Menu Close

115. ක්ෂේම භූමියක්




එකම එක මොහොතකට ක්ෂේම භූමියක නවාතැන් ගනිමුද….. ?

අපි හැමෝටම ජීවිතයේ අවශ්‍ය වන එක දෙයක් තියනවා…ඒ තමා place of peace කියන තැන…මට ඒකට දෙන්න පුලුවන් සරලම වචනය ක්ෂේම භූමියක් කියන එක….
.
මෙන්න මේ තැන අපිට අවශ්‍ය වෙන්නේ ….අපි ජීවත් වෙන ආතතීන්ගෙන් බහුල ජීවිතේ ට සැනසුමක් සැහල්ලුවක් වෙන්නයි….අපි දවස පුරාම අනේක විධ වැඩ රාජකාරි වලට අපේ කාලය, ශක්තිය සහ අවධානය කැප කරල හෙම්බත් වෙලා ඉන්නෙ….
.
අන්න ඒ වෙලාවට නවාතැන් ලන්නට අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ වගෙ තැනක්….ඒක බොහොම සරල සුන්දර තැනක් කරගන්න එක තමන්ට භාරයි…
.
සමහරක් විට ඒ කියන තැන ඔබේම කාමරයේ නිහඬ තැනක් වෙන්න පුලුවන් …හොඳට බිමට කුෂන් දෙක තුනක් දාල පහසුවෙන් ඉන්න තැනක්…ලස්සන ට මල් ටිකක් දාපු මල් වාස් එකක්…එහෙම නැත්නම් මම තාම හීන දකින අන්දමේ සමර් හට් එකක්….මිදුලෙ කොණක…(මට මදුරු ප්‍රශ්නෙ නිසයි ඒක තාම හදාගන්න බැරි උනෙ…)
.
අන්න ඒ වගෙ තැනක ඔබට ඔබේ මනස යළි සකසා ගන්න ..reboost කරගන්න හැකි අන්දමට සකස් කරගන්න ඕන…එතැන ඉඳන් සිංදුවක් අහන්න….ආසම කෑමක් කන්න…පොතක් කියවන්න..ආසම කවියක් අලුතින්ම ලියන්න……ලෝකයම මඳකට අමතක කරල ඔබ වෙනුවෙන් ඒ තනාගත් තැන තනිවෙන්න….
.
එහෙම මොකුත්ම නැත්නම් ඇස් දෙක වහගෙන deep breathing ටිකක යෙදෙන්න….ඔබ සන්සුන් වෙන්නෙ හරිම පහසුවෙන්..
.
තමන් වෙනුවෙන් තමන් ට කාලය කැප කරනවා කියන්නෙ අරුමයක් නොවෙයි….ඒක ආත්මාර්ථකාමී දේකුත් නෙවෙයි..
අනෙක් අයට වගෙම ඔබ ඔබටත් කාලය දෙන්න….
.
මෙන්න මේ වදන් පෙල නිවි සැනසිල්ලේ වරක් දෙකක් කියවන්න….
.
Youth is not a time of life…
It is a state of mind
People grow old only by deserting their ideals and by outgrowing the consciousness of youth…
Years wrinkles the skin…
But to give up enthusiasm wrinkles the soul…..
.
You are as old as your doubt, your fear, your despair .

The way to keep young is to keep your faith young.
.
Keep your self – confidence young.
.
Keep your hope young

~~~ L.F.Phelan ~~~

මම

විසිරි සිහින

%d bloggers like this: