කියන්න
ඔබට හැකි වේවිද
කවියක් වෙන්න
කඳුලු නාඳුණන
මගෙ දෑස් තෙමාලන….
.
කියන්න
ඔබට හැකිවේවිද
සිනාවක් වෙන්න
බොහෝ කාලයකට පසු
අමතකයි හිනාවුණ
හැටි මට….
.
කියන්න
ඔබට හැකි වේවිද
සුසුමක් වෙන්න
මේ බරැති හැඟුමන්
ඈතටම පා කර
හරින්න…
.
කියන්න
ඔබට හැකි වේවිද
ප්‍රේමය වන්න
රැවටීම් මිස
සෙනෙහසක්
නැති ලෝකයක……
විසිරි