Menu Close

මෙහෙම කවියක් ලිව්වා මතකද?

මම නෙමෙයි නුඹ, එක්තරා දවසක

මෙහෙම කවියක් ලිව්වා මතකද?

“නුඹේ අත ගෙන ඇවිද යනවිට

මිනී මල් උව සුවඳ දෙන වග”

තවත් වමතක ඉඩ හොයාගෙන
ඒ මගම නුඹ ඇවිද යන විට
කුමට විලවුන් සුවඳ ඉසගෙන
ඇයි මිනී මල් සුවඳ නැතුවද?

මෙහෙම කවියක් ලිව්වා මතකද?
මම නෙමෙයි නුඹ, එක්තරා දවසක

“නුඹේ ලඟ වරුවක් ගෙවෙද්දී
පහේ නැතුවත් ජිවිතේ රහ වග”

තවත් වමතක ඉඩ හොයාගෙන
ජිවිතේ වරු ගෙවා යනකොට
කුමට රසමසවුළු සොයා නුඹ
ඇයිද ජිවිතේ මිහිරි නැතුවද?

තවත් නුඹ ලිව් බොහෝ කවි වෙයි
සොඳුර ඒ මගේ මතකයේ වෙයි
විමස විමසා නුඹ ලියු පද
තාම මම මිරිඟුවක තනිවෙයි


%d bloggers like this: