Menu Close

225. තොටියෙකුට බිරිඳව

කෑල තුරු අග මුමුණ මුමුණා – රහස් කියනා බඹරුනේ
දෑල ගඟ ; ගං දෙපස රඳනා – පහස් සොයනා විලසිනේ
සේල මුදමින කොඳුර කොඳුරා – දෑස් පෙළනා කිඳුරණේ
ආල තෙදිනා වරණ වරණා – දුරස් වී හිඳ ඉනු මැනේ

සලිත ගත මත ඉසෙන දියවර – නොවේ මා සිහි කරන්නේ
කලත ගඟ දිය ගැයෙන අමයුර – මැවේ පෙම් ගී ඉතින්නේ
මලිත ගිරවුනි ගයන සුමධුර – ගැයුම මා ගැන කරන්නේ
සුරත මා තුරුලටම ඉඳුවර – කියුම වෙද නොව වටින්නේ?

~~~ මන්ජි
%d bloggers like this: