Menu Close

උරග බුද්දියට ඉඩ දීම


මිනිස්සුන්ගෙමොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙනියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුටනැති තරම් ලොකුවට මේකමිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට මේ නියෝකෝටෙක්ස් එකහේතු වෙනවා. කියන්නෙ සංගීතය, සාහිත්යය සහ ශිෂ්ටාචාරයගොඩනැගෙන්නෙ මෙන්න මේ නියෝකෝටෙක්ස් එකේරාතිහාර්යෙයන්.
මේකතමයි අපේ නිර්මාණශීලී කොටස. අපිව වානරයාගෙන් සුපිරි මානවයා දක්වා පරිවර්තනය කරන කොටස. අපේඅනාගතය නිර්මාණය කරන කොටස. ලංකාවවගේ රටක නං අඩුවෙන්මපාවිච්චි වෙන කොටස කියලත්කියන්න පුළුවන්.
ඊට අමතරව මොලේ ඇතුලෙමගුලිගැහිලා තියෙනවා රෙප්ටීලියන් බ්රේන් කියලහඳුන්වන කොටසක්. මේක හයීනාවන්ට මීයන්ටපවා තියෙන කෑල්ලක්. අපේ ආවේගශීලී, යාන්තරිකමය, ඉන්ද්රිය තෘප්තිය මූලිකකොටස් බද්ධ වෙන්නෙ මෙතනට. ජාතිවාදය, ආගම්වාදය, ඇනකොටා ගැනීම් පත්තුවෙන්නෙ මෙතන. අතීතකාමය, ආපස්සට යාම සංඥා වෙන්නෙමෙතන.
මේ රෙප්ටීලියන් බ්රේන් එකහින්ද මිනිස්සු වර්ගයක් විදිහට කාරණා තුනකින් අර්බුදයට යනවා. පලවෙනි එක ගෝතරවාදය. අපේ ගෝතරයට පිටින් එනඑකා හතුරෙක් විදිහට ගැනීම. අයට විරුද්ධවරචන්ඩත්වය මුදාහැරීම. සිංහල බෞද්ද යැයි දැන් ආඩම්බරෙන්කියන ගොඩක් ලක්ෂන. එල්ලූං ගහ  ඕනකියන අයගෙ වගේම පැලෝපීයනාල බුද්දිමතුන්ගේ ලොකුවටම වැඩ කරන්නෙ මේහයිනාවන්ගේ මොලය.
දෙවෙනිඑක තමයි කෙටි කාලීනසිතීම. දුර බලලා පළල්විදිහට කරුණු තේරුම් ගැනීමේ හැකියාවක් මේ උරග බුද්දියටනෑ. වෙනුවට ` වාසි බලාගෙනගන්න තීරණ හින්ද පසුවකෙලවාගැනීමක් තමයි මේ බුද්දියේඋරුමය. කොයිතරම් කරුනු කාරණා දත්ත විදිහට ඔප්පුවුනත් තමන් එල්බගෙන ඉන්නඅදහස උරග බුද්දිමතුන් වෙනස්කරන්නෙ නෑ. ෂාෆි වඳසැත්කම් කළේ නෑ කියලවිද්යාත්මකව ඔප්පු කරත් පිලිගන්න බෑකියලා මොරදෙනවා ඇහෙන්නෙ මේ උරග බුද්දිමහිමය. මේකෙන් වෙන ලොකුම හානියසමාජයේ පුද්ගලික සහ සාමූහික අනාගතයටකෙලවෙන එකයි.
උරගබුද්දිය නිසා ඇතිවෙන තුන්වෙනිලක්ෂනය තමයි තමන් වෙතනැවත හැරී බැලීමේ දැක්මක්අහිමි වීම. තමන්ගේ අදහස්දිහා තාර්කිකව බලන්න බැරි වීම.  ඇකඩමික් ආචාර්ය මහාචාර්යවරුන් පවා මේ උරගබුද්දියේ සීමාවට යටත් වෙනවා. විද්යාව බැහැර කරනවා. නාත දෙයියො වගේ මිත්යාපතුරනවා.
