Menu Close

TERROR : Virtusa කොම්පැණියේ වැඩකල අයිසිස් කාරයා.

Virtusa කොම්පැණියේ වැඩකල අයි.සිස් කාරයා ආඩිල් අමීස් (C) DailyMail UK

Disclaimer : මෙහි නම් සඳහන් පුද්ගලයා පිලිබඳව කිසිදු පෞද්ගලික තොරතුරක් හෝ හැඳුනුම් කමක් ලේඛකයා සතු නොවන අතර, මේ ලිපිය මූලාශ්‍ර කරගෙන ඇති තොරතුරු පොදු ස්වාමිත්‍යයේ ඇති (public domain) මූලාශ්‍රවලින් ලබාගත් ඒවා බව සළකන්න. එම මූලාශ්‍ර ලිපියේ අග සටහන් කොට ඇත.

ආඩිල් අමීස් – දැන් මුලු රටම දන්න නමක්. 2013දී වර්චූසා සමාගමේ රැකියාපුහුණුව (internship) සඳහා පැමිණි මොහු 250කට අධික අහිංසකයින් පිරිසක් සමූළඝාතනය කල ත්‍රස්තප්‍රහාරය සිදුකල කල්ලි දෙකෙහි සාමාජිකයින් අතර සම්බන්ධීකරණය හා ඉන්දියාවේ ත්‍රස්තකල්ලි සමගද සම්බන්ධතා පැවැත්වූවෙකි. දැන් හෙලිවන ආකාරයට 2016 සිටම ඉන්දියානු බුද්ධි අංශ රේඩාර් තිරවල අණතුරුදායක පුද්ගලයෙක් ලෙස සටහන්වූ වෙකි.

මොහු ඉන්දියානුවන් සමග වට්ස්-ඇප් හා වෙනත් සමාජ මාධ්‍ය හරහා සිදුකල සංවාද හා තොරතුරු හුවමාරු පිලිබඳව බොහෝ විස්තර ඉන්දියානු බුද්ධි අංශ සතුබවයි පැවසෙන්නේ.

මිනීමරු ඉබ්‍රාහීම්ලා හා සහරාන් සමග දැඩි සබඳතා

ආඩිල් අමීස් මිනීමරු ඉබ්‍රාහීම්ලා හා සහරාන් සමග දැඩි සබඳතා පවත්වාගෙන ඇති අතර මොවුන් රටපුරා මිළදීගත් දේපොල වලින් සමහරක් මිළදී ගැනීමට / බදු ගැනීමට ගිය ගමන් සඳහා මොහු සහභාගීවී ඇත. පුහුණු කඳවුරු පැවැත්වීමටද මොහොගේ සම්බන්ධයක් ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරනවා.

බෝම්බ සැළසුම් හා තාක්ෂණික සහය

ආඩිල්, ප්‍රහාරකයින්ට බෝම්බ සැළසුම් අන්තර්ජාලය හරහා බාගතකරගෙන ඇති අතර වෙනත් තාක්ෂණික සහයද ලබාදී තිබෙනවා. මොහු සතු පරිගණක දැනුම, ඉන්ජිනේරු දැනුම ආදිය මේ සඳහා යොදාගන්නට ඇති. ආඩිල් ලබාදුන් බෝම්බ සැළසුම් එතරම් සංකීර්ණ හා සූක්ෂම ඒවා නොවන අතර ඒ සැළසුම් ආධාරයෙන් සහරාන්ගේ සොයුරා බෝම්බ නිෂ්පාදනය කොට ඒවා අත්හදා බලා ඇඟිලි හා ඇසක් අහිමිකරගත් බව දැන් ප්‍රකටයි.

ලෝක බොරු කාරයෙක්

ආඩිල්, සිය ඉන්දියානු ත්‍රස්ත මිතුරන් සමග පවසා සිටි ආකාරයට ලංකාවේ මුස්ලිම් සංහාරයක් සිදුවනවා. සිංහල බෞද්ධ මැරයින් සිය නිවස ගිණිතබා විනාශකල බවත්, තමාට සිදුවූ දැඩි පහරදීම් නිසා තමා ආබාධිතයෙකුවූ බවත්, ඇවිදින විට කොර ගසමින් අපහසුවෙන් ඇවිදින බවත් ඔහු කියා තිබෙනවා.

එහෙත් ඊයේ ඔහුගේ නිවසට මාධ්‍යවේදීන් ඇතුලුවූ අතර ආඩිල්ගේම මිතුරන් තහවුරු කර සිටින්නේ මේ සියල්ල ආඩිල් ගෙතූ බොරු බවයි.

එමෙන්ම  අප්‍රේල් 21න් පසුව මොහුගේ අතුරුදහන්වීමෙන් පසු මොහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නට සමාගම උත්සහ කරද්දී ඔහු වර්චූසා ආයතනයට ලබාදී ඇති පෞද්ගලික ලිපිනයන් ආදී සියල්ලම බොරු බව හෙලිවී ඇත.

මොහු දෙහිවලදී අත් අඩංගුවට පත්වෙන්නේ අප්‍රේල් 24 හෝ 25 දිනයකදීය.

එක එක සමාජ ජාල ප්‍රොෆයිල් වල එක එක බොරු. මාධ්‍යවේදියෙකු ලෙසත් පෙනී සිටිලා.

ඔහුගේ එක් සමාජ ජාල ප්‍රෆයිලයක දැක්වෙන්නේ : Senior UI/UX Engineer, Web Developer and Designer, Software Programmer and a student/teacher of Political Science.

Senior UI/UX Engineer – මෙය බොරුවකි. ඔහු 24 හැවිරිදි කණිෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙකි. තවත් ප්‍රොෆයිලයක දැක්වෙන ආකාරයට මොහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාව හදාරා ඇත. මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතුකරන බව පවසා ඇත.

එහෙත් සැබැවින්ම මොහු වැල්ලවත්තේ BCAS ආයතනය (මෙය මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් විශාල අධ්‍යාපන ආයතනයකි) හරහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හදාරා ඇත.

ලොකු මීටරයක් නම් නෙමෙයි!

වර්චූසා සමාගමේ මොහු සමග සේවයකල තරුණ මෘදුකාංග ඉන්ජිනේරුවන් පවසන්නේ ආඩිල් අමීස් කයිවාරුකාරයෙකු වුවත් එතරම් “මීටරයක්” නොවන බවයි. තහවුරු නොවූ ආරංචිමාර්ග සඳහන් කරන්නේ මොහු ආධුනික මට්ටමේ රාජකාරියක් වන QA (කොලිටි ඇෂූරන්ස් ටෙස්ටර්) හෙවත් මෘදුකාංගවල තත්වපාලන රාජකාරිවල නිරතව සිට ඇති අතර මෘදුකාංග සමාගමක නියම සොෆ්ට්වෙයාර් කෙරුම්කරවුන් අනුයුක්ත වන මෘදුකාංග නිර්මාණ සඳහා මොහුගේ දායකත්වයක් එපමණ නොතිබූ බවයි. කෙසේ වෙතත් මේවා කටින් කට යන ආරංචි පමණක් බව සිහිතබාගත යුතු අතර මොහුගේ නියම හැකියාවන් මොනවාදැයි ඉදිරියේදී හෙලිවනු ඇති.

http://newshub.lk/en/2019/05/10/virtusa-dematagoda-employee-arrested-over-is-terror-links/
http://www.dailymirror.lk/top_story/Virtusa-employee-arrested-over-suspected-links-to-attacks/155-166950
http://www.themorning.lk/employee-from-software-company-taken-into-custody/
https://www.news18.com/news/world/sri-lankan-techie-who-played-key-role-in-easter-bombings-was-twice-chargesheeted-in-india-for-isis-links-2140367.html
https://www.asianage.com/world/south-asia/140519/sri-lankan-engineer-under-indian-surveillance-key-in-easter-attack.html
https://www.thehindu.com/news/national/3-is-suspects-were-in-touch-with-aadhil/article27130906.ece
https://www.reuters.com/article/us-sri-lanka-blasts-plotter-exclusive/exclusive-sri-lankan-software-engineer-under-indian-surveillance-key-in-easter-attack-idUSKCN1SK0K2
https://www.ibtimes.co.in/sri-lanka-bombings-employee-massachusetts-based-it-company-arrested-797491
https://www.dailymail.co.uk/news/article-7026433/Sri-Lankan-software-engineer-Indian-surveillance-key-Easter-attack.html

%d bloggers like this: