Menu Close

අන්තවාදීන් බිහි වූ ආකාරය



1) ඇමරිකාව ; ඔහු කුඩා කාලයේදීම පියා විසි වසරකට සිරගත විය​. මව ක්‍රැක් කොකේන් වලට ඇබ්බැහිවූ තැනැත්තියෙකි. කුඩා කාලයේ සිටම දෙමාපිය වැඩිහිටි ආදරය අවධානය ලැබුනේ නැත​. ඔහුට උසස් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි විය. තමන් පරාජිතයෙකු බව නිරන්තරයෙන්ම ඔහුට හැඟනි. උස් මහත් වන විට ඔහුගේ ජීවිතයේ අඩුපාඩු සංක්‍රමිකයන් නිසා ඇතිවූ බවට සාවද්‍ය ලෙස ඔහු තේරුම් ගත්තේය​. පසුකාලයක ජාතිවාදී වයිට් සුප්‍රිමිස්ට් අන්තවාදී සංවිධානයක සාමාජිකයෙකු වූ ඔහු සංක්‍රමනිකයන් සිටි පල්ලියකට කඩා වැදී එහි එක් රැස්ව සිටි පිරිසට වෙඩි තැබුවේය​. 

2) අරාබිය ; සාමාන්‍ය පවුලක උපත ලැබූ ඔහුගේ දෙමාපියන් මාධ්‍යම පන්තිකයන් වූහ​. කුඩා කාලයේදී සිට ඉස්ලාම් ආගම ඉගෙන ගැනීම සඳහා ඔහු මුල්ලා කෙනෙකු වෙත යොමු විය​. මෙම මුල්ලා ඉස්ලාම් ආගම නොඅදහන්නන් කෆීර්වරු බවත් කෆීර්වරු මරා දැමීමෙන් ස්වර්ගයට යා හැකි බවත් ඔහුට ඉගැන්වීය​. වයස දහ නවයේදී ඔහු ඉස්ලාම් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන ස්වයංනාශක බෝම්බ කරුවෙකු වී අවන්හලකට වැද බෝම්බය පුපුරුවා ගත්තේය​. 

3) රුසියාව : පියා මධු ලෝලියෙකු විය​. මව කුඩා කාලයේම ඔහුව හැර ගියාය​. ඔහු ඇති දැඩි වූයේ වීදි දරුවෙකු ලෙසටය​. ඔහුගේ කුඩා කාලය කුණාටු වලින් ගහන වූවක් විය​. වයස දහසයේදී ඔහු අන්තවාදී රුසියානු ෆැෂිස්ට් සංවිධානයකට බැඳී මොස්කව් නගරයේදී විදේශිකයන් කිහිප දෙනෙකුට පහර දී මරා දැමුවේය​. 

4) ලංකාව ; ඔහු කුඩා කාලයේදීම මව මැදපෙරදිග ගියාය​. ඉන් පසුව ඇයගෙන් ආරංචියක් ලැබුනේ නැත​. පියා වෙනත් කාන්තාවක් සමග ගියේ ඔහුව මිත්තනිය ලඟ තනි කරමිනි. දිලිඳු මිත්තනිය ඔහුව පන්සලට භාර දුන්නාය​. පන්සලේදී ඔහුව වැඩිහිටි භික්‍ෂූන් අතින් නිබඳවම ලිංගික අපයෝජනයට ලක් විය​. වැඩි වියට පැමිනුනු   පසුකාලයක ඔහු ඉතා ප්‍රචණ්ඩ ගති පැවතුම් ඇති , තමන් ගේ වෛරය සුළු ජාතීන් වෙත  බැර කල භික්‍ෂුවක් බවට පත් විය​. 
%d bloggers like this: