
හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම…
කකුල උඩ – නිකට
ඇස්දෙක ඔහුගේ – ඇස්වල
හොයනවා මම
‘කෝ දැන් ඇතිය’ කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)
එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම…
‘අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු…
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?’
කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..
මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!
~~~ බල්ලෙකුගේය මේ හදවත
පසුව ලියමි : තදේටම උණ. මම කිව්වේ බල්ලෙකු නැති එකට සාංකාව…. උන් කොච්චර ලෙන්ගතුද…? ආදරේ උතුරා යන පොට්ටනි වගේ බල්ලෝ ඉන්න ලෝකේ ඉන්න ඔක්කොටම මම පැලෙන්න ඉරිසියයි! ඉරිසියයි කිව්වම පුදුම ඉරිසියයි……