මිනිස්සුමේ උරග බුද්දිය නිසාතමන්ට කෙලවෙන වග අවබෝද කරගත්තා. හින්ද හයිනා චර්යාවන්ගෙන්ගැලවෙන්න නීතිය, දර්ශනය, අධ්යාපනය, විද්යාව, වගේම රාජ්යයන් නිර්මාණය කරගත්තා. මේ හැම දේකම මූලිකඅරමුන වුනේ උරග බුද්දියේබලපෑමෙන් නිදහස් වෙලා නියෝකෝටෙක්ස් එකේරාතිහාර්යයන් අත්විඳිනඑක. යම් පමනකට මේවිදිහට කෙලවාගැනීම අවම කරගන්න පුළුවන්වුනා. ඒත් මේ නිර්මාණයවුනු දේවල්ම නැවත උරග බුද්දියවිසින් අත්පත් කරගන්න පටන් ගත්තා.
මිනිස්සුවර්ගයක් විදිහට මුහුන දෙන දරුණුම තත්වයවෙන්නෙ මේක. අපේම මොලයඇතුලෙ තියෙන මේ අසමතුලිතතාම. වෙනවිදිහකට කිව්වොත් ඉතාමත් නිර්මාණශීලී අදහස් උරග බුද්දිමතුන් අතින්මෙහෙයවන එක. උදා විදිහටලෝකයේ න්යෂ්ටික බලයකියන්නෙ ඉතා දියුණු සොයාගැනීමක්. ඒත් ඒක වඳුරෙකුගේ අතේදීඅන්තිම භයානක ආයුදයක්. වඳ සැත්කම් ගැනපත්තර නිව්ස් එකේ ඉඳන් මහායුද්ද ඇතුලූ මිනිස් වර්ගයාම අතුගෑවී යන තරමෙ දැවැන්තව්යසන සිද්ද වෙන්නවිශාල නියෝකෝටෙක්ස් එකක් සහ ඒකසම්පූර්නයෙන්ම පාලනය කරන්න පුළුවන් තරමෙ උරග බුද්දියක්පැවතීම හේතු වෙනවා.
ආචාර්යමහාචාර්යවරුන් වෙලා දැනුමපවා ඉතාම පටු ගුහාවාසීඅරමුනු වෙනුවෙන් පාවිච්චි වෙන්නෙ මෙන්න මේ නොගැලපෙන ගැලපීමහින්ද.
එක එක පුද්ගලයා ඇතුලෙවගේම සමාජයක් විදිහටත් මේ නියෝකෝටෙක්ස් සහරෙප්ටයිල් බ්රේන් ගැටුමතේරුම් ගන්න පුළුවන්. නිර්මාණශීලීඅදහස්, නිදහස, සමානාත්මතාව වගේ දේවල් යෝජනාකරන සුලූතරයක් පරයා අබසරන දෙසනබහුතරයක නියෝජනය එලියට කියන්නෙ ලංකාව සමස්ත බුද්දියක් විදිහට වැඩ කරන දිශාව. අපි ජාතියක් හැටියටම නියෝකෝටෙක්ස් එකේ හැකියාවන් ඊටසරිලන පරිණත බුද්දියකින් මෙහෙයවන උත්සාහයනට වඩා උරග බුද්දියෙන්මෙහෙයවෙන එකටයි පක්ෂපාත. අපිව පාලනය කරනඒකාධිපතියෙක් ගැන ඉල්ලීම්, කෙටිකතාවක්ලිව්වට හිරේ දාන නීතියකනපිට ගැසීම්, චයිත්ති හදලා රට ගොඩනගනඅනාගත නායකයො බිහිවෙන්නෙ මේ උරග බුද්දියේඋරුමයෙන්.
රෙප්ටයිල්බ්රේන් එකේ බලපෑමෙන්මිනිස්සුන්ට නිදහස් වෙන්න පුළුවන් මාර්ගය කියල යෝජනා වෙන්නෙආදරය. මේ කියන්නෙ නැවතත්මගේ ගෑනි මගේ මිනිහාකියල මරාගෙන මැරෙන උරග සීමාවෙම පවතිනපේරමය නෙමෙයි. වෙනුවට ආදරයේ වර්ග තුනක් ගැනමෙතනදි කතා වෙනවා.
පලවෙනිආදර විදිහ අනෙකාට ආදරය කිරීම. අනෙකාත්තමන් වගේම හැගීම් දැනීම්ඇති මනුස්සයෙක් විදිහට තේරුම් ගැනීම. තමන්ට කෙලවන්න හෝ හතුරුකම් කරන්නඑන දුෂ්ටයෙක් විදිහට දකින දැක්මෙන් බැහැරවීම.
දෙවෙනිආදරය නූපන් පරපුරට ආදරය කිරීම. කියන්නෙ තමන්ගෙන් පස්සෙ පවතින මිනිස්සු ගැනත් හිතලා කටයුතු කිරීම. ගහකොල සතාසීපාවා වගේ ස්වභාවික සම්පත්අනාගතය වෙනුවෙනුත් ඉතිරි කරන ¥රදර්ශීබවකින් වැඩකරන එක.
තුන්වෙනිආදරය සත්යයට ආදරයකිරීම. තමන් පිලිගන්න හෝඑල්බගත් මතය මොකක් වුනත්තාර්කකිව, විද යාත්මකවකරුණු සලකා බලමින් සත්යය තේරුම් ගන්නතියෙන විවෘත මනස. සුගතපාලද සිල්වාකියන විදිහට තමන්ව කනපිට ගහලා බලන්න පුළුවන්හැකියාව.
මෙන්නමේ ආදර පිළිවෙත් තුනවෑයමෙන් පිරීමෙන් උරග බුද්දියේ හූනියමටඅහු නොවී ඉන්න පුළුවන්කියල අදහස් කරනවා.
වයිහියුමිනිටි ඩිස්ට්රොයිඞ් ඉට්සෙල්ෆ් කියන ස්කූල් ඔෆ්ලයිෆ් වීඩියෝවෙ මේ කතාව අහගෙනඉන්න අතරෙ අනිත් පැත්තෙන්යෝජනා වුනා ලෙනාඞ් කොහෙන්ගෙකතාවක්. මං ලෙනාඞ් කොහෙන්ටආස හින්දම ලින්ක් එක ක්ලික් කළා.
නියෝකෝටෙක්ස්එකෙන් ලැබෙන සංගීතමය හැකියාව ආශ්චර්යයක් විදිහට එලියට අරන් එන්න පුළුවන්වුන කෙනෙක් ලෙනාඞ් කොහෙන්. කැනේඩියානු සංගීතඥයෙක් වුනු කොහෙන්ට තියෙන්නෙපුදුම තරම් දැනෙන ගැඹුරුහඩක්. වගේම එයාලියනවා විශ්මිත වචන..
”ඇවිලෙනවයලීනයක් සමග ඔබේ සුන්දරත්වයතෙක් නැටුමෙන් මා රැුගෙන යන්න
වික්ෂිප්තබවතුලින් මා නැවත ආරක්ෂාවෙන්එකලස්වන තුරු නැටුමෙන් මාරැුගෙන යන්න.
ආදරයේකෙලවර දක්වා නැටුමෙන් මා රැුගෙන යන්න..”
ඝාතනකඳවුරුවල මරා දමන්න ගෙනයන අතර වැයෙන සංගීතයගැන කොහෙන් ගායනා කරනවා. ආගම, දේශපාලනය, ආදරය, ආධ්යාත්මය වගේ පැතිරුනු කාරණාගැන රඥාවේස්වරයෙන් ගායනා කරන  කොහෙන්ගේ` ආනුභාවසම්පන්නයි. හින්ද එයාට ස්පාඤ්ඤයේදී රාජකීයගෞරවය පිරිනමනවා. එතනදි කොහේන් කතාවක් කරනවා. උරග මනසෙන් අතිමිදෙන්නපුළුවන් වුනු මිනිහෙකුගෙ පැවැත්මමට කතාව ඇතුලෙන්දැනුනා.
මට මගේ සිංදු වෙනුවෙන්සම්මානයක් ගන්න එක ටිකක්නුහුරුයි, අමුතුයි වගේ. මොකද මංඇත්තටම දන්නෙ නෑ සිංදුකොහෙන් එනවද කියල. එහෙමදන්නවා නං මං නිතරමඑතනට යනවා. හින්ද මේකහරියට මං නොකරපු දේකටසම්මානයක් ගන්නවා වගේ. කොහෙන් නිරංහකාරවකියනවා.
දෙවනුවඑයා ස්පාඤ්ඤ පොලොවට තමන්ගේ රනාමයපලකරනවා. එයාගෙ ගිටාරය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත කොන්ඩෙ වර්ගයේ ගිටාරයක්. ගිටාරය හීලියම්තරම් සැහැල්ලූයි කියල එයා කියනවා. ලීයෙන් දැනුන ජීවමාන සුවඳ එයා මතක්කරනවා. එවන් සුන්දර නාදයන්නිර්මාණය කරන ලී හැදෙනස්පාඤ්ඤ පොලොවට කොහෙන් ආචාර කරනවා.
තුන්වෙනුවඑයා එයාගෙ ගුරුවරයෙක් ගැන මතක් කරනවා. ගෙවල් එහා පැත්තෙ පිට්ටනියටඇවිත් ගිටාර් ගහමින් හිටපු නාඳුනන ස්පාඤ්ඤ තරුණයෙක්. එයා ඉතාමත් ලස්සනටගිටාරය වයනවා. කොහෙන් එයාට කියනවා ඇවිත්තමන්ට වාදනය උගන්නන්න කියල. තරුනයා එනවා. ඇවිත් දවස් කීපයක් කෝඞ්කීපයක් වාදනය කරන්න කියල දෙනවා. ඊටපස්සෙ තරුණයා අතුරුදන් වෙනවා. පස්සෙ කෝල් කරලා බලද්දි තරුණයා සියදිවි නසාගෙන වග කොහෙන් දැනගන්නවා. තරුණයා කවුද, එයා මොනවා කරමින්දහිටියෙ, දිවිනසා ගත්තෙ ඇයි ආදී කිසිදෙයක් කොහෙන් දන්නෙ නෑ. ඒත් තරුණයා කියල දීපු කෝඞ්කීපය පාවිච්චි කරලා තමන්ගේ සිංදුසියල්ලම නිර්මානය වුනු වග කොහෙන්මතක් කරනවා.
එදාස්පාඤ්ඤයෙදි තමන්ට ලැබෙන රාජ් ගෞරවයඑයා තමන්ගේ සංගීතය හා බැඳුනු ස්පාඤ්ඤආත්මයන් එක්ක බෙදාගන්නෙ විදිහට.
උරගබුද්දියෙන් ගැලවෙන්න පුළුවන් වුනු නියෝකෝටෙක්්ස් මානවයෙක්තමන්ගේ  නිර්මාණශීලීදක්ෂතා එක්ක පළල් විදිහටලෝකය නැවත සම්බන්ද කරන්නෙකොහොමද කියන එකට කොහෙන්මේ කරන කතාව මටදැනෙන උදාහරනයක් වුනා. තමන්ගේ ගෝතරය, තමන්ගේ බිම, තමන්ගේ පවුල, තමන්ගේ ජයගරහනගැන උද්දාම වෙන කුඩා වානරමනස් අතර වගේආර්ටිස්ට්ලා බිහිවීම බුදුවරුන් බිහිවෙනවා වගේ දෙයක්.
”ගනුදෙනුකරුවාඔබ නම් මං තරගයෙන්ඉවත් වෙන්නම්
සුවකරන්නාඔබ නම් පෙලෙන්නා මංවිය යුතුයි
ජයගරහනය ඔබේනම් ලැජ්ජාව මගේ විය යුතුයි
ඔබට  ඕනවුනේ අඳුරයි
අපිනිවා දැම්මේ පහනයි…”

%d bloggers like this: