Menu Close

136. ජාතිය රණ් විමනක් වේ !

සියළුම මිනිසුන් හොමෝ සෙෆියන්ස් සෙෆියන්ස් වූවාට  එක් එක් ප්‍රභේධයන් ගේ  සමේ වර්ණය, භාහිර ස්වරූපය, කථා කරණ භාෂාව වැනි කරුණු මත පිහිටා එක් එක් ජාතීන් බිහිවී ඇත.
මෙයට; පොදු ඉතිහාසයක්, භූමි ප්‍රදේශයක්, සංස්කෘථියක්, සිරිත් විරිත්, ගති පැවතුම් වැනි බොහෝ සමාන ලක්ෂණ එක් විය හැක.

කිසිවෙකු මොන යම් ආකාරයක වෙහෙසක් ගත්තද ජාතීන් අතර එකිනෙකාට ඇති අනන්‍යතාවය නැතිකල නොහැක. එසේම එසේ කිරීමට කිසිවෙකුට හෝ සාධාරණ අයිතියක්ද නැත්තේය.

රට දැය සමය යනු රටත් ජාතියත් ආගමත් යන ත්‍රිවිධ කාරණාය. පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ පට්ට ගැසූ මේ ත්‍රිවිධ කාරණා ගැන නව මාණයකින් බැලීමට කරුණු කාරණා අද වන විට යෙදී ඇත.

එක් එක් පුද්ගලයාට අනන්‍යවූ රටක්ද ජාතියක්ද ආගමක්ද ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියෙන්ම පිළිගත් සාධකයකි. ඒ තුලින්ම ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු හට තමාටම වූ රටක්ද තමා අයත්වූ ජාතියක්ද  තමා අදහනවා හෝ පිළිගන්නවානම් ආගමක්ද ඇත්තේය.

තමාට නිවැරදිව පෙන්වීමට පියෙකු නොමැති වුවද පෙන්වීමට මවක් ඕනෑම අයෙකුට සිටියි. එම මවට ආදරය කිරීමට කිසිවෙකු හට කිසිවෙකු වෙත බල පෑමක් සිදු කර ලීමට සාධාරණ මෙන්ම සදාචාරාත්මක අයිතියක් නැතිවා සේම ඔහු හෝ ඇය තම මවට ආදරය කිරීම හෙලා දැකීමට හෝ එයට අකුල් හෙලීමට කිසිවෙකුට අයිතියක් නැත!

එසේම තමාගේ රටට, ජාතියට, ආගමට කිසිවෙකු ආදරය කරණ්නේ නම් අන් අයෙකු හට එය හෙලා දැකිය නොහැක.

තමා අවජාතක වූ පමණින්; අන් සියල්ලෝම අවජාතක නොවන සේම තමා ; තම රටට, ජාතියට හෝ ආගමට ආදරය නොකල පමණින් එය අන් අයද නොකල යුතුය යන මැයෙන් සිතුවද ප්‍රාකශ නිකුත් කිරීම කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත!

රටට, ජාතියට හෝ තම ආගමට ආදරය කිරීම ගෝත්‍ර වාදයක් නො එසේ නම් දූපත් මානසික තත්වයක් සේ සමාජ මාධ්‍ය තුල ලියනු අප දැක ඇත.
මෙසේ ලියන බොහෝ දෙනා දැන සිටියද නැතුවද ලෝකයේ රටවල් 50 කටත් අධික සංඛ්‍යාවක් දූපත් වේ. ඒවා අතර එංගලන්තය, ජපානය, නවසීලන්තය, පිලිපීනය, තායිවානය,සිංගප්පූරුව, ෆිජි වැනි රටවල්ද අයත්වේ. ඔවුන් සියල්ලෝම ගෝත්‍ර මානසිකත්වයෙන් යුක්ත වුන්ද?

එක් එක් රටට හා ජාතියට හිමි වූ සංස්කෘථියක් වේ. සමහර රටවලට හිමි සංස්කෘථිය සැකසී ඇත්තේ එරට වෙසෙන ජාතීන් හෝ ආගම් කිහිපයක සම්මිශ්‍රණයක් තුළිණි. එම සම්මිශ්‍රණය සිදුවන්නේ කාලය සමගය. මෙසේ ආගම් කිහිපයක බල පෑම නිසා එක් ජාතියක හෝ ජන කොට්ඨාශයක නො එසේ නම් රටක සංස්කෘථිය සැකසී තිබිය හැක.

වරෙක මර්සිලීන් ජයකොඩි පියතුමා පවසන්නේ ශ්‍රී ලංකාව තුල වෙසෙන කිතුණුවන්ගේ ආගම ක්‍රිස්තියානි වුවද සංස්කෘථිය බෞද්ධ බවය.

බොහෝ වෙනත් රටවල ජාතීන් විසින් අපව අගය කරණ; අපගේ සිනහව, සහකම්පිත භාවය, ආගන්තුක සත්කාරය වැනි වටිනාකම් පරපුරකින් පරපුරකට ගලා යන්නේ එම සංස්කෘථිය තුලින්ය.

මේ කිසිවක් තුල වටිනාකමක් ගැඹුරක් නැතැයි කියා කිසිවෙකුහට තර්කයක් ගොඩ නැංවිය හැකි වුවත් එයින් සමාජ ප්‍රගමනයට වන්නාවූ යහපතක් නොමැත.
ආගමක් අවශ්‍යය නොවේ කියා කිසිවෙකුට තර්ක කල හැක. එහෙත් ආගමක් නැති කලෙක සමාජය වඩා සුන්දර වේය යැයි පෙන්නුම් කල නොහැක.

ආගමක් යනු කටු කම්බි වැටක් ලෙස වරදවා නොගන්න. එසේම සියළුම ආගම් තිබිය යුත්තේ “මනුෂ්‍ය ආගම”තුල බව සෑම ආගමකම සිටින්නවුන් ප්‍රථ්යක්ෂ කර ගතයුතු කරුණකි. මිනිසත් බවට නිගරු කරණ කිසිදු ආගමක්; “ආගමක්” නොවනු ඇත. මිනිසුන් සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණ ලෙස ඉගැන්වෙන ආගම් වලින්ද බොහෝ විට කරණුයේ අනෙක් ආගමිකයින් නො එසේනම් ජාතීන් වෙත බල පෑම් ඇති කිරීමයි.
මෙය ජාති වාදය හෙවත් “තම ජාතිය ඉදිරියේ අන් ජාතීන් දෙවෙනි ” යන සිතුවිල්ලයි.

තමාගේ ජාතියට ආදරය කල පමණින් කිසිවෙකු ජාතිවාදියකු නොවේ. එසේම ජාතිවාදීන් ඉදිරියේ හෝ වෙනත් ජාතියක් ඉදිරියේ කිසිවෙකු ඊට  දණ නැමිය යුතුද නොවේ.

තම මව හා පියා තමා කෙරෙහි ආදරයකින් කරුණාවකින් මෙත් සිතින් කටයුතු කිරීම, කැපවීම මමත්වය ලෙස අර්ථ දැක්වෙන අවස්ථා දැකිය හැක.
එහෙත් දරුවකු වෙනුවෙන් සැබෑ වූ දාරක ප්‍රේමයකින් යුතුව; ඒ වෙනුවෙන් කැපවුනු දෙමව්පියන් ඇත්තේම නැතිද?

කිසිම රටක කිසිම ජාතියක් හෝ ආගමක් විසින් අන් ජාතියක් පෝෂණය කිරීමට උනන්දු වන්නේ වත්, වෙහෙස වන්නේ වත් නැත.ඔවුන් සෑම සියල්ලෝම වෙහෙසෙන්නේ තම ජාතිය වෙනුවෙන් විනා අන් ජාතීන් ගැන නොවේ.

බොහෝ විට ජාතිකත්වය රඳා පවතින්නේ භාෂාව මතය. නමුත් බොහෝ විට අප ජාතිය යන්න අර්ථ දැක්වීමට රට මූලික කර ගනු ලබයි. අමෙරිකානුවන්, බ්‍රිතාන්‍යයන් යනාධී වශයෙන්.

එවිට සිංහලයින් යනු කවුරුහුද?
 ඔවුන් ශ්‍රී ලාංකිකයින් වූ පමණින් ශ්‍රී ලාංකිකයින් සියල්ලෝම  සිංහලයින් නොවෙති. සමස්ථ කුලකය ශ්‍රී ලාංකිකයින් වූ පමණින් සියල්ලෝ සිංහලයින් නොවෙති.සිංහලයින් යනු සිංහල භාෂාව තම මව් භාෂාව ලෙස උසුරුවන පිරිස ලෙස අර්ථ දැක්විය හැක.

එවිට දෙමළුන් යනු දෙමළ කතා කරණ පිරිසද?

ලාංකික මුස්ලිම්වරු තම මව් භාෂාව ලෙස භාවිතා කරණ්නේ ද්‍රවිඩ භාෂාවය. ඒ නයින් ගත් කල ද්‍රවිඩ භාෂාව කතා කල පමණින් ඔවුන් ගේ ජාතිය දෙමළ වන්නේ නැත.

ඔබ් කිසියම් මුසල්මානුවෙකු වෙතින් “ඔබගේ ජාතිය කුමක්දැයි ?” විමසුවහොත් ඔහු ප්‍රාකාශ කරණ්නේ තමා මුස්ලිම් වන බවය. නමුත් මුස්ලිම් යනු රටක් හෝ භාෂාවක් නොවේ. එය ආගමකි.

බුද්ධාගම ලියැවී ඇති භාෂාව පාලි මෙන් මුස්ලිම් ආගම ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙනි. පාලි භාෂාව මල භාෂාවක් වුවද අරාබි භාෂාව අදද ජීවත්වන භාෂාවකි.

සිංහලයින් හා ද්‍රවිඩයින්  ජාතිය ලෙස භාෂාව සැළකුවද මුසල්මානුවන් ජාතිය ලෙස සලකන්නේ ආගමය. මෙය ලෝකයේ සෑම රටක් තුල ජීවත්වෙන මුස්ලිම්වරුන් තුලින් දැකිය හැක්කක් නොවනු ඇත. එහෙත් අපේ රටේදී එය එලෙසම වේ.

භාෂාවක් ජාතිය ලෙස ගත් පමණින් එය අන් ජාතියක් අතික්ක්‍රමණය කිරීමට නොයන මුත් ආගමක්  ජාතියක් ලෙස ගත් විට එමගින් අන් ජාතියක් අතික්‍රමණය කිරීමට ඇවැසි ඉන්ධන හා පිටුවහල සැපයේ.

යුරෝපියයන් රටවල් නතු කරගැනීමෙන් පසුව උත්සුක වන්නේ ඔවුන්ගේ ආගම ප්‍රචාරයට විනා භාෂාව ව්‍යාප්ත කිරීමට නොවේ. 
යුරෝපීයයො අපරට යටත් කර ගත් පසු මුහුදු බඩ පෙදෙස් වල ජීවත් වූ සාමාන්‍ය ජනතාව වහ වහා තම ආගමට බඳවා ගැනීමට වෙහෙස වූවාට ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට එතරම් වෙහෙසක් ගත් බවක් නොපෙනේ.

කතෝලික ආගම වැළඳ ගත්තවුනට තාන්න මාන්න දී ප්‍රථික්ෂේප කල වුන් හට තාඩන පීඩන හිරිහැර කලද;  ඔවුන්ගේ භාෂාව උගෙන නොගත් පමණින් කල බලපෑමක් ගැන අසන්නට ලැබෙන්නේ කළාතුරකිණි!

රටක් හෝ භාෂාවක් තම ජාතිය ලෙස සළකන ජන ප්‍රජාවක් ගත් කල ඔවුන්ගේ සංස්කෘථිය යනු වෙනයම් වූ කාරණයකි.  මන්ද රටක් විසින් හෝ භාෂාවක් විසින් ජන සමූහයා වෙත ඉගැන්වෙන උගන්වන දෙයක් නොමැති බැවින්ය.භාෂාවේ ව්‍යාකරණ රීතීන් විනා!

එහෙත් ආගමක් තම ජාතිය ලෙස පිළිගන්නා ජන ප්‍රජාවක් වෙත එකී ආගම හෝ දර්ශනය විසින් උගන්වන චර්යා රටාවක්, ක්‍රියා පිළිවෙතක්, විශ්වාසයන්,පිළිපැදිය යුතු හා අත්හල යුතු දෑ වැනි අටෝ රාශියක් කරුණු පවතී.
මේ නිසාම එම ජන ප්‍රජාව තමා අයත්වන ප්‍රාධාන කුළකය  වන රට හෝ භාෂාව අභිබවා යන පෞර්ෂයක් ආරෝපණය කර ගනු ලබයි.

මෙය එකම පාසැලකින් ඉගෙන එකම විශ්ව විද්යාලයකින් හදාරණ්නාවූ පාඨමාලා කරණ කොටගෙන තම චර්‍යා රටාව හා විඥ්ඥානයට සුවිශේෂී වූ ආරෝපණයක් ඇතිකර ගන්නා පිරිසක් මෙනි.
මෙනිසාම ඔවුන් සිතන පතන ආකාරයද හැසිරෙන ආකාරයද ගත කරණ ජීවන රටාවද සමස්ථ ධාරාවෙන් වෙනස් වේ.
“ජාතිය යනු ගෝත්‍ර මානසික තත්වයකි!” යන්න; ඔවුනට ඒත්තු ගැන්වීමට වඩා පහසුවෙන් රට හෝ භාෂාව පදනම් කරගෙන ජාතිකත්වයක් සකසා ගත් උන් වෙත පිළිගැන්වීමට හැකියාවක් ඇත.
මන්ද ඔවුන් හට තම ජාතිය යන සංකල්පය මගින් තමන් පිට පැටවුනු දෙයක් නොමැති බැවින්ය.
එනිසාම  “ජාතිකත්වය” යනු කිසිදු හරයක් නැති ගැඹුරක් නැති සංකල්පයක් ලෙස ඔවුනට දැක්විය හැක.
මෙම ප්‍රපංචය තුල දුර්වල වන්නාවූ ජාතිකත්වය යටපත් කරගැනීමට වෙනත් ජාතියකට පහසු වේ.
පෙරකී අන්දමේ ආගම මූලික කරගත් ජාතියක ඇති ආක්‍රමණශීලීත්වයට මෙවන් ජාතියක් පහසුවෙන් ගොදුරුවේ.
මෙතෙක් කලක් හෝ සිංහල ජාතිය හා ද්‍රවිඩ ජාතිය; ජාතීන් ලෙස කිසියම් අනන්‍යතාවයක් ඇතිව සිටින්නේ ඔවුන් බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු ආගම් වලින් ලබන පෝෂනයෙන් විය හැක.
ගෝත්‍ර මානසිකත්වයක් යනු එක් ජන ප්‍රජාවක් සතු අනන්‍යතාවය වෙනත් ජනප්‍රජාවක් වෙතින් යටපත් කර ගැනීම ලෙසද සිතිය හැක.
මෙනිසාම අදවන විට ශ්‍රී ලාංකික ජාතිකත්වය පසෙකින් තබා සිංහල හා ද්‍රවිඩ ජාතිකත්වය මුස්ලිම් ජාතිකත්වයෙන් බේරා ගැනීමට කාලය පැමිණ ඇත.
පසුගිය කාලය පුරාවට සිංහලයින්ගේ “ගෝත්‍ර වාදය” ගැන ලියූ දනා මේ වන විට තරමක හෝ ඉන් අපගමනය වී ඇති සේයාවක් පෙනෙයි.
එසේම මහා පොදු සාධකය තුල තම තමන්ගේ ජාතිකත්වය පිළිබඳ ජාතිවාත්සල්‍යයයෙන්යුත් පිරිසක් සිටි පමණින් එම රටට සිදුවන මහා හානියන් නොමැත. මන්ද ජාතිවාත්සල්‍යය යනු ජාතිවාදයට බොහෝ ඉහළින් පිහිටි හැඟීමකි.

අප අපගේ මවට ආදරය කල පමණින් අන් මවකට වෙන අසාධාරණයක් නොමැත;
සාධාරණයක්, අයිතීන් සුරැකීමක්, සහකම්පනයක් විනා!

%d bloggers like this: