Menu Close

ගිනිගත්හේනේදී හමු වූ අපූරු මිනිසා ……

ගිනිගත්හේන යනුවෙන් පවසන විට මා කුඩාකල මතකයට එන්නේ ගිනිගෙන විනාශවී ගිය හේනකි.  එය කොහි පිහිටා තිබෙනවාද ? උෂ්ණ කලාපයට අයිති කොටසක්ද ? ශීත කලාපයට අයත් ගමක්ද ? යන්න ගැන කිසිම නිනව්වක් නැත. අද මෙන් අන්තරජාල පහසුකම් නොතිබුණ කාළයක, ඒ පිලිබඳ වැඩිපුර සොයා යන්නට ආශාව තිබුනද, ඒ සඳහා අවස්ථාවන් විරල විය. එකළ සිටි වැඩිහිටියන්  අද මෙන් කාරුණික නොවීය. පිට පුරා දැඩි අතුල් පහරක් එල්ල කරන්නටද සමහරවිට මෙවැනි ප්‍රශ්ණයක් ප්‍රමාණවත්ය.

මා උසස්පෙළ අවසන් කරනවාත් සමගම ශ්‍රී පාදය කරුණා කරන්නට අපේ ක්‍රීඩා සමාජ පාපන්දු හා ආශ්‍රිත පිරිස සුදානම් වුවත්, මේවාට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් උදා වේදැයි මා සිටියේ මද දෙගිඩියාවකය. මේ වෙනුවෙන් මා ජයගතයුතු කරුණු දෙකක් වෙයි.  ඒ මේ සඳහා අවසර ලබා ගැනීම සහ එයට සහභාගී වීම සඳහා අවශ්‍ය බරපැන  සපයා ගැනීමයි. එකළ අම්මා කිසිදු දිනක නිවසින් පිට රාත්‍රියක් ගත කිරීම සඳහා අවසර ලබා දුන්නේ නැත. එසේ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාසයක පමණ පෙරසුදානමක් අවශ්‍ය වේ.  මා එය සිදු කළ ආකාරය පිළිබඳව කිසිදු මතකයක් නැත. ඒ කාළයේ මා මුදල්

________________________________
 පද්දතියට ඇතුලත් කර, ජංගම ගිණුම්, උකස් පද්දතිය,ප්‍රධාන ලෙජරය ආදී මෙකි නොකී සියල්ල නව පද්දතියට ඇතුලත් කොට, ශාඛාවේ අත්හුරු ක්‍රමයට වැඩ කළ සේවකයින්ට නව පද්දතිය පිලිබඳ පූර්ණ පුහුණුවක් ලබා දීමය. මෙවැනි ගමනකදී මා හා නාමල් පද්දතිය පරිවර්තනයට කාළය ගත කරත්දී, අකිල කරන්නේ ටර්මිනල් සවිකර, ඒවායේ කේබල් පිළිවෙලකට අකුලා තැබීමයි. සාපේක්ෂව අප දෙදෙනාට යම් වගකීමක් තිබේ. ඒ සිකුරාදා පැමිණෙන අප සඳුදා උදේ වන්නට ප්‍රථම මේ  සියල්ල හමාර කිරීමයි. මෙවැනි ගමනකදී පැරණි ශාඛාව සහ බොහෝ විට නව ගොඩනැගිල්ලක ඇති ශාඛාවක් අතර බඩුමුට්ටු එහා මෙහා කිරීමට සිදු වෙයි. ශාඛාවේ අය මෙවාවට කරදර වන අතරේ, ශාඛාවේ පිරිමි පාර්ශවය හවසට හවසට මේසයක් වටා සෙට් වීම සාමාන්‍ය දර්ශනයකි. මෙවැනි ගමන් වලදී ඔවුන් අපව ඒ මේස වලට අනිවාර්යයෙන් සහභාගී කර ගනියි. සමහර කපටි පුද්ගලයින් අනෙක් අය මග හැර අප සිවුදෙනා සමග පමණක් සෙට් වීමට උත්සාහ කරයි. එවැනි උත්සාහයන් කරන්නේ පරිගණක ගත කිරීමේ ක්‍රියාවලියෙන් පසු පද්දති භාරකරුවා වීමටය, එය එක්තරා අයුරකින් ශාඛාවේ  නිළ නොවන කළමනාකාර තනතුරක් වැනි බලතල හිමිවන අවස්ථාවක් නිසා පමණක්
________________________________
 විශාල තැතිගැන්මකින්. සමහර සේවකයින් පරිගණකයක් ඉදිරියේ වාඩි වන්නේ ජීවිතයේ ප්‍රථම වතාවට. සමහරුන්ගේ වයස පනස් ගණන්. මේ වගේ අයට කුඩා දරුවකුට උගන්වනවා වගේ පහසුවෙන් උගන්වන්න බෑ. ඔවුන්ට එක් යතුරක් තද කරන්න කිවුවොත්, යතුර උඩ ඇඟිල්ල තියලා කරකනවා. එතකොට අකුරු පේලියක් වදිනවා. ඉතිං මේ විදියට පටන් අරගෙන, සති දෙකක් ඇතුලත අපේ සහයෝගය නැතිව වැඩ කරගෙන යන්න එයාලට පුළුවන්. පුළුවන් වුණත්, බැරි වුණත් අපි එනවා. නැත්නම් ජීවිත කාලෙම හිටියටත් එයාලා තනියම වැඩ කරගෙන යන්නේ නෑ. අපි මෙහෙ ආවට පස්සේ කරන්නේ එයාලා වරද්ද ගත්ත තැන් හදා ගන්න දුරකථනයෙන් උපදෙස් දෙන එක. පළවෙනි දවසේ වැඩේ බොහොම අපූරුවට අවසන් කරලා අපි රෑ හත වෙනකොට නවාතැනට ගියා. නමුත් දෙවෙනි දවසේ අර පුද්ගලයා අවුට්-අවුට් කියා හැමතැනම ඇවිදිනවා. ඒ කාළයේ තිබුණා අපේ පද්දතියේ ශාඛාව තුලනය වී ඇත්දැයි බලන පොදු ලෙජරයට අයත් කොටසක්. බොහෝවිට අපි භාවිතා කළේ මේ වැඩසටහන. එය තුලනය වී ඇතිනම්, බැච් බැලන්ස් යනුවෙන් සටහන වෙනවා. අසමතුලිත අවස්ථාවක සොරි නොට් බැලන්ස් යනුවෙන් තිරයේ දිස් වෙනවා. මේ පුතයා(කිවුවට 40 පැනලා), සොරි not එක, සොරි නොට් එක 

 _______________________________

 ගත්තා. එය බලන්න බැරි වෙන්න අටකට විතර නවලා ස්ටෙප්ලර් කටු ගහලා තිබුණා. එය ගැලවූ පසු අගය හරි. මම නැවතත් පද්දතියේ පෙන්වන අගය බලන්න, ඒ වැඩසටහන නවතාඇ ක්‍රියාත්මක කළා. මම අගයයන් දෙක දෙස නෙත් යොමු කළා. වෙනස් !!! පස්සේ මම දින දෙක සංසන්දනය කළා. මට ඒ වෙලාවේ මේකා කළ මගඩිය පැහැදිලි වුණා. මේ වෙනකොට මේ හාදයා දකින්න හිටියේ නෑ. ඔහු කර තිබුණේ කලින් දවසේ මුද්‍රිතයක් අරගෙන ඒ අගයට පිවිසුම් පැනවීම. මට යකා ආවේශ වුණා. පස්සේ මිනිහා ආවම සියල්ලම ඉදිරියේ කිවුවා. “මේකෙන් ඕටී කරලා හදන ගෙයි කාමරයක් මටාත් ඕනේ” කියළා. මිනිහා මීක් නෑ. ඔය වගේ අය කාලාතුරැකින් හිටියත්, බොහොම විරලයි. ඒ නිසා මේ වගේ සඳහනක් කළේ එහි රසවත් බව ඔබට කීමට. නැතිව මහජන බැංකුව නමැති මා ඇතුළු බොහෝ දෙනකු ජීවත් කරවන සුවිසල් ආයතනට වචනයකින් හෝ අගතියක් කරන අදහසින් නොවෙයි. ඔය ගිනිගත්හේනේ සිස්ටම් එක බාර දුන්න රත්නායක කියළා කෙනෙක් හිටියා මිනිහා සිස්ටම් කියන එකට කියන්නේ සිස්ටන් එක කියළා. ඉතිං අපිට වඩා වැඩිහිටියෙක්ගේ ඉංග්‍රීසි  නිවැරදි කරන්න යන්නත් බෑ. කියන සමහර දේවල් තේරුම් අපහසුකම වගේම හිනා යන්න ආවත් හිනා වෙන්නත් බෑ.

________________________________

 දන්නේ නෑ. රුක්ගොමුවකින් හෙවන වුණු වංගු සහිත ඔයක් කිව්වොත් නිවැරදි තැනක. එතැන තියෙනවා අඩි  හයක හතක දිය ඇල්ලක් වගේ බොහොම සීරුවට කඩා හැලෙන තැනක්. එතැනට ඇවිත් හිටිය පොඩි එවුන් වගයක් ටියුබ් එකක් දාගෙන වේගයෙන් ගලන මේඔයේ පහලට ටික දුරක් ගිහිං නැගිටලා අර ටියුබ් එක කරේ දාගෙන ඉහලට යනවා. අපිටත් මේ සෙල්ලමට ආසහිතිලා  පොඩි එවුන්ගෙන් ඉල්ලගෙන මේ ටියුබ් ගමන ටික වෙලාවක් කළා. පොඩි එවුන් නරක වෙයි කියළා හිතලද කොහෙද උන්ගේ මහ එවුන් ඉක්මනට යන්න තීරණය කරපුනිසා ටියුබ් එක හිල් වෙන්න කලින් පොඩි එවුන්ට යන්න පුළුවන් වුණා. අපේ කට්ටිය අවශ්‍ය කරන කළමනා එහෙමත් අරගෙන ඇවිත් තිබුණ නිසා සමහරවිට පොඩි එවුන්ගේ මහ එවුන් හිතන්න ඇති අපි ටියුබ් එකේ ගාස්තුව විදියට පොඩි එවුන්ට ෂොට් එක ගානේ දෙයි කියළා. එහෙම වුණොත් ඉතිං මහ එවුන්ට කෙළ ගිල ගිල තමයි ඉන්න වෙන්නේ.මොකද ඒ වගේ වැඩකට නොදන්නා එවුන්  හවුල්  කරගෙන  අනාගත්ත  අත්දකීම් බොහොමයක් තියෙන නිසා, ඒ වගේ අභීත තීරණයක් ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. මෙන්න මෙතැනදී ඉරෝෂාගේ කැමරාව ක්‍රියාත්මක වුණා. ඒ ඡායාරුප අපිට පසු අවස්ථාවක බලන්නට සැලස්වුවත්, එයින් කිහිපයක් මේකට

________________________________

එහි කාමර වෙන් කර ගත්තා. මේ යුගයේ  ලංකාවේ කුමන පළාතකට අපි විසිත්ත කළත්, මගේ ජොගින් ඇඳුම් කට්ටලය රැගෙන යන්න, මම අමතක කරන්නේ නෑ.දැන් මම දෛනිකව ව්‍යායාම නොකලත්, දැනට අවුරුදු 4 කට පෙර එය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා තිබුණා. ඒ වෙනුවෙන් සිහින් සිරුරක් පවත්වාගෙන යන්න මම වෙනත් ක්‍රමයක් අනුගමනය කරනවා.  ඒ ගැන පොස්ට් එකක් පසුව ලියන්නම්. 
මේ ගමනට එකතු වුණු  අපේ රියැදුරු මහතා ගැන වචනයක් සඳහන් කරන්න ඕනේ. ඔහුගේ නම සෝමරත්න, ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අපිට කරදර අඩුයි. මේ වගේ ගමන් වලට එකතු වෙන සමහර රියැදුරු මහත්වරු පූල් එකේ ගාන සේටල් කරන්නේ නැතුව මාරු වෙන්ව. පූල් එක කියන්නේ, මේ වගේ ගමනකදී පවත්වාගෙන යන පොදු අරමුදල. මුලින්ම හැමෝගෙන්ම රුපියල් 2000ක් විතර එකතු කර ගන්නවා. ඒ අරමුදල හසුරුවන්න එක් අයෙකුට භාර දෙනවා. ඉන් පස්සේ එන හැම වියදමක්ම දරන්නේ ඒ අරමුදලින්. එයා කරන්නේ ඒ බිල් තමන්ගේ ළඟ තබාගෙන, පොදු ගිණුමක් පවත්වාගෙන යන එක. ඒ වියදම බෙදලා අදාළ අයගේ වියදම් තීරුවට එකතු කරනවා. තව මුදල් අවශ්‍ය නම් නැවත එකතු කරනවා.

________________________________

 අතකින් වාසියි. එයාලා ඇඟට ගොඩ වෙන්න එන්නේ නෑ. ඉතිං සෙනෙවිරත්න ලොක්කා අපි යමුද තේකක් බොන්න කියළා කථා කළා. කවුරුත් මේ වෙනකොට උදේටත් සප්පායම් වෙලා. එහෙනං උඹ පලයන් කියළා, නාමලා මාව පංගාර්තු කළා. මමත් එතුමා එක්ක ගිහිං ආගිය තොරතුරු කථා කරන ගමන් තෙකක් රස බැලුවා. එතකොට මම තේ බොනවා. දැන් බොන්නේ නෑ. අනික මේ වගේ පළාත් වල තේ හරිම රසයි. හේතුව විස්තර කරන්න අවශ්‍ය නෑ. කොලිටි බඩු මේ පැතිවල හිඟන්නොත් බොන්නේ.   මේ වගේ ගමන් වලදී ලැබෙන වාසි කිහිපයක්ම තිබෙනවා.  ඒ මේ වගේ පළාත් වල තිබෙන වස-විසෙන් තෝරා ආහාර පරිභෝජනයට ලැබෙන අවස්ථාව, අනික ඒවා මිලදී ගෙන එන්න ලැබෙන අවස්ථාව. සමහර වෙලාවට අපි තොග පිටින් ගෙනැත්, අපේ අසල්වැසි, ඥාති අය අතර බෙදා දෙනවා. ඒ තරමට ඉස්තරම්, ඒ වගේම මිලත් අඩුයි. මේ ගමනේ රියැදුරු සෝමරත්න ව්‍යාපාරිකයෙක් කියළා මම කිවුවා. එයාට අයිති කඩයක් තමයි නාරාහේන්පිට අභයාරාමයට පාරෙන් අනික් පැත්තේ තියෙන්නේ. එතැන සරු ව්‍යාපාරයක් තියෙනවා. ඉතිං සෝමරත්න, මුදලට ලෝභ නෑ. ඒ වගේමයි හොඳ මහත්මයෙක් වගේ හැසිරෙනවා, නිතරම ඉහළ කළමනාකාරීත්වයට සේවය කළ කෙනෙක්. මිනිහා බ්‍රාන්ච් වලට

________________________________

කියළා. මමත් ගොනා වගේ අරගත්තා. දා ගත්තම සුදුවට රවුම් දෙකක් පෙනුණා. මේකා කොළ කෑලි දෙකක් රවුමට කපලා. ඒකෙ පුරුෂ පක්ෂයේ සෙට් එකක් ඇඳලා අලවලා. වැඩේට මටත් හිනහා. පස්සේ ඉතිං ඕක මුළු අංශයේ ඉන්න හැම එකාටම මාසයක් විතර කියවලා රසය ගන්නවා. වලස්මුල්ලෙදී කරපු තවත් රසවත් වැඩක් මතක් වුණා. ඒ විස්තරය පසුවට. 
ඔය බ්‍රාන්ච් වල  සුළු  සේවකයෝ සෙට් එක පුදුම ආතල් කොට්ඨාශයක්. ගිනිගත්හේනේ හිටිය කෙනාගේ නම මට මතක නෑ. පලවෙනි දවසේ හවස, මැනේජර්, එතකොට උපදේශක සිකුරිටි, මේ පියන් හරි ලේබර් හරි කෙනා විතරක් ඉතුරු වෙන්න අනික් අය ගියා. සිස්ටම් කරන්න දාලා තිබුණ රත්නායක අනික් කෙනා මගේ මතකය නිවැරදි නම් දර්ශිකා. ඒගොල්ලොත් ගියා. ඉන් පස්සේ බෝතලයක් අනුමත කරන්න අපිටත් ආරාධනා කරා. මම බොන්නේ බියර් නිසා මට කාර්ල්ස්බර්ග් එකක් ගෙනැවිත් තිබුණා. ඉතිං කට්ටිය සෙට් වෙලා යන අතරේ, මම මේසෙට ඔලුව ගහගෙන පොඩි නින්දක් අරගෙන. දැන් අර ලේබර් උන්නැහේ(කිවුවට 30ක් විතර ඇති කාළ වර්ණ පොරක්) මොකක්දෝ කථාවක් කියනවා. වල් ඌරෝ මුණගැහුණු කතාවක්. ඒ කාලේ අපි බ්‍රාන්ච් ගිය ගමන්ම හොයන්නේ

________________________________

එකතු කරගන්න පුළුවන්. ඒ වගේම එතුමා ඇමති කෙනෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකු වශයෙන් ලබපු රසවත් කතා ටිකක් එකතු කරන්න පුළුවන් වෙයි.    මේ වෙනකොට මම බොහොම සංයමයෙන් එතුමාට ඇහුම්කන් දෙනවා. ගිනිගත්හේනේ පළමු සතියේදී අපිට බ්‍රාන්ච් එකේ අයත් එක්ක වැඩිය සෙට් වේවි ඉන්න ඉඩකඩ නැති වුණත්, දෙවෙනි සතියේ එයාලා වැඩ තනියම කරගෙන යන තත්වයකට ආවම, අපිට වේලාසනින් වැඩ අහවර කරගෙන ඒ කටයුතු වලට වේලාසනින් සුදානම් වෙන්න පුළුවන් වුණා. මේ බ්‍රාන්ච් එකේ කෙල්ලෙක් හිටියා කවුන්ටරයේ, කැම්පස් යන්න කළින් බැංකුවේ තාවකාලික පදනම මත සේවය කරන. ඉතිං මේ අය අපිට් එක්ක ඉක්මනින්ම කුළුපග වෙන කට්ටිය. හේතුව තමයි මුලින්ම ට්‍රේනින් දෙන්න වෙන්නේ කවුන්ටර් වල ඉන්න උදවියට වීම. එයාලගේ වැඩ, කරගෙන යන්න අපේ සහය අත්‍යවශ්‍ය වෙනවා. මේ කෙල්ලගේ නමත් මට ඒ හැටි මතක නෑ. ඒ කෙල්ල ඇවිත් මගෙන් ජාවා(ක්‍රමලේඛන භාෂාවක්) පොතක් ඉල්ලුවා. මම කිවුවා, මගේ ගාව නම් නෑ හොයලා බලන්නම් කියළා. බලනකොට ඒ කෙල්ලගේ අයියා ජාවා ඉගෙන ගන්නවා, ඒත් කැම්පස් එකේ. ඒ කෙල්ල දවසක් කවුන්ටර් පුටුවේ පණුවෙක් වගේ නලියමින් සාමනේර ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක අල්ලාප-බැලුවම තමයි දැන ගන්න ලැබුණේ

________________________________
මම ඒ ගැන දැන ගත්තේ, අපේ බැංකුවේ ක්‍රීඩා උත්සවයක් අමතන්න ආපු මහාචාර්ය ලක්ෂ්මන් පියසේන මහතා කළ කතාවකින්. එතුමා කතා කරමින් මේ බැංකුවේ නිර්මාතෘ වින්සන්ට් සුබසිංහ මහතා ගැන සඳහන් කරමිකන් කියා සිටියා “එතුමා මුලින්ම මේ බැංකුවට බඳවා ගත්ත සේවකයින්ගෙන්  සම්මුඛ සාකච්ඡාවේදී විමසපු කාරණයක් තමයි, මිනිසුන්ගේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුලුවන්ද ? කියන එක”. මගේ හිතේ මේ වාක්‍ය කිහිපය බොහොම ගැඹුරු විදියට පැලපදියම් වුණා.  
දෙවෙනි සතියේදී අපි ඔවුන් ලඟට වෙලා පුහුණු කටයුතු කරන්නේ නෑ. අපි බොහෝවිට පද්දති කාමරයේ සිට ඔවුන්ට අවශ්‍ය වූ විට පමණක් පිටතට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. මෙවැනි දවසක තේ බොන්න එලියට ගිය අවස්තාවක අපත් සමග ශාඛාවෙන් එකතුපුද්ගලයෙක්, පැරණි ගොඩනැගිල්ලක් අසළ මිටි බංකුවක හිඳ සිටින අපිළිවෙල දිගු රැවුලක් සහිත පුද්ගලයෙකු පෙන්වා, නියම මෑන් කෙනෙක්, පොඩ්ඩක් කතා කරළා බලමුද කිවුවා. අපිටත් විශේෂ හදිසියක් නොතිබුණු නිසා ඔහුගේ අදහසට   එකඟ වුණා.

මේ මුණගැසීමට අවුරුදු දහඅටක් වත් වෙන නිසා, මට හරියටම මේ මනුස්සයාගේ නම මතක නෑ. කොහොමත් අවුරුදු 80 කට

________________________________

ඔහු තවත් බොහෝ දේ පැවසුවා, නමුත්  අද මට ඒ ගැන නිශ්චිත මතකයක් නෑ. 

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
5
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
6
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
7
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
8
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
9
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10
අවශ්‍යතාවයක් ඇති වූ විට දිව යන්නේ  අක්කා වෙතය.

කෙසේ හෝ එම විනෝද චාරිකාවට එක් වුයෙමි. එහි ගමන් මග යොදාගෙන තිබුණේ ගිනිගත්හේන හරහාය. මා මුලින්ම ගිනිගත්හේන දුටුවේ එදාය. එහි කිසිම ගිනිගත් ස්වභාවයක් නැත. ඉතා සිත්ගන්නා සුළු මනස්කාන්ත පරිසරයක් එයට ඇත. ඉන්පසුව මා මේ නගරය වෙත පෙමින් බැඳුනේය. ඕනෑම කෙනෙකුට එවැනි නගර කිහිපයක් ඇත. ගිනිගත්හේන එසේ මා ප්‍රිය කරන එක් නගරයකි. ඉන් පසුව මගේ රාජකාරි කටයුතු සඳහා මෙම නගරය කිහිප වරක් පසු කරන යන්නට අවස්ථාව උදා වුවද, එම නගරයේ නවාතැන් ගෙන එහි සති දෙකක කාළයක් සේවය කරන්නටඅවස්ථාව උදා විය. ගිනිගත්හ්න ගමනට මා එක් වුයේ ඉතා කැමැත්තෙනි. නාමල් සහ අකිල මේ ගමනට එක් වූ කණ්ඩායමේ අනෙක් දෙදෙනාය. එහි ප්‍රධානත්වය ගත්තේ නාමල්ය. ඉන්පසු අත්දැකීම ඇති මමත් සහ අකිල වගකීම් අතින් නාමල්ට වඩා අඩු බරක් දැරුවෙමු. මෙවැනි ගමනකදී අපගේ වගකීම වන්නේ, කොළඹින් රැගෙන යන සර්වරය, ටර්මිනල් සහ මුද්‍රණය යන්ත්‍ර නව ශාඛාවේ සවි කර, පැරණි ශාඛාවේ තිබෙන පැරණි පද්දතියේ ඇති දත්ත නව

________________________________

 නොව, දෛනිකව පද්දතිය සමතුලිත කිරීමේ වගකීම හිමි වන්නේ මෙකී පුද්ගලයාට නිසා, ඔහුට සැලකිය යුතු අතිකාල ප්‍රමාණයක් හිමි වන නිසාය. ඉතිං ඔවුන් අපට සමීප වීමට උත්සාහ කරයි. නම් වශයෙන් සඳහන් කිරීමට වුවත්, එවැනි පුද්ගලයෙකු අපට රක්වානේදී මුණගැසිණි. එහිදී ප්‍රධාන වගකීම දැරුවේ මා වූ අතර, සුපුරුදු පරිදි අකිලද මෙම ගමනට එකතු විය. පද්දතිය ක්‍රියා කරවීමේ සඳහා පත්කළ පුද්ගලයා මුල සිටම උත්සාහ කළේ හැකිතරම් අතිකාල ප්‍රමාණයක් කර මඩිය තර කර ගැනීමටයි. ඔහු නිතරම අපගෙන් ඉල්ලා සිටින්නේ ගොඩකවෙල ශාඛාවට ගෙනැවිත් සවිකළ වර්ගයේ පරිගණක පද්දතියක් මෙහිද ස්ථාපනය කරන ලෙසයි. ඒ ඇයිදැයි අප විමසා සිටි විට, ඔහු පවසන්නේ එම පද්දතිය ස්ථාපනයෙන් පසුව සිස්ටම් ඔෆිසර් අලුත් ගෙයක් හැදුවා යන්නයි. පළමු සඳුදා දිනයේදී සියළු කටයුතු පිලිබඳ පැහැදිලි පුහුණුවක් ඔවුන් වෙත ලබා දීම අපගේ වගකීමයි. සඳුදා උදයෙන්ම අපි ශාඛාවට පිවිසෙන්නේ උදෑසන තේ එක පමණක් පානය කිරීමෙන් පසුවයි. උදෑසන ආහාරය ගැනීමට කඩ ගානේ යන්න ගියොත්, සඳුදා පැමිණෙන ගනුදෙනුකරුවන්ට සේවය ලබා දීම තබා, පද්දතිය හසුරුවාගන්නටවත් ඒ සේවකයන්ට නොහැකි වෙනවා.  ඔවුන් ඉන්නේ

 _______________________________
වශයෙන් දිව මතුරක් වගේ කියාගෙන යනවා. එයින් ඔහු බලාපොරොත්තු වන්නේ, පොදු ලෙජරය බැලන්ස් නොවී පැවතීමයි. එවිට ඔහුගේ අතිකාල මීටරය කරකවන්න පුළුවන්, ඒක සොයන නියායෙන්. එදා අවුට්-අවුට් ගාගෙන යනකොට මම ඇහුවා මොකද කියළා. මිනිහා කියනවා 110.87 වගේ ගානකින් අවුට් කියළා. අපි දන්නා සෙල්ලම් සේරම දාලා හෙවුවා, අහු වුණේම නෑ. පස්සේ මම ඇහුවා ටී.ඕ.ඩී. ඉන්ටරස්ට් දැම්මද කියළා. ඒ කියන්නේ තාවකාලික අයිරා වෙනුවෙන් දෛනිකව අය වෙන පොළිය. මේක දවස ගානේ උදේ ගන්නා මුද්‍රිතයක් එහම නැතිනම් ප්‍රින්ට්අවුට් එකක් මගින් බලා ගන්නවා. එයට වවුචරයක් අමුණා, එය ගිණුම් ගත කරනවා. මේ ප්‍රින්ට් අවුට් වලට අපේ ශාඛා වල අය එක්තර වචනයක් භාවිතා කළා. ඒක මහජන බැංකු උප සංස්කෘතියේ වචනයක්. එහෙම මුද්‍රිතයක් ලබා ගන්නවට කියන්නේ. ප්‍රින්ට් අවුට් එකක් අදිනවා, ප්‍රින්ට් වෙනවාට කියන්නේ ප්‍රින්ට් අවුට් ඇදෙනවා කියළා. ඇදෙන්නේ සාමාන්‍යයෙන් සර්පයෝ නේ. මම ඔය වාග් මාලාව භාවිතා කළේ නෑ. ඒකට හේතුව පිට තැනක කිවුවාම එතැනට ඒ වචන ඒලියන් වෙන නිසා. ඉතිං කලින් කිවුව ඉන්ටරස්ට් ගාන ඇහුවම මිනිහා වවුචාරයේ ලියපු ගාන බලලා කියනවා. මගේ සාමාන්‍ය පුරුදුදක් තිබුණා, ඒ වගේ දේවල් ලබා ගත්ත මුද්රිතයෙන් බලන. මම ඒ වවුචරය ඉල්ලා
________________________________
මේ වගේ බ්‍රාන්ච් වල ඉන්න පියන්ලා බොහෝ විට සොමියට බරයි. ගිනිගත්හේනේ සිකුරිටි ගාඩ් මහත්මයා තමයි ඒ කාලේ හිටපු කළමනාකාර තුමාගේ උපදේශක. කාටද සිස්ටම් දෙන්න ඕනේ, කවුන්ටරේට දාන්නේ කාවද? ආරම්භ කරන දවසේ තියෙන උත්සවයේදී පොල්තෙල් පහන දල්වන්න දෙන්නේ කාටද කියන ඒවා ඔක්කොම තීරණය කරන්නේ එයා. අපිට සමහර දේවල් වලට ඇඟිලි ගැහ්නන්න බෑ. නමුත් සිස්ටම් එකේ වැඩ වලට දාන කෙනා දේශපාලන පත්වීමක්(ඒ කිවුවේ හිතවත් කම් වලට වෙච්ච) වුණොත් අපි කම්බස්. ඇයි ඉතිං කොච්චර ඉගැන්නුවත් ගඟට කපන ඉණි වගේනේ. ගඟ කිවුවම මතක් වුණේ. අපි ගිනිගත් හේනේදී ලැබුණු මද ඉසිම්බුවකදී ගියා ගඟේ නාන්න. මේවායේ ෆොටෝ වගයකුත් තිබුණා අපේ ඉරෝෂා ළඟ. ඉස්සර එයා බ්‍රාන්ච් යනකොට කැමරා එකයි ෆිල්ම් රෝල්ල් දෙකක් විතරයි අරගෙන එන්නේ. ඇල්බම් ඇති ගෙදර ගොඩ ගහලා. එතකොට ඔය ෆේස්බුක්, අරබුක්, මේ බුක් තිබුණේ නෑ.  ඔක්කොම ප්‍රින්ට් කරා. අපේ ඒවා දීලා සල්ලි ගත්තා. එයාගේ ඒවා ඇල්බම් වල දා ගත්තා.අපි නාන්න ගියේ ගිනිගත්හේන නාවලපිටිය පාරේ කිලෝමීටරයක් විතර නාවලපිටිය පැත්තට ගියාම තියෙන තැනකින් පල්ලමට බැහැලා. එතැන මාර සපෝට් එක. මේවා තවම ඒ විදියට සුරැකිලා තියෙනවද

________________________________

එකතු කරන්න ගියොත් තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.
මම හිතන්නේ අපි මේ විවේකය ගත්තේ, ඉරිදා දාහවල් විවේකයේදී. ඉන්පස්සේ අපිට තියෙන්නේ නිදි මැරීමක් නිසා, මේ වගේ විරාමයක් ගත්ත එකත් හොඳයි කියළා හිතෙනවා. අපි හවස් වරුවේ හෙමින් සීරුවේ ශාඛාවට ලඟා වුණා. ඒ දවස් වල සිදු වෙන දේ සාමාන්‍යයි.ඒවායේ ගත යුක්තක් නැති නිසා, ඒ සියල්ල මෙහි සඳහන් කරන්න යන්නේ නෑ. පහුවදා උදෙන්ම අපි ශාඛාව කරා ලඟා වුණා. ගිනිගත්හෙනේදී අපිට ඉන්න අපූරු නවාතැනක්, ඒ කියන්නේ ගෙස්ට් හවුස් එකක් ලැබුණා. ඒක පිහිටලා තියෙන්නේ ගිනිගත්හේනේ ඉඳලා කොළඹ පැත්තට කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බැස්සම හමු වෙන හරියක. පුදුම නිස්කලංක, ඒ වගේම කඳු බෑවුම අපූරුවට පෙනෙන තැනක. එහි කිසිම කාමරයක මදුරු දැල් දකින්න නැති නසා අයිතිකරුගෙන් අපි ඒ ගැන විමසුවා. ඔහු කියා සිටියේ වරක් සංචාරකයෙකුද ඒ ගැන විමසා සිටි බවයි. ඔහු උත්තර දී ඇත්තේ “ඉෆ් යූ බයිට් එනි මොස්කිටෝ, අයි විල් ගිව් යූ ෆ්‍රී” කියාය. ඔහුගේ මේ පම්පෝරිය අසා සිටින්නට ගියොත් අපිට ප්‍රමාද වන නිසා, එය තෝරාගෙන අපි බෑග් එහි රඳවා පැමිණියා. මුල් දවස් කිහිපයට කාමර දෙකක් සහ පසුව එක් කාමරයක් වශයෙන් අපි
________________________________
 අවසානයේදී සියලු දෙනා තමන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පියවනවා. නැතිනම් එකතු කර ගත් මුදලින් ගෙවන්න තියෙන අයට ගෙවනවා. මේක හසුරවන්න ගිහිං අතින් පාඩු කරගත් අවස්ථා බොහොමයි. සමහර කූඨ මිතුරන්, මේ කාළය මැදදී ගමේ යන්න ඕනේ වුණොත්, මේ මුදලින් කීයක් හරි ඉල්ලාගෙන යනවා. බැංකුවේ කියළා වෙනසක් නෑ. කොතැනත් ඔය වගේ අය ඉන්නවා.

සඳුදා උදේ හත වෙනකොට අපි ශාඛාවට යනවා. එදත් ඒ වගේම ගිහිං ඉන්නකොට මේ විවෘතයට ආරාධනාවක් ලැබිලා අපේ සෙනෙවිරත්න ලොක්කත් ආවා. ඒ තමයි එතුමාව කට්ටිය නොතැන ආමන්ත්‍රණය කරන විදිය. එතුමා සහකාර සාමන්යධිකාරි වරයෙක්. එතුමා ගැන සේවක පිරිස දෙවිදියකට කථා කරනවා. නමුත් මටනම් එතුමාගෙන් වරදක් තිබුණේ නෑ. ඒ අජිත් විජේරත්න කියන මහත්මයාට පිං සිද්ද වෙන්න. නැතිනම් බොහෝ ලොක්කන්ට මාව නයාට අඳුකොළ වගේ. හේතුව මේ ලොක්කන්ට මම කරපු වැරදි නෙවෙයි. මමත් එක්ක ආත්මගත වෛරක්කාරයෝ පිරිසක් මේකේ ඉන්නවා. ඒ අය අලුතෙන් ලොක්කෙක් ආපු ගමන් ගිහිං කියනවා, මූ දරුණු ගණයේ ත්‍රස්තවාදියෙක් කියළා. මමත් ඕවා නිවැරදි කරන්න යන්නේ නෑ. එහෙම වුණාම එක

________________________________
 ගියාම, පියන්ට කතා කරලා කියනවා “කෝ මේ මහත්වරුන්ට බොන්න මොනවා හරි අරං එන්න. මැනේජර් මහත්තයට කියන්නේ එයාගේ ඇලවන්ස් එකන් ගෙන්නන්න කියලා” අණ දෙන්නේ හරියට ලොක්කෙක් වගේ. කොහොම හරි වැඩේ කෙරෙනවා. නැතිනම් ඉතිං සවුත්තුව දානවා. සෝමරත්න මගේ උදේ ඇවිදීමේ වෑයමට එකතු වුණා. අපි දෙන්නා කතාවක් දාගෙන ටවුමට කන්ද නගිනවා. ඉන් පස්සේ එළකිරි දෙකක් බීලා, ඇම්බුන් හරි ආනමාලු හරි කෙසෙල් ගෙඩි දෙකක් කාලා. තව දෙකක් අතින් අරං පල්ලම් බහිනවා. ඒ දෙක නාමල්ටයි අකිලටයි ගෙනියන්නේ. අපි යනකොටත් සමහරවිට උන් දෙන්නා නිදි. ඉන් පස්සේ වෙලාව තිබුණොත්, මම ගෙනියන පොතක් බලනවා. මේ කාලේ මගේ ගාව තිබුණේ, දොස්තර ජයවීර බණ්ඩාර එයාගේ ජීවිත කතාව ලියපු පොත. පොතේ නම මට මතක නෑ. කොහොම හරි ඒ පොත බලලා, අකිල මට කෝචෝක් එකක් දානවා “උඹට ඉතිං වැලේ වැල් නෑනේ” කියලා. අකිලයා කරන මේ වගේ අන්ඩර වැඩ වළින් පුදුම රසයක් ඇති වෙනවා. දවසක් හවස අපි කලින්ම පිටත් වුණා. මගේ බෑග් එකේ නිතරම මගේ රේබෑන් වර්ගයේ සන්ග්ලාස් එක තිබුණා. එදා ඉර බැහැලා යන දර්ශණය ඉතා හොඳින් දකින්න ලැබුණා. අකිල මට කිවුවා සන්ග්ලාස් එක ගෙන බලපන් 
________________________________
දුවන පුහුල් නොහොත්, වයිල් බෝ නොහොත් වල් ඌරා. ලංකාවේ  පැති කිහිපයක වල් ඌරු මස් රසබලලලා තියෙනවා. ඒවයේ වෙනස්කම් තියෙනවා. වියළි කළාපයේ සහ දැඩි ශීත ප්‍රදේශ වල වල් ඌරා රසයි. එහම කියළා අනික් පළාත් වල ඒවා ගෙනාවම නිදැල්ලේ යන්න ඇරියේ නෑ.

අරකා දිගටම කියවනවා හරියට දේව පාමුල ගියපු ගොලුවෙක් වගේ. මට ඇහැරුණා කෙටි නින්දකින් පස්සේ. මේකා කියනවා “මහත්තයා කාල්ස් බියර් එකක් බීලා ඔලුව ගහං ඉන්නවනම්, අපිට කොච්චර නින්ද යන්න ඕනෙද, අපි බිවුවේ විස්කි නේ”කියළා. කතාව ඇත්ත. එයාලාගේ බෝතලේ ලෝකල්වුණත් විස්කි නේ.ගෙනල්ලා තිබුණේ, වී ඇන්ඩ් ඒ කියන වර්ගය. තනිකර ආර්ටිෆිෂල් කියළා තමයි බොහෝ දෙනාගේ මතය. නැතිව ඉතිං ලංකාවේ කොහොමද විස්කි හදන්නේ. මමත් මේ ළඟදී තමයි දැන ගත්තේ, මේවා හදන්නේ බාර්ලි වළින්, ඒවා වැවෙන්නේ එකතරා දේශගුණික තත්වයන් යටතේ, සිංගල් මෝල්ට් කියන්නේ මොනවද ? බ්ලෙන්ඩ්ඩඩ් විස්කි කියන්නේ මොනවද ? කියළා. ඒ පිලිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් ඉන්නේ විස්කි පිලිබඳ හොඳ අධ්‍යනයක යෙදුණු මහත්මයෙකුගේ ගෙදරක. ඉතිං එතුමාගේ දැනුම මෙතැනට

________________________________

 සල්ලාපයක යෙදෙනවා. අපේ අකිලගේ කටට මේ වගේ වෙලාවට එන දේවල් මෙතන විස්තර කරන්න බැ. මේක දවස් කීපයක් යනකොට ඒ කෙල්ලව මට ජෝඩු කරන්නත් ලාස්තිය.

මම මේ වගේ ශාඛාවල් වල නිරීක්ෂණය කරපු දෙයක් තමයි, එක පාරටම සෙනග පිරිලා ඉතිරිලා යනවා, තවත් මොහොතකින් පාලුවට යනවා. හරියට මුහුදේ රළ වගේ. ඒ ගැන සොයා බැලුවම දැන ගන්න ලැබුණා, කඳු පැතිවල තියෙන ගමාන වලින් බස් නගරයට ආවම, එක බස් එකේ එන අය සියල්ලන්ම බොහෝවිට බැංකුවට එනවා කියළා. ඔවුන් මේ ගම්මාන වල ගොවිතැන් කරන උදවිය, ඔවුන්ගේ අස්වන්න විකිණීමෙන් ලැබෙන ආදායම බැංකුගත කරලා යන්නයි ඔවුන් එන්නේ. මේ සමහර මිනිසුන් මුදල් ආපසු ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙස සිතන පුද්ගලයින් බව දැනගනත් ලැබුණා. නගරයේ සහ ගමේ මිනිසුන්ගේ පැහැදිලි වෙනසක් ඒක. මේ වගේ බස් එකක සෙනග ආවම මුළු ශාඛාවම ඔවුන් පාවිච්චි කරන විවිධ වර්ගයේ සුවඳ විලවුන් වර්ග සහ ඔවුන්ගේ දහඩිය සුවඳ මිශ්‍ර අමුතුම ගඳක්ද-සුවඳක්ද කියා හිතන්න බැරි එකකින් මුළු ශාඛාවම  පිරී යනවා. මහජන බැංකුවේ අපිට මේ දහඩිය ගඳ-සුවඳ ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ.

________________________________

 ආසන්න පුද්ගලයා අපගේ ශාඛාවේ මිතුරා දැන හඳුනාගෙන ඔහු සමග කතාවට වැටුණා. ඒ සීයා මේ පළාතේ කෙනෙක් නොවෙයි. නමුත් තරුණ කාලේ මේ පැත්තේ සේවයාට ඇවිත් ඇති වෙච්ච ආදර පලහිලව්වක ප්‍රතිඵලයක් විදියට තමයි ඇද මෙහි ස්ථිර පදිංචි කාරයෙක් වෙලා තියෙන්නේ. අංකල් මොකක්ද කරපු රස්සාව ?
මං ඒ කාලේ වැඩ කළේ ඔටෝමොබිල් ඇසොසිෂයන් එකේ. ඒකෙ සාමාජිකයින්ගේ වාහන බ්‍රේක්ඩවුන් වුණාම ගිහින ඒවා හදන්න උදව් කරනම එක තමයි අපි කළේ. මම ඒ කාලේ මේ පැත්තේම තමයි වැඩ කළේ. එක දවසක් එක ගෙදරක හිටපු තඩි ඇල්ශේෂන් බල්ලෝ දෙන්න් දැකලා මට හීන් දාඩිය දැම්මා. ඉස්සර අපි මෝටර් සයිකල් වලින් තමයි යන්නේ. මම ඉස්සර ඒ වගේ මෝටර් සයිකල් එකතු කළා. මේ තියෙන්නේ ඒ වගේ එකක්. තමන් ඉන්න ඉස්තොප්පුවෙන් ඇතුල් පැත්තේ තිබුණු පුංචි බයික් එකක් අපිට පෙන්නුවා.

ඒක මෙන්න මේ පින්තූරයේ තියෙනවා වගේ එකක්. රථවාහන ගැනවිශේෂ උනන්දුවක් දක්වන අපේ අකිල කිවුවා. මේක හදලා තියෙන්නේ පැරෂුට් ඒකෙන් බැහැලා, කාන්තාරයේ එළවන් යන්න කියළා. ඒ අංකල් ඒ අදහස අනුමත කළා. මට ඒ වගේ දැනීමක් නැති වුණත්, මමත් ඉතාම උනන්දුවෙන් අහගෙන හිටියා.
________________________________

%d bloggers like this: