Menu Close

ඇවිද්ද පයට නව මුහුණුවරක් ……

මගේ බ්ලොග් අඩවිය බොහෝ කාළයක්   ඒකාකාරීව පැවතුණා. ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් මම බලාපොරොත්තු වුණේ, මගේ රාජකාරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගිහිං ලබපු අත්දැකීම් බෙදාගන්න. ඒ කියන්නේ සංචාරක අත්දැකීම්. එවැනි බ්ලොග් අඩවියකට ළඟදී ගොඩවදින්න සිද්ධ වුණා. ඇත්තටම ඔහුගේ නිර්මාණශීලී පසුතලය දුටුවාම මට හිතුණා, ඇවිද්ද පයටත් ගැලපෙන්නේ මේ වගේ එකක් නේද කියා. ඉතිං මමත් ගැලපෙන එකක් නිර්මාණය කර ගත්තා. මේකට නිතර ගොඩවෙන ඔබත් මේ අලුත් මුහුණුවර කොහොමද කියළා අදහස් ඵල කරන්න. මේ දවස් වල අලුත්ම සංචාරක අත්දැකීමක් අකුරු කරමින් ඉන්නේ. ඒක අද සවස හෝ හෙට කියවන්න ලැබෙන තුරු මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

ප.ලි. : ඒ වගේම ඔබගේ අදහස් අවශ්‍යයි. මා කුමන මාතෘකා ඔස්සේ ලියනවාටද ඔබ කැමති ?

  • ජීවන සහ සංචාරක අත්දැකීම්
  • පරිවර්තන – නවකතා, ලිපි
  • ක්‍රීඩා – ක්‍රිකට් පාපන්දු හා වෙනත්
  • විනෝදාශ්වාදය පදනම් වූ කතා (ලොල් කතා)
  • තාක්ෂණික සහ විද්‍යාත්මක

%d bloggers like this: