Menu Close

සත්තමයි ! හිත රිදුම් දෙනවා…

මේ ගෙවෙන්නේ ජීවිතයේ අසීරුම කාලයක්.සිතින් සහ ගතින් දෙකෙන්ම අඳුරුම ආගාධෙකට වැටිල ඉන්න මොහොතක්.ළඟින් උන්නු අය , ළඟින් හිටියයි කියල හිතන් උන්නු අය පිටුපාන මොහොතක්.කොටින්ම මිනිස්සු ගැන හරියටම තේරුම් ගනිමින් සිටින කාලයක්.

ඉතින් එහෙම වැටිල ඉන්න වෙලාවක සමහර චූටිම චූටි දේකුත් ඇති ජීවිතේට හිනාවක් සතුටක් එකතු කරන්න.මේ තියෙන්නෙත් එහෙම අවස්ථාවක්.ආයෙමත් මගේ අතින් මේ බ්ලොග් එක අප්ඩේට් නොවේවි කියල හිතන් හිටපු වෙලාවක ඒ තීරණය පවා වෙනස් කරන්න හිතට හිතිච්ච  වෙලාවක්.මේ මම කාලෙකට කලින් බ්ලොග් එකටයි මූණු පොතටයි එක්කහු කරපු කවියක්.ඒ කවිය අද ළයාන්විත ගීතයක් වෙලා….මගේ ආලවන්තකම ගීතය මියුසික් කරපු දීපති මල්ලි මේ කවිය දැකලා ඉල්ලුවා මුල කොටස පොඩ්ඩක් ආයෙත් වෙනස් කරලා ලියල දෙන්න කියලා.ඉතින් එච්චරයි….. මේ තමයි ඒකේ අවසන් ප්‍රථිඵලය.

ඉතින් ඇත්තටම ගොඩාක් ස්තූතියි දීපති මල්ලිටයි සුවිනි නංගිටයි මගේ අද දවස සතුටකින් හිනාවකින් පිරෙව්වට.



%d bloggers like this: