Menu Close

මොළයේ කථන සංඥා ලිඛිත භාෂාවට පරිවර්තනය කිරීම.

මොළයේ කථන සංඥා හුදෙක් ප්‍රස්තාර වලට පමණක් නොව ලිඛිත භාෂාවට පරිවර්තනය කිරීමට ස්නායු විද්‍යාඥයින් මුලික ලෙස සමත් වී ඇතැයි වාර්තා වේ. එනම් කථා කිරීමට නොහැකි රෝගියෙකුට ඔහුට ප්‍රකාශ කිරීමට අවශ්‍ය අදහස් මොළයේ සංඥා ලෙස පිටවන විට ඒවා ලිඛිත වචන ලෙස සටහන් වීම වේ. අවයව චලනය ක්‍රියාරම්භකය සඳහා මොළය යවන ලද සංඥා පටිගත කිරීම පිළිබඳ මෙම ආරම්භක අධ්‍යයනය ඓතිහාසික ජයග‍්‍රහණ වලට මඟ සලසනු ඇත. අංශභාග රෝගීන් සමඟ සන්නිවේදනය වැඩි දියුණු කිරීමේ අරමුණින් Facebook ආයතනය මේ සඳහා අරමුදල් සපයා තිබේ.

බොහෝ සේ ආබාධිතව සිටි සුප්‍රසිද්ධ මහාචාර්ය ස්ටීවන් හෝකින්ට කතා කිරීමට අවශ්‍ය වූ විට, ඔහුගේ කම්මුලේ මාංශ පේශි ඇඹරීමෙන් පාලනය වන සංශ්ලේෂක තිරයකින් අකුරු සහ වචන ඔහු තෝරා ගෙන ලොවම අගය කළ දේශනා සහ ග්‍රන්ථ ඔහු ඉදිරිපත් කළේය.

නමුත් ස්ටීවන් හෝකින්, විශ්ව න්‍යාය විද්‍යාඥයා භාවිතා කළ මෙම ක්‍රියාවලිය ඉතා වේදනාකාරී විය. මේ නිසා රැඩිකල් නව ප්‍රවේශයකින් වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති පුද්ගලයෙකුගේ කථාව ඔවුන්ගේ මොළයෙන් කෙලින්ම උකහා ගැනීමේ නව ක්‍රමය සුවිශේෂී බව වාර්තා වේ. විවිධ රෝගී තත්වයන් නිසා තමා තුල හටගන්නා අදහස් හෝ තම ආදරණියන්ට අනිවාර්යයෙන්ම පැවසිය යුතු පණිවිඩය අංග චලනයෙන්, ලිඛිතව, කතාවෙන් වැනි කිසියම් ක්‍රමයකින් ලබාදිය නොහැකි රෝගීන්ට සහ ඔවුන්ගේ ඉතාමත් සමීප ලබඳියන්ට මෙවැනි තාක්ෂණයක් මානුෂික වශයෙන්ද මිල කළ නොහැකි සහනයක් වේ. 

අථත්ය යතුරු පුවරුවක් පාලනය කිරීම සඳහා අක්ෂි චලනයන් සහ මාංශ පේශි ඇඹරීම් සඳහා පවතින උපාංග භාවිතා කිරීමට වඩා අංශභාග රෝගීන්ට වඩාත් සරල ලෙස සන්නිවේදනය කිරීමට ඉඩ සලසන නිෂ්පාදනයක් නිර්මාණය කිරීමේ අභියෝගය San Francisco (සැන් ෆ්රැන්සිස්කෝ) හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරු භාරගෙන නව තාක්ෂණය නිර්මාණය කර තිබේ.

Nature (නේචර්/ ස්වභාවධර්මය) සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය පිළිබවඳ ස්නායු ශල්‍ය වෛද්‍ය සහ ප්‍රධාන පර්යේෂක Edward Chang (එඩ්වඩ් චැං) “මානව සංවාදයක වේගවත් කාල පරිච්ඡේදය පිළිබඳව අන්තර්ක්‍රියාකාරිත්වයට ඉඩ සලසන කථන කෘත්‍රිම පද්ධතියක් මේ දක්වා නිර්මාණය කර නොමැත.” යයි පවසා තිබේ.

අපස්මාර රෝගීන් තිදෙනෙකු ඔවුන්ගේ ස්නායු ශල්‍යකර්මයන් කිරීමට සූදානම් තත්වයේ සිටි නිසා මෙම අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසී තිබේ. මෙම අධ්‍යනයේ පළමු පියවර ලෙස මෙම රෝගීන් තිදෙනාගේම මොළයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ පැච් (patch) එකක් ස්ථාපිත කර ඇත. එමගින් සතියකට වැඩි කාලයක් ඔවුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ශරිරකව කරන කුඩා භාණ්ඩ ඇල්ලීම සම්බන්ධව මොළයේ සිදුවන මූලාරම්භයන් සිතියම් ගත කිරීම සිදු කර තිබේ.

සාමාන්‍යයෙන් කතා කළ හැකි තත්වයේ වූ මේ රෝගීන් තිදෙනාම ඔවුන් රෝහලේ ගත කළ කාලය තුළ, චැං (Chang ) ගේ පර්යේෂණයට සහභාගී වීමට එකඟ වූහ. මොළයේ ක්‍රියාකාරිත්වය පටිගත කිරීම සඳහා චැං ඉලෙක්ට්‍රෝඩ භාවිතා කළ අතර සෑම රෝගියෙකුගෙන්ම ප්‍රශ්න 9 ක් අසන ලද අතර විභව ප්‍රතිචාර 24 ක ලැයිස්තුවක් කියවන ලෙස ඉල්ලා සිටියේය.

පටිගත කිරීම් දත්ත භාවිතා කරමින් චැං සහ ඔහුගේ කණ්ඩායම පරිගණක ආකෘති ගොඩනඟා, මොළයේ ක්‍රියාකාරිත්වයේ විශේෂිත රටාවන් රෝගීන්ට ඇසූ ප්‍රශ්න හා ඔවුන් කතා කළ පිළිතුරු සමඟ ගැලපීමට ඉගෙන ගත්හ. ඒ අනුව සැකසු මෘදුකාංගයට ක්ෂණිකව පාහේ මොළයේ සංඥා වලින් පමණක්, රෝගියෙකුට ඇසුණු ප්‍රශ්නය සහ ඔවුන් දුන් ප්‍රතිචාරය පිළිවෙලින් 76% සහ 61% ක නිරවද්‍යතාවයකින් හඳුනාගත හැකි වී තිබේ.
කථන වචන සහ වාක්‍ය ඛණ්ඩ හඳුනා ගැනීමට මෙම ප්‍රවේශය භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි. අප මෙය සාක්ෂාත් කරගත්තේ ඉතා සීමිත වචන මාලාවක් භාවිතා කර බව මතක තබා ගැනීම වැදගත්ය. නමුත් අනාගත අධ්‍යයනයන්හි දී නම්‍යශීලී බව මෙන්ම අපට පරිවර්තනය කළ හැකි දේවල නිරවද්‍යතාවය ද වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙමු.”යැයි කණ්ඩායමේ පර්යේෂකයෙකු වන David Moses (ඩේවිඩ් මෝසෙස්) පැවසුවේය.

මූලික වුවත්, පද්ධතිය මඟින් රෝගීන්ට තමන් කැමති සංගීතය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඉඩ ලබා දෙන ලදී. ඔවුන්ට කොතරම් හොඳින් දැනුණාද; ඔවුන්ගේ කාමරය අධික උණුසුම් හෝ සීතල හෝ දීප්තිමත් හෝ අඳුරු වේද; ඔවුන් නැවත පරීක්ෂා කිරීමට කැමතිද. ඒ අතර වේ.
 
නව තාක්ෂණය ආකර්ශනීය වුවත් තව බොහෝ බාධක ජයගත යුතුව තිබේ. එක් අභියෝගයක් වන්නේ මෘදුකාංගය වැඩිදියුණු කිරීමයි, එවිට මොළයේ සංඥා නිදහස් වන විට වඩාත් විස්තරාත්මක කථාවලට පරිවර්තනය කළ හැකිය. මේ සඳහා විශාල කථන භාෂාවක් සහ ඊට අනුරූප මොළයේ සංඥා දත්ත පිළිබඳව පුහුණු කරන ලද ඇල්ගොරිතම අවශ්‍ය වන අතර ඒවා රෝගියාගෙන් රෝගියාට වෙනස් වීමටද හැකිය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යා ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

%d bloggers like this: