Menu Close

සුනඛයා

ඒ ඉතිහාසය ආරම්භ වූයේ අගෝස්තු මස හතලිස් එකේ. ඉවර වුනේ වසර දෙකක් ගෙවුනු පසුවයි.
        යුද්ධයේ කර්කසක ස්වසනය අපේ ගම්මන්ඩියට දැනුනේ මසකින් පසුවයි. සසිරිමත් දිවියකට පුරුදුවී සිටි ගොවියාට නොහැකි විය එකවරටම සිතා ගැනීමට තමන් හට සිදු ඇති භීතිය ගැන. තම හැකියාවන් ගැන තක්සේරු කළේ නැත. සිදුවූයේ, බොහෝ නිවෙස් තුල අටු කොටු අගෝස්තු මාසදී හිස්වීමයි. අපේ ගෙදර එය ඊටත් පෙර සිදු විය.
        ඉතා කෙට්ටු සීයා, ස්පිරියෝන්ව, දිවා රැයේ උඳුන මත අසුන් ගැන්වීම හා ගෙදර අනෙකුත් සියළුම වගකීම් මගේ කරපිට මත වූයේ ය. ඔව් ගෙදර කටයුතු! දැන් පටන්ගන්නවා වැඩෙන්න මගේ උරහිස්. මතකයේ හැටියට, මම එතරම් දර හා මානාපඳුරු ප්‍රමාණයක් රැගෙන ආවා. උණුසුම නොමැතිවූයේ නම් මහල්ලා මෙලහකටත් මැරිලා.
        අගෝස්තු විසිපස්වනදා කෑවේ ය අවසන් වරට පාන් කැබැල්ලක්. සීයා ඇදලාගත්තේ ය බිත්ති අල්මාරියෙන් ඇඹයක් ගැසූ ලීටර් දහයේ වොඩ්කා බෝතයක් හා මෙසේ කීවේ ය.
        කූඩයට දමන්න. යන්න චෝහාතාඌර් වෙතට. මාරුකරගන්න බඩ ඉරිඟු වලට. කවරෙක් ද අඩුවෙන් යෝජනා කරන්නේ, ඉහිරන්න වොඩ්කා ටික, බිඳින්න බෝතලය නැවත ගෙදර එන්න. වොඩ්කා මල්බෙරි වලින් පෙරපුවා. සීයට අසූවයි. තේරුම් ගන්න ඕනේ, ඒ විදිහටයි.
        සීයා දුකෙන් බෝතලය දෙස බැළුවේ ය. ගැඹුරින් හුස්මක් ගෙන එකතු කළේ ය.
        යන්න!
        බෝතලය බිඳින්න සිදුනොවී ය මට. පොලේදී සොයාගත්තෙමි වොඩ්කා තක්සේරුකරන්නෙක්. ඔහු නිමේෂයකින් තක්සේරුකළේ ය මගේ භාණ්ඩයේ වටිනාකම. ඔහු කිසිඳු පුද්ගලීක අදහසකින් තොරව මට දිගුකළේ ය තේරූ කහපැහැති බඩ ඉරිඟු ගෝනියක්. සාක්කුව තුලට ඔබාගත්තේ ය රූබල් තිහක්, බෙල්ල අතගෑවේ ය හා නැවත ලබන සතියේ පමිණෙන බව කීවේ ය.
        විනාඩියකට පසුව මම සතිපොල ඉදිරියේ වූ ආපන ශාලාවේ සිටියෙමි.
        කට්ලට් තියෙනවද ? ඇසුවෙමි මම ආපනශාලා සේවකයාගෙන්.
        සල්ලි තියෙනවද ඔබ ලඟ ? පිලිතුරු වශයෙන් සේවකයා ඇසුවේ ය.
        තියෙනව!
        කොච්චරක්ද ?
        රූබල් තිහක්!
        පෙන්නන්න!
        මෙන්න!
        වාඩිවෙන්න, දැන් ගේන්නම්!
        පංගු තුනක්! කීවෙමි. කරෙන් මල්ල ඉවත් කරමින් මේසයට හිස තියා ගත්තෙමි.
        මොකද උඹට කොල්ලෝ, නින්ද ගියාද ? අවංකව පුදුමයට පත්වූයේ ය සේවකයා.
        නැහැ, බඩගින්නේ හිටියේ! පැහැදිළි කළෙමි.
        අර්තාපල් හෝ මැකරෝනි එක්කද ?
        පංගු දෙකක් මැකරෝනි හා එකක් අර්තාපල් එක්ක. වෙන වෙනම.
        ලෙමනේඩ් කොපමණද ?
        තුනක්! පිළිතුරු දුන්නෙමි. කලින්ම නිදහස් කළෙමි බඳපටිය.
        ආපනශාලා සේවකයා සැකයෙන් මා දෙස බැළුවේ ය. එසේ වුවත් නිහඩ වූයේ ය. මේසය මත තබමින් කට්ලට් තුනක් පිඟන් සමගින් හා ලෙමනේඩ් බෝතල් තුනක්, ඔහු දයාබරව ඇසුවේ ය.
        උඹ කෙහෙන්ද ගත්තේ ඒ රූබල් තිහ, ආ කොල්ලෝ ?
        මෙන්න සල්ලි! අංහකාරයෙන් පිළිතුරු දුන්නෙමි පෙන්වමින් මුදල්.
        ආපනශාලා සේවකයා ගත්තේ ය රූබල් තිහ. අතගා බැළුවේ ය. ආලෝකය ඇති තැනක ඒ දෙස බැළුවේ ය. පසුව ඉවත් කළේ ය අපිරිසිඳු සළුව. විවර කළේ ය සාක්කුව තවත් වැඩියෙන් අපිරිසිඳු කමිසයේ, ඊට දැමුවේ ය මුදල්.
        උඹ නිදහස්! සිනහවක් සමගින් ඔහු කීයා ඉවත් වූයේ ය.
        ආපනශාලාව තුල දඩාවතේ ගියේ ය දිගු, කොට, මහත කළු බල්ලෙක් කඩා හැළෙන හනු සමගින්. බල්ලා අවස්ථා කීපයක් කාමරයේ ඇවිද්දේ ය, වපරැසින් මා දෙස බැළුවේ ය. පසුව නිර්භීත වෙමින් කිට්ටුවට පැමිණියේ ය. පසුතැවෙමින් කට්ලට් එකකට, මම වීසි කළෙමි බල්ලාට මකරෝනි කැබැල්ලක්. බල්ලා උඩ පනිමින් අල්ලාගෙන එය, ගිලදැමුවේ ය. මම තවත් වීසි කළෙමි. විනාඩියකට පසුව, තීරණය කරමින් ඇදගෙන මගේ අවධානය, බල්ලා බයාදු ලෙස උඩුබිරුවේ ය.
        පලයන් මෙහෙන්, නීචයා! ආපනශාලා සේවකයා කෑගැසුවේ ය බල්ලාට.
        ඌට කතා කරන්නේ මොකක් කියලද ? ඇසුවේමි මම.
        යක්කු තමයි දන්නේ!
        කාගෙ ද ඌ ?
        ඇයි මම දැනගන්න ඕනේ, ස්වාමියා එක්ක නිරයට පලයං! පලයං මෙහෙන්! දෑත් වීසිකළේ ය බල්ලා වෙතට අපනශාලා සේවකයා.
        හකුලාගනිමින් නකුට, බල්ලා පාරට පැන්නේ ය.
        කෑම කා අවසන්වූ පසු, මගේ මල්ල රැගෙන දොරකඩට ගියෙමි.
        ඉතුරු සල්ලි දෙන්නෙ නැද්ද ? කෙසේ වුවත් මම ආපන ශාලා සේවකයාගෙන් ඇසුවෙමි.
        තව මොනවද? ඇඹරුණේ ය ඔහු.
        මුකුත් නැහැ. තවත් බලනොකළෙමි මම.
        පලයං, කොල්ලො, දෙයියෝ උඹ එක්කයි!
        ආපනශාලාවේ දොරකඩ දී දුටුවෙමි, භීතියෙන් සිසාරා බලමින් සිටි බල්ලාව. බල්ලා දොරකඩ අසලට පැමිණියේ ය.
        නොහැකි විය මට පියවර දහයක් හෝ ඉදිරියට යාමට, හද ඉරාදමන බල්ලාගේ උඩ බිරුම ඇසුනු සැනින්. පසුව බල්ලා නිහඬවන්නට විය මා අසලට පැමිණෙමින්. පාලම යටින් වතුරට පැන්නේ ය. එහිදී ම ඉවුරට ගොඩවුනේ ය. කනගාටුදායක බලු කෙඳිරියෙන් වැල්ලේ පෙරළෙන්නට විය.
        මම ආපසු ආපනශාලාවට පැමිණියෙමි. ආපනශාලා සේවකයා කට්ලට් සමගින් දොරකඩ සිටියේ ය. කට්ලට් වලින් හුමාලය නැගුනේ ය.
        පිළිස්සුවාද බල්ලව ? ඇසුවෙමි.
        නැහැ. බල්ලාගේ පතුල් පිච්චුනේ නැති ටික විතරයි. මෝඩ ලෙස සිනහසුනේ ය ඔහු.
        උඹ බූරුවක්! උඹේ තාත්තත් බූරුවෙක්! බෙරිහන් දුන්නෙමි.
        ආපනශාලා සේවකයා තුෂ්නිම්භූත වූයේ ය. විනාඩියක් නිහඬව සිට මා දෙස බැළුවේ ය ඔහු. සිසාරා පතුරුවා හරිමින් දුෂ්ටකම, කට්ලට් සියල්ල බිම තැබුවේ ය. පෙරළුවේ ය දකුණු අතින් හා සෙමිහිට මා පෙරටුවට එව්වේ ය.
        බලාපොරොත්තුවෙන්න මාව ඔතනම! හීල්ලුවේ ය ඔහු.
        මම සැනසිල්ලේ කරෙන් නිදහස් කළෙමි මල්ල. මම ඉදිරියට නැවී මිහිමතින් ශක්තිමත් ගලක් ගත්තෙමි.
        ආපනශාලා සේවකයා නොමැකෙන පැල්ලමක් සේ ඔහු සිටගෙන සිටියේ ය. පසුව හිස සෙළෙව්වේ ය හා ඉවත් ගියේ ය පිළිකන්නට.
        බල්ලා පාලම යට වැතිර සිටියේ ය, සඟවාගනිමින් පිළිස්සුනු මුහුණ ඉදිරි දෙපා තුල. දුකෙන් කෙඳිරිගෑවේ ය. දකිමින් මාව, බල්ලා නිහඬවූයේ ය. පසුව ඉහල හඬක් නොනගා ගොරවන්නට විය. මම තවත් කිට්ටු වුනෙමි. පිරික්සා බැළුවෙමි, දකුණු අත අසණයාගේ පිලිස්සී තිබුනු.
        ඉඩදෙන්න කෝ උඹ දිහා බලන්න! කීවෙමි. ඇණතියා ගත්තෙමි බල්ලා ඉදිරියේ.
        “ එහ්, ඔබලා මොකක්කද මට කළේ! “ ඉකිබින්දේ ය ඔහු. පීඩාවට අසුනොවූ බල්ලාගේ වම් ඇසෙන් කදුළු වෑහිනි. මම කමිසය ඉවත් කළෙමි. දෙපලු කළෙමි එය. වතුරෙන් පෙඟෙව්වෙමි, වෙළුවෙමි දෑස් බල්ලාගේ, පසුව ගාත්. සුවවීමේ හැඟීමෙන් බල්ලා කෘතඥපූර්වකව මා දෙස බළුවේ ය, නැවතත් හඬන්නට විය. එහි දී මට දරාගත නොහැකි විය. වැල්ල මත හිඳගත්තෙමි, හඬන්නට වීමි. එහෙත් බල්ලා – සතෙක් පමණයි. බල්ලා අගේට තේරුම් ගත්තේ ය ඇයි මිනිසෙක් හඬන්නේ කියා. ආබාධිත බල්ලා මා වෙතට බඩගෑවේ ය. දයාබරව හොම්බ මගේ කලවය මත තබාගත්තේ ය.
        මතකයි, එක් දිනක – මට අවුරුදු දහහතරේ දී, ගෙර්වාසී ද්ෂාබුගේ දුව – තාන්‍යාව දීගදුන්නා අර්සේන් සියාමාශ්විල්ට නාබෙග්ලාවි ගමේදී. ඉස්සෙල්ලාම අයැදි සිටියා ‍දෙවියන්ගෙන්: ‍දෙයියනේ මට තව අවුරුදු හයක් එකතු කරන්න, අර්සේනට රුවැති තාන්‍යා දෙන එකක් නැහැ.“ නමුත් දැන් මම නැවතත් උවමනාවෙන් හිතලා ඉල්ලනවා: දෙවියනේ, මට ශක්තිය දෙන්න හසුරුවාගන්න ආපනශාලා සේවකයාව, පස්සේ ඕනේ නම් මාව මරා දමන්න!“ මම කෙදිනකවත් එතරම්ම වුවමනා වෙන්ම පිපාසිත වී නැහැ පූර්ණ කිරීමට මගේ සිහින, නමුත් දැන් වාඩි වී සිටිමින් පාලම යට සුරතල් කරන්නෙමි අනාථ වූ බල්ලෙක්.
        ඒ මොකෙක්ද ඒ ? පුදුමයෙන් කෑගසුවේ ය සීයා, මල්ලෙන් පිළිස්සුනු බල්ලාව ආවණය කල විට.
        බල්ලෙක්! පිළිතුරු දුනිමි.
        බල්ලෙක් නෙමෙයි, ජරාගොඩක්. පිළිකුලෙන් කෙළගැසුවේ ය සීයා.
        මොන ජරාගොඩක් ද! ආපනාශාලා සේවකයා බල්ලාව නටන වතුරෙන් පිළිස්සුවා!
        සුදුසුයි. තක්කඩියා!
        බඩගින්නේ බල්ලා! බල්ලා වෙනුවෙන් ඉදිරිපත් වුනෙමි.
        ඉතිං, ඉවත් කරන්න පාංකඩ!
        මම වේළුම් ඉවත්කළෙමි. සීයා බල්ලාව පරීක්ෂා කළේ ය.
        ම්…ම්…… මිනිමරුවා අවේලාවේ බල්ලාව පිච්චුවෙ. පිළිස්සුනු තුවාල සුවවෙන්න කල්යනවා. ගේන්න කෝ බටර් ඩිංගක්, රිදෙන තැන්වල ගාමු. ගාත් ඉබේම හොඳ වෙයි. මේ ඇස්වලට ගාමු.
          පසුදිනයේ උදෑසන අපගේ දොරකඩ බල්ලෙකුගේ උඩබිරීමක් පැතිරුණේ ය. බයාදුව හා උස් හඬනොනගා බල්ලා උඩබිරුවේ ය.
        අපි ඌට ජැක්, ජුල්බාර්ස්, බෙල්‍යාක්, මූර්කා යන නම් වලින් කතා කළෙමු. බල්ලාට කිසිඳු හුරතල් නාමයකට අනුකූලතාවයක් දැක්වූයේ නැත. එවිට අපි ඔහුව බල්ලා නමින් හැඳින්වීමට උත්සුක වූ‍යෙමු. මසකට පසු ඌගේ ගාත් සුවවිය. හොම්බේ තුවාලය සුවවීම දිග්ගැස්සුනේ ය. පිළිස්සුනු තැන් නව ලෝම වලින් වැසුනේ ය. බල්ලා දැන් සතුටිනි හා දැකුම්කළු එකෙකි. එවැන්නෙක් ගමේ නොසිටියේ ය.
        ඇත්ත කියනවා නම් සුවිශේෂි කුසළතාවයකින් බල්ලා වෙනස් වන්නේ ය. බල්ලාව දරුවන් හා කාන්තාවන් ස්පර්ශ කළේ නැත. ගමේ සියළු කුකුළන් අතරින් අපේ එකම බිජුලන කිකිළිය හොඳින් වෙන්කර හඳුනාගත්තේ ය. කිකිළියට සතුටුදායක රැකවරණයකින් සැලකූවේ ය. පිරිමින්ගෙන් මා හා සීයා හැරුණුවිට ගමේ වෙනත් කිසිඳු පිරිමියෙකුව බල්ලා පිළිගත්තේ නැත. මම විශ්වාසයෙන් සිටියා පිරිමි පාර්ශවයට වෛරකල බල්ලා බව, ආපනශාලා සේවකයා ඌව අනුකම්පා විරහිතව පිළිස්සු දිනයේ සිට.
        අසල්වාසීහු නිතරම සීයාට ඇවිටිලි කළහ:
        මොකක්ද වෙලා තියෙන්නේ ස්පිරිදෝන්! උඹගේ ගෙදරට එන්න පුළුවන් කමක් නැහැනේ. කොහෙන්ද උඹ හොයාගත්තේ නීච බල්ලව. කුරුල්ලෙකුටවත් ගහකට එන්න ඉඩදෙන්නේ නැහැ, නින්දිතයා. අපායට යවනවා ඌව, නැත්නම් දම්වැලෙන් බඳිනවා.
        සීයා මදහස පෑවා පමණී. ඔහු බල්ලා සමගින් එතරම් මිත්‍ර වුයේ ය. නැත්නම් බල්ලාට පෙර ගෙදරින් මාව පන්නා දමා අවසන් ය. බල්ලාට එය දැනුනේ ය. කළාතුරකින්, මම වනයට ගිය විටදී දර ගෙන ඒමට හෝ රාත්‍රියේදී ඇඹරුම් හලට ගිය විට, බල්ලා මා සමගින් ගියේ ය. අනෙක් සෑම වේලාවකදීම සීයාගේ දෙපා අසල වැතිර සිටියේ ය. ගරුසරුව ඔහුගේ අණ බලාපොරොත්තුවෙන් සිටියේ, ලෝම වලින් වැසුනු ආදරණීය දෙනෙත් වලින් ඔහු දෙස බලමිනි. ගස්වලින් ඇපල් හා පෙයාර්ස් වැටෙන්නට ආරම්භ විය. බල්ලා ඌරාට ඉදිරියෙන් තැන තැන දුව පැන යන්නට වූයේ ය. වේගයෙන් දිව ගියේ ය ගස් වෙතට. පලතුර අල්ලාගත්තේ ය දත්වලින් හා සීයා වෙතට රැගෙන ආවේ ය. සීයා මෘදුව පිරිමද්දේ ය ඌගේ බෙල්ල. පසුව පිරිසිඳු කළේ ය පලතුර. කෑවේ ය එය. පොත්ත බල්ලාට පිළිගැන්වූයේ ය. බල්ලා ඇපල් හා පෙයාස් පාතු කෑවේ ය. බල්ලාට කොහොමද ඇහෙන්නේ? බල්ලා පමණයි එකම ජීවියා වූයේ පැයෙන් පැයට නැවත නැවත සියවරක් කියන එකම ඉතිහාසයට ඇහුකන් දුන්. බල්ලාගේ අවධානය වඩ වඩාත් දිගු වනවිට කතාව තව තවත් දිගු විය. බල්ලාගේ දැස් මෙසේ කියන්නා සේය. “ දෙවියන්ගේ නාමයට එක වචනයක්වත් අතහරින්න එපා. “
        එක් දිනක් මම ඒ සංවාදයේ සාක්ෂිකරුවෙක් වූවෙමි.
        එහ්. යාළුවේ, එය ශාපලත් යුද්ධයක් නොවේ. උඹට නරක්වූ පෙයාර්ස් කන්න වුනාද? සීයා බල්ලාට කීවේ ය, දුකෙන් හිස වනමින්.
        මෙන්න ටක්කෙටම! එකඟව හිස වනුවේ ය බල්ලා.
        පෙනෙන හැටියට උඹට රසවත් මස් අමතක වුනා වගේ, අහිංසකයා? ඇසුවේ ය සීයා.
        ඔව්මයි, අමතක වුනා! හීල්ලුවේ ය බල්ලා.
        කමක් නැහැ, සියල්ල නිරවුල් වෙනවා. සැනසුවේ ය බල්ලාව සීයා. ඔන්න ඉක්මනටම ගොගීතා මගේ තාත්තා එනවා. අර්සේන් ඔහු එනකම් බලන් ඉන්නවා. කොහාමද උඔ හිතන්නේ ඔහු එනකම් ඉඳීද? බල්ලා මගේ පියා හඳුනන්නේ නැත. කොහොම වුනත් තිරව හිස වැනුවේ ය. සීයා තව දුරටත් කීවේ ය: අවසන් වෙයි කෙදිනක හෝ යුද්ධය, ශාපලත්. ආබාධ මගේ ඉවත්ව යයි. ඉවත්වෙයි නේද?
        එලෙස නිතර වාඩිවී සිටියෝ ය ඔවුන් සඳළුතලයේ. හිරු කිරණින් උණුසුම් වූහ, සිතූහ. සීයා – අවසානය යුද්ධයේ ගැන, ආපසු පැමිණීම පුතා පිළිබඳව සිතුවද, බල්ලා මස් වැදැල්ලක් ගැන සිතුවා විය හැක.
        ඉතිං, අපේ බල්ලා ඉතිරි සියල්ලම පාලනය කළේ ය, ලොවේ සියළුම බල්ලන් සේ. රාත්‍රියේදී නිදාගත්තේ ය දොරකඩ. සිතුවේ ය නියමයක් වූ ණයක් ලෙස උඩබුරා පිළිතුරක් ලබාදීම කුකුළු හැඬලීමට, බළලාගේ හඩලෑමට හා හිවල් හඬට. මැසිවිලි නැගුවේ ය පුන් සඳට, වලස් කඳු වලල්ලෙන් නිකුත් වන. තමන්ගේ ප්‍රියතම කටයුතු පසෙක තැබුවේ ය. උස්සමින් ගාත්, නිහඬ විය කොරටුවේ සැල්දීරි පාත්තිය. සවන්දෙමින් සිටයේ ය බල්ලා කොතැනකදී හෝ පටන්ගත් මොරදීමකට හා ලතෝනියකට අවාසනාවන්ත ගැහැණියකගේ. ඇය ලබාගත්තා ය සැමියාගේ මරණ සහතිකය, සැමියාගේ, පුතාගේ, සහෝදරයාගේ. හොම්බ එසෙව්වේ ය ඉහලට, දුක්මුසු  උඩබිරුමක් පැතිරුණේ ය.
        දින ගෙවී ගියේ ය. යුද්ධය පවතින යුගයක අපි ජීවත්වුනේ මිනිසුන් බල්ලන් ජීවත්විය යුතු යැයි සැළකෙන ලෙසට වේ.
        1943 වසරේ අගෝස්තු 23 වනදා රාත්‍රියේ ගම කැළඹුවේ ය සිඟාල උඩබිරුම, පොරකෑම හා බෙරිහන්දීම. නිහඬව කාලය ගෙවුනි, පසුව මතු වූ හඬ වෙත කිසිවෙකුත් තම අවධානය යොමු නොකළේ ය.
        උදෑසන අස්ලාන් තාෆ්බරීද්සේ සොයාගත්තේ ය ඥාතියෙකුගේ නිවසින් හම්පඩ බල්ලාව. කුණ භූමදානය කළහ.
        මධ්‍යහ්නයේදී තම සුනඛයාව සොයන නන්නාඳුන තැනැත්තෙක් ගම්මැද්ද්දී මතු වූයේ ය. ඔහු අස්ලාන් වෙතට යොමු වූවේ ය. මම ද එතැනට ගියෙමි.
        කිරිල්ලේ මමලාද්සේ හේවා වල පදිංචි. හඳුන්වාදුන්නේ ය තමාවම.
        බෙහොම සතුටුයි. මගෙන් මොකක්ද කෙරෙන්න ඕනේ. විනීතව ඇසුවේ ය අස්ලාන්.
        මගේ සුනඛයා කොලෑවෙලා. කිව්වා අද ඔබ වලදැමූ බව එකෙක්ව.
        ඇත්තටම. අපි වල දැම්මා. මමයි මේ කොල්ලයි. මොකො වටින්නේ නැද්ද එහෙම කරන්න?
        අනේ නැහැ ඒකේ අනික් පැත්ත. ඔබගේ අවධානයට ස්තූතියි. තැන පෙන්නන්න පුළුවන්ද?
        පුළුවන්.
          මමලාද්සේ විවර කළේ ය මලකඳ බල්ලාගේ, අවදානයෙන් බැළුවේ ය.
        මගේ! විශ්වාසයෙන් දැනුම් දුන්නේ ය.
        කුණ ගෙනියන්නද හිත? අස්ලාන් සිනහසුනේ ය.
        මොන විහිළුවක්ද ඒ! මමලාද්සේ අතගසා දැමූවේ ය. ඊයේ බල්ලා මගේ දරුවාව සපාකෑවා. පස්සේ පළාගියා. විෂබීජ හරණ මධ්‍යස්ථානයෙන් නියම කළා බල්ලාගේ හිස රැගෙන එන ලෙස, මොළයේ පරීක්ෂණයට. දෙයියනේ ඌට පිස්සු වෙන්න නම් එපා. එහෙම වුනොත් දරුවට එන්නත් හතලිහක් විදින්න වෙනවා. හිතන්න? එන්නත් හතලිහක්! දරුවා එතරම්ම අමාරුවෙන් දෙපයින් නැගිටින්නේ.
        මමලාද්සේ හීල්ලුවේ ය. කූඩයෙන් අත්පොරව ගත්තේ ය.
        මම ඉක්මනටම පිටුපා නිවසට ගියෙමි.
        සාවදානව සවන් දෙමින් මගේ කතාවට, සීයාගේ දෙබැම නිරායාසයෙන්ම හැකිලුනේ ය.
        ඒක එච්චර හොඳමදියි. කීවේ ය ඔහු හා සැළකිල්ලෙන් බැළුවේ ය දිරාපත්වූ බල්ලාගේ ගාත් දෙස.
        සැන්දෑවේදී අප වෙත පැමිණියේ ය අසල්වැසි බද්රියා හා ඉල්ලා සිටියේ ය සීයාගෙන් පතරොම් තුවක්කුව.
        මොකටද ඔබට පතරොම් තුවක්කුව, බද්රියා ? ඇසුවේ ය සීයා.
        වෙඩි තියන්න මගේ බල්ලාට.
        මොකක්ද ඌගේ වැරැද්ද?
        ඇයි ඔබ දන්නේ නැද්ද? ඊයේ කාගේද බල්ලෙක් අපේ බල්ලාගේ ඇඟට කඩාගෙන පැනලා තියෙනවා. ඔබටම ඇහුණනේ කොල්ලෝ, ඒ බල්ලාගේ අයිතිකාරයා කිව්වා, දරුවව සපාකෑ බව.
        නමුත් ඔහු කිවේ නැහැනේ, ඒ බල්ලට පිස්සු කියලා. පිළිතුරු දුන්නෙමි.
        මෝඩයා! සාමාන්‍ය බල්ලෙක් තම හිමිකරුගේ දරුවව අල්ලයිද? ඇසුවේ ය බද්රියා.
        නිහඬවන්නට වීමි.
        ඒ වගේ වැඩකට මම උඹට තුවක්කුව දන්නේ නැහැ. නිහැඬියාව බින්දේ ය සීයා.
        මොකකින්ද මරන්නේ ඌව.
        ඇනලා.
        මම තිරිසනක්ද? අමනාප වූවේ ය බද්රියා.
        එහෙනම් කමති විදිහක්.
        බද්රියා පිටත්ව ගියේ ය.
        රාත්‍රියේදී බල්ලව අටුවේ සිර කිරීමට සීයා අණකළේ ය. දයාබරව අතගෑවේ ය බල්ලාව.
        පළමු වෙඩිල්ල හා ඉතා ඛෙදජනක හඬ බල්ලාගේ පැතිරුණේ ය  අස්ලාන් තෆ්බේරිද්සේගේ දොරකඩ.
        අද දිනය මොකක්ද? සීයා මගෙන් ඇසුවේ ය.
        අගෝස්තු විසිතුන.
        ශුද්ධවූ බර්තොලොමේව්ස්ගේ රැය උදාවිය. සිහිපත් කළේ ය සීයා.
        පළමුවන වෙඩිල්ලත් සමගින් දෙවන, තෙවන, සිව්වන පත්තුවිය. වෙඩි හඬ, පිරිමින්ගේ කෑගැසීම්, ගැහැණුන්ගේ ලතෝනි, දරුවන්ගේ වැළපීම්, ගවයන්ගේ තප්පුලෑම, බලු පොර හා උඩබිරුම් සිසාරා පැතිරුණේ ය. මහ හඬදුන්නේ ය අසල්වැසි බද්රියාන්ගේ දොරකඩ.
        අලිස්තාර්හාගේ නිවස අසලින් අසල්වාසි මකාරීයාගේ නිවස පිහිටියේ ය. බල්ලාගේ යටිගිරියෙන් කෑගැසීම මා බිහිරි කළේ ය.
        අවාසනාවන්ත බල්ලා!
        පුරා පැයක්ම ඇදිගියේ ය ඒ නොඇසෙන, කෘර, විනාශ වි ගිය බල්ලන්ගේ හඬ. පුරා පැයක්ම ගුමු නදින් හා මර්මර හඬින් නද දුන්නේ ය ගම්මානය. සෑම මෙහොතකම අටුවේ බැඳදැමූ අපේ බල්ලා, කෘර උඩබිරිම සමගින් හා ගොරවමින් පැන දොර සිරුවේ ය නිය වලින්.
        ටිකෙන් ටික සියල්ල නිහඬවන්නට විය. ඈතින් ගිගිරුවේ ය අවසන් වෙඩිල්ල. ආරම්භ විය මර නිහැඬියාව.
        ග්ර්ර්ර්! පැතිරුණේ ය හිටිහැටියේම කාගේදෝ ජයග්‍රාහී මොරදීම.
        ඉවරයි. අවසන් විය. දෙයියනේ බලවත්, සමාවෙන්න වෙන්න අපේ පව් වලට හා වේදනාවන්ට. හීල්ලුවේ ය සීයා.
       
        හිමිදිරිය උදාවිය.
        කුකුළෝ හැඬලූහ.
        තප්පුලෑවා ය එළදෙන.
        එළුවා හඬලෑවේ ය.
        කුකුල්ලු කෙකරගෑහ.
        හිරු නැගී ආවේ ය.
        සියල්ල සුපුරුදු ලෙස සිදුවිය. කෙසේ වෙතත් උදෑසන සාමාන්‍ය නොවීය.
        ගම්මානයට ගෝචර නොවන, පුහුදුන්, සුපුරුදු, සමීප, නිසඟ මොනවදෝ යමක් ප්‍රමාණවත් නොවීය. පසල් මඟේ බඩවැටිය අතරින් මතුවුන දා අස්ලාන් තාෆ්බෙරිද්සේ උර මත කෙටේරිය සමගින් ඔහු පැන්නිම දැක දිවගියේ නැත ඔහුගේ ලම්බකර්ණ තූසික්.
        1943 වසරේ අගෝස්තු 2 වනදා මගේ ගම්මානය බල්ලන් රහිත වූයේ ය.
        දවස පුරාම අපේ බල්ලා කඩුල්ලෙන් එළියට බස්සේ නැත, කෑම ගත්තේ නැත, බිරුවේ නැත. වැසූ දෑසින් යුතුව සීයාගේ දෙපා ලඟ වැතිර සිටියේ ය ගාත් විහිදුවමින්.
        ඉතිං, කොහොමද බල්ලට? සීයාගෙන් ඇසුවෙමි.
        ඊයේ රැය දුකසේ ගෙවා දමමින්, පිළිතුරු දුන්නේ ය ඔහු.
        කමක් නැහැ, ඉක්මනටම සියල්ල අමතක වෙයි.
        ඔහු බල්ලව පිරිමැද්දේ ය. බල්ලා සෙළවුනේ වත් නැත.
        නැවතත් සැන්දෑවේ මතුවිය වෙරි වූ බද්රියා.
        සුබ සැන්දෑවක්, ස්පිරිදෝන්! සුභපැතුවේ ය ඔහු.
        ආයුබෝවන්, බද්රීයා! පිළිතුරු දුන්නේ ය සීයා. දොරකඩ වූ ආගන්තුකයාට ආරාධනා නොකළේ ය.
        ස්පිරිදෝන්! පටන්ගත්තේ ය බද්රියා විපරිතව. ඒ ජනතාව තෘප්තිමත් නැහැ.
        යුද්ධය අවසන් වුනාද? මගේ අර්සෙන් ආපසු පැමිණියාද? ඊයේ නව අවුරුදු රාත්‍රියද? මොන හේතුවක් නිසාද මට වෙඩි තියන්නේ? ඇසුවේ ය සීයා.
        ස්පිරිදෝන්, ගම පිළිකුල් කරන්න එපා. බල්ලව මරන්න. අපේ බල්ලන්ද උඹගේ එකාට වඩා පහත් වුනේ නැහැ. උඹ තනියම හොයාගත්තද ඒ දයාබරයාව?
        නැහැ, බද්රියා මම කමති නැහැ මගේ සෙහොන ලඟ බල්ලෙක් උඩබුරනවට.
        බලන්න, ස්පිරිදොන්! බල්ලා, මගේ දරුවන් සමග කෝපාවිෂ්ට නොවන හා සපා නොකන එකෙක් වීමට මම දෙයියන්ගෙන් ඉල්ලනවා.
       
        අඳුරු වටී ඇත. සීයා සුදුමැලි වන බව මට පෙනීගියේ ය.
        බද්රියා! කෑගැසුවේ ය ඔහු.
        බද්රියා ආපසු හැරුණේ ය.
        සවන්දෙන්න මට, නිකමෝ! කට පරිස්සම් කරගනින්. පරිස්සමෙන්.
        මධ්‍යම රාත්‍රිය ආසන්න වී ඇත. අපේ දොරකඩින් එහා කොනේ එකට වෙඩි උණ්ඩ දෙකක් නිකුත් විය. ඒ සමගින් බල්ලෙකුගේ දුර්වල හැඟුම්බර උඩබිරුමක් නිකුත් විය. ඇඳෙන් පනිමින්, මම තුවක්කුව අතට ගත්තෙමි. දිව ගියෙමි උණ්ඩ නිකුත් වූ දෙසට. කව්දෝ ඉක්මනටම ලන්ද තුල නොපෙනී ගියේ ය. පසුව මට දිවයන තැනැත්තෙකුගේ පා හඬ ඇසුනේ ය.
        බල්ලා කඩුල්ල අද්දර දිගාවී සිටියේ ය. නිසොල්මනේ කෙඳිරිගෑවේ ය. මම බල්ලව දෑතට ගත්තේ ය පිම්මේ නිවසට ආපසු පැමිණියෙමි. සීයා ලාම්පුව පත්තු කළේ ය. පසුව සීයා අසුන්ගත්තේ ය එළුහම මත. ඔහු බල්ලාගේ තුවාල දෙස බැළුවේ ය. ස්ප්‍රිට් තැවරුවේ ය. දුම්කොළ තැවරුවේ ය, තදට වේළුවේ ය.
        බය වෙන්න දෙයක් නැහැ. කටු වලට තුවාල වේලා නැහැ. සීයා කීවේ ය.
        ඔහු ප්‍රශ්නාර්ථයක් සමගින් බල්ලා දෙස බැළුවේ ය. බල්ලාද සාරවත් ලෙස සීයා දෙස බැළුවේ ය.
        කව්ද වෙඩි තිබ්බේ? සීයා මගෙන් ඇසුවේ ය.
        දන්නෙ නැහැ.
        නමුත් බල්ලා දන්නවා! දන්නවා කියන්න බැහැ! සීයා හිස සෙළෙව්වේ ය. බල්ලාගේ දෑසේ කඳුළු පිසදැමුවේ ය.
        උදෑසනදී සීයා ඉල්ලා සිටියේ ය බල්ලාව සඳළුතලයට රැගෙන එන ලෙසට. අබ්බගාත බල්ලා අමාරුවෙන් ඇවිදිමින් සීයා පසුපසින් වැතිරුණේ ය ඔහුගේ දෙපා අභියස.
        අපේ නිවස කඳුගටය මත පිහිටියේ ය. දැන් සීයා ගම්මානය දෙස අවදානයෙන් බැළුවේ ය. මුලින්ම කදිමට ගම දකින්නේ ඔහුය. ඔහු දීර්ඝව නිහඩව සිට මා වෙත හැරීමෙන් සෙමින් මෙසේ කීවේ ය.
        ඒගොල්ල නිවැරදියි. පුතේ බල්ලා නිසා ගමත් එක්ක තරහ විය යුතු නැහැ. තුවක්කුව ගනින්, බල්ලව අල්ලගනින්, ගමෙන් එහාට පලයන්, මට මුකුත් නෑහෙන්න.
        මම මොකක්ද ගම්මානෙන් එහා කරන්න ඕනේ? ඇසුවෙමි. එහෙත් මට හැඟුනේ ය, සලිත වෙනවා මගේ නිකට, යටිතොල ඇඹරී ගියේ ය.
        මොනවද අපේ අසල්වැසියෝ කළේ. මා දෙස නොබලමින් සීයා පිළිතුරු දුන්නේ ය, කරන්න පුතා.
        මම තුවක්කුව කාමරයෙන් ගෙනාවෙමි. තදින් ගැටගසාගත්තෙමි වරපට බෙල්ලෙ බල්ලගේ. ඇද්දෙමි. බල්ලා සිටිතැනින් සෙළවුනේවත් නැත.
        යමං,බල්ලෝ! මම නැවත වරක් වරපටින් ඇද්දෙමි..
        බල්ලා ආයාචනාත්මක බැල්මක් හෙළුවේ ය සියා දෙස.
        පලයං, එයා එක්ක පලයං බල්ලෝ! කියමින් සීයා දෑතින් මුහුණ වසා ගත්තේ ය.
        අපි ගම්මානය හරහා ගියෙමු. මහ මගට හැරුණු අපි පෙත්මග දිගේ ගියෙමු. ගඟ දිගේ කඩතොළු පල්ලම මතින් කන්දේ පහලට ගියෙමු.
        කොරගහන බල්ලා කීකරුව මා පසුපස ගියේ ය. මොහොතක්වත් මා දෙස බැළුවේ නැත.
        අපි ගඟ අද්දරට පැමිණියෙමු. මම බල්ලාගේ බෙල්ලහි වූ වරපට ලිහා දැමුවෙමි. ඇන තියාගත්තෙමි විසල් කළුගලක් මත. සිසිල් දා බිඳු මගේ මුහුණ පුරා පහලට වෑහෙන්නට විය. හදවත වැරෙන් දෝංකාර දුන්නේ ය. ඩිංගක් අස්වැසිල්ලක් ලබමින්, මම උරෙන් තුවක්කුව ඉවත් කළෙමි. බල්ලා හිස එසෙව්වේ ය, සුහද දුක්මුසු දෑසින් මා දෙස බැළුවේ ය. බල්ලාගේ බැල්ම දරාගත නොහැකිව, මම වෙනතක් බලාගත්තෙමි. පසුව මම කඩිනමින් තුවක්කුවෙන් ඉවතට ගත්තෙමි උණ්ඩ දෙක, වීසි කළෙමි ඒවා ගඟට.
        බර කළුගලක් මගේ උර මතට වැටුණේ ය. නැගිට්ටෙමි. ගැඹුරු හුස්මක් ගත්තෙමි. හිරි හැරගත්තෙමි. බල්ලා බයාදු ලෙස මා වෙතට පැමිණියේ ය, ලෙවකෑවේ ය අත. පසුව ගඟට පැන්නේ ය. විනාඩි කිහිපයක් පැන්නේ ය, කරණම් ගැසුවේ ය, වතුරේ වේගයෙන් කැරකුණේය වතුර මලකින් වතුර ඉසින්නා සේ. කෙඩෙත්තුව ඉවුරට එමින් ගසාදමා සිරුර, වැල්ලේ වැතිරුණේ ය. ගාත් වල වූ තුවාල වලින් ලේ වෑහෙන්නට විය. දෑස් කඳුලින් පිරී ඇත. මා දැන් ඕනෑම දෙයකින් දිවුරන්න සූදානම්ය. බල්ලා සිනාසුනේ ය!
        දැන් ඉස්සර වෙන්න, බල්ලෝ! යන්න නිස්කලංකව, සමාදානයෙන්, උඩුබුරන්න එපා. දත් විලිස්සා මිනිස්සුන්ට ගොරවන්න එපා. උත්සහ කරන්න ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න. ළතෙත් කිසිවක් නැත. උඹට පිස්සු කියලා මරයි උඹව ඔවුන්. ගමේ පේන්න ඉන්න එපා. ඇහුනද සීයා කියපු දේ: බල්ලා නිසා මිනිස්සු එක්ක තරහ විය යුතු නැහැ. සුදුසු නැහැ. කොහොම වුනත් මම සීයව රවට්ටනවා. උඹ පලයං. දෙයියන්ගෙ නාමෙට ආපහු ගමට එන්න එපා. උඹට පිස්සු වෙන්න පුළුවන්. පව් කරගන්න එපා. ඉතිං පලයං මගේ හොඳ එකානේ.
        මම දන්නේ නැහැ, බල්ලට මාව තේරුණද කියලා. නමුත් මම ආපසු යන විට, බල්ලා එතැනම වාඩි වී සිටියේ ය.
        ඉතිං, මොකද වුනේ. සීයා ඇසුවේ ය.
        මම නිහඬව උරෙන් තුවක්කුව උණා දැමුවෙමි. සීයාට එය දික්කළෙමි. ඔහු අගුළු විවරකළේ ය, තුවක්කු බටය තුලින් බළුවේ ය.
        මම උඹට කියනවා පුතේ, උඹ හැමදාම මෙහෙම කරනව නම්, ජීවිතය උඹට අමාරු වෙයි.
        සතියක් ගෙවුනි, රාත්‍රියෙදී, සිවලා‍ ඇදගෙන ගියේ ය එළුවෙකුව එක්ෆීතීමේ සිරාද්සේගේ අටුවට.
        තවත් දින තුනකට පසු කුකුල් කූඩුවේ සිට හිවලා කුකුලන් දෙදෙනෙක් ඇදගෙන ගියේ ය.
        පසුව කවරක්දෝ පිරිසිඳුව හිස්කළේ ය ස්පන්දනය අස්ලාන් තෆ්බෙරිද්සේගේ.
        එක් සුන්දර දිනයක එළදෙන උලාකෑවේ ය අපේ දොරකඩ පිහිටි බද්ධ කෙරූ ගස් හතරක්.
        ඒ පසුපසින් ගමේ සිට කිසිඳු සළකුණක් නොමැතිව අතුරුදහන් වූයේ ය දොවන එළදෙන නීනා ද්ස්නේලාද්සේගේ හා ගොන්නාම්බෙක් සිපීතෝ මතිතාෂ්විලිගේ.
        එක් රැයකදී කිරිල්ලේ තිත්මේරියාගේ ගබඩාවෙන් රැගෙන ගිය හ සෑහෙන දුරක් බඩ ඉගුරු.
        ජනයා බරිහන් දුන්නේ ය. මොරදීම පටන්ගත්තේ ය ශාපයක් තෙක්, සැකය ඉඟියක් තෙක්, විනිශ්චය කොලාහලයක් දක්වා, ක්‍රියාව නින්දාව තෙක් විහිදී ගියේ ය.
          ගමේ මායිම තෙක් කැළඹී ඇත.
        ඔක්තෝම්බර් 15 දින ධාරානිපාත වැසි වසින්නට විය, එය දිගුකලක් සිට අපේ ගම්දනව් වල අය දැන නොසිටිය හ. ගුබාසෝඋලී හී පිහිටි ඇඹරුම් හල්, නොපිහිටියා සේ, ඒවා රැගෙන ගියහ උතුරා යන ගඟ අද්දරට.
        ඔක්තෝම්බර් 1 දින සීයා නියම කළේ ය මට යාමට ඒ අසිරිමත් අමරණීය ඇඹරුම් හල් වෙතට ගොරාබෙරේෂ්ඔඋලී හී පිහිටි.
        මධ්‍යම රාත්‍රිය තෙක් මගේ බඩ ඉරිඟු බිම තිබුනේ ය. මම ඔසවාගත්තෙමි උරමතට පිටි මල්ලක් හා පිටත් වීමට සූදානම් වුනෙමි, ඇඹරුම්හලේ දොර විවර වූ විගසින්ම. එළිපත්තෙන් මතු වූනේ ය කිරිල්ලේ මමලාද්සේ.
        ආයුබෝවන්, තෙයෝෆාන්! සුභපැතුවේ ය ඔහු ඇඹරුම්හල් හිමියාට. කිරිල්ලේ මාව හඳුනාගත්තේ නැත.
        කොහොමද ඔබේ දරුවා? ඇසුවේමි මමලාද්සේගෙන්.
        මොන දරුවද?
        පිස්සු බල්ලා සපාකෑ කෙනා.
        ආ….. ඒක ගැනද? බල්ලා නිරෝගී එකෙක්!
        මොකක්ද කිව්වේ?
        විශේෂ දෙයක් නැහැ. බල්ලාට පිස්සු නැහැ.
        ඌට පිස්සු නැහැ එහෙනම්! ඔබ, එගොල්ලෝ, ලැජ්ජා නැද්ද ඔයාට, කිරිල්ලේ මමලාද්සේ. ලැජ්ජව හා නින්දාව! දෙඩෙව්වෙමි. නිදහස් කළෙමි මල්ල.
        තේයෝෆාන්, කාගෙද ඒ අධමයා? ඇසුවේ ය පුදුම වූ මමලාද්සේ ඇඹරුම්හල් හිමියාගෙන්.
        කොල්ලා, කාගෙද උඹ? ඇඹරුම්හල් හිමියා ඇසුවේ ය මගෙන්.
        කාගෙවත් නෙමෙයි! බිඳදැමුවෙමි, සමුනොගනිමින් ඇඹරුම් හලෙන් පිටවුනෙමි.
        ඔක්තෝම්බරයේ 17 වන දිනය මුළුල්ලේම මම බැරැරුම්ව සිතුවෙමි, කියන්නේද නොකියන්නේද සියාට ඇඹරුම්හල් හිමියාගේ හමුව පිළිබඳව. අවසානයේදි තීරණය කළෙමි, සීයාට ඒ පිළිබඳව කීම නොවටිනා බව.
        ඔක්තෝම්බර් 18 දින සීයා ඇඳෙන් නැගිටීමට අකමැති විය.
        ඔක්තෝම්බර් 20 දින ඔහු ඉල්ලා සිටියේ ය මගෙන් නිවසේ නැවතීමටයි.
        ඔක්තෝම්බර් 25 දින සීයාගේ දකුණු අත හා කකුල ඉදිමුනේ ය.
        ඔක්තෝම්බර් 27 දින ඔහු මා කැඳවා පිළිගැන්වූයේ ය පෙට්ටගමේ යතුරු.
        ඔක්තෝම්බර් 28 දින සීයා මාව වාඩිකළේ ය තමා ඉදිරියේ වූ කුඩා පහත් බංකුව මත හා කීවේ ය මෙසේ:
        ලොවේ සියල්ලන්ටම ආරම්භයක් හා අවසානයක් තියෙනවා. අද නෙමෙයි, හෙට මගේ අවසානය ලඟාවෙනවා. ඒක ඉතා භයානකයි. යනවා කොහේද කියා නොදැන. පස්සේ බොරු කියන්නේ නැහැ, මම මරණය දිරියේ බයයි. උඹ බයවෙන්න එපා දරුවො! එතැන, ඒ ලෝකයේදී, කිසිවක් නැහැ, එදාට කිසිවක් නැති වීම ගැන බයයි. මරණය කියන්නේ, තැනැත්තෙකුගේ රූපාන්තරණයයි. ඒ නිසාම බියවීමට කිසිඳු පදනමක් නැහැ. මම ආපහු යනවා ඒ ලෝකයට, වෙනත් රූපයක් තුලට, ගස්වලින්, තණවලින්, විහඟුන්ගෙන්, සුනඛයින්ගෙන්. මම සෑමදාම උඹ සමගින් ඉන්නවා. මම උඹව කවදාවත් තනිකරන්නේ නැහැ. දැනගනින් පුතේ, උඹට හැමදාම උණුසුම හා සතුට මදි නොවෙන්න ඔනේ. හරියට උඳුන වගේ වෙන්න. මම ඒ ඔබේ වයසක සීයා. ඒ නිසා උඹ හිතන්න එපා කවදාවත් උඹ තනිවෙයි කියලා. තනිකමට බය වෙන්න එපා. එකක් උඹෙන් ඉල්ලනවා, අපේ නිවස අතහැර යන්න එපා. නිවෙන්න දෙන්න එපා අපේ උඳුනට. උඹේ තාත්තා ආපසු එයි. එයා මෙහි ගින්දර, පාන් කැබැල්ලක් හා වයින් කෝප්පයක් සොයාගත යුතුයි. ඉතුරුටික එයා තමන්ම කර ගනියි. සතියක් මුළුල්ලේ මට හීනෙන් පෙනෙනවා මියගිය අය. උඹේ තාත්ත ඉක්මනට නෙමෙයි හීනෙන් පෙනුනේ නැත්තේ. ඒ කියන්නේ ඔහු ජීවත් වෙනවා. පුතේ ආරක්ෂා කරගන්න ඔහුට, උපන් නිවස හා යහපත් නාමය. යුද්ධයේ අවසානයක් වෙයි. යුද්ධය පටන්ගන්නේ මිනිස්සු. මිනිස්සුමයි ඒකට අවසානය තැබිය යුත්තේ. ඒක සිද්ධවෙන්න නොහැකියි, යුද්ධය මැඩලීමට නොහැකිවෙලා තියෙනවා මිනිසාට. දැන් පලයං අරගෙන වරෙන් වැඩිපුර දර.
        ඒ රාත්‍රියේ මම නිදානොගත්තෙමි. සීයා නිහඬ වූවේ ය. නොකඩවා බැළුවේ ය උඳුන තුල වූ දැවෙන ගින්න දෙස, මොකකටදෝ සිනහ සුනේ ය.
        ඔක්තෝම්බර් 29 වන දින ඔහුගේ තත්ත්වය අයහපත් විය. මම ඔහුව ඇඳ මතින් ඩිංගක් එසෙව්වෙමි, ඇතිරෙව්වෙමි ඔහු වටා කොට්ට.
        එනවා, එනවා ඇය. සිරිමත්. එනවා ගොඩක් හෙමීහිට. මිමිනුවේ ය ඔහු.
ඔක්තෝම්බර් 30 වන දින සීයා නැවත ඔහු අසලට කැඳෙව්වේ ය.
        සූදානම් වෙන්න, පුතේ. හෙට ඇය මගේ හද තෙක් එනවා. උඹ සැළෙන්න එපා. අවශ්‍ය සියළුම දෑ අසල්වාසි කරයි. දුකයි අපේ නිවසේ කාන්තාවන් නැති වීම ගැන. මට අඬන්න කවුරුත් නැහැ.
        නොවැම්බර් 1 දින මැදියම් රැයේ සීයා ඇඳෙන් බැස්සේ ය, කාමරය මැද්දේ සිටගත්තේ ය.
        ගොගිතා, මම ඔහුව දක්කා. කීවේ ය ඔහු භයංකාරය තැවුනු හඬින්.
        කාවද, සීයා ? ඇසුවෙමි, ඇඳෙන් පනිමින්.
        සීයා මේසය මත දිගාවි සිටියේ ය. පසුව හිමිහිට නැගිට පහලට රීටුවේ ය. එකවරම හැරී වැටුනේය උඩුකුරුව.
        සීයා! බෙරිහන් දුන්නෙමි. සීයා!
        සීයා තවත් ජීවතුන් අතර නැත.
        සියල්ල එසේ සිදුවිය. එතරම්ම ප්‍රිය වූයේ ය මට, මගේ දයාබර, නුවණැති සීයා.
        මම ඇඳුම් ලා ගත්තෙමි. විවර කළෙමි සියළු දොර, ජනේල හා සඳලුතලයට වීමි.
          නොවැම්බර් දෙවන දින හිමිදිරිය උදාවිය.
        කැඩපතක් බඳු දිදුලන සීතල අහසේ තරු කැට එකින් එක බැබළෙන්නට විය.
        මම දොරකඩට නික්මුනෙමි, පාවහන් නොමැතිව ඇවිද ගියෙමි පිණි බෑ තණ මතින්. සීතල වැහිපොද සිරුර පුරා දිවගියේ ය. අතුගා නොදැමු බඩඉරිඟු දඬු හඬනැගුවේ ය. පෙයාස් ගසක් අසලින් යමින් සිටියදී, මම යාන්ත්‍රිකවම හේත්තු වුනෙමි. අහුලාගත්තෙමි, සැපුවෙමි පෙයාර්ස් ගෙඩියක්. එකෙනෙහිම දැනුනේය මගේ කටතුල වියළිමක් ඇති බව.
        නිසලව, කලබල නොවී මම සම්පූර්ණයෙන් විවර කළෙමි දොර හරස් පාරට, ලඟාවුනෙමි අසල්වැසි වරිච්චි තාප්පය අසලට, ඇමතුවෙමි.
        මර්ගලීතා!
        කිසිවෙක් පිළිතුරු දුන්නේ නැත. උදෑසනින්ම නිසා. මම උස් අඬින් ඇමතුවෙමි.
        හඬනගමින් විවර විය දොර, සඳළුතලයෙන් එළියට ආවේ ය නිදිබර කාන්තාවක්.
        කව්ද ඔතන?
        මේ මං, ගොගිතා!
        මොකද උඹට?
        පහලට එන්න.මට වැඩක් තියෙනවා.
        මොකද, උඹ බීලද, කොල්ලො?
        සීයා අන්ත්‍රා වුනා, මර්ගලීතා. එයාට අඬන්න කවුරුත් නැහැ. ඉල්ලනවා ඔයාගෙන්.
        ඔයා මොනවද කියන්නේ!
        ඔව්, සීයා අන්ත්‍රා වුනා. ඉල්ලනවා ඔයාගෙන්, බැහැ කියන්න එපා.
        එකදු වචනයක් නොකියා, මර්ගාලීතා, අවුල් වු හිසකෙස් වලින් යුත්, පාවහන් නොමැතිවම පඩිපෙළ දිගේ පලට ගියා ය. අපේ නිවසට පැමිණිය විටදී, ඇයට මම ඉදිරියට යාමට ඉඩදුන්නෙමි. ගැහැණිය පඩිපෙළ නගින්නට වූවා ය, සැනෙකින් නැවතී ව්‍යාකූලව මා වෙතට හැරුණා ය.
        බිය වන්නට එපා! කිවෙමි ශබ්ද නොනගා, තෙත් තණ බිස්ස මත වාඩිවුනෙමි.
        මර්ගලීතා සදළුතලයට නැග්ගා ය. හැරි බැළුවා ය ගම්මානය දෙස හා කොණ්ඩය විහිදුවා ය.
        සීයාව 1943 වසරේ නොවැම්බර් 4 වන ඉරුදින භූමදානය කළ හ.
        අඩදිනකට පසුව ජනයා පැමිණෙන්නට විය. කණ්ඩායම් එකතුවී නෑකමට හෝ ගම්වාසීන් ලෙස පැමිණිය හ. සෑම කණ්ඩායමක්ම මෙහෙයවූයේ වඩාත් ශෝකවන්නාය හා මල්වඩම් අතැති දරුවෝ දෙදෙනෙක් සමගින්.
          භූමදාන කටයුතු වල සියළුම වගකීම් තමන් වෙතට පවරාගත් මගේ ආසන්නම අසල්වාසීහූ, සීයාට වඩා මාව ශෝකයට පත්කළ හ.
        අවාසනාවන්ත කොලුගැටයා, කොහොමද උඹ තට්ටතනිවම ජීවත්වෙන්නේ, අනාථයා අසරණ.
        මම කළු ලණුවක් අත ඇතිව ශාන්තව, කඳුළු රහිතව අතට අත දෙමින් කෙඳිරියෙන් පිළිතුරු දුන්නෙමි දොරකඩ සිටගෙනමය.
        උඹ අඬපන්, අඬපන්, ගොගිතා, සැහැල්ලුවක් දැනෙයි. මගේ කනට කොඳුරා කීවා ය මාර්ගලීතා. මම ඊට එකඟව හිස වැනුවෙමි.
        සඳළුතලේ, දොරකඩ හා මහපාරේ ජනයාගෙන් පිරී ඉතිරි ගියේ ය. සිටගෙන සිටියහ, ප්‍රලාප දෙඩූහ, බෙදාගත්හ නව තොරතුරු සමගින්, වාද කළහ, කෙහේදෝ සිනහසුනහ.
        සෙනඟ අතරින් සැනකින් කුමක්දෝ සිදු විය. මුලින්ම ඔහු හඬ නැගුවේ ය. පසුව මාරක නිහඬියාවක් පැතිරෙන්නට විය. ජනයා එකපැත්තකට විය. අවධානය යොමු කලවිට කොරිඩෝවට පෙනුනේ ය ලෝම වලින් පිරි, අපිරිසිඳු, ඇලෙන සුලු ලෝම බොලයක් බඳු බල්ලෙකි. ජනයා දෙස නොබලමින්, කිසිවෙක් දෙස අවධානය යොමු නොකරමින්, බල්ලා සියළු දොරවල් පසුකර ගියේ ය. සඳළුතලයට නැග්ගේ ය, සීයාගේ කාමරයට එබී බැලුවේ ය. එහි කිසිවක් සොයා නොගත් පසු, මැද මිදුලට පිවිසියේ ය. මිනිපෙට්ටියට ලඟාවී පසුපස ගාත් වලින් සිටගත්තේ ය. ඉදිරිගාත් සයනය තුලට බහා බෙල්ල දිගුකළේ ය. ගල්ගැසුනේ ය. බල්ලා සන්සුන්ව දිගු කලක් බලාසිටියේ ය, සිත්ගන්නා සුළු, සත්ගුණවත් සීයාගේ මුහුණ දෙස. පසුව හැරී මා වෙතට පැමිණියේ ය. නිහඬව මාගේ දෙපාමත වැතිරුණේ ය.
        ඔබට ස්තූතියි දෙවියනේ! කාගේදෝ කටින් පැන්නේ ය.
        මට මෙහිදී දරාගත නොහැකි විය. මුහුණ දෑතින් වසා උස්හඬින් ඉකිගැසුවෙමි.
        සවස පහට තවත් පුදුමයක් සිදුවිය.
        කාමරයට බද්රියා කාමරයට ඇතුළු වූයේ ය. මාගේ පා මත වැතිර සිටි බල්ලා දකිමින්, ඔහු වෙවුළුවේ ය. බල්ලා පැන්නේ ය, කිපුනේ ය, දත්විළිස්සුවේ ය හා කේන්තියෙන් ගෙරෙව්වේ ය.
        බද්රියා පසුපසට විය, බල්ලා පියවරක් පෙරට ගත්තේ ය.
        පලයං. පලයං. සිදුමැළි වූ බද්රීයා කීවේ ය.
        බල්ලා ඔහු දෙස බළුවේ ය රත්පැහැ ගැන්වුනු දුෂ්ඨ දෑසින්.
        මනුස්සයයෙක් වෙනුවන් අඬන්න දෙන්න. සිනහ සෙන්නට උත්සහ කළේ ය බද්රියා.
        බල්ලා හඬින් ගෙරෙව්වේ ය හා ඔහු වෙතට කිට්ටු වූයේ ය.
        ඌට මොනව හරි කියන්න! මා වෙතට නැමෙමින් ව්‍යාකූල වූයේය බද්රියා.
        “ ඌ දන්නවා! දන්නවා, හැබැයි කියන්න බැහැ! මට මතක් වුනා සීයාගේ වචන හා කීවේ ය.
        බද්රියා, පලයං මගේ ගෙදරින්!
        “ හැමදාම උඹ මෙහෙම කරනවා නම්, ජීවිතය දුෂ්කර වෙයි “, සීයාගේ වචන සිහිගන්වමින් නැවත කීවේ ය.
        පලයං, බද්රියා, මගේ ගෙදරින්.
        බද්රියා පිටත්ට ගියේ ය.
        උදෑසනින්ම මාව අවදි කළේ ගෝෂාවකි. යට ඇඳුම පිටින් මම සදළුතලයට ගියෙමි.
        ගොගිතා, එළවලා දාන්න තුච්ඡ බල්ලාව. අපිව සපා කෑවේ නැත්තේ යන්තමට. අසල්වැසිහූ මොරදුන්හ.
        මම ගම දෙස සිසාරා බැළුවෙමි.
        නිවස්න මතින් සුදු දුම්රොටු වෑහෙන්නට විය.
        කුකුළන් හැඬළුහ.
        හරකුන් තප්පුලෑහ.
        එළුවන් හඬතැලූහ.
        කිකිළියෝ කෙකරගෑහ.
        හිරු උදාවිය.
        සිරුර මගේ උණුසුම් විය. සවන් තුල සීනු පොඩි නද දෙන්න විය.
        මගේ දොරකඩ බල්ලා උඩ බිරුවේ ය.
  
නෝදාර් දුම්බාද්සේ.
( ගෘසින් බසින් රුසියන් බසට එස්. අහ්ව්ලේදියානි ).
රුසියන් බසින් සිංහල බසට,

ෆීලික්ස් ප්‍රනාන්දු.

%d bloggers like this: