Menu Close

සිරුරම දන්දෙන මිනිසුන්ගේ රටට බෝම්බ ගහන්නේ කොහොමද ? ……

ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබේ. ඔබ දන්නවාද ? මේ රට 2019 වර්ෂයේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට වශයෙන් නම් කර තිබුණ බව, ඒ අතරතුර තමයි ඉතිහාසයේ ලොකුම පිපිරීම සිදු වී තිබෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් එය දන්නේ නෑ, මුළු සිද්ධිය එදින සන්ධ්‍යාව දක්වාම පැවතුණු බව. ප්‍රංශයේ නොත්‍රේ දාම් දේවස්ථානය ගිණි ගත් මොහොතේ, හැම කෙනෙකුම ඒ වෙනුවෙන් ආශිර්වාද පණිවුඩ යැවුවා, ඉටි පන්දම් දැල්වූවා, මුළු දවසම අන්තර්ජාලයේ රැඳෙමින් ඒ ගැන සොයා බැලුවා. සමහර මිතුරන් හවුල් ආපන ශාලා මේස වල වාඩි වී ලොකු ආහාර (වූ යිෆාන්ගේ බන්දේසිය) පාන ඇනවුම් කරමින් මේ ගැන කථා වුණා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක අපිට අදාළ නොවෙන දෙයක් බවයි. එය අපට බොහෝ ඈතින් පිහිටි පුංචි රටක් බව සත්‍යයි, නමුත් නොදන්නා දෙයක් මෙතන තිබෙනවා, එතරම් පුංචි සහ නොදන්නා රටකින් චීනයට සෑම වසරකම පරිත්‍යාග  කරන අක්ෂි කුණිත සංඛාව කෙතරම්ද කියා. එක්තරා චීන කියමනක් තිබෙනවා “වෑස්සෙන ජල බිංදුවක තරම දැනෙන්නේ එය උදම් රැලක් වූ විටයි” කියා, එනිසා මේ මිනිසුන්ගේ හොඳ හිත අධෛර්යට පත් නොකරගෙන සිටිමු. මාර්කෝ පෝලෝ ලෝකයේ සුන්දරම දිවයින ලෙස සඳහන්  කර තිබෙන්නෙත්  ශ්‍රී ලංකාවයි. අද ලෝකයේ සුන්දරම දිවයින මනුෂ්‍යත්වය ගිණි තබන ස්ථානයක් බවට පත් වී තිබෙනවා.  

2019 අප්‍රේල් මස 21 වෙනිදා, ජීවය සහ ප්‍රාර්ථනාව පෙරදැරි කරමින් පාස්කුව සමරන මොහොතේ, ශ්‍රී ලංකා භූමිය විනාශ කරමින් පිපිරී ගිය බෝම්බ වැලකින් පීඩාවට පත් වුවා. මුළුමනින්ම පිපිරීම් නවයක් නගර තුනක් තුළ සැලසුම් කර තිබු අතර, තරු පහේ සංචාරක හෝටල් හතරක්, කතෝලික දේවස්ථාන තුනක්, ජනයා ගැවසෙන ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන තිබුණා. මේ වෙත්දී (අප්‍රේල් 24) වාර්තා වූ මරණ සංඛාව 359ක් බව වාර්තා වනවා, එයට ඩෙන්මාර්ක ජාතිකයින් තිදෙනෙක්ද ඇතුලත් වුණා. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙකු වූ ඇන්ද්‍රස් හොල්ක් පොව්ල්සන් මහතා ඉන් කෙනෙක්.
දේවස්ථානයේ යාඥ්ඥාවේ යෙදෙමින් උන් බැතිමතුන්, ඔවුන්ගේ කාර්යයෙන් අඩක් පමණ සිදුකරමින් උන් මොහොතක, ඇති වූ පිපිරීමෙන් ඔවුන් කම්පනයට පත් වන්නට ඇති මුත් අවම වශයෙන් කිසිවකු හෝ දිවි ගැලව ගන්නට සමත් වුයේ නැත. තවත් මොහොතකදී දේවස්ථානය ඔවුන් මත කඩා වැටී, සුන්බුන් සහිත ළේ ගංගාවක් බවට පත් විය. ඒ දෙයම අනෙකුත් දේවස්ථාන සහ තරු හෝටල් වලද සිදු විය. දෙව්ස්තානයන්හී වහලය ඉහළ ගොස් පහළට වැටිණි, ළේ සහිත සුන්බුන් මත දෙවස්ථානයන්හී ඇති බංකුද ඇද වැටිණි. මේ නටඹුන් සමග වැලලෙන තවත් දෙයක් ඇත, ඒ බැතිමතුන්ගේ ශ්‍රද්ධාව සහ ප්‍රාර්ථනායි. ජීවිතය අනියතය, අන්තිම තත්පරයේ පවා මේ බැතිමතුන් ප්‍රාර්ථනා කළේ ලෝක සාමයයි, නමුත් ඊළඟ තත්පරයේදී එතැනම ළේ-මස් සහිත පැල්ලම් හාත්පස වෙලා ගත්තා.භයංකාර දර්ශනයේ ආරවුල වුයේ, ගිලන්රථ නදදී තමන් පසුකර යන හඬය. මේ උවදුර අභිමුව  දිවි ගලවාගත්තවුන් ඉදිරියේ ඇසෙන එකම හඬ වුයේ ලෝකය කඩා වැටෙන ශබ්දයයි.  
තමන් ඉදිරියේම කුඩා කෑලි වලට කැඩී විසිරි ගිය තම ලඟම ඥාතියා දෙස බලා සිටින අයවලුන්ගෙන් නැගෙන විලාප හඬ වචනයෙන් විස්තර කළ නොහැකිය. මෙවැනි සාමකාමී යුගයක, සිදු වූ භයංකාර සිදුවීම සිතා ගන්නටත් උගහටය.
ඔබ දන්නවාද, ශ්‍රී ලංකාව, එක් දිනක් තුළ බෝම්බ පිපිරීම් නවයක් සිදු වන තැනක් නොව, පාරාදීසයක් බඳු රටක් බව? ලෝකයේ මැණික් හමුවන රටවල් අතුරින් පළමු රටවල් පහ ඇතුලත ශ්‍රී ලංකාව පසු වෙයි. ලෝකයේ දිගුම මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇත්තේද ශ්‍රී ලංකාවේය.  එය ඉන්දියන් සාගරයට මීටරයක් පමණ මෙපිටින් තිබෙන  අතර ඔබට හිඳගත් ආසනයේ සිටම සාගරයේ දර්ශණය විඳින්නට හැකිය.
ඒ වගේම ලෝකයේ ඇති වඩාත් සුන්දරම කඳුකර දුම්රිය මාර්ගයද ඇත්තේ ශ්‍රී ලංකාවේය, නගරයේ ඇති ඝෝෂාවට මදකට ආයුබෝවන් කියා, මෙවැනි මීදුම් සහිත තේ වගාවක් මැදින් ඇවිදින්නට ලැබෙන්නේ එහිදීය.

ශ්‍රී ලංකාව ලෝකය පළමු අලි අනාථාගාරයටද හිමිකම් කියයි.  විශේෂයෙන්ම තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වී අතරමං වූ අලි පැටවුන්ද, වලවල් වල සිරවී සිට බේරාගත් අලි ඇතුන්ද, වෙනත් තුවාල හෝ ආබාධ වලට ලක්වූවන්ද, මෙහිදී හොඳින් රැකබලා ගැනෙති.

ශ්‍රී ලාංකිකයින්ගේ මුහුණේ නිරතුරු දක්නට ලැබෙන සුන්දර සිනහව අප සුවපත් කරයි.
වඩාත් වැදගත්ම දේ  මේවා නොවේ, ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම ඇස් දන්දෙන ජනතාවක් සිටින රට වීමය. මේ වනවිට අඩුම වශයෙන් කුණිත 160,000ක් ඔවුන් ජාත්‍යන්තර අක්ෂි බැංකුව වෙත ප්‍රධානය කර ඇත, මෙය සෑම අක්ෂිදාන සබාපති වරයෙකු යටතේම සිදු වී ඇත.
අන්ධභාවයට පත්වීමේ අද්දර පසුවූ බොහෝ චීන ජාතිකයින්ට නැවතත් ආලෝකය දකින්නට වාසනාව උදා වුයේ, ශ්‍රී ලංකිකයින්  විසින් ප්‍රදානය කෙරෙන අක්ෂි මත බලාපොරොත්තු තබාගෙනය. ලංකාවේ ජනාධිපති තුමා වරක් මෙසේ පැවසීය “චීනයට අවශ්‍ය නම්, මගේ ඇස් හෝ දන් දෙන්න කැමතියි”.  මිලියන 20ක පමණ ජනගහනයක් ඇති රටකින් මිලියන 1.1ක් ම, තමන්ගේ මරණයෙන් පසු තම අක්ෂි දන්දීම සඳහා අත්සන් කරමින් කැමැත්ත ඵල කර ඇත. ඒ අඳුරේ පසුවෙන කෙනෙකු වෙත යලිත් ආලෝකය දකින්නට සලස්වන පරාර්ථකාමී ප්‍රාර්ථනාවක් පෙරදැරි කර ගනිමින්ය. 2007දී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා, ඉතා අගනා ජාතික ත්‍යාගයක් සමග චීනයට සැපත් විය, ඒ අක්ෂි කුණිත දෙකක් සමගිනි. 2013දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අක්ෂි බැංකුව සහ චීනයේ එඩී අක්ෂි රෝහල ගිවිසුමකට ඇතුලත් විය. ඒ වසරකට අඩුම තරමේ අක්ෂි කුණිත 500ක් වත් ලබා දීමටය. එය ඉදිරි අවුරුදු 10 සඳහා ක්‍රියාමතක වන අතර එම අක්ෂි රෝහල සිශුවාන් පළාතේ පිහිටා ඇත. 2014 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව අක්ෂි කුණීත 10ක් “ජාතික ත්‍යාගයක්” වශයෙන් ලබා දුණි. එතැක් පටන්, ෆුජියාන් වෙත සෑම වසරකම කුණිත 20ක් බැගින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අක්ෂි බැංකුව ලබා දෙයි. 
2016දී, ශැන්ග්ඩොන්ග් ප්‍රදේශයේ රෝගීන් හය දෙනකුට ආලෝකය ලැබිණි, ඒ ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවෙන් ලැබෙන මාහැඟි අක්ෂි කුණිත වලට පිං සිදු වන්නටය. 2017න් ආරම්භ වී, මේ දක්වා 500ත් – 600ත් අතර ප්‍රමාණයක් වසරකට ශැන්ග්ඩොන්ග් වෙත ප්‍රදානය කෙරෙයි.
අක්ෂි කුණිත වලට අමතරව, මේ සුන්දර දිවයින් රාජ්‍යයෙන් අපවෙත ඔවුන්ගේ හොඳහිත ඵල කෙරෙයි. 2008 දී ඇති වූ ශිෂුවාන් භූ කම්පනයට පසු, ප්‍රතම වතාවට ශ්‍රී ලංකාව කුඩාරම් 1277ක් පරිත්‍යාග  කරන ලද අහර ඩොලර් මිලියන 1.1ක සැපයුම් ඒ සමග විය. ලෝකයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කරත්දී සමහරවිට ඔවුන් එපමණ ප්‍රදානය කළාදැයි ඔබ නොසිතනු ඇත. දකුණු කොරියාව ඩොලර් මිලියනක් එකක ද්‍රව්‍ය ආධාර  ලබා දුන් අතර  ඔස්ට්‍රේලියාව සහ ඇල්ජීරියාව ඩොලර් මිලියන එකක මුල්‍ය සහන ලබා දී ඇත.
කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආර්ථිකයම අයවැය හිඟයක් මත පවත්නා රටකි. නමුත් ඔවුන් තවමත් චීනයට උදව් කිරීමට ඉදිරිපත් වෙයි, ඔබ තවමත් එසේ සිතනවාද ? මේ රට සෑම විටකම ලෝකයට සංග්‍රහ කරන්නේ මහත් උද්යෝගයකින් සහ හොඳහිතකිනි. දැන් ඒ දිව්‍යවිමානය අපායක් බවට පත් වී ඇත.
ප්‍රහාරයට ලක් වූ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට හිරු එලිය පතිත වන මොහොතක, සූර්ය කදම්භ එය තුලට විත් ඇති කරන්නේ ශුද්ධ වූ මනස්කාන්ත දසුනකි.
අද එම දේවස්ථානය මොහොතකින් සුනු විසිනු වී ඇති අතර  දැන් එය ගිණි දෙවියා පිදුවා හා සමානය.රටපුරා  මාර්ග සහ වීදි වල දිගු කාලයක් තිස්සේ තිබු පෙනුම සහමුලින්ම වෙනසකට ලක් වෙමින්, ඒ වෙනුවට පුපුරායන, පහරදෙන, හැඬුම්සහිත, නොනවතින අන්ධකාරයක  සහ කාංසාවෙන් පසුවෙනු දක්නට හැකිය.  කිසිවකු දන්නේ නෑ එම විලංගුවෙන් මේ රට ගලවාගන්නේ කෙසේදැයි කියා. ඔවුන් වෙනුවෙන්(මියගිය) බලා හිදීම,  පෙනෙනුයේ අවුල්සහගත, අනාථ, දුමින් වැසුණු, නොවක් කඳුළු ගලා යන, නොපැහැදිලි, ඊළඟ අරුණෝදයේ  ආලෝකයක් නොමැති හැගීම් සහිතව මෙනි.
කොහොමනමුත්, ඝෝර කටුකත්වයක සිටින ශ්‍රී ලංකාවේ ජනතාව මෙන්, දුකුමුසු වෙදානාත්මක පුවත් තුළ මේ පිපුරුමෙහි විස්තර දකින, බොහෝ ජනතාවකගේ ප්‍රතික්‍රියාව වනුයේ දුක හෝ අනුකම්පාව නොව,
“මෙයින් මට ඇති පලේ කුමක්ද ?”
එය වූ යිෆාන්ගේ අලුත් සිංදුවේ ඇති උණුසුම තරම් වත් මේ පිපුරුම නිසා නොදැනෙන මට්ටමකි. අන්තර්ජාලයේ ලියවී ඇති ඡේදයක මෙසේ සටහන් වෙයි:
පිස්සෙක් මෙසේ පවසයි “මම ශ්‍රී ලාංකිකයින් සියල්ල මරා නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නෙමි”
සියල්ලන්ම කම්පනයට පත් වෙයි, ඇයි ඔබ විශිෂ්ඨ පැරීසියේ නොත්‍රේ   ඩෑමය ගිණි තබන්නේ !
පිස්සු මිනිසා පිළිතුරු දෙමින් පවසන්නේ “මම දන්නවා ඔබට ලංකාවේ 359ක් ජීවිත ගැන සැලකිල්ලක් නැහැ කියා!”
පැරීසියේ නොත්‍රේ ඩෑම් සහ ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අතර ඇත්තේ දවස් හයක වෙනසකි. පළමු සිදු වීම ඉතාමත් දොම්නස් සහගතය සහ ජනයා ඒ පිලිබඳ කණගාටුව විවධ ස්ථානයන්හි ඵල කරනු ලැබිණි. කොහොමනමුත්, ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම අපගේ දෙසවන වැකුණේ නැත. මානව සංස්කෘතියේ උරුමයක් වන නොත්‍රේ ඩෑමය ගිනිබත් වීම නිසා අවමානයට පත් වන අතර, “ආසන්න වශයෙන් දුර්වල” කොදෙව් ජාතියක් වූ ශ්‍රී ලංකාව ඉතා කුඩා නිසාය.
අන්තර්ජාලයේ මා එක්තරා සංඛා කිහිපයක් දැක ඇත්තෙමි:
මිලියන 20, මිලියන 1.1, 70,000, 140,000, 359;
 පළමු සංඛාව ශ්‍රී ලංකාවේ ජනගහනයයි.
දෙවන සංඛ්‍යාව ස්වේච්චාවෙන්ම තම ඇස් දන් දීම සඳහා ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවයි.
තෙවන සංඛාව, මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 57ක් වෙත ප්‍රධානය කර ඇති අක්ෂි කුණිත සංඛ්‍යාවයි.
සිවුවන සංඛ්‍යාව, මේ වනවිට පෙනීම ලැබූ ලෝක වාසීන් ප්‍රමාණයයි.
අවසන් සංඛ්‍යාව, සියල්ලන්ගේම හදවත් රිදුම්දෙන ඉලක්කමයි, මේ විපතින් මරණයට පත් වූ ශ්‍රී ලාංකිකයින් ගණනයි.
ලෝකය වෙත යහපත් ක්‍රියාවෙහි යෙදෙන අයගේ පිරිසක් පුපුරාගොස් කුඩා කැබලි වලට පත් වී නිහඬ වී ඇත. ඉතිං, දැනටමත් විනාශයට පත් වී ඇති ඇති අයගේ මුහුණටම මෙසේ පවසනු මට ඇසුණි “ශ්‍රී ලංකාවේ පිපිරීමෙහි මට ඇති විශේෂය කුමක්ද ?” “359ක් මිනිස් ජීවිත සමග මට ඇති සම්බන්ධය කුමක්ද?” එය මට ශෝකය දනවයි. මිනිසුන් කොටසක් තුච්චයි, තවත් මිනිසුන්කොටසක්  බලා සිටියි.  තවත් මිනිසුන් කොටසක් මෙම පිපිරීමෙන්  විපතට පත් ස්වාදෙශිකයා විහිලුවකට ගනිමින් , කිසිම භියක් නැතිව, මෙහි ඇති උද්වේගකර කලබලය-කඩිමුඩිය බලා සිටියි. නමුත් අප උපේක්ෂාවෙන් සහ සුදානමින් සිටින විට, බොහොම කළාතුරකින් පුවත් වල එහි දරුවන් තවමත් පීඩාවට පත්ව ඇති මුත්  සිනහමුසු මුහුණින් සහ ඔබ මොබ යමින් සිටිනු දකින්නට ලැබෙයි. ඔබ මොහොතකටවත් සිතුවාද, දහස් ගණන් අක්ෂි කුණිත නොමිලයේ ප්‍රදානය ශ්‍රී ලාංකික මිනිසුන් අද රෝහල් වෙත ගමන් ගනිමින් සිටින බව ? ඔබ මෙහෙමත් හිතුවාද ? තවත් බොහෝ චීන මිනිසුන්ට ආලෝකය දකින්නට,  තවමත් උවමනා වෙයිද චීනුන්ට කරදරයකදී උණුසුම වන්නට, මේ මොහොතේ දුෂ්කරතාවයේ ගැලී සිටින මිනිසුන් පිරිසකට සිතෙයි කියා.  මේ මොහොතේ ජීවිත අහිමි වුවන්ගේ ඥාතීන් සමහරවිත චීන ජනතාවගේ ඇස පාදන්නට ඇස් දන් දුන් අය වන්නට පුළුවන. මේ විපතින් මියගිය දැරියකගේ අක්ෂි කුණිත, සමහරවිට තවත් චීන පුද්ගලයෙකු වෙනුවෙන් සුදානම් කෙරෙනවා වන්නට පුළුවන. ඉතිං අපි කෙසේද එය දරා ගන්නේ ? මට කෙළින්ම උපකාරයක් කරන්නට නොහැකියි. නමුත් බලන්න උන්හිටි තැන් අහිමි වූවන් පිරිස දෙස. තවත් කොටසක් පීඩාවට පත් වී සිටියදී, අපේ අය අහනවා “මොකක්ද මට තියෙන සම්බන්ධෙ කියා?”  ඈත අතීතයේ සිට අප දන්නා සත්‍යයක් ඇත “අනුන් වෙත හොඳ පෙන්වීමෙන්, අනුන්ගෙන් හොඳ ලැබීම”. මා කතාවක් අසා තිබෙනවා:
බොහෝ කාලයකට පෙර, සිසුවෙක්  දිගු දුරක් ගමන් කොට බීජිං වෙත ලඟා වී ඇත්තේ පරීක්ෂණයට මුහුණ දීමට සහ අන්‍යන්ට උපකාර කිරීමටය. එක් දිනකදී ඔහු සතු අන්තිම රිදී කාසියත් සොරකම් කරනු ලැබිණි. ඔහුට කළ හැකි අවසන් උපාය වශයෙන්, ඔහු පසුකර යන්නන්ගේ තඹ කාසියක් ඉල්ලා සිටීම විය. අවාසනාවකට, ඔහු ගැන කිසිවකු ඔහු ගැන තැකීමක් කළේ නැති අතර ඒ වෙනුවට ඔහුට සමච්චල් කළේ “අහිංසක සිසුවා” යනුවෙන් පවසමිනි. සිසුවාට බොහෝ පසුතැවිල්ලක් ඇති වූ අතර, ඔහුට ඉක්මන් කිරීමට සිදු විය, එසැණින් ඔහුගේ හිතට ආවේ මිනිසුන් මෙතරම් කෘර වන්නේ ඇයි කියාය. ඒ මොහොතේ එතැනින් ගමන් ගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔහුට් තම පිණ්ඩපාතයෙන් කොටසක් ලබා දුණි. ස්වාමීන් වහන්සේ සමග වැඩි සාමනේර නමක් විමසා සිටයේ අපි ඔහුට උදව් කළ යුත්තේ ඇයි කියාය ? ඒ මොහොතේ ස්වාමීන් වහන්සේ පවසා සිටියේ “ලෝකය බොහොම කළබල තැනක්. මම ඔහුට හොඳක් කළා. ඔහු අනෙක් අයට උදව් කරයි. ඉන්පසු අනෙක් අය තවත් අයට උදව් කරයි. ඉන් කෙනෙක් නැවත මටත් උදව් කරයි. මම ඔහුට එය නොකලානම්, කවුද මට උපකාර කරන්නේ. මම ඔහුට උපකාර කළා, ඔහුට තව බොහෝ අයට උපකාර කිරීමට ශක්තිය ඇති වෙනවා. අනෙක් මිනිසුන් ඔහු වෙත එනවා. ඒ අතරින් කෙනෙක් අප වෙත එනවා. එනිසා හොඳ අයට කරදයට පත් වෙන්න දෙන්න එපා. හොඳ තැනින් තැනට ගමන් ගනීවි. දවසක ඔබ වෙතත් ඒවි. නමුත් හොඳ දකින්න නොමැති විටෙකත්, හොඳ මිනිසුන් යහපත් සිතින් ලෝකයට උපකාර කරාවි”
මේ තුච්ච ලෝකය ඔවුන්ව සීතලේ වෙවුලන්නට ඉඩ හරින විට, නැතිනම් ඔවුන්ට කරන්න දෙයක් නැතැයි සිතන විට. මී පුංචි දිවයිනේ මිනිසුන් එසේ සිතුවේ නැහැ.
අප ආලෝකය දැක ප්‍රමෝදයට පත් වනවිට, එය ආලෝකයයි. අපි උණුසුම දැනී සතුටු වනවිට, ඔවුන්ටත් උණුසුම ලැබිය යුතුයි. අපි එකම කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා. එනිසා අහන්න එපා කවුද විපතට පත් වුණේ කියා. එය අපට අනතුරක් දක්වන ලකුණක් විය හැකියි.
ඔබත් මමත් දිනක, යහපත් මිනිසුන්ට විපත් උදා වීමට ඉඩ නොදිය යුතු වන අතර, ලොව වෙත හොඳහිත පෙන්විය යුතුයි.
චීන ලේඛක ලියු සීවෑන්ග් චීන බසින් ලියූ ලිපියක් මගේ චීන ජාතික මිතුරියක් සමාජ මාධ්‍ය තුළ බෙදා හැර තිබුණා. ලංකාව ගැන සටහනක් නිසා, මා එය ගූගල් පරිවර්තකය යොදාගෙන ඉංග්‍රීසියෙන් කියවා බැලුවා. ඉන් පස්සේ එය මෙහි ඵල කරන්න බලාපොරොත්තුවෙන් පරිවර්තනය කළා. ඒ විගස මගේ මතකයට ආවේ, රැස පත්තරේ රංජිත් කුමාර සමරකෝන් මගේ මිතුරා කළ ආරාධනය රැසට ලියන්න. මා ඔහුට කථා කොට මේ ගැන පවසා සිටියා. ඔහු කිසිදු පැකිලීමක් නොමැතිව ඒ සඳහා පිටුවක් වෙන් කළා. ඉන් පස්සේ මෙය පරිවර්තනය කරගෙන යත්දී මට කුඩා විවේකයක් අවශ්‍ය වුණා. මම එය රාත්‍රියේ කරන බලාපොරොත්තුවෙන් මද විරාමයක් ගත්තා. මට නින්ද ගියා. ඊළඟ දවසේ උදේ 7:50 ට රංජිත්ගෙන් ඇමතුමක් ආවා. 
“ඔයාට පිටුව වෙන් කරලා තියෙන්නේ, කීයටද එවන්නේ ?”
“මට පැයක් දෙන්න” . මම වැඩේ කරන්න වාඩි වුණා. කරුමෙක මහත, මගේ කන්නාඩිය නෑ. රීඩින් ග්ලාස් එක අතට ගත්තා. ෆෝන් එකේ තමයි ඉංග්‍රීසි සටහන තිබුණේ. ඇස් කඩාගෙන කියවලා අන්තිම ඡේදේ ලිවුවේ. පොරොන්දු වෙලාවට මිනිත්තු පහකට පස්සේ, ඒ කියන්නේ 8:55 ට සටහන යැවුවා. 
ඒක පත්තරේ ඵල වුණා. මට සියුම් ආඩම්බරයක් ඇති වුණා.ඒත් මම කලින් කාටවත්   කිවුවේ නෑ. පළවෙනිදා උදේ මගේ මිතුරෙක් වගේම ඥාතියෙක්ගෙන් මට ආවා දුරකථන ඇමතුමක්, “ස්වර්ණවාහිනියේ ඔයාගේ ලිපියක් කියෙව්වා ගොඩ වෙලාවක්”. මම ඒ මොහොතේම එය නැරඹුවා. රංජිත්ට කෝල් කරලා කිවුවා. පස්සේ මේක බුකිය හරහා බොහෝ දෙනෙක් අතට ගියා. හැබැයි මේ දවස් වල මේ වගේ ඒවා ගොඩක් එහෙ-මෙහෙ යන නිසා, බොහෝ දෙනෙක් කියවා තිබුණේ නෑ. කොහොම නමුත් මා ගොඩනැගුණු තැන බ්ලොග් අඩවියේ මෙය ඵල නොකළොත් අඩුවක්. මේ මගේ බ්ලොග් අඩවිය කියවා අදහස් දැක්වූ ඔබ වෙනුවෙන්.

%d bloggers like this: