Menu Close

රජ වුණත් රජරටට ඉඩෝරෙක ගොවියෙක් වී කුමට

මන්දාරම් වැහි වලාවක් ආකාහේ පායනා හැම හැන්දෑවක 

ගහ කොළට මිහිකතට දැනෙනවා ඇති සතුට නැහැවෙන්න 
වැහි නොදී ඔච්චමට ආකාහේ ඇස් බැඳුම් මවනා සෙයක
වියළෙනා තුරු ඉපල් මියැදෙන්නේ හුස්ම දෙන පණ එක්ක
සා පැටව් සඳ රැහේ කුස නොපිරි අඳුරේය දෙතුන් දොහ
වෑ දියේ පතුලටම සිඳුණු දිය ඉරි ඇඳුනු ගෙත්තමක් ඉරුණ
යල මහට සරු සරින් නිල්ල වූ කාලයක් අමතකව හිඳින
බත් දුන්න බත් කුඹුර පැන් නැතිව පිපාසිතයි තවම
ඉර නැගෙන ඉර මුදුන අවරගිර තුන් කල්හි නොම වෙනස
ඇස ගැටෙන හැම තැනෙක දුලී දුම් වේය සිතුවම් ඇඳෙන
සුදෝ සුදු කිරි කොකුන් රිව් රැසින් පීඩිතව අකුරට හඬන
දුෂ්කරම ක්‍රියාවක් වගෙයි ජිවිතය සංසාරේ බර අදින
පෙරදිගට මුතු ඇටය විය භව බෝග සහලින් පිරුණ
මහසේන පැරකුම්ය ගැමුණු රජු දෙවියනි කීමැයි මෙ’නපුර
ජය සිරිමා බෝධියෙන් බැතිබරව ගිලිහි සුළඟට වැටෙන
තිසා වැව කොහොම පිළිගන්නෙ බෝ පතක් නහව
පෙරහරේ වඩම්මන කරඬුවේ බර දන්නේ ඇත් කුලේ වාගේම
මහපොළවේ ගැටී ගැටී බත සදන රජෙක් කිරුළක් නොලද
ආකහේ දුක සතුට හැම වෙනසටම හිස නමා ගරු කරන
රජ වුණත් රජරටට ඉඩෝරෙක ගොවියෙක් වී කුමට
%d bloggers like this: