සුපිපුණු 
විල් තෙර අද්දර විසල් තුරු සෙවණෙක
ළන්තෑරුම් එළියක උණුහුම ගැල්වුණු
ගෙපැලක පිළ මත හිඳ
මේ සොඳුරු වසන්ත සිහිනය
සිතුවමට නගනා සිත්තරා කවුරුන්ද…



%d bloggers like this: