Menu Close

බස් රථයකදී මුණ ගැසුණු ‘සියඹලා හොරා’

(2019 ජූලි 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

ආදරණීය අම්මේ… තාත්තේ… අයියේ… අක්කේ…

බස් රථවල හා දුම්රියවල ගමන් ගන්නා මගීන්ට ඉහත ආමන්ත්‍රණය හුරුපුරුදු ය. උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් විවිධ අරගල, අර්බුද හා ක්‍රියාකාරකම් වෙනුවෙන්කැට හොල්ලමින්සම්මාදමේ යමින් හෝජනතාව දැනුවත් කිරීමසඳහා අත් පත්‍රිකා බෙදමින්, පොදුජනයා අමතමින් හෝ පොදු ප්‍රවාහන සේවාවලට ගොඩවැදී මගීන් ඇමතීම ආරම්භ කරන්නේ ඉහත පද පෙළ පෙරමුණෙහි තබමිනි. විටෙක පොදු මගී ප්‍රවාහන සේවාවල ගමන් ගන්නන්ගේ කරුණාවට ලක්ව ඔවුන් අතැති සොච්චම් මුදලකින් අනුග්‍රහය ලබමින් ද, තවත් විටෙක ඔවුන්ගේ උදහසට පාත්‍ර වෙමින්, ‘ඇනුම් බැණුම්වලින්ප්‍රතිචාර ලබමින් ද ඔවුන්ගේමහජන මුණගැසීම්කෙළවර වනු බොහෝ දෙනෙකු දැක ඇතුවාට සැක නැත.

මට ඉහත යෙදුමට සමාන වදන් පෙළකින් මා ගමන් කළ බස් රථයේ මගීන් අමතන තරුණයකුගේ හඬ කණ වැකුණේ දැනට සතියකට දෙකකට පෙර මහනුවර නගරයේදී ය. මා ගොඩ වැදී සිටි බස් රථය ඒ වන විටත් මහනුවර සිට පේරාදෙණිය දෙසට ධාවනය වීමට සූදානම්ව තිබිණ. තරුණයාගේ මුල් වදන් කිහිපය, බස් රථයේ මධ්‍යයට වන්නට ආසනයකට බරව උන් මගේ අවධානය දිනා නොගත්ත ද ඔහු ඉන්පසුව කී වදන් හේතුවෙන් හිස ඔසවා ඔහු දෙස බැලීමට මා තුළ පෙළඹීමක් ඇති විය.

මගේ අතේ තියෙනව පොතක්. මේක ළමා කතන්දර පොතක්. 2016 කෑගල්ල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවේදි හොඳම ළමා කතන්දර පොත හැටියට සම්මානය දිනුවෙ මේ පොත. පොතේ නමසියඹලා හොරා’. රුපියල් සීයයි වෙන්නෙ. අරගෙන උදව්වක් කරන්න අම්මේ… තාත්තේ… මේ පොත ලිව්වෙ මම!

තළෙළු පැහැ, කෙසඟ තරුණයකු, වෙහෙසකර මුහුණකින් යුක්තව, පොත් මිටියක් අතැතිව, බලාපොරොත්තු සහගත මුහුණින් බස් රථයේ මගීන් දෙස බලමින් කතා කරනු හිස ඔසවා බැලූ මගේ නෙත ගැටිණ. කිසිදු මගියෙකුගේ විශේෂ අවධානයකට ලක් නොවුණු මේසම්මානලාභී ලේඛකයාබස් රථයේ පසුපසට ඇවිද එත්ම, මවෙතින් රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු වෙත දිගු කෙරිණ. පොතක් මා අත තැබූ ඔහු පසුපසට ඉක්මණින් ඇවිද ගියේ ඒ වන විටත් සෙමින් පිටත් වීම අරඹා තිබුණු බස් රථයෙන් බැස ගැනීමේ උනන්දුවෙනි.

බැස ගිය ඔහු නමින් දනිජු ගුණතිලක බව කෘතියේ කවරය මට කියා සිටියේ ය. පිටු 20ක කුඩා ගත, ඉතා සතුටින්, සිය පියා වන, පොල් කඩා ජීවිතය ගැට ගසාගන්නා සයිමන් සහ මව වන ගුණවතී සමග, ජීවිතය ගෙවන ටිකිරි නමැති කුඩා දරුවකුගේ කතා පුවතක් අප වෙත රැගෙන එයි. සයිමන්ගේ හදිසි වියෝව සහ අනතුරුව අසරණ වන ගුණවතී දැඩි ලෙස ඔත්පල වීම හමුවේ දක්ෂ, කාගේත් හිත් දිනූ දරුවකු වන ටිකිරි (මිතුරන්ගේ ආදරයට මිතූ යන ඇමතුම ද ලද)සියඹලාහොරෙන් අහුලා විකුණන්නට තීරණය කිරීම කතාවේ කූට ප්‍රාප්තිය වෙත අප කැඳවා යයි.

දනිජුගේසියඹලා හොරාසම්මාන දිනූ කෘතියක් වුව, නිරතුරුව හමුවන සුලභ ළමා කතා ආකෘතියෙන් වෙනස් වූවක් නොවේ. එහි සරල භාෂා හා ව්‍යාකරණ දෝෂයන් ගණනාවක්ද හඳුනාගත හැකි ය. ඒ එසේ වුව, ලිවීම සඳහා වන උද්යෝගයත්, එය පාඨකයා වෙත ගෙන යාම සඳහා වන කැමැත්තත් දනිජු තුළ ඇත. කෘතියේ වූ අංකයට ඇමතීමෙන්, පසුව ඔහුගෙන් දැනගත් තොරතුරු අනුව, ඔහු මින් පෙර තවත් ළමා කතාවක් ලියා ඇති බවත්, ‘සියඹලා හොරාහි දෙවැනි කොටසමිතූගෙ කතාවනමින් ලියා ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව ඇති බවත් දැනගන්නට ලැබිණ.

මම ඉගෙන ගන්න ගමන් පොත් විකුණනවා. පේරාදෙණියෙ බාහිර උපාධියට ලෑස්ති වෙනවා.දනිජු දුරකථනය හරහා මට කීවේ ය.

දනිජුගේසියඹලා හොරාකෘතියේ කවරය ඔහු විසින්ම අඳින ලද සිත්තමකින් හැඩ වී ඇත. පෙර කවරය ඇතුල් පස ඔහුට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනූ සහතිකයේ සේයාරුවක් ද වෙයි. තමන්ම ලියා, කවරය ඇඳ, සහතිකයේ පිටපතක් කවරයේ ඇතුළත මුද්‍රණය කරගෙන ඇති දනිජුසියඹලා හොරාරුපියල් සියයකට විකුණමින් බසයෙන් බසයට ගොඩ වෙයි. ඒ කෑගල්ලෙන් පැමිණ ය. ඔහුට සහතික පිදූ රාජ්‍යය දනිජු හා ඒ වැනි අනාගත සිහින සහිත තරුණ අංකුර ලේඛක ලේඛිකාවන්ගේ ඉදිරිය ගැන කිසිදු අපේක්ෂාවක් නොදල්වා ඇති නමුත්, කෑගල්ලේ බන්ධනාගාරයේ තවත් ලේඛකයෙක් සිරකොට තබාගෙන නම් සිටියි. ඒ ශක්තික ය!
සිය ළමා කාලයේ අධිකතර දුක් පීඩා විඳි, කළු ඇමරිකානු ලේඛිකාවක, කිවිඳියක හා සිවිල් අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වූ මායා ඇන්ජිලෝ අවසානයේ සිය වසර අසූහයක දිවිය කෙළවර කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළතම ඇගයීම් පණහකට අධික ගනනක් ලබා, දිවියේ කටුක, අරගලකාරී අතීතයන් ඔස්සේ දිවගිය ස්ව-චරිතාපදාන හතක් ලියා තබා, කාව්‍ය එකතූන්, රචනා ග්‍රන්ථ කිහිපයක්ම ලොවට දායාද කොට, සිනමා කෘති, ටෙලිවිෂන නාටක, නාට්‍ය නිෂ්පාදන ගණනාවකට දායකව, ඇමරිකානු අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් ලෙස ද සේවය කොට ය. ඒ සියල්ල අපට හමුවන්නේ ගායිකාවක, නාටිකාංගනාවක, නිළියක ලෙස ඇය දැක්වූ දායකත්වයන්ට අමතරව ය. මෑත දිනක වෙනත් කාව්‍ය එකතුවක් සඳහා ඇන්ජිලෝගේ ජීවන වත කෙටියෙන් ලියමින් සිටියදී ඒ වෙත එබුණු මගේ මිත්‍රයෙක් ඇගේ ලේඛණ දිවියට මුල් පියවර තැබෙන්නට දායකත්වය සැපයූහාලෙම් ලේඛක සංසදය’ (Harlem Writers Guild)  යන නාමය දක්වමින්ලේඛක සංසදයක්….? ඒක මොන වගේ වෙන්න ඇද්ද?’ යනුවෙන් මගෙන් පැනයක් ඇසී ය.

අන්තර්ජාලයට අනුව නම් මෙම ලේඛක සංසදය ඇමරිකා එක්සත් ජනපදයේ පළමුඅප්‍රිකානු – ඇමරිකානුලේඛක සංසඳයයි. 1950 දශකයේ ආරම්භ වන එම සංසඳය ඇන්ජලෝ ඇතුළු, පසුකාලීනව ඇමරිකානු සාහිත්‍යය තුළ ජය කෙහෙළි නැංවූ ලේඛක ලේඛිකාවන් රැසකගේ තිඹිරි ගෙය බවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ හමුවන විවිධ ස්වරූපයේ ලේඛක හා සාහිත සංසද අතරහාලෙම්එක් නාමයක් පමණක් වන අතර සමානව යුරෝපය හා වෙනත් දියුණු සාහිත සමාජයන් හමුවන රාජ්‍යවල ද මෙවැනි සංසඳ හා එකතූන් බහුලව හමුව ඇති බව හා තවමත් හමුවන බව හඳුනාගැනීම අපහසු නැත.

දනිජු අනාගතය ගැන සිතමින්සියඹලා හොරාසමග කෑගල්ලෙන් පිටත්ව බසයෙන් බසයට යන, ශක්තික කෑගල්ලේම බන්ධනාගාරයකලිවීමවරදක් ද යන සැකයෙන් ඇප බලාපොරොත්තුවෙන් මාස ගණනක් බලා සිටින මෙම මොහොතෙහි, ඇන්ජිලෝ පිළිබඳ සටහන ලියන මොහොතේ මගේ කාමර සගයා ඇසූ පැනය එක්ව අසන්නට අවස්ථාවක් බවට පත් කොට ගත හැකි ය.

අපිටත් එහෙම සංසඳ මෙහෙ තියෙනව නම්…. නේ ද?”

දනිජුගේ කෘතිය පරිසමාප්ත කෘතියක් නොවන බව සැබෑ ය. ශක්තික බන්ධනාගාරගත ව සිටීමට නිමිත්ත සැපයූඅන්තර්ජාල කෙටි කතාවේදුර්වලතා පැවතීමට ඉඩ ඇති බව ද සැබෑ ය. එහෙත් ලේඛක සිහින ඇති, ලිවීම වෙනුවෙන් කාලය කැප කරන්නට කැමැත්තක් ඇති තරුණ තරුණියන් කිසිදු රටක තොග ගණනින් හමු නොවන බව වටහාගැනීම අපහසු නැත. කෘතියක ගුණාගුණ විමසන්නට, එය යොමු කළ හැකි මං පෙත් පුළුල් කර දෙන්නට මෙන්ම රාජ්‍ය මැදිහත්වීමක් නොමැති තැන ඔවුනට ශක්තියක් වන්නටත්, රාජ්‍යයේ මර්දනය එල්ල වන විට ඔවුන් රක්ෂා කරන්නට ශක්තිය සැපයීමටත් හැකි ලේඛක එකතුවක අවැසියාව විමසීමට මේ හොඳම මොහොතකි.

නැතිනම්, දනිජු හෙටත්සියඹලා හොරාසමග බසයක මුණගැසෙනු ඇත. ශක්තික කෙනෙකු බන්ධනාගාරයක හෝ වෙනයම් තැනක මර්දන දැලක පැටලෙනු ඇත. ආණ්ඩුසියඹලා නොගෙනෙනම නිසාවැරදිකරුවකු ද හමු නොවනු ඇත!

ප්‍රියන්ත ෆොන්සේකා – 

%d bloggers like this: