Menu Close

මුහුදු ජලයෙන් හයිඩ්‍රජන් ඉන්ධන

ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් නවතම ක්‍රමවේදයකට අනුව සිදු කරන ලද සොයාගැනිමකි. මුහුදු ජලය, ඉලෙක්ට්‍රෝඩ, හා සුර්ය ශක්තිය භාවිතා කරන පද්ධතියකි.විද්‍යුත් ශක්තිය භාවිතා කරමින් ඔක්සිජන් හා හයිඩ්‍රිජන් වායුන් මුක්ත කර වෙන වෙන රැස් කර ගැනිම මෙහිදි සිදු කෙරේ.
ඇත්ත වශයෙන් මෙය පිරිසිදු ජලය භාවිතා කර හයිඩ්‍රිජන් ඉන්ධන නිෂ්පාදනයට වඩා බොහෝ ලාභදායි වේ.විදුලිය භාවිතා කොට හයිඩ්‍රජන් හා ඔක්සිජන් මෙසේ වෙන් කිරීම විද්‍යුත් විච්ජේදනය නම් වේ.මෙය ශත වර්ෂයක් පමණ පැරණි විද්‍යාත්මක ක්‍රමවේදයකි.මුහුදු ජලය තුල සවි කරන ලද ඉලෙක්ට්‍රෝඩ යුග්මයට විද්‍යුත් ධාරාවක් ලබා දුන් විට කැතෝඩය අසලින් හයිඩ්‍රජන් බුබුළු හා ඇනෝඩය අසලින් ඔක්සිජන් බුබුළු මුක්ත වන බව විද්‍යාඥයින්ට දැන ගන්නට ලැබුණි.පිරිසිදු ජලයේදී මෙය පහසුවෙන් සිදු   කළ හැකි නමුත් මුහුදු ජලයේදි වඩා සංකිර්ණ ක්‍රමවේදයක් සකස් කිරිමට සිදු විය.මක් නිසාද මුහුදු ජලයේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් වලට අමතරව සෝඩියම් හා ක්ලෝරයිඩ් අයන ද පවතින බැවිනි.
ඇනෝඩය ඍණ ආරෝපණයෙන් ආලේප කොට ඇති විට එම ස්ථරයන් ක්ලෝරයිඩ අයන පලවා හරින බව හා  ඉලෙක්ට්‍රෝඩයේ විඛාදනය අවම කරන බවද නිරික්ෂණය විය. විද්‍යාඥයින් නිකල් ෆෝම් හරයක් නිර්මාණය කල අතර මෙයට බාහිරින් නිකල් – යකඩ හයිඩ්‍රොක්සයිඩ් ස්ථරයක් හා නිකල් සල්ෆයිඩ් ස්ථරයක්ද නිර්මාණය කරන ලදි.නිකල් ෆෝම් හරය සන්නායකය ලෙස ක්‍රියා කරන අතර නිකල් – යකඩ හයිඩ්‍රොක්සයිඩ් ස්ථරය විද්‍යුත් විච්ජේදකය ලෙස ක්‍රියා කරන ලදි. 
නිකල් ෆෝම්
කිමිදුම් ක්ෂේත්‍රයට මහගු උපකාරයක් මෙමගින් ලබා ගත හැක.එනම් මුහුදේ කිමිදුම් ඇදුමකට හෝ සබ්මැරීනයකට හයිඩ්‍රිජන් හෝ ඔක්සිජන් ලබා දීම තුලින් අසීමිත කිමිදුම් කාලයකට ඉඩ හසර ලබා ගත හැකි වීමයි.

PopSci.com ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
මීගමුව.
%d bloggers like this: