Menu Close

වඩු වැඩෙන් දිවි රකීන….

වඩු වැඩෙන් දිවි රකීන….
බෝ දුකින් කල් ගෙවන….
දුප්පතේකී මං //

කිසිම රහක් නැති මෙ සිරිය…
පත් කරගෙන විදින හරිය…
ඇහලා දැකලා විදලා විදලා
සෙට් උනා බඩූ……

වඩු වැඩේ….න්…..

තේක්ක බුරුත නැදුම් කළුවර ලෑලී…
කපලා අහු උනොතින් බඩු මුදලාලී…
යන්නත් බෑ දැන් පිකටින් පෙලපාලී…
කොඩිවින කර නටමුද දහ අට පාලී….

මඩු කඩන් දුක් සිතීන
කර තබන් ගගට දාන
දවස එලබුනී
ඉතින් මගේ බඩු සියල්ල
අහවල් එකටද බොලල්ල
මුගෙ අම්මට හැමිනෙන්නම කෙලවුනා ඇතී…

වඩු වැඩේ….න්…..

කියතද යතු කැටයද නියනද බුරුමේ
පූරුවේ පවකට මට ලැබුනද කරුමේ
වඩු වැඩ රැකියාවකි ගරු සරු ඇති මේ
කිව්වට ඒ ජොබ්බෙක ඉවරයි අම්මේ..

වඩු වැඩෙන් දිවි රකීන….

තිබ්බොත් ගහකට උඹ අත හෙම මුත්තේ
එල්ලෙන්නට වෙයි කඹයෙන් උඩ අත්තේ
පුලතිසි පුරයෙනි අපි පත් කර ගත්තේ
රජෙකුට කෙලි පව අද පලදී ඇත්තේ

වඩු වැඩෙන් දිවි රකීන….

%d bloggers like this: