Menu Close

ආදම් සහ ඒවගේ දිනපොත – 1 කොටස (පරිවර්තනය)


[කෙටි කතාව කියවීමට පෙර –

 මෙම කෙටි කතාවේ මුල් කර්තෘ ලෙස සැමුවෙල් ලැන්ග්හෝර්න් ක්ලෙමෙන්ස් මහතා හැදින්විය හැකියි. ඔහුව ලොව පුරා වෙසෙන පාඨකයන් හදුනාගන්නේ මාක් ට්වේන් යන නාමයෙනි. අදින් සියවසකට අදික කාලයකට පෙර එනම් 1905 වසරේදී එලිදැක්වුනු Eve’s Diary යන කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි පහත ඔබට කියවීමට තිබෙන්නේ. මෙම කෙටි කතාව කොටස් තුනකින් යුක්තයි. ඒ ඒවගේ දිනපොත සහ ආදම්ගේ දිනපොත වශයෙනි. 

බයිබලයේ උප්පත්ති පොතේ සදහන් පලමු මිනිසුන් දෙදෙනා ලෙස ආදම් සහ ඒව දැක්විය හැකියි. මෙම කෙටි කතාව ආරම්භ වන්නේ ඒවගේ දිනපොතෙනි. ඇය දිනපොතක් ලිවීමට සිතන්නේ ඇයව මැවීමට පෙර සිදුවූ කිසිදු දෙයක් ඇයගේ මතකයේ නොවූ නිසාය. කුඩා දරුවෙකුට මෙන් ඇයට සෑම මොහොතක්ම නැවුම් මෙන්ම අලුත්. කෙටි කතාව කියවා ඔබගේ අදහස් පහතින් දක්වන්න. ] 

සෙනසුරාදා – 
මගේ වයස දැන් සම්පූර්ණ දිනයක්. මා පැමිණියේ පෙර දිනයි. මට පෙනෙන ලෙසට එය එසේ විය යුතුයි. ඊයේ දිනට කලින් දිනයක් තිබුනා නම් මා එදින නොසිටින්නට ඇති. සමහර විට මගේ මතකයෙන් එය ගිලිහී ගියා වන්නට ද පුලුවනි. එසේත් නොවේ නම් එදින සිදුවූ දේවල් මා එය එතරම් සැලකිල්ලකට නොගත්තා වන්නට ද පුලුවනි. කෙසේ හෝ මා දැන් හොද අවධානයෙන් සිටිය යුතුයි. ඊයෙ දිනයට පෙර දිනක් තිබුනා නම් දැන් මට එය මතක නැති බැවින් දැන් සිදුවන සියලු දේ වාර්තා කිරීම නුවණට හුරුයි. එවිට සියලුම දේ පැහැදිලියි. අනාගතයේ දී ඉතිහාසඥයින්ට මගේ වාර්තා උපකාරයක් වන්නට පුලුවනි.

 සමහර වේලාවන් වලට මම කුමන හෝ අත්හදාබැලීමක් දැයි සිතෙයි. කෙනෙකුට තමන් අත්හදාබැලීමක් ලෙස හැඟීම සිදු විය නොහැකි දෙයක් ලෙස සිතෙන්නට පුලුවන්. නමුත් මට මා අත්හදාබැලීමක් ලෙස හොදටම දැනෙනනවා. මා අත්හදාබැලීමකට වඩා වැඩි දෙයක් නොවේ.

මා එක්තරා ආකාරයක අත්හදාබැලිමක් නම් මම එහි සම්පූර්ණ කොටස ද? නැහැ, මම එසේ සිතන්නේ නැහැ. මට සිතෙන ආකාරයට මම හැර අනෙක් දේවල් ද මෙම අත්හදාබැලීමේ කොටසක්. මම එහි මූලික කොටස, නමුත් අනෙක් ඒවාටත් අයිතිවාසිකම් තිබෙනවා මේ සම්බන්ධව. එහෙම නැත්නම් මම මේ අවට දේවල් රැකබලා ගත යුතු ද? මා තුල තිබෙන සමහර ඉඟි කිරීම් මගින් පැවසෙන්නේ සදාකාලික සිහි බුද්ධියෙන් පසුවීම වඩා වැදගත් බවයි. [මා වැනි තරුණ අයෙක්ට එය හොද කියමනක්]


ඊයෙට වඩා අද දවස හොදයි. ඊයෙ දවස ඉක්මනින් අවසන් කිරීමට යාමේ ප්‍රථිපල විදිහට සමහර කඳු එතරම් හොද තත්වයෙන් නිමවන්න හැකියාවක් ලැබී නැහැ. සමහර තැනිතලා එතරම් ප්‍රියමනාපත් නැහැ. මේ අතර චෝදනාවට ලක් නොවිය යුතු අතිවිශිෂ්ට අලංකාර නිර්මාණ තිබෙනවා. මේ ශ්‍රේෂ්ඨ නව ලෝකය ඒ අතිවිශිෂ්ට නිර්මාණ වලින් එකක්. සමහර ස්ථාන වල තරු වැඩිපුර තිබෙනවා ඒත් සමහර ස්ථාන වල එහෙම නැහැ. කිසි සැකයක් නැහැ, ඒකට කුමක් හෝ ප්‍රථිකාරයක් කළ හැකියි. ඊයෙ රාත්‍රියේ හඳ ක්‍රමක්‍රමයෙන් පල්ලම් බැස පහළට වැටිලා නැතිවෙලා ගියා. ඒක විශාල පාඩුවක්, එය ගැන මතක් වන විටත් මට ඇතිවෙන්නෙ දුකක්.

එය කොතැනකට ගියාද කියා කිසිදු සටහනක් දක්නට ලැබුනේ නැහැ. නමුත් කවුරුන් හෝ එය ලබාගත්තා නම් අනිවාර්යයෙන්ම එය සඟවා ගනීවි. මා එය හොඳාකාරවම දන්නවා. මන්ද මට වුවත් එසේ අවස්ථාවක් ලැබුනහොත් මම සිදුකරන්නේත් එයමයි.
තරු ගැන කතා කළහොත් ඒවාත් ඒ වගේම හොදයි. ඒවායින් කිහිපයක් මගේ කොණ්ඩය මත තබාගන්න මම ආසාවකින් පසුවෙමි. නමුත් අවාසනාවකට මට එය කල නොහැකි වේවි. අපට එය ළඟින් තිබෙනවා යැයි පෙනුන ද එය කෙතරම් දුරින් තිබෙනවා ද යන්න දැනගතහොත් ඔබ පුදුම වනු නිසැකයි. පෙරදින රාත්‍රියේ ඒවා පලමු වරට දර්ශනය වුනු අවස්ථාවේ මම ඒවාට දඬු කැබැල්ලකින් ගසා ලබා ගන්නට උත්සහ කල නමුත් එකදු තරුවක්වත් ලබා ගැනීමට මට හැකියාව ලැබුනේ නැත. ඉන්පසු මම වළාකුළු වලට උත්සහ කරත් එයත් මට ලබා ගැනීමට නොහැකි විය. සමහරවිට එසේ වූයේ මා වමත් නිසා වෙන්නට පුලුවනි. අනික් කාරණය මට හොදහැටි විසිකිරීමේ හැකියාවකුත් නැහැ. මම එකකට එල්ලය රැගෙන දණ්ඩ විසි කරත් එය යන්නේ වෙනත් දිශාවකට. නමුත් මම සමහර ඒවාට ආසන්නයෙන් යැව්වා. හතලිස් හෝ පනස් වතාවක් වළාකුළකට දණ්ඩ විසි කළාට පසුව කුඩා සිදුරක් ඇතිවී තිබෙනවා මා දුටුවා. මා තව ටික වේලාවක් එසේ කරමින් සිටියානම් විටෙක මට වළාකුලකින් කොටසක් ලබා ගන්නට අවස්ථාවක්ද තිබුණි.
මේ නිසා මම ටිකක් ඇඬුවෙමි. මා සිතන අන්දමට මාගේ වයසේ අයෙකුට මෙය සාමාන්‍ය දෙයක්. ටික වේලාවක් විවේක ගත පසු මම කුඩයක් ගෙන නිමි වලල්ලේ ස්ථානයක් සෙවීමි. එය සෙවීමට හේතු වුයේ එවන් ස්ථානයක තරු පොළොවට ඉතා ලඟින් පිහිටි නිසාවෙන්. එවිට තරු වලට කිසිදු හානියක් නොකර ඒවා මට අල්ලා ගත හැකියි. කෙසේ නමුත් එය මා සිතනවාට වඩා අපහසුයි. මම එයට කිට්ටු වන විට එය තව තවත් ඈතට යයි. මේ නිසා අවසානයේ මගේ උත්සාහය ව්‍යාර්ථ විය. තවත් අඩියක්වත් ඉදිරියට යාමට නොහැකි වන ලෙසට මහා මහත් , මහන්සියක් දැනුනි. ඇරත් මගේ කකුලේ ඇතිවූ තුවාලය මට බොහෝ වේදනා දෙන්නක් විය.
එන්න එන්නම සීතල වීමට පටන් ගත් නිසාවෙන් හා නිවසින් බොහෝ දුරකට මා පැමිණ සිටි නිසා මට නැවත නිවසට යාමට නොහැකි විය. නමුත් මට ව්‍යාග්‍රයින් හා ඔවුන් සිටි ගුහාවක් සොයා ගැනීමට පුලුවන්කම ලැබුණි. එය ඉතාමත් සැපපහසු එකක් වූ අතර උන්ගේ හුස්ම ඉතාමත් මිහිරිය. මම මීට පෙර ව්‍යාග්‍රයෙක්ව දැක නොතිබුණි. නමුත් උන්ගේ සමේ තිබුණු පටි නිසාවෙන් උන්ව දුටු සැටියේම මම අඳුනගත්තෙමි. එම පටි වලින් එකක් මටත් තිබුනා නම් එයින් අලංකාර ගවුමක් සාදාගන්න තිබුණි. 
අද දින මම පෙරට වඩා දුරවල් පිලිබඳව වඩා හොද අදහසක් ලබා ගතිමි. මා ඉතාමත් කුතුහලයෙන් සිටින නිසාවෙන් දකින දකින සෑම අලංකාර දෙයක්ම අල්ලන්නට උත්සහ කරයි. සමහර ඒවා පෙනුමෙන් අඟල් හයක් පමණ ඈතින් තිබෙන බවට පෙනුනත් ඇත්තෙන්ම එය අඩියකට වඩා දුරින් පිහිටයි.
ඊයේ දින සවස මම තරමක් දුරින් සිට අනික් පරීක්ෂණය පැමිණ ඇත්තේ කුමක් සදහාදැයි සොයා බැලීමට ගියෙමි. නමුත් මට එය සොයා ගැනීමට හැකිවුනේ නැත. මා සිතන ආකාරයට ඒ පිරිමියෙක්. මම මීට පෙර පිරිමියෙක් දැක නොතිබුනු නමුත් ඒ පිරිමියෙක් බව මට හැඟෙයි. අනෙකුත් ක්ෂීරපායීන්ට වඩා ඌ පිලිබඳව වැඩි කුතුහලයක් මා තුල හටගත් බව කිව යුතුයි. ඌට උකුලක් නොතිබූ අතර සිරුර ක්‍රමක්‍රමයෙන් සිහින් වී යන කැරට් අලයක් මෙන් ය. ඌ සිටගත් විට අවයව විහිදී යන නිසා ද ඌ ක්ෂීරපායියෙක් ලෙස මම සිතමි. 


පලමුව මම ඌට බිය වුනෙමි. ඌ එහෙ මෙහෙ හැරෙන විට මම උගෙන් ඉවතට දිව ගියාය. ඌ කෙරෙහි මා තුල හටගත් බිය ක්‍රමයෙන් අඩු වූ විට මම පැය කිහිපයක් තිස්සේ ඌට යාර විස්සක් පිටුපසින් ඌව ලුහුබැන්දෙමි. එය මාව කැළඹූ අතර අසතුටු කලාය. ඉන්පසු මම ගසකට නැග තරමක් වේලා බලාගෙන සිට මෙම වැඩට අතහැර දමා නැවත නිවස වෙත පියමං කෙරුවෙමි.

අදත් සුපුරුදු පරිදි එය ම සිදුවිය. මම ගස උඩ අවදි වූයෙමි.

ඉරිදා –
විවේක ගනිමින් ඌ තවමත් එතැනය. නමුත් එය රැවටීමක්. ඉරිදා යනු විවේක ගන්නා දවස නොවේ. ඒ සඳහා නියම වී ඇත්තේ සෙනසුරාදා දිනටයි. මට පෙනෙන ආකාරයට මෙම සත්වයා අනෙක් සියලුම වැඩ වලට වඩා විවේකයට කැමැත්තක් දක්වයි. නමුත් මටනම් විවේක ගැනීම ඉතා වෙහෙසකරයි. එකතැන ඉඳගෙන ගසක් දෙස බලා හිඳීම මට වෙහෙසකරයි. ඌ කුමක් සදහා මෙහෙ පැමිණියාදැයි මට සිතාගන්නට අපහසුයි. ඌ කිසිවක් කරනවා මා මෙතෙක් දුටුවේ නැත. 
පෙරදින රාත්‍රියේ දි ඔවුන් නැවත චන්ද්‍රයා ලබාදුන්නේය. මම සිතන ආකාරයට ඔවුන් ඉතා කරුණාවන්තයි. නමුත් ඊයේ නැවත චන්ද්‍රයා ලිස්සී පහළට වැටුණ නමුත් මම එයින් වික්ෂිප්ත වූයේ නැත්තේ එය නැවත පැමිණේ යැයි බලාපොරොත්තුවක් මා තුල තිබූ නිසාවෙනි. චන්ද්‍රයා නැවත ගෙනා අයට මාගේ කෘතඥතාව පෙන්විය හැකිනම් කියා මට සිතෙනවා. අපට තරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා එයින් කිහිපයක් ඔවුන්ට යැවීමට මම කැමැත්තෙන් සිටිමි. අප කීවාට අප නොවේ මම. 
ඌගේ ආශාවල් ඉතා පහත් හා අකාරුණිකයි. මම ඊයේ ඌ සිටිනා තැනට ගිය විට ඌ වතුරේ සිටි තිත් සහිත මාළුන් ඇල්ලීමට වෙහෙසෙනවා දුටිමි. නමුට් ඒ කුමක් සඳහා ද? ඌට හදවතක් නැති ද? ඌ කිසිදු අනුකම්පාවක් දැනෙන්නේ නැති සත්වයෙක් ද? නමුත් ඌ වචන භාවිත කර කතා කරනවා මගේ කනට ඇසුනි. එයින් මා උද්ධාමයට පත් විය. මන්ද මා ඊට පෙර මම හැර වෙන අයෙකු කතා කරනවා අසා තිබුනේ නැති නිසාවෙනි. මට එම වදන් නොතේරුනත් එහි යම් අරුතක් තිබෙන බව හැඟෙනවා. 
ඌට කතා කල භැකි බව දැනගත් විට මට ඌ කෙරෙහි නව කැමැත්තක් ඇති විය. මම කතාකිරීමට දැඩි කැමැත්තක් ඇත්තෙමි. මුළු දවස පුරා කතා කිරීමට මම දක්වන්නේ දැඩි කුතුහලයක්. කතා කිරීමට තවත් අයෙක් සිටියහොත් එම කුතුහලය දෙගුණ වේවි. 
මෙම ක්ෂීරපායියා මිනිසෙක් නම් මම එම සත්වයාටලෙස ආමන්ත්‍රණය කිරීම වැරදියි. ව්‍යාකරණනානුකූලව නම් මම එම සත්වයාටඔහුලෙස ආමන්ත්‍රණය කල යුතුයි. එමනිසා මෙම සත්වයා කවුරුදෝ යන්න නියත වශයෙන්ම සොයාගන්නා තෙක් ඔහු ලෙස ආමන්ත්‍රණය කිරීම හොද යැයි සිතේ. අඩමාන කරුණු විශාල වශයෙන් තබාගෙන සිටිනවාට වඩා එය පහසුයි. 

ඊළඟ සතියේ ඉරිදා – 
පසුගිය සතිය තුලම මම ඔහු සමග එකටම සිටිමින් ඔහුට මාව හදුන්වාදෙන්න උත්සහ කලෙමි. ඔහු තරමක් ලැජ්ජාශීලී අයෙක් වූයෙන් සම්පූර්ණ කතා කිරීම මට ම සිදු කිරීමට සිදුවිය. මම ඔහු සමග චාටු බස් දොඩන නිසාවෙන් මම ඔහු අසල සිටීම ඔහු ප්‍රිය කරන බව මට හැඟෙමි. 
බදාදා –
දැන් අප දෙදෙනා එකට ගත කරන කාලය වෙනදට වඩා වැඩි වන අතර අප ක්‍රමක්‍රමයෙන් හොදින් එකිනෙකා හදුනාගනිමින් පවතිනවා. පෙරදී මෙන් මම ඔහු අසල සිටීම ඔහු වළක්වන්නේ නැත. එය හොද සලකුණක්. එනම් ඔහු අසල මම සිටීම ගැන ඔහු කැමැත්තෙන් සිටිනවා. එය මට සතුටක්. ඔහුගෙන් පැසසුම ලැබීමට මම හැකි සෑම අයුරකින්ම ඔහුට උපකාර කලෙමි.
පසුගිය දින දෙක තුල සතුන් නම් කිරීමේ සම්පූර්ණ වගකීම මම බාරගතිමි. මෙය ඔහුට විශාල සහනයක් විය. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් ඔහුට තලෙන්තයක් නැත. සතෙක් දුටු විට ඌට සුදුසු නමක් ඔහුට කල්පනා වන්නේ නැති අවස්ථාවල දී මම ඔහුගේ ඒ අඩුපාඩුව ගැන දැනුවත් නැති බව ඔහුට හඟවමි. සතෙක් දිටු විට ඔහු ඌට නමක් කල්පනාකරමින් සිටින විට මම ඔවුන්ට නම් තමා ඔහු ලැජ්ජාවීමෙන් වළක්වා ගන්නෙමි. සතුන් නම් කිරීම සම්බන්දයෙන් නම් මට කිසිදු අඩුපාඩුවක් නැත. සතෙක් දුටු විටම උගේ හැඩයෙන් හා ක්‍රියාවෙන් ඌ කවුදැයි කියා කිසිදු පැකිලීමකින් තොරව මට පැවසිය හැකියි. 
ඩෝඩෝ පක්ෂියා පැමිණෙන විට ඔහු සිතුවේ ඒ කැලෑ පූසෙක් කියා. නමුත් මා ඔහුව බේරාගත්තා සිදුවීමට ගිය වැරැද්දෙන්. මම මේ දේවල් සිදු කළේ ඔහුගේ ගෞරවයට හානියක් නොවන ආකාරයටයි. නමුත් සත්වයෙක්ගේ නම මම දැනගෙන ඔහු නොදන්නා විට ඔහුට තරමක සිත් රිදවීමක් ඇති නොවනවා ද නොවේ. එසේ නම් තබන විට ඔහු මාව අගයද්දි එය හොදින්ම වැටහෙනවා. නිදාගන්නා අතරතුර ත් ඔහුගේ සිත මම රිදෙව්වා ද යන්න කල්පනා කළෙමි. මෙවැනි කුඩා දේවල් වලින් අපි අපිව සතුටු කරගන්නට හැකි නම් එය කෙතරම් වටිනවාද !

බ්‍රහස්පතින්දා –
මගේ පලමු දුක. ඊයේ ඔහු මා සමග කතා කිරීමෙන් වැලකී සිටියේය. මට එය විශ්වාස කල නොහැකි විය. කුමක් හෝ අත්වැරැද්දක් සිදුවී තිබේ. මම ඔහු සමග සිටීමට කැමතියි, ඔහු සමග කතා කිරීමට කැමතියි. මම කිසිවක් නොකර තිබියදී ඔහු මට මෙසේ අකාරුණික ලෙස සලකන්නේ ඇයි? අවසානයේ අප දෙදෙනා පලමුව හමුවූ එනම් අප දෙදෙනා නිර්මාණය කල ස්ථානයට මම ගොස් තනිවම එතැන හිඳගෙන සිටියෙමි. ඔහුට සිදුවී ඇත්තේ කුමක්දැයි කියා මට තේරෙන්නේ නැහැ. දැන් අවට පරිසරයම ශෝකාකූල ස්වරූපයක් උසුලන්නේ. මගේ හදවතත් දැඩි දුකකින් පෙළෙනවා. මට මීට පෙර මෙවැනි හැගීමක් දැනී නැහැ. එය හරිම අද්භූතයි වගේම මට එය දරා සිටීමට නොහැකියි. 

රාත්‍රිය පැමිණි විට මට තනිකම දරාගැනීමට නොහැකි වූ නිසා ඔහු නවාතැන් ගැනීමට සෑදූ නව ස්ථානය වෙත ගියෙමි. එසේ ගියේ මම කල වරද කුමක්දැයි අසා එය නිවැරදි කරගෙන ඔහුගෙන් නැවත කරුණාව මා වෙත ලබා ගැනීමටයි. නමුත් ඔහු මාව ඇතුලට නොගෙන වැස්සේ එලියට දැම්මේය. මෙය මාගේ පලමු දුකයි.

ඉරිදා –
නැවතත් ඉතාමත් පැහැබර දිනයක් සහ මම ඉන්නේ සතුටින්. නමුත් පසුගිය දින කිහිපය ඉතා අපහසුව ගෙවුණි. ගිය දේවල් වලට මට කිසිවක් කළ නොහැකි නිසා ඒ ගැන නොසිතා සිටිමි. 
මම ඔහුට ඇපල් කිහිපයක් අරන් දීමට උත්සහ කල නමුත් මට තවම කෙලින් විසි කිරීමට නොහැකි නිසා එය බැරිවිය. ඔහුව සතුටු කල හැකි හොද ක්‍රමයක් ඒ. ඒවා අපට තහනම් කර ඇති නිසා එයින් මට යම් හානියක් සිදුවේ යැයි ඔහු පවසයි. නමුත් මට හානියක් සිදුවන්නේ ඔහුව සතුටු කිරීමට ගොස් නම් මම මට සිදුවන හානිය ගැන සිතන්නේ ඇයි?

සඳුදා –
ඔහු කැමැත්තක් දක්වයි කියා සිතා මම අද උදෑසන ඔහුට මගේ නම පැවසුවෙමි. නමුත් ඔහු එය සැලකිල්ලකට ගත්තේ නැත. එය අමුතුයි. ඔහු මට ඔහුගේ නම පැවසුවා නම් මම ඒ ගැන සැලකිල්ලක් දක්වමි. මන්ද අනෙක් ශබ්ද වලට වඩා එය ඇසීම මගේ කනට මිහිරක් නිසා.
ඔහු කතා කරන්නේ අඩුවෙන්. සමහරවිට එසේ වන්නේ ඔහු එතරම් දක්ෂ අයෙක් නොවන නිසා වන්නට ද පුලුවනි. එමෙන්ම ඔහු එය සැඟවීමට උත්සහ කරනවා. නමුත් මම ඔහුට ඉගැන්විය යුතුයි වටිනාකම් තැන්පත් වී ඇත්තේ හදවතේ බව. ඔහුට ඒත්තු ගැන්විය යුතුයි හොද ආදරණීය හදවතක් තිබීම ම පොහොසත්කමක් කියා. එය නොමැති නම් බුද්ධිය ඵල රහිත දෙයක්. 
ඔහු අඩුවෙන් කතා කලද ඔහු සැලකිය යුතු තරම් හොද වාග් මාලාවක් භාවිතා කරයි. අද උදෑසන ඔහු ඉතා හොද වචනයක් භාවිතා කල අතර එම වදන ඔහු කිහිප වතාවක්ම භාවිතා කලේය. මෙය ඔහුට හිමිව ඇති ඉතා හොද කලාවක්. සැකයක් නොමැතිව මෙම බීජය වගා කලගොත් ඉතා හොඳින් වැඩෙනු නියතයි. 
ඔහුට එම වදන සොයාගත්තේ කොහෙන් ද? මම එම වදන භාවිත කල බවක් මට මතක නැත.
ඔහු මගේ නම ගැන කිසිදු උවමනාවක් දැක්වූයේ නැත. මම මගේ බලාපොරොත්තු සුන් වීම සැඟවීමට උත්සහ කලද එය සාර්ථක වූයේ ද නැත. එමනිසා මම පාසි බැඳුනු ඉවුරට ගොස් ජලය තුලට කකුල දමාගෙන සිටියෙමි. කාත් සමග හෝ කතා කිරීමට අවශ්‍ය වූ විට මා යන්නේ එතැනටයි. දැඩි තනිකමට වඩා ජලයේ ඇඳී ඇති සුදුපාට අලංකාර සිරුර වඩා වටිනවා. මම කතා කරන විට එයත් කතා කරනවා; මම දුකින් සිටින විට එයත් දුකින් සිටිනවා; එයාගේ අනුකම්පාවෙන් එයා මාව සනසනවා.හිත් අධෛර්ය කරගන්න එපා යාලුවෙක් නැති අසරණ කෙල්ල; මම ඔයාගෙ යාලුවා වෙන්නම්.ලෙස එයා පවසනවා. එයා හොද යාලුවෙක් මට, මගෙ එකම යාලුවා; එයා මගේ සහෝදරිය. 
පළමු වතාවට මට ඇයව උවමනා වෙලාවේ ය මාව අතරමං කලා. මා කිසි දිනක මෙය අමතක කරන්නේ නැහැ.මට තිබුන එකම දේ එයා, දැන් එයත් මාව දාලා ගිහින්! මට තවත් මේක දරාගෙන ඉන්න බැහැ!යැයි මම ශෝකයෙන් පවසා අත් දෙකෙන් මුහුණ වසා ගත්තෙමි. නමුත් මට එයින් සැනසිල්ලක් ලැබුනේ නැත. නමුත් ටික වේලාවක් ගතවූ විට ඇය සුදුවට දිලිසෙමින් නැවත පැමිණියා ය. එම සතුට දරාගත නොහැකිව මම ඇගේ අත් තුලට පැන්නෙමි.

මම මීට පෙර සතුට අත්දැක ඇතත් මෙවැනි සතුටක් අත්දැක්කේ නැත. එදායින් පසු මම ඇයව අවිශ්වාස නොකෙරුවෙමි. සමහර දාට ඇය මගෙන් පැයක් දෙකක් හෝ දවසක්ම ඈත්ව සිටියි. නමුත් මම ඇයව අවිශ්වාස නොකර ඇය එනතුරු බලාගෙන සිටියෙමි.ඇය කාර්යබහුල වෙන්න ඇති. සමහරවිට ඇය කොහේ හෝ දුර ගමනක් යන්නට ඇති.යැයි එවැනි වේලාවට මම මටම කියාගන්නේ ඇය නැවත එන බවට විශ්වාසය සමගයි. රාත්‍රියට ඇය පැමිණෙන්නේ නැත්තේ ඇය ලෙහෙසියෙන් බියට පත්වන අයෙක් නිසා වන්නට පුලුවනි. නමුත් චන්ද්‍රයා සිටියහොත් ඇය පැමිණෙයි. මම නම් අඳුරට භිය වන්නේ නැත. නමුත් ඇය මට වඩා බාලයි, ඇය ඉපදුනේ මට පසුවයි. මගේ ජීවිතයේ අමාරු අවස්ථා වලදී මට රැකවරණය දෙන්නේ ඇයයි.

බ්‍රහස්පතින්දා – 
සම්පූර්ණ උදයේම මම සිදු කරමින් සිටියේ මා සිටින පෙදෙස සකසාගැනීමයි. මම ඔහුගෙන් උවමනාවෙන්ම ඈත්ව සිටියේ ඔහුට තනිකම දැනී මා වෙතට එයි කියා සිතමිනුයි. නමුත් ඔහු පැමිණියේ නැත. 
දවල් වරුව වන විට මම කරමින් සිටි වැඩ නවතා දමා මී මැස්සන් හා සමනළයන් සමඟ විනෝද වන්නට පටන් ගත්තෙමි. මී මැස්සන් හා සමනළයන් අහසේ සිටින දෙවියන්ගේ සිනහව අල්ලාගෙන මල් වල ඒවා තැන්පත් කරයි. මම එම මල් එකතු කරමින් මල් මාලයක් සාදා මම එයින් සැරසීගෙන දිවා ආහාරය සදහා සූදානම් වුනෙමි. මා දිවා ආහාරය සදහා ගත්තේ ඇපල් ය. ඉන්පසු මම ගසක් යට හෙවනකට වී ඔහු එනතුරු බලා සිටිය ද ඔහු පැමිණියේ නැත. 
ඔහු මල් වලට කැමැත්තක් දක්වන්නේ නැත. ඔහු එවාට ජරාවක් කියා පවසයි.*** ඔහු මා ගැන තකන්නේ නැත, මල් ගැන තකන්නේ නැත, එපමණක් නොව අලංකාරව වර්ණ ගැන්වී ඇති අහස ගැන ද ඔහු තකන්නේ නැත. ඔහු තකන්නේ හොද පිරිසිදු වැස්සෙන් බේරීමට මඩුව සැකසීම, කොමඩු වලට තඩිබෑම සහ ග්‍රේප්ස් පරීක්ෂා කිරීම හා ගස්වල ඇති පලතුරු වලට එම ගුණාංග ලැබුනේ කෙසේදැයි සොයා බැලීමට ඒවාට ඇහිලි ගැසීම ගැන පමණි.
මම පොළොවේ වළක් හාරා වියළුනු දර කැබලි කිහිපයක් ගෙන එකමත එක ගොඩ ගැසූ විට ටික වේලාවකින් එම වල තුලින් නිල් පැහැති දැල්ලක් පැමිණෙනු මම දුටිමි. මෙය මීට පෙර සිදු නොවූ දෙයක් නිසා ත් මේ යම් කිසි ආත්මයක් යැයි මම සිතූ නිසා ත් ඊටත් වඩා මේ සිදු වූ දෙයින් මම බියට පත් වූ නිසා අත තිබූ දෑ සියල්ල විසි කර එතැනින් දිව ගියෙමි.
තරමක් දුරට දිව ගොස් පර්වතයක් පිටුපස සැඟවී, ආත්මය මගේ පසුපස ලුහුබැඳ පැමිණෙනවා දැයි බැලුවත් එසේ පැමිණෙන වගක් නොදුටු නිසා ඒ දෙසට හෙමිහිට ඇවිද ගියෙමි. දර ගොඩ තිබුණු ස්ථානයේ රෝස පැහැති කුඩ ස්පර්ෂ කල විට ම දරුණු වේදනාවක් දැනුණි. එවෙලේම ඇඟිල්ල කටට දමා ගෙන වේදනාව අඩු කර ගත් අතර ඉන්පසු මේ කුඩ කුමක්දැයි පරීක්ෂා කිරීමට සූදානම් විය.
ඒ රෝස පැහැති කුඩ කුමක්දැයි දැනගැනීමට මම ඉතා කුතුහලයකින් පසුවුනෙමි. ක්ෂණයෙන් එහි නම මගේ මතකයට පැමිණි අතර මම මීට පෙර එම නම අසා තිබුනේ නැත. ඒ ගින්දර! මට ඒ ගැන හොදටම විශ්වාසයි. එබැවින් කිසිදු පැකිලීමකින් තොරව මම එයට එම නම තැබුවෙමි. – ගින්දර.
මීට පෙර නොතිබූ දෙයක් මවිසින් නිර්මාණය කල අතර ලෝකයේ නොගිනිය හැකි දේවල් වලට නව නිර්මාණයක් එක් කලෙමි. මට මෙය දැනුනු විට මගේ ජයග්‍රහණය ගැන මට ආඩම්බරයක් ඇතිවිය. එසමගින්ම මම දිව ගියේ මේ ගැන ඔහුට පැවසීමටයි. ඒ ඔහු තුල මා පිලිබඳ හැගීම උසස් කිරීමට මෙම තොරතුරෙන් හැකිවන බව මම විශ්වාස කල නිසා. නමුත් ඔහු මෙය සැලකිල්ලට ගත්තේ නැත්නම්. මෙයින් කුමන ප්‍රයෝජනයක් ද යැයි ඔහු ඇසුවහොත් මම ලබාදෙන පිලිතුර කුමක් ද? මෙයින් කුමකටවත් ප්‍රයෝජනයක් නැතිනම් මෙහි ඇත්තේ අලංකාරය පමණක් නම්. 

එමනිසා මම ඒ ගැන කල්පනා කර අවසානයේ ඔහු හමුවට නොයාමට තීරණය කළෙමි. මෙයින් මඩුවක් තනන්නට බැහැ, කොමඩු ගෙඩි වර්ධනය කරන්න බැහැ, පලතුරු වැවීම වේගවත් කරන්න බැහැ; මේකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඔහු මාව පහත් කොට සලකා මෙය මාගේ මෝඩකමක් හා පුහු ආටෝපයක් ලෙස පවසාවි. ඒත් මටනම් මෙය පහත් දෙයක් නොවේ.සුකොමළ රෝස පාට ගින්දර, මම ඔයාට ආදරෙයි, ඒ ඔයා ලස්සන නිසා. ඒ හොදටම ඇති!යැයි මම මට ම කියාගත්තෙමි. ඒත් සමගම වාගේ මට තවත් දෙයක් සිහියට නැගුණි. මෙම නිර්මාණය වෙනත් අයෙකුගේ නිර්මාණයක් නම්? එය එසේ නම් මම සිදු කරන්නේ වෙන අයෙකුගේ නිර්මාණයක් මගේ නිර්මාණයක් සේ මවාපෑම නොවේද
මම කුඩා ලී කැබැල්ලක් ගෙන ගින්දර තරමක් ගෙන ඒවා වෙළුණු කොළ කැබලි කිහිපයක් මත තැබුවෙමි. මම සිත සිටියේ මෙම ගින්දර නිවාස වෙතට ගෙනවිත් සදාකාලිකව ඒවා මා සතුව තබාගෙන ඒවායෙන් සෙල්ලම් කිරීමටයි. නමුත් බලාපොරොත්තු නොවූ අන්දමින් එය පුළිගු පිට කරමින් මාව බියගන්වන්නට විය. එසැනින්ම මම ඒවා තිබු තැනම තබා එතනින් දිව ගියෙමි. මම පසුපස හැරී නිල් පැහැති ආත්මය දෙස බලන විට එය දිග ඇදෙමින් වළාකුළක් මෙන් පෙරලෙමින් ඉහළට ඇදී යන බව දුටිමි. එසැනින්ම මම එහි නම කුමක්දැයි කල්පනා කලෙමි. – ඒ දුමාරය! ඒ වචනය එකපාරට මගේ මතකයට පැමිණියාය. මම මීට පෙර දුමාරයක් පිලිබද අසා තිබුනේ නැත. 
එවෙලේම කහ සහ රතු පැහැති ආලෝකයක් දුමාරයෙන් පිටතට විද්දේය. මම එයටද එසැනින් නමක් දුන්නාය. ඒ ගිනිදැල්. මේ තමා මේ ලෝකයේ තිබුණු පලමුවෙනි ගිනිදැල්. ඒවා සිත්කලු ලෙස ආලෝකය විහිදුවමින්, විශාල වශයෙන් දුමාරය පිටකරමින් ගස් උඩ නගින්නට ගත්තේය. මම අත්පුඩි ගසමින්, සිනහ වෙමින් හා නටමින් මම මාගේ උද්‍යෝගය ප්‍රකාශ කළෙමි. එයා ඉතා අලුත් සහ පුදුම දනවන දෙයක් වූ අතර ඉතා අලංකාරයි!
ඔහු දුවගෙන විත්, නැවතී ඒ දෙස ඕනෑකමික් බලාගෙන සිටියේය. ඔහු මිනිත්තු කිහිපයක් නිහඬව සිට ඒ කුමක් දැයි අසා සිටියේය. එය ඍජු ප්‍රශ්නයක්. ඔහු මීට පෙර මගෙන් එවැනි ඍජු ප්‍රශ්නයක් අසා නැහැ. එමනිසා මම ද ඔහුට ඍජු පිලිතුරක් දිය යුතුයි. 
ඒ ගින්දරයන්න මගේ පිලිතුර විය. 
ඒක ආවෙ කොහොමද?” 
නැවතත් ඍජු ප්‍රශ්නයක්. එයට ලැබිය යුත්තේ ද ඍජු පිලිතුරක්.
ඒක හැදුවෙ මම
ගින්දර තව තවත් ඈතට ගමන් කලේය. ඔහු ගිනිගත් පෙදෙසේ කොනකට ගොස් පහත බලා මෙසේ ඇසුවේය:
මේ මොනවද?”
ගල් අඟුරු
ඔහු ඒවායින් එකක් අතට ගෙන නිරීක්ෂණය කරන්නට සිතුවත් පසුව ඔහු එය සිතෙන් ඉවත් කර ගල් අගුරු පහත දැම්මේය. ඉන්පසු ඔහු එතැනින් ඉවතට ඇවිදගෙන ගියේය. කිසිවකින් ඔහු ආශා වෙන්නෙ නැහැ.
නමුත් මම එයට කැමතියි. එතැන අළුවට හුරු පාටට සහ සිනිදුවට අළු තිබුණු අතර ඒවා දුටු විටම මම ඒවා අඳුනගතිමි. ඒත් එක්කම ගිණි අඟුරු; ඒවාත් දුටු විටම මම ඒවා හදුනාගත්තෙමි. මම මගේ ඇපල් සොයාගත්තා. එවෙලේ මට බඩගින්නක් ද තිබුණු බැවින් සූරා බැලූ විට දුටුවේ ඒවා වෙනස් වී ඇති බවයි. නමුත් වෙනස් වී ඇත්තේ හොද ආකාරයටයි. අමුවෙන් තිබෙනවාට වඩා මේවා වඩා හොදයි. ගින්දර කියන්නේ ඉතාමත් අලංකාර දෙයක්. මම සිතනවා කවරදාක හෝ ඒවා ප්‍රයෝජනවත් වේවි කියලා. 

සිකුරාදා –
පසුගිය සඳුදා රාත්‍රියේ දී ඔහුව නැවත වතාවක් දුටුවෙමි. නමුත් එක් මොහොතකට පමණි. මම මහන්සි වී අප සිටිනා පෙදෙස වර්ධනය කරන්නට වෙහෙසුනු නිසා ඔහු මාව අගය කරාවි යැයි සිතුනෙමි. නමුත් ඔහු එයින් සතුටු නොවී නැවත හැරී ගියේය. මම ඔහුට දිය ඇල්ල අසලට නොයන්න යයි අවවාද කල නිසාත් ඔහු මා සමග අමනාපයෙන් පසු වුනෙමි. ඒ වෙන කිසිවක් නිසා නොවේ; ගින්දර සොයා ගැනීම නිසා ආදරය සහ දුක යන හැඟීම් වලට අමතරව තවත් හැඟීමක් මට සොයාගැනීමට හැකි විමයි. ඒ බියයි. මම එය සොයා නොගත්තා නම් වඩා යහපත් කියා මට සිතෙනවා. එය මගේ සතුට නැතිකර දමනවා. ඔහු තවම බිය යනු කුමක්දැයි නොදන්නා නිසා ඔහුට මා කියන දෙය වැටහෙන්නේ නැහැ. 

%d bloggers like this: