Menu Close

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 – වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ……


වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම 


ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ  මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය

ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද ක්‍රිකට් මන්ත්ලි හී තැබූ සටහනේ සිංහල පරිවර්තනයකි. 


1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය


පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක්


 සිදුවුයේ කුමක්ද ?


මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) දේශීය වාසිය සමග කුසලානය ජයගතහැකි කණ්ඩායමක් ලෙස සිදු කෙරුණු අනාවැකි සමගිනි. ඔවුන් පළමු තරග දෙක ජයගත් අතර, ඉන්පසු මුහුණ දීමට නියමිතව තිබුණේ දෙවරක් ලෝක කුසාලනය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලාහෝරයෙදීය. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, මුලින්ම පන්දුවට පහර දෙමින් ඉක්මන් ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඉම්රාන් ඛාන් සහ සලීම් ජෆාර් ඔවුන්ගේ ගමන අඩාල කිරීමට සමත් වුණේ කඩුලු හතරක් සහ තුනක් ලබා ගනිමින්. ලකුණු 169ක් කඩුලු 5කට ලබා සිටි බටහිර ඉන්දීය ඉනිම, ලකුණු 216ක් කදී අවසන් වුණා. 

පාකිස්තානුවන්ද ඉක්මනින් කරදරයට පත් වෙමින්, ඔවුන්ගේ පිතිකරුවන්ගෙන් අඩක් ලකුණු 110ක් තුළ අවසන් වුණු අතර කඩුලු රකින සලීම් යුසුප් පන්දු 49ක් පමණක් තුළ වාර්තා කළ ලකුණු 56 නිසා නැවතත් තරගයට අවතීර්ණ වන්නට ඔවුන්ට හැකි විය. අවසන් පන්දු ඕවරය තුළ ලකුණු 14ක් දක්වා එය අඩු වුවත්, එය ලබාගැනීමේ සම්භාවිතාව ඉතා අඩු එකක්, පන්දුවට පහර දෙමින් සිටියේ අබදුල් කදීර් සහ අංක 11 පිතිකරු සලීම් ජෆාර් වූ අතර කර්ට්නි වොල්ෂ්ට මුහුණ දීමට සිදු වී තිබුණා. කදීර් එල්ල කළ හයේ පහරත්, දියාරු පන්දුව විසි කිරීමක් මගින් ලබා දුන් අමතර ලකුණුත් නිසා පාකිස්තානය ජය පිලිබඳ සලකා බැලිය හැකි මට්ටමකට පැමිණි අතර, කදීර් පොයින්ට් කලාපයෙන් පන්දුව යොමුකර ජයග්‍රහණය අත්පත් කර ගත්තා. නමුත් එයට මොහොතකට  ප්‍රථම ලාහෝරයේ ඇති වුයේ උන්මාදයක්  පමණක් නොවෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් මහ තරගයට ප්‍රථම ආපසු හරවා ගෙදර යවන්නත් සමත් වුණා.


එය සදානුස්මරණීය වන්නේ ඇයි ?

බට මේ තරගය අමතක වන්නට හෝ නොවන්නට පුළුවන්, නමුත් මේ අවස්ථාව අමතකවියනොහැකියි. 


අවසන් පන්දුව යවන්න සුදානම් වූ මොහොතේ පන්දු යවන අන්තයේ උන් සලීම් ජෆාර් පන්දු යවන්නා පන්දු යැවීමේ සීමාට ලඟා වන්නට මත්තෙන්ම, ඉතා දිගු ආරම්භයක් ලබාගෙන තිබුණා. ඔහුගේ මේ ක්‍රියාව කඩුල්ල පිලිබඳ බලාපොරොත්තුව අත් හරිමින් සිදු කරන ලද්දක් වුවත්, වොල්ෂ් පන්දුව යැවීමෙන් තොරව නතරව තම අත නවා ගත්තා, ඉන් පසුව සලීම් ජෆාර්ව සීමාවට රැගෙන ආවේ විදුහල්පතිවරයෙකු සිසුවෙකුට තරවටු කරන්නාක් මෙනි. නමුත් ඔහු එසේ කළේ, බේල් ඉවත් කර තරගයේ ජයග්‍රහණය සමරන්නට තිබුණු මහඟු අවස්ථාව මග හරිමින්. එම අනතුරු ඇඟවීම සිදුකිරීම යනු, පාකිස්ථානය තවදුරටත් එම තරගය ගැන බලාපොරොත්තු තබා ගත හැකි වීම වූ අතර අවශ්‍ය ලකුණු අවසන් පන්දුවේදී කදීර් වාර්තා කළේය.
   
මෙම තරගය පුරාවෘත්තයක්, වීරකාව්‍යක් ගණයට පත් වුයේ වොල්ෂ්  විසින් පෙන්වන ලද ක්‍රීඩාශීලීත්වය  නිසාය. එම මොහොත තවමත් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ප්‍රදර්ශනය කරන ලද ශක්තිමත් අවස්ථා වලින් එකක් ලෙසය. 

ඔවුන් මෙසේ පැවසුහ

පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ම වාගේ යහපත් ගුණාංග වලින් පිරිපුන් අවංක අයයි. මම පන්දු යවන්නාගේ අන්තයේ සිටියානම් කරන්නේද, එයමයි. පාකිස්තානු රජය ඔහුගේ ක්‍රීඩාශීලී ගුණාංගය අගය කරමින් ඔහුට විශේෂ පදක්කමක් ලබා දුන්නා”

සලීම් ජෆාර් එම අවස්ථාව පිලිබඳ අනුස්මනරණය කරමින් අදහස් දක්වමින් 


%d bloggers like this: