Menu Close

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?

නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි

පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම් ;

1. ආයුක්ඛය – සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
2. කම්මක්ඛය – සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
3. උභයක්කය – ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
4. උපච්ඡේදක මරණ – හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.


ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් ‘විප්ලවයෙන්’ පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.

දහම අනුව බලනවා නම් මියගිය හෝ තුවාල වූ අය ඔවුන් විසින් කරන ලද කර්ම පලදීමකින්, ගෙනා අයුෂ ඉවරවීම නිසා, හෝ කර්ම පල අවසන් වීම නිසා තමයි ඔවුන්ට මේ විපත්තියට මුහුණ දීමට සිදුවුණේ. එහෙම බලනකොට ඉස්ලාම් අන්තවාදීන් සහ සිරිසේන ඇතුළු දේශපාලකයින් කර ඇත්තේ මේ අයගේ සිදුවීමට තිබූ මරණ සිදුවීමට පහසුකම් සැපයීමක් පමණයි.

මේ සිද්ධිය නොමැරුණු අපිට පෙන්නා දෙන දෙයක් තමයි කිසිවිටක  බලාපොරොත්තු නොවන අවස්ථාවක අපිටත් යන්න වෙන්න පුළුවන් කියන එක. බුදුදහම අනුව එහෙම යනකොට අවසාන චිත්තය තමයි ඊලඟ භවය ඇතිකිරීමට දායක වන්නේ. පාස්කු ඉරිදා මියගිය සමහර අය දේවස්ථානයක යාඤා කරමින් සිටින විට හෝ මනස බොහෝ තැන්පත් වූ අවස්ථාවක තමයි ඊලඟ භවයට ගියේ. හෝටල් වල ආහාර ගනිමින් සිටි අයත් සතුටින් හෝ අසතුටක් නැතිව ඉන්න අවස්ථාවක තමයි මෙය සිදුවුණේ. ගැරන්ටියක් නැතිවුණත් ඔවුන් බොහෝ විට හොඳ තැනක ඉපදීමට ඉඩ තියෙනවා. 

මේවා දකින අපි මෙවන් සිද්ධි ගැන කම්පා වීම සහ බෝම්බකරුවන් සමඟ හෝ දේශපාලකයින් සමඟ වෛරයක් ඇතිකරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ලෝභයටත් වඩා ද්වේශය තමයි බුදුදහමේ උගන්වන සැර වැඩිම වස. තරහක් හෝ ද්වේශයක් හිතේ තියෙන අවස්ථාවක අපිට ඊලඟ භවයට යන්න සිදුවුණොත් අපායකින් මෙහා නවතින්නේ නැහැ.

මෙවන් සිද්ධීන් ඉදිරියෙදිත් ඇතිවුණොත් ඒ ගැන තරහ ගැනීමේදී ඉහත කරුණ ගැණත් අවධානයෙන් ඉන්න තමයි මගේ ආරාධනය. නොදැනුවත්කම නිසා කල්ප ගණනක් අමාරුවේ නොවැටීමට අදහස් කරනවා නම් ටිකක් වෙලාව යොදවලා මේ ලිපිය කියවන්න. එයින් ප්‍රයෝජනයක් ගත්තොත් පාස්කු බෝම්බවලින් ඔබට හොඳක් වුණා කියල හිතන්න පුළුවන්.   
  


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

%d bloggers like this: