Menu Close

දෙව්දත් හසුන

යසෝ,
කරං උඹ හිත ගලක්
පිදුවා ලෙස මලක්
කරන්නට වෙන දෙයක් නැති තැන
මාත් හිත කරගත්තා ගලක්.
කාලයක් ගත වෙද්දි
තනිකමට හුරුවෙද්දි
හිත වුනා මෙලෙක්.

මොකක්දෝ කරුමෙකට
ලෝකයට සැප දෙන්න
උඹෙ හිතට දුක් දෙන්න
උගේ හිත කරගත්තා ගලක්
වුනා උඹ තනි කතක්…
උඹේ ඇස් තෙත්වන තරම්
මට බලාඉන්නට බැරිතරම්
ඉතින් යසෝ,
මම කරගත්තා හිත ගලක්…
ගල්වුනාවූ හිතේ හයියෙන්,
ගල් පෙරලුවා
ගල් ගැසුවා
අලින්ටත් ගල් ගැස්සුවා
ගස්සලා කෙලවන්න ඇරියා….
ගහන තරමට ඌට ගල්
මටමමයි වැදුනේ එක්ක මුල්
ඌට දිගටම සුවඳ මල්
නේක පාටින් දිලෙන මල්……
බොහෝ කල් දැන් ගෙවීලා ඇත
ගලක් වූ හිත මෙලෙක් වී ඇත
ගල් පාරවල් මට වැදුණු තරමට
පත්තියම් වී දැන් මල් මෙන්ය මට….
දැනෙයි යනු මා නිරයට ඇදී
ලොබක් එයි සිත වෙත ඇදී
එනිසා යසෝ ඉවසා දරා
අසා සිටි නම් දැනෙනු ඇත
මම වෙමි දෙව්, සැමදා නුඹේ සිත දත්

%d bloggers like this: