Menu Close

144. කළු ගඟ දිගේ . . . . . 8

ඉර ඇවිත් හාත් පස එකළු කොට බැස     ගියද
ගඟ ලඟින් වැතිර දුක අසන්නේ සඳ          නිබඳ

පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //

දෙගොඩතලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

සුනිල් දියේ සඳ කැලුම් වැදීලා
දිය රැලි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක්
දිය මතුපිට ලෙලදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන
සුදු ඇඳුමින් සැරසීලා
ඉවුරැ දිගේ සිරි බෝ මළුවට නොවැ
මේ මහ පිරිස ඇදෙන්නේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ //
දෙගොඩතලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ
පීනමුකෝ කළු ගඟේ, කිරි බැබලෙන හඳපානේ

ලංකාවේ විවිධ ගංගා ඇල දොළ අරබයා කවි ගීත සුළු වශයෙන් ලියැවී ඇත. හෙළයේ මහා ගාන්ධර්වයානන් වූ  ඩබ්ලිව් ඩී අමරදේවයන් ප්‍රමුඛ සමූහ ගායනාවක් ලෙස මීට දශක ගනනාවකට පෙර අතීතයේ ගැයුණු ඉහත සඳහන් ගීතය විශෙෂයෙන් කළු ගඟ විෂයෙහි නිර්මාණය වූවකි.

මෙවන් සෞන්ධර්යාත්මක රස භාව පුබුදන ගීතයක් නොවූවත් මහගම සේකරයන් විසින් ලියැවුනු අමරදේවයන් විසින්ම ගැයුණු මහවැළි ගීතයද; පෞද්ගලිකව මා බොහෝ සෙයින් ඇළුම් කරණ ගීයකි.

රජ රට දෙසට නොව – රජ රට මෙ දෙසට

මහාවැලී . . . . . මහවැලී . . . . 
මහවැලි මහවැලි     මහාවැලී . . . . . . 

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී . . . . .//
මහවැලි මහවැලි     මහාවැලී . . . . . . 


ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරි සර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන්  යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක 
හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා . . . .

සිරිපද ලස සමනොළ සිරසේ . . .

කළු ගඟ විෂයෙහි ගැයුනු ගීතයෙන් එහි සෞන්දර්යාත්මක බව චිත්‍රණය කරණ අතර  මහවැළි ගීයෙන් ඉන් එහා ගිය ජවසම්පන්න බවක් අපේ සිතට ඇතුළු කරවයි.

පැරකුම්බා – රටට මහත් සේවයක් කල නම දත් කුඩු වලට 
ගිරිකුළු විනිවිද නව මං මතුකොට ඇය එන තුරා; රජ රට මග බලමින් සිටියි. ඒ විතරක්ද නොවේ. ඇය ගලන්නේ; අපේ රට ස්ව්‍යංපෝෂනය  කොට මේ දෙරණ මත සැතපුණු රජ දරුවන්ට හුස්ම පිඹිමින්ය. 

මීට සරිලන මෙවන්ම ජවයෙන් යුත් තවත් ගීත කිහිපයක් සිංහල ගීත සාහිත්‍යයේ පවතී.

ජාතියේ නාමයෙන් – සංග්‍රාම භූමියේ . . (කොහොමද ගැම්ම ?)
“රත්න දීප ජන්ම භූමි – ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාරවූ – මාතෘ භූමියයි
මාතෘ භූමියයි”,
https://www.youtube.com/watch?v=b8vmxhylxGo
මෙන්න ඔරිජිනල් එක 
 පහතින් තියෙන එකත් බලා මැදිහත්ව කියන්න. 

– ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේද?

න්නරය ! 
සමුරායි කඩුවක් ලෙස – සියුම් හඬ – තියුනු සිත්තම !

 “පාවී පාවී මේ එන්නේ
 අතීතයේ සිට එන සුළඟයි
  ඈත අතීතේ අසිපත් සිප ගෙන
 අතීතයේ සිට එන සුළඟයි
 අතීතයේ සිට එන සුළඟයි”,
https://www.youtube.com/watch?v=OrzzkrGl8V0

අයිවො – තනකොළ නුබුදින  සුනිල පැටව්!

“අභිමානනීයවූ නවෝදයේ
හිරු හෙට උදයේ පායනවා
සැකයේ පිණි බිඳු සිඳිලා යනවා
අළුත් දැයක් හෙට උපදිනවා”
සත්තකින්ම අප මොන තරම් අපේ මේ මාතෲ භූමියට, එහි වසන සතා සීපාවාට, ඔවුනට නිවෙස්වන ගහ කොල වැලට, ඒවා පෝෂනය කරණ්නාවූ ඇල දොළ ගංගාවනට ආදරය කරණ්නවුන්ද? එහෙත් කෝ පෙනෙන තෙක් මානයක මේ සියල්ල විනාශයට යන ගමනේ හැරවුම් ලක්ෂයක් !?

කතාවක් ගිය දුරක් නේද . . . . . . !?

තවත් විනාඩි 20 ක් පමණ ගත වෙද්දී ඉවුරට ඉඅහළින් වූ බූටෑව සිසාරා තෙශාගේත්; ඔවුන් කැටිව ගිය “අයියා”ගේත් පසිඳුවා ගේත්; බංඩි කියතක් පීරෙන් අතුල්ලන්නාක් වැනි වූ  මිහිරි කට හඬ ත්‍රිත්වය ඇහෙන්නට විය.

හරිම මිහිරි හඬක් !

එවිටම තිදෙනා ඉවුර උඩින් මතුවිය. එන විට තිදෙනා; තිදෙනා හට චක්‍රීය ලෙස සම තුලිත වෙමින් එකාට එකා “මචං – හුචං” කියමින් අඩුපාඩුවට ග්‍රාම්‍ය හා නාගරික නොසරුප් වදන්ද අඩු පාඩු නැතිව කියමින් පහලට බසිමින් විය.

“මොන එස් ටී එෆ් ද බං!?අපි මේ සොමියට ඉන්න බැරි අමාරුවට මේවා පැදං  කළුතර යන  එවුං ටිකක් බං . . . !

ඔන්න ඉතිං  අපි එස් ටී එෆ්  කියල නම් හිතන්න ඔට්ටු නෑ – ඕං !

තෙශා ගේ පිළිතුරෙණ් සිද්දිය හිමින් හිමින් බුද්ධියට කාන්දු වෙද්දීම කඬාඩුව කැඩුනු කලෙක මෙන් සිද්දිය තෙශාගේ වක්කඩින් ගලා ආවේය.

” මරු වැඩේ බං! මුං හිතලා තියෙන්නේ හොරෙං ගරණ උං අල්ලන්න ආපු එස් ටී එෆ් එකෙන් කියලා ! ඒකයි මෙතන හිටපු එවුන් ටිකත් මෙතනින් වාෂ්ප වෙලා තියෙන්නේ!”

“අම්මට සිරි . . . ! ඉතිං . .  හරි ඒක තමයි අර ගඟේ වැලි ගොඩදාන සීන් එකේ හිටපු එවුනුත් ටික වෙන්න මග ඇරලා ඉන්න ඇත්තේ!” මගේ අදහසත් පොදු අදහසට එක් කලෙමි.

ඇනෝද මොන මොනවාදෝ කියණු ඇසුනි. එහෙත් කට පුරවා ගත් බුලත් විටෙන් පිරිපහදු වී එලියට ආ වගන්ති තෙරුම් ගැනීමට බ්‍රෙල් අක්ෂරය ලොවට දායාද කල ලුවී බ්‍රේල්ට තබා සීගිරි කුරුටු ගී කියැවූ සෙනරත් පරණවිතාන මහතාට හෝ ගෝවේ ඉපැරණි  පෘතුගීසි ලිපි ලේඛන කියැවූ ආචාර්ය ටිකිරි අබේසිංහයන්ටවත් නොහැකි වනු ඇත!

කෙලින් නොබැලුවාට වැඩ කෙලින් !
 නම පමණක්  පරණ විතාන


අප ගඟ දිගේ පහලට යාත්‍රා කරද්දී; ගඟ පුරා සිදු කෙරුණු අටෝරාසියක් නීති විරෝධී කට යුතු වල යෙදුන වුන්; අප විශේෂ කාර්ය බලකායේ පිරිසක් යැයි සිතා  අපව මග ඇරිය ආකාරය මාහට මතක් විය.

සත්තකින්ම මේ ලියන්නේ අතිශයෝක්තියකින් නොවේ.

 මුළු ගඟ පුරා බැලූ බැලූ අත කිසියම් හෝ  නීති විරෝධී කටයුත්තක යෙදෙන හතර පස් දෙනෙකු දක්නට පුළුවන!

තැනෙක වැලි ගොඩ දමයි. තවත් තැනෙක ගොඩ දමූ වැලි ඉවුරට ගොඩ බායි. තැනෙක වැලි හලයි.වැලි  ලොරියකට පටවයි.

ඉල්ලම් හාරයි. ඉල්ලම් හෝදයි.

සමහර ස්ථාන වල ගඟේ සිට ඉවුරේ ඈතට ජලය විශාල බටයක් මගින් ඇද නැවත තවත් බටයකින් තදින් බොරවූ ජලය ආපසු ගඟට එක් කරයි. ඉහලට අදින ලද ජලය මගින් පස් සෝදා වැලි ගැනීම හෝ ඉල්ලම් සේදීම සිදු කරණ බවක් පෙන්නිම් කෙරේ.

 ඔබ පිලිගන්නවා දයි මට සිතා ගත නොහැක; සමහර තැනෙක ඉවුර යකඩ ඉනි උදළු ආදියෙන් හාරති.

බොහෝ ගං ඉවුරු හෝදා පාළුවී ගොසිනි.

ඉවුරේ ඉඩ ලද බොහෝ ස්ථාන වල පතල් හාරාදමා තිබුණි. බොහෝ පතල් අකර්නණ්‍ය වූ ඒවාය.
ඒවායෙ පිරුනු වතුර කොල පාට වී ගොස්ය.
ඇතුලත බිත්ති ශක්තිමත් වීමට යොදා ගෙන තිබූ පුවක් කොට ඇතුලට කඩා වැටීය.

මෙවන් දූෂිත ජල ධාරාවක් තව කොහිනම් වෙත්ද?

අපට දුරාවාරයේ කතා කිරීමට ඉඩ ලද අයද මෙම පරිසර දූෂන නියැඳිය පිළිබඳව සුළුවෙන් හෝ කණගාටුවන බවක් නොපෙනුනි.

කෙසේ හෝ වේවා තෙශා  හා පසිඳු අපගේ ක්ෂුදා ගින්න නිවාදමන්නට ප්‍රමානවත් මෙන්ම ගුණාතමක අහාර වේලක් හෙවත් තඩි බත් ගෙඩි හතරක් ගෙනැවිත් තිබුණි.

බත් ගෙන ඒමේ සොඳුරු අවස්ථා කිහිපයක් !

මොකාගෙ මොකක් උනත් මූට එකයි ! 
නන්නාඳුනනා කුස්සියක බිත්තර බදිමින් !

ඔවුන් මාර්ගයට ගොස් එතැනින් ත්‍රීවීලරයක නැග තවත් ඉමකට ගොස් එහිවූ කුඩා අවන්හලක කුස්සියට වැදී බිත්තර බැදගෙන අඩුවැඩිය සපයාගෙන පැමිණ තිබුණි.

සත්තකින්ම  සැපයුම් කළමණාකරණය ඉතා ප්‍රශස්ථ මට්ටමක විය. එහි සම්පූර්ණ ගරුත්වය ඔවුන් දෙදෙනා හට සෑම කලෙකම හිමි විය යුතුය.

අප බඩ කට පුරා කා; කයාකයේ පිපිරී ගොස් ඇතැයි යන්තමින් පෙනෙන තැන හා එසේ වීමට ඉඩක් ඇතයි සිතට දැනුනු සාම සියළු තැනක්ම පාහේ ඇස්බැස්ටෝස් පටි හෙවත් නෝලීක් පටි වලින් පිරියම් කර ගත්තෙමු.

මඩොල් දූවට යෑමට පෙර උපාලි හා ජින්නා එකතුව ඔරු කබල පිරියම් කරගන්නට ඇත්තේද මෙලෙසින් වියයුතුය.

බදාම යනු මේවා පමණක්ම නොවේ !

ඔරු පිරියම් කිරීමට දුම්මල ප්‍රධාන අමුද්‍රව්‍ය වශයෙන් යොදාගෙන සැකසූ බදාමයක් උපයෝගී කර ගනු ලබයි.

ඩොල්කි, තබ්ලා වැනි අවනද්ද භාන්ඩ වල හම මතුපිට ඇති බදාමය නො එසේනම් කළු පැහැති රවුම  සෑදීම සඳහා මාධ්‍යය ලෙස ගන්නේ බිත්තර සුදුමදයය.

එසේම දකුණු පලාතෙදී බිඳුනු නො එසේනම් ඉරිතැලුණු මැටි භාන්ඩ; හට්ටි, මුට්ටි පිරියම් කරණ්නේ ඉතා සිහින්ව අබරා ගත් පිඟන් කටු කුඩු සීනි සමග; සීනි උනුවන තෙක් රත්කර ගැනීමෙනි.

අද වාගේ ෆයිබර්, පීවීසී වැඩ කිඩ නොමැති එකල ඔරු සාදන ලද්දේ වල්දෙල් කොටයක් බොකු නියනෙන් හාරා දමාය. පිට හැඩය ගත්තේ වෑයෙන් ඇස (අහිනවා යන්නෙයි අතීත කාල කෘදන්තය), රාස්කුවෙන් මට්ටම් කොට, යතු කැටයෙන් මතුපිට සිනිඳු කිරීමෙනි.

එහෙත් බෝට්ටු නිපදවන්නේ 2X2 තේක්ක හල් මිල්ල් වැනි රාමුවකට එම ලෑලි වද්දා ලෑලි අතර හිඩසට හණ නූල්  කොටා පෙරකී බදාම වලින් පුරවා ලීමෙනි.

එකල මාළු ජාඩි දමන්නට, එසේම රා එකතු කිරීමට පාවිච්චි කලේද හල්මිල්ල භාජනයන් ය. හල්මිල්ල මගින් අහාර විෂ වීමක සිදු නොවනා අතර  එය නිපදවන්නාගේ අභිමතය පරිදි අවශ්‍ය පරිදි හැඩය වෙනස් කර ගත් හැකි ආකාරයේ කීකරු දැවයකි!

බඩ කට පිරෙණ්න ඇඹරූ අප නැවත යත්‍රා මත සියල්ල අඩුක් කොට හොඳින් ගැට ගසා ගෙන යලිත් ගමනට වැටුනෙමු.

පෙර ලැබූඅත් දකීමේ පරිදිම අප ලං ලං වත්ම හුදී ජනයා අප කෙරෙණ් ඈත්වන බවක් පෙනුනි. ඔවුන් පත්වන “අසීරුව” පිළිඹඳව  හදතුල උපන් දැඩි සංවේගය මැඩගත නොහැකිවූ තෙශා “මචං අපි එස් ටී එෆ් නෙවෙයි බං!’ කියනු ඇසී මගේ ඇඟේ මාළු ගඟේ නොව ඇඟේම නටන්නට විය.
 බැලුවාම තෙශා කියන දේත් ඇත්තය. අපි උන් මත ත්‍රස්ථය නොහොත් බය මුදා හැර ලැබෙනා දෙයක් හෝ සිදුවන සේවයක් නොමැත.

Gray Headed Fish Eagle (ලු !)
– Google


ගමන පිටත් වූ තැන පටන් පසිඳුගේ නෙත් යොමුවී තිබුනේ අහස් කුසටය. එසේ යොමුව විමසිලිමත්ව බලා සිට “ආං ග්‍රේ හෙඩඩ් ෆිෂ් ඊගල් කෙනෙක්, අර බලහංකො වයිට් බෙල්ටඩ් සී ඊගල් කෙනෙකුත් . . .!” යනාදී වශයෙන් නුබ සිසාරා පියාඹා යන; ඈත අතු පතර ලැග සිටින කුරුල්ලන් බලමින් හඳුන්වමින් අපට පෙන්වමින් විය.

 එය ඔහුගේ රැකියාවෙන් ඔහු ලැබූ ආභාෂය ය. ඊට යම් පමනකට හෝ අලගු තැබීමට හැකි ඥානයක්, අදහසක්, දැනුමක්, බුද්දියක් වූයේ තෙශාන්තටය. ඇනෝද දුරාවාරේ අවම වශයෙන් පසිඳුගෙන් කියවුනු කුරුළු නාමය පුනරුච්ඡාරණය කිරීමට හෝ පුළුවන් විය. මාහට සියල්ල එළදෙනෙකුට අවකලනය කියාදෙනවා මෙන් විය!

සත්තකින්ම මා හුදෙක් හබල් ගසන්නෙකු, සංචාරකයෙකු විනා ගවේශකයෙකු නොවුනි. එය මහත් අඩුපාඩුවක්  ය.
ගහ කොල සතා සීපාවාට ආදරය කරණ මිනිසෙකු ලෙසට කුරුල්ලෙකු හඳුනා ගැනීමට නොහැකි වීම විශාල අඩුපාඩුවක් සේ මාහට සිතුනි. සත්තකින්ම එය මාහට මහත්වූ ලජ්ජාව ගෙන දුන් කාරණයකි.

මෙම ගඟේ කිසිදු ජීවියෙකු එනම් මත්සයෙකු මානුදුටු වෙමි. එයට ප්‍රධාන හේතුව  ලෙස මා දකින්නේ; වැලි ගොඩ දැමීමම් මැණික් ගැරීම, ඉල්ලම් හෑරීම ඇතුළු සමස්ත සියළු ක්‍රම සහ විධි මගින්දූෂනයට ලක් වන ගංගාවක සිටින මත්සයින් හට තම ගහනය වැඩි කර ගැනීමට හෙලන බිත්තර වලට අවශ්‍ය ස්වභාවික රැකවරණය අවම බැවින් ඔවුන් වඳවී හෝ අඩුවී ගොස් ඇති බවය!

ගංගා, ඇල දොළ වැනි ජල මාර්ගයන්හී මෝටර් බෝට්ටු ධාවනයට ඉඩ නොදෙන්නේද එමගින් ඇතිවන තරග වෙතින් මත්ස්‍ය බිත්තර විනාශයට ලක්වීම හා ඉවුරු ඛාදනය අවම කර ගැනීම සඳහාය.

බන්ධුල ආඳා !

ශ්‍රී ලංකාවට ආවේනික අතිශය දුර්ලභ මත්සයෙකු වන “බන්ධුල පෙතියා” (හිටපු ඇමතියෙකු නොවේ!) දැනට ජීවත්වන්නේ කෑගළු දිස්ත්‍රික්කයේ, ගලපිටමඩ, අල්ගම ග්‍රාමයේ බව මා අසා ඇත!

න්ධුල පෙතියා


මීට කලකට පෙර මා එම ස්ථානයට ගිය විට දක්නට ලැබුනේ එම ස්ථානයේ වැදගත්කම කියා පාන්නට සවිකල A4 පිටු දෙකක පමන වැහැරී ගිය බෝඩ් ලෑල්ලකි.

ඔරු පැදිල්ලට වඩා බන්දුල පෙතියා ගැන දැන ගන්නට :

එම මසුන් සිටිනවා යැයි සලකන කුඩා ඇල පාර අඩි 3-4 ක පලලකට සීමාවූ එකකි.
එය ගලන්නේද පුරණ්ව ගිය ලියදි කිහිපයක් මැදිනි. එහෙත් එම කුඹුර හෝ ඒ අසල ප්‍රදේශය රජය මගින් අත් පත් කරගත් බවක් නොපෙනේ!

යම් දවසක පුරණ් කුඹුර අස්වද්දන්නට එහි අයිති කරුවනට සිත්වී වල් නාශක යෙදූ විට බන්ධුල පෙතියාට දෙයියන්ගේම පිහිටය!

 ඒ අවට සිටි ප්‍රදේශ වාසියෙකුගෙන් මා කල විමසීමකදී මාහට දැන ගන්නට ලබුනේ කලකට පෙර එහි සිටි මසුන් මේ වනවිට බොහෝ ලෙසකින් වඳ වී ඇති බවය!

 මෙවා මොන තරම් දුක්බර සේම මල පනින කතාද?

ගඟ බොහෝ සෙයින් නැමි සහිතව ගලා ගියේය. එහි ජලය බොර පාටින් යුක්ත විය. දෙපස ඉවුරු මත හා වතුරේ විවිධ ක්‍රියා කාරකම් වල යෙදුණු මිනිසුන් දැකිය හැකි වුවද මිනිස් වාසස්ථානයක් දක්නට නොලැබුනි.

කළු ගඟ; එකල බොහෝ විට;  පිටාර ගලන ගං වතුර මවන දිය දහරාවක් වීම ඊට හේතුව වන්නට ඇත. එසේම බොහෝ ස්ථාන වල දක්නට ලැබුනෙ වන බූටෑවක්, ලවල් කැලයක්, කුඩා පඳුරු වලින් ගැවසී ගත් පරිසරයක් විනා කිසියම් වගාවක් හෝ විශාල වන අරණක් නොවේ.

 හිර කෙමෙන් කෙමෙන් හිස ඔසවමින්ය. අපායේ ඉන්ටවල් එක අවසන් වූ ලෙසින්ම දැන් දැන් හිරු අපව දවන්න පටන් ගෙනය. අතින් ගං දිය ගෙන මුහුණත් දෑත් දෙපාත් දෝවනය කර ගන්නවා හැරෙණ්නට වෙන කලයුතු අන් පිළියමක් නොවීය.

අප සිව් දෙනාගෙන් දෙපා වැසෙන්නට ආවරණයක් යොදා නොගෙන සිටියේ මා පමණි. ඒ පණ්ඩිතකම නිසාද?
අප අසල තිබුනු වතුරද බොහෝ සෙයින් රත්වී ගොස්ය.

මහවැළියේ මෙන්ම කැළණි ගඟේ යාත්‍රා කරද්දී අප ගඟේ වතුර පරිභෝජනයට ගත්තෙමු. කොටින්ම බීවෙමු. එහෙත් කළු ගඟේ වතුර බීමට අපට සිත හදා ගැනීමට අපහසු විය.

මාගේ ආදරණීය පියා පිළිබඳව ලියා තැබුණු “තාත්තා නොම්මර 1” කතා පෙලෙහි ලියා තබන්නට නොහැකිවූ කයිවාරුවක් මෙහි ලියා තබන්නට අවසර!

මාගේ පියා සේවය කලේ වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේය.
 ඔහු තෙත් කලාපයේ හා වියළි කලාපයේ සේවය කොට ඇති අතර බොහෝ කාලයක් හබරණ අවට වන අලින් ගහන මහ වනය තුල සේවය කොට ඇත්තේය. ඔහුගේ දණ හිසින් පහත කොටස මත තුවාල කැළලක් නොතිබූ එක් වර්ග අඟලක් සොයා ගැනීමට නොහැකි විය!

 වරක් හබරණ හුරුළු රක්ෂිතය තුලදී ඔහු හා ගිය කිහිප දෙනා සමග අතරමං වී ඇත. ගෙන ගිය වතුර හා අහාර සියල්ල අවසන් වී දැඩි අව් රෂ්මිය මැද වනාන්තරය තුල ඒ මේ අතට ඇවිද ගිය තාත්තා ඇතුළු පිරිසට හිඳී ගිය ඇල පාරක් හමුවී ඇත.
 වනාන්තරයක් තුල අතර මං වූවෙකු දකින සුභ සිහිනයකි; ඇලක්, දොළක් හෝ ගංගාවක් යනු!

 මන්ද එසේ හමුවන් ඕනෑම දිය පාරක් දිගේ පහලට ගමන් කිරීමෙන් මිනිස් වාසස්ථානයක් වෙත ගමන් කල හැකි බව පිළිගත් මතයකි. එම හිඳී ගිය ඇල අවට  තිබුනු ගස් වැල් හා ගල් මත රැඳුණු සුන් බුන් වෙතින් ගලන දිශාව නිශ්චය කරගත් පිරිස ගමන අරඹා ඇත.
 දැඩි පිපාසය මහත් සේ දනෙන්නට විය. ඇල අයිනේ වූ පුලින තලාව මත අලින් අවිද ගිය පාසටහන් ගැඹුරට සනිටුහන් වී තිබී ඇත.

අනේ මගේ තාත්තා වතුර බොන්න ඇත්තේ මෙන්න මේ වගේ එකකින් වෙන්න් ඇති !

මාගේ ආදරණීය පියා තම පිපාසය සංසිඳුවාගෙන ඇත්තේ ඇත් අඩියට යාන්තමින් ඉනූ දිය සීරාව තම ලේන්සුවෙන් පොඟවා ගෙන කටට මිරිකා ගැනීමෙනි !

මේ මොහොතේ මාහට තවත් දුක්බර  මතකයක් සිහියට එන්නේ නිරායාසයෙනි. මා එයද ලියා තබන්නම්. මේ ටිකත් කියවාගෙන යමු ! තරහ අවසර!

ඒ ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කල දිනයයි.

මේ ගැන අදහස් දැක්වීමෙන් වළකිමි !

හරියටම කියනවා නම් 1987 ජුලි 29 වනදාය.

එදින රාජීව් ගාන්ධි මහතා හා ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා අතර මෙම ගිවිසුම අත්සන් කෙරෙද්දී එයට සමගාමීව එයට විරෝධය දක්වනු වස් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  විසින් සත්‍යක්‍රියාවක් කොටුව බෝධීය  අසල ඇරඹුණි.
මෙම ගිවිසුමට මුල පටන්ම විරොධය පෑවෝ ජාතික විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ද කොටුව දුම්රිය පොල අසල හා ඒ අවට පතිරී ගිය මහා ජන ගංගාව මැවීමට එක් වන්න ඇතැයි මා සිතමි.

මමද මාගේ එකම හා වැඩි මහළු සොහොයුරු එනම් මා සමග තල් අරණට, පොළොන්නරුවට සයිකල් පදින ලද මධූගේ පියා ද පිට කොට්ටේ සිට කොටුවට පැමිණියේ කුමන කරුණක් අරබයා දැයි අදටත් මාහට මතකයක් නොමැත.

කෙසේ හෝ අප ද කොටුව දුම් රිය පොල ඉදිරියේ ජනසංනිපාතයට එක් වීමු.

බල -කොටුව !

 ගිවිසුමට; ජනතාව වෙතින් පමනක් නොව එවකට අගමැතිවූ වූ ආර් ප්‍රේමදාස මහතාගේ පවා දැඩි ඝර්ෂණයක් ප්‍රකට විය. මේ නිසාම ඇතිවිය හැකි කැරළි කාර තත්වය මැඩ පැවැත්වීමට පොලීසිය ඕල්කොට් මාවත පුරා සීරුවෙන් විය. ඒ අසල බස් රියකට ගිනි තැබුනා වාගේ මතකය.

 පොලීසිය වෙතින් කඳුළු ගෑස් ප්‍රහාරයක් නිකුත් කෙරිණ!

මිනිසාගේ මුඛය තුල ඛේට ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ හුදෙක් අහාර හැපීම පහසු කිරීමට, ගිලීමේ පහසුව වෙනුවෙන් ගුලි සෑදීමට කියා සෞඛ්ය පාඩමේදී; පන පිහිටුවා ජයමහ සර්  කීවාට ඉන් තවත් ප්‍රයෝජන රාශියකි.

කුඩා කාලේදී ගල් ලෑලි මැකීමට, සිදුවන කුඩා තුවාල මත ආලේපනයට, ඉඳිකටුවට නූල ඇමිණීමට, මුද්දර ඇලවීමට, ඉස්තිරික්කය රත්වී ඇත්දැයි බලා කියා ගැනීමට හා මෙහි දැක්විය හැකි  නොහැකි එකසිය එකක් කාරණා කාරණා අතර තවත් කාරණා දෙකක් මා එක්කරණ්නම්!

ඉන් පලමු වැන්න කිමිදුම් කටයුතු වලදී ඇස් හා නාසය ආවරණය වන පරිද්දෙන් පලඳින මාස්ක් එක, ගොගල් එක නොහොත් ආවරණය තුල  වාෂ්ප ඇතිවීම වැලැක්වීම ඛේටය හෙවත් කෙළ ආලේපනයෙන් මග අරවා ගත හැක.

දෙවන හෙවත් අපේ කතාවට අදාල ප්‍රයෝජනය වන්නේ කඳුළු ගෑස් ප්‍රහාර වලදී; දෙනෙත් මත කෙළ  හෙවත් ඛේටය ගැල්වීමෙන් එයින් තරමක ඉසිඹුවක් ලැබීමට පුළුවන! මෙය මා ඉගෙන ගත්තේ බී බී සියේ චන්දන කීර්ති බණ්ඩාරයන් වෙතිනි!

අදාල දිනයේ පොලීසිය වෙතින් එල්ලවුණු දරුණු කඳුළු ගෑස් ප්‍රහාරයට මුහුණ දීමට මා; මගේ දෑස් මත කෙළ තවරා ගත් අතර මාගේ සොහොයුරා එම ක්‍රියාව පිළිකුලෙන් ප්‍රථික්ෂේප කලේය.
  ඉන් පසු මා ඔහු සමග කොටුව දුම් රිය පොල ඇතුලට ගොස් ඔහු කමිසය යටින් ඇඳ සිටි වෙලෝනා බැනියම වතුර කරාමයකින් තෙත් කර එයින් දෑස් තෙමා ගන්නට ඔහුට කියා දී නැවතත් ජනයා අතරට එක් විය.

එකල වාසුදේව නානායක්කාර හා වික්‍රමභාහු කරුණාරත්න එක පතේ කාගෙන සිටින කාලයේ කඳුළු ගෑස් වලට මුහුණදීමේදී වාසු මගේ ක්‍රමය අනුගමනය කල අතර භාහු එයට මුහුණ දෙන්නට තෙත ලේන්සුවක් ඉටිකවරයක බහා ගෙන යාමට පුරුදුව සිටියේය.

මිනිසුන් තම අතට අසුවන දෙයින් පොලීසියට පෙරලා පහර දෙමින් විය. පොලීසිය  විසින් පහර දෙන කඳුළු ගෑස් කෑන් නැවත ඔවුන් වෙතටම දමා ගසන්නට එහි වූ පිරිස ක්‍රියා කලහ. මේ සියල්ල අතර තුරේ විටින් විට සිහින් පුපුරණ හඬක් ඇසිණි.

“උන් වෙඩි තියනවා!  කවුදෝ කියනු ඇසිණි!

මා සිතුවේ රබර් උන්ඩ වලින් කරණ ලද ප්‍රහාරයක් ලෙසය. කොටුව දු රිය පොලට සම්මුඛව පිහිටි ගොඩ නැගිල්ලේ “අලිඩොන් රත්ඥ්ඥා” නාම පුවරුවක් විය.
එයට ඉහල මහලේ ජනෙල්  වෙත කිසිවෙකුගේ ඇස් යොමු වී “උන් වෙඩි තියන්නේ අන්න අර බිල්ඩිමේ ඉඳන් . !” කියා කෑ මොර දුන්නේය.

එහෙත් වෙඩි තිබ්බේ එතැන් සිට නොව මැක්ලම් පොත් සාප්පුව අසල එක පෙලට තනි පයින් දන බිම ඇන සිටි පොලිස් නිළධරයින් පෙලක එක් කෙලවරක සිටි සාමාන්‍ය පොලිස් නිළ ඇඳුමට වඩා තරමක ලා පැහැයෙන් යුත් නිළ ඇඳුමක් ඇඳගත් අයෙකු විසින්ය!

තවත් පුපුරණ හඬක් නැගිනි. එකවරම මා අසල නොව මා අසලින්ම සිටි නන්නාඳුනන මිනිසාගේ පපුවට වෙඩි වැදිනි. ඔහු සිටියේ මාගෙ උරෙනුර ගැටෙමින්ය!
ඒ සමගම හේ බිම පතිත විය.
 මිනිසුන් කිසිවෙකුට ඊට තම අවදානය යොමු කරලීමට උනන්දුවක් නොවීය. මමත් මගේ සොහොයුරාත් තවත් කිහිප දෙනෙකුත් ඔහු වෙත් නඹුරු විය!

“ව .තු .ර . !” ඔහු  කෙඳිරි ගෑවේය.

ඒ අවට වතුර සොයා ගැනීමට ඒ මොහොතේ නොහැකි විය. මා මාගේ සොහොයුරා අත තිබූ වතුර පෙඟවූ බැනියම ගෙන ඔහුගේ කටට මිරිකුවෙමි.

තවත් මොහොතකින් ඔහු නිහඬ විය.

ජලයෙහි වටිනා කම වඩාත් දැනෙන්නේ කාන්තාරයකදීද  නොඑසේ නම් ගං වතුරකට මැදිව පාණීය ජලය නොමැතිව සිටින විට දී දැයි දන්නේ සිගරට්ටුවක් අත තිබී ගින්දර සොයා ගැනීමට නොහැකිව  මොහොතක් හෝ ලත වූ අයෙක් පමණි!

අපද සිටියේ ඒහා සමාන තත්වයකය. හාත් පසම ජලය සපිරි ගංගාවක් අප; බීමට සිසිල් දිය පොදක් නොමැතිව ගමනේය.

අපගේ සිතියම සටහන් වලට අනුව අප සිටියේ කිරි ඇල්ලට ආසන්නවය. මේ වන විට දිවා ආහාරය පිළිගැනීමට කුස සූදානම් බවක් දැණින.
ඉතා ඉක්මණින් අප කිරි ඇල්ල නගරය හෝ  ඒ අවට ආපන ශාලාවක් සොයා ගත යුතුය! හාත් පස ඉව ඇල්ලීමේදී අවටින් දිවෙන මාර්ගයක හඬ ඇසිනි. අප සෙමෙන් සෙමෙන් දකුනු ඉවුර ආසන්නයෙන් ගමන් කලෙමු.
එක් ස්ථානයක තරමක වැලි තලාවක් හා ඉවුර හරහා ගම තුලට දිවෙන මාර්ගයක් දිස් විය.
 අප කෙමෙන් එම ස්ථානයට සේන්දු වුනෙමු. මමත් ඇනෝත් සුපුරුදු ලෙස කයාක ගොඩට ගෙන ඉවුරේ වූ වන වදුල යට සැතපුනෙමු.

හිසට උඩින් තුරු වදුලය. සිරුරට යටින් සිහින් සේද වන් වැල්ල මත වැවුනු තණ  පලසය! මටත් අනෝටත් විවේකය විඳීමට ඉඩ හල පසිඳු හා තෙශාන්ත සුපුරුදු පරිදි දඩ බිම් සොයා ලඳු කැළය අතරින් විහිදුනු මාර්ගයේ නොපෙනී ගියේය.

ගංගාව වෙතින් ගලා ආ සිහිල් සුළඟ විසින් මා අඩ නින්දකට ගෙන යමින් විය! පෙරදින රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතව සිටි මාහට නින්ද තබා දෑස් වසා සිටීම පවා අතිශය සුවය ගෙන දෙන තත්වයක් විය!

“කාටද ඕනා කූල් එකක්! කාටද ඕනා කූල් එකක්!?” නින්ද සිසාරා ඇසුනේ පසිඳු ගේ ලේංගතු කට හඬය.

මා දෑස් විවර කර බලත්ම අතකින් බත් පාර්සල් හතරක් එල්ලා ගත් තෙශාන්තත් ඊට පිටු පසින් සුරතින් අධික ශීතලෙන් පිණි වෑස්සෙන කාල්ස්බර්ග්  කෑන් හතරක්  ගත් පසිඳුද විය!

“සිහිනයක්ද මේ . . . . . . ? හාදු වැස්සක් අරණ් . .  ! “

 Black & White වුනාට Colourfull මතක !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම – කළුතරට !
%d bloggers like this: