Menu Close

FACEBOOK / WHATSAPP : හැංගෙන්න තැන් හොයාගනිමුද රත්තරං?

නම කවුදැයි නොදන්න ටිවිටර් කාරයෙක් ගත්ත ආතල් එක
ලංකාවේ මෝඩ, සිංහල බහුද්ද ජාතික කීබෝඩ් වීරයින් මේ පාරනම් සැබැවින්ම ඉල්ලං කා ඇති බව සතුටින් වාර්තාකරන්නට කැමතියි. 

මේ ගොන් රැළ – වරෙල්ලා! තම්බින්ට ගහපල්ලා! අපිත් එනවා! – කියමින් බුකිය පුරා, වටීස්-ඇපය පුරා වැපුරූ වෛරයේ හා බොරු ප්‍රචාරවල ප්‍රතිපල හිතුවාටත් වඩා හොඳින් ලැබෙමින් පවතින බව කියන්ඩ සතුටුයි.

චීන මහා ප්‍රාකාරයටත් වඩා ලොකු සයිබර් පවුරක් ගොඩනගාගෙන ඉන්න, ලෝකයේ අංක එකේ සයිබර් හා අන්තර්ජාල පොලිස්කාරයා වන චීනය, අපිටත් රුපියල් බිලියන පහක්ම වටිනා සයිබර් අවකාශ නිරීක්ෂණ හා පාලන ඒකකයක් ලබාදෙන්න එකඟවෙලා.

හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් විතරක් නොව, ලයිව්වෙයාර් හෙවත් චීන සයිබර් විශේෂඥයින්ද තව ටික දොහොකින් මෙත්තපාල ජනපතිවරයාගේ ආරාධනයෙන්, ශ්‍රී ජින් පින් මැතිතුමාගේ ආශීර්වාදයෙන් ලංකාවට ගොඩ බහින්න නියමිතයි.

උන්ටික ඇවිල්ලා, ඉක්විප්මන්ට් සෙටප් කරගත්තාට පස්සේ හෙල බොදු, රු.49 ඉන්ටර්නෙට් කාඩ් වීරයින්ට, අහවල් කාරිය කරන්න පුපක් ඉතුරු වෙන එකක් නෑමයි කියලා විද්‍යා ගවේෂණටත් – අර ට්විටර් කාරයා වගේම – විශ්වාසයෙන්  අණාවැකියක් කියන්න පුලුවන්.

අන්තර්ජාලය පරිහරණය කරන මිලියන 1386ක් මිනිස්සු ජීවත් වෙන චීනයේ සයිබර් අවකාශය විසිහතර පැයේම නිරීක්ෂණය කරන, මිනිස්සු කරන දේවල්, කියන දේවල් බලාගෙන ඉන්න, අනවශ්‍ය දෙයක් වෙනවානම් අකුණු ගහනවා වගේ ඒවා නවත්තලා දාන සයිබර් පොලීසියක් හදාගෙන ඉන්න චීනා මෙහෙත් එහෙම එකක් හදනවානම් ඇත්තටම බඩුම තමයි කියලා කිරිගහට ඇන්නා වගේ කියන්න පුලුවන්.

විරුවනි! දැන් ඉතින් ෆේක් ෆේස්බුක් එකවුන්ට් මකලා දාලා, වට්ස් ඇප් යන සිම් එක බ්ලෙන්ඩර් කරලා, ෆේස්බුක් ඇප් එකයි, වට්ස්-අප් ඇප් එකයි ෆෝන් එකෙන් ගලවල දාලා, පුලුවන් නම් ෆෝන් එකත් ලිඳකට දාලා, ගුලක් සොයාගෙන සතුටින් ඉන්න ඔයලා හොඳේ?
%d bloggers like this: