
yacht සිංහලෙන් කියන නම මොකක්ද දන්නෙ නෑ..බෝට්ටුවක් යාත්‍රාවක් කියලා කියමුකො. අපේ රටේ නැති උනාට මේවාට හිමිකම් කියන කෝටිපතියෝ ලෝකේ වෙනත් රටවල් වල ඉන්නවනේ. අපි නොදන්නවට මෙහෙත් ඉන්නවද දන්නෙ නෑ ඉතින්. මේකත් ලස්සන නිර්මාණයක්. පාවෙන දූපතක් වගේ යාත්‍රාවක්. මෙහෙම එකක රවුමක් යන්න කවුද අකමැති. ඔව් ඒකට ඉතින් මුදල් යහමින් තියෙන්නත් ඕනේ.
අහම්බෙන් නෙට් එකේ මේ පාවෙන දූපත දැක්කම මට පොඩ්ඩක් ඒ ගැන හොයන්න හිතුනා.
මෙය එක්සත් රාජධානියේ Yacht Island design Ltd නිර්මාණය කල දැවැන්ත සුඛෝපභෝගී යාත්‍රාවක් (මේවයේ සුඛෝපභෝගී නිවසක පවතින අංගෝපාංග තියනවලු )දූපතක් මෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් . මෙය වටිනාකම ගැන නම් සටහනක් තිබුනේ නෑ. මෙහි කුඩා ගිනිකන්දක අනුරුවක් ගලා හැලෙන දිය ඇල්ලක්, කඳු ගැටයකින් ගලා හැලෙනා දිය කඳුරක් සහ නාන තටාකයක් සමග ෆාම් ගස් වලින් සෙවන ලබන උණ බට හට් කීපයකින් සමන්විතයි. එයිට අමතරව මුහුද ආශ්‍රිතව කරන ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මෙහි අභ්‍යන්තරයේ සිනමා ශාලාවක්, පුස්තකාලයක්, ජිම් එකක් සහ හෙලිකොප්ටර් යාත්‍රා අංගනයකින් මෙය සමන්විතයි.
තොරතුරු හා ඡායා රූප අන්තර්ජාලයෙනි