Menu Close

295. බලාපොරොත්තුවේ හඬ…



‘ලබ් ඩබ් – ලබ් ඩබ්’
‘ඔහෑ – ඔහෑ – ඔහෑ’
‘ගුඩුස්’
‘හිහිහි හෙහහ්’

‘අම්මම්-මම් මම්’
‘අම්මා’
‘ලන්වන් පාතයි තමනලයා’
‘මම අම්මාට ගොඩාක් ආදරෙයි’

‘අම්මේ අද ටීච මට ගුඩ් බෝයි කිව්වා’
‘හැපි බර්ත්ඩේ අම්මේ’
‘අම්මා කෑවද?’
‘මාත් අම්මාට උදව් වෙන්නං?’

‘අම්මේ මං ආවා’
‘අම්මේ බඩගිනියි’
‘අම්මේ අද ෆීස්?’
‘අම්මේ මං යනවා’

‘හෙලෝ… අම්මේ…’

ඒ සියල් බලාපොරොත්තු මතින්
වැයේ තවමත් ඇගේ හද
‘ලබ් ඩබ් – ලබ් ඩබ්’
නැත
‘මගේ පුතු – මගේ පුතු’
රාවයෙන්………

%d bloggers like this: