Menu Close

යළි දිවයිනට

ඊලග පාන්දර බස් සේවාව
මේ ඉරිදා රාත්තිරි. එත් බස් එක පිරිල නැහැ. මම හිටියා මට එහාපැ්තෙ කාරුවත් නැහැ. ඊලග සීට් එකේ ඊලග පැත්තේ ජනේලේ ගාව ගෑනියෙක් ආව රෙද්ද දිග ඇරගත්තා නිදි නිදි නිදි. එදා රෑ වුනා බස් එකේම. බස් එක චූ දාන්න නැවැත්තු වෙලාවේ දුවල ගිහින් චූ දාල ආවා. වීරයා වගේ වගේ කන්ද  බැස්සට දැන් ඉතින් අපි වයස නේ. පොඩ්ඩක් විතර අමාරුයි. අමාරු වුනාට කදු නැගල බැහැලම දැන් අර ඊලග දවසේ කකුල උස්සගන්න බැරිවෙන්න පේන් එකක් එන ලිමට් එක ගිහින්.
මෝ චිට් වලින් බහිද්දි පාන්දර 4යි. කලින් දවසම බස් වල කදු වල කකුල් වලට වදදීගෙන හිටිය නේ. ඊලග දවසෙත් බැංකෝක් වල පොඩ්ඩක් විතර ඇවිදින්න කියලා හිටියේ. මම හෝටල් බැලුවා මයේ අම්බේ බැංකොක් වල ගනන්.අ නික් සින් එක තමයි මට දැන් දවස් දෙකකට ගෙවන්න වෙනවා. එක පැත්තකින් මගේ බජට් එක වුනේ බාත් 15,000ක් ගමනට. දැන් සල්ලි ටිකක් ඉතුරුත් එක්ක. ඒ නිසා ඉතින් හෝටල කාමරයක් අරගෙන සැපේ ටිකක් නිදාගන්න හිතුවා.
මේවා කියන්න ඕනි ටෝන් එක මේම නෙමෙයි. ඒක මම දන්නවා. ඒ කියන්නෙ හැමතිස්සේම සල්ල ගැනම කියද්දි නිකං මගේ වැලියු එක අඩුවෙන සීන් එකක් යනවා. ඒත් අපි ගත්තොත් ලංකාවෙන් එලියට නොයන්න එක පදාන හේතුවක් තමයි සල්ලි. මිනිස්සු ආසයි රටින් එලියට ගිහින් තැන් තැන් බලන්න. ඒත් රටින් එලියට අඩියක් තිබ්බත් ලක්ස එකහමාරක් විතර තැලෙනවා කියලා තමයි කට්ටිය හිතන්නේ. ඉතින් දවස් 10ක තායි ටුවරක් ලක්ශයකට කිට්ුවෙන් කම්ප්ලිට් කරගත්තා කිව්වම එක්තරා ලෙවල් එකකට. ඒක කොහෙමද කලේ කියලා දැනගන්න ආස අය ඇති. එයාලට තමයි මේ සල්ලි විස්තර කියන්නේ.
එහෙම නැතුව මට පොයිය ගහන්න ඕනි නම්. මෝචිට් ආවා. ලගම තියෙන හෝටල බැලුවා අගොඩ් එකෙන් බුක්කලා බාත් 1500යි රූම් එකට. ඕක ගානක් නැහැ ඉතින් ලංකාවෙ හිටයත් මගේ චොයිස් එක ත්‍රීස්ටාර් වගේ යන එක. බජට් තැන් හොයලා වාත වෙන්න බැහැ නේ. ඒ නිසා මේම මේම කියලා ලියන්න තිබුනා. ඒත් ඒම පොයි ලයින් එක ලියන්න ගොඩක් අය ඉන්නවා නේ. ඉතින් මම මගේ ලයින් එකටම ලියනවා.
සාමාන්‍යෙයන් බස් නැවතුමක් කියන්නේ කාක්කෝ. මම කෝකටත් කියලා බස් එකෙන් බැහැල මූලික කාක්කෝ ටික එහාට මෙහෙට වෙනකල් ටිකක් උන්නා. ඉදලා අහක් වෙලා තව විනාඩි 10ක් විතර වාඩිවෙල උන්න ාබංකුවක් උඩ. ඉන් ප්සසේ හිමීට මෝටර් සයිකල් ටැක්සි බුවෙක්ව ටොක් කලා. මම කිවවේ මට ගෙවන්න පුලුවන් බාත් 500යි. මට කාමරයකි හොයාදෙන්න පුලුවන්ද ඒසී එක්ක. ?
නවාතැන
පොර රායිට් කිව්වා. ඒ වෙලාවේ අගෝඩ බුකින් පෙන්නුව ලගපාත කාමර සේරම වගේ ඊට වඩා ගනන්. 600යි 700යි. පොරගෙ බයික් එකේ නැග්ගා පොර මාව ගෙනිච්චා ඒ ළගපාතම බැංග් සූ වලට. බැංග් සූ වල ප්‍රාෙසට් කෝට් කියන ප්ලේස් එකක්. ඒකේ අපාර්ට්මන්ට් තියෙන්නේ. බුකින් වත් අගොඩ්වත් ගූගල්වත් නැති ඒත් සුපිරි තැනක්. අවුට් සිටි වල හෙවත් ටවුමෙන් පිට තරම්ම ඉඩකඩ සැප නැතත් බැංකොක් වල හැටියට කාමරේ ඒ සී බාත්රූම් ඩබල් බෙඩ් එක්ක සුපිරියට තිබ්බා. මහ පාන්දර කවුන්ටර් බුවා කූද්දලා ටැක්සි බුවාම මට කාමරේ පෙන්වලා ගියා.
ටැක්සි කාරයා කියක් හරි යටිමඩි ගහගන්න ඇති. අනෙක රෑ නිසා බාත් 50 දුරට 100ක් අදින්න ඇති. එකාතකින් අපි පැතලිව කල්පනා කලොත් මේ ටැක්සි බුවාලට කියලා කාමරයක් බුක් කරගත්තෝතින් ඒ අය 10%ක් ගන්නවා කියමු. ඉතින් ඔය වගේම මාජින් එකක් ඒ අය  පන්නනවා අගෝඩහෝ බුකින් සයිට්ස් වලින් බුක් කලත්. අපිට හරියටඅ පේ රික්වයමන්ට් කියාගන්න ැහකි නම් ඇත්තටම සමහර කාක්කෝ කියන්නෙත් එක්තරා විදියට අපිට ඕනි දේවල් හොයාදෙන ඒජනත්යෝ වගේ ජාතියක්.
ඒක මැක්සා ලොකේශන් එක. සාමාන්‍යෙයන් සිටි වල රූම් බුක් කරද්දි කෝච්චි වලට කි්ට්ටුද? පාරට කි්ටුද? ලගපාත ටැක්සි තියේද? කෑම කඩ තයේද කියලා බලන්න ඕනි පොතේ හැටියට. මට ඒ මෝටර් සයිකල් ටැක්සි මාමා හොයලා දුන්න තැන මෙට්‍රො එකට කෝච්චි ස්ටේශමට මීටර 500යි. එලිටය බැස්ස ගමන් කෑම කඩ, ටැක්සි ස්ටේශම බැස්ස තැනම. සමහර වෙලාවට වාසනාව වෙන්න ඇති. ඒත් මම හිතන්නේ තායි මිනිස්සු එහෙමයි. ලංකාවේ නම් පෙටා බැහැලා කොටුවේ ඉන්න කාක්කෝ ටෝක් කලොත් මම හිතන් නැහැ උන් මහ රෑ මේ වගේ හොද තැනක හොද ගානට කාමරයක් සෙක් කරාවිය කියලා.
ජේ ජේ මෝල් සහ චටුචක්
මම උන්නේ බංග් සූ වල. ලගම ෂොපින් මෝල් එක සර්ච් කලාම සර්ච් වුනේ ජේ ජේ මෝ්ල එක. මම පයින් යන්න කියලා ගත්තා. ම්ම්හු. කිලෝමීටර 4ක් වගේ. අනික පයින් යෑම තායි උන් කරන්නේ අඩුවෙන් වගේ. පයින් යන එකෙක් හමුවෙන්නේ කලාතුරකින්. ඒ ගමන මෝටර්සයිකල් ටැක්සියකින් ජේ ජේ මෝල් ගියා. ඇත්තටම ජේ ජේ මෝල් වල බඩු පට්ට ගනන්. ලග තිබුන චටුචක් මාකට් ක සදුදා වහලා. මම සදුදා ආපු නිසා චටුචක් එක මිස් වුනා.
ජේ ජේ මෝල් එකේ ඒ ටී එම් තිබුනා. ඒ වගේම සල්ලි මාරුකරගන්න තැනුත් තිබුනා. බාත් 220ක් කැපුනට මම කලින් කියාපු විදියට ලේසිම වැඩේ ඒ ටී එම් වලින් සල්ලි අදින එක. ඉතින් මම සල්ලි ටිකකුත් අරගෙන ටිකක් කැරකුනා. කෑමද බිීමද විසිතුරු බඩුද අයිටම් ගොඩායි. ඒත් ජේ ජේ එකේ මිල වැඩියි.
නැවත නවාතැනට
මෙතැනදි මම ගියේ මෝටේ සයිකල් ටැක්සියක. දැන් හරි ආයේ කොහොමද මම ඉන්න නවාතැනට යන්නේ. පී එස් ප්‍රාෙසට් කෝට් කියන ප්ලේස් එකේ තමයි මම ඉදියේ බැංග් සූ වල. බංග් සූ කියන පලාතේ ස්ටේශන් එක මෙට්‍රො එක තියෙන තැන මම දන්නේ නැහැ. මට අසාධාරන සැකයක් ආවා මට මේ ගමන් බැංකොක් වල රවුන් ගැහුවොත් ආයේ පාර හොයාගන්න එක ගැන. පී එස් කෝට් කියලා සර්ච් කලාම තැන් ගොඩක් පෙන්වනවා මැප් එකේ. කෝකටත් කියලා ආයේම නවාතැනට ගිහින් පබ්ලික් ටාන්ස්පෝ්ට් වලින් චයින ටවුන් යනවා කියලා හිතුවා.
නවාතැනට ගිහින් ආයේ මීටර හයසීයක් විතර පයින් බඩගෑවම ඔන්න සෙට් වුනා බැංග් සූ මෙට්‍රො ස්ටේශන් එක. බැංග් සූ වලින් ටිකැට් ගත්තා හුවා ලම්පෝන් වලට. හුවා ලම්පෝ්න කිට්ටුව තමයි චයින ටවුන් තියෙන්නේ. චයින ටවුන් සිරා ප්ලේස් එකක්.
චයින ටවුන්
ඉස්සර කාලේ චායෝ ප්‍රායා නදිය දිගේ වෙලදාමේ ආපු චීන්නු ඉදපු දිහාව තමයි චයින ටවුන්. මේ හරියේ ඉදලා රිවර් එකට කිට්ටුයි මැප් එක අනුව. ඒත දැක්ක රිවර් එකක් නම් නැහැ. ස්ටේශන් එකේ ඉදන් ටිකක් දුරයි චයින ටවුන් වලට. මෙට්‍රො එකෙන් බැස්ස ගමන් මෝටර්සයිකල් ටැක්සියක් ගත්ත නම් චයින ටවුන් බහින්න පුලුවන් සුටුස් ගාලා. මම ඉතින් පයින්ම ඇද්දා.
චයින ටවුන් කියන්නේ ඇත්තටම හෝල්සේල් මාකට් එකක්. සපත්තු,රෙදිපිලි, හාඩ්වෙයාර් බඩු, බෑග්ස්, ලෙදර් ප්‍රොඩක්ට්, මංගල උපකරණ, විසිතුරු බඩු, කොන්ඩ කටු, වගේ ලොකු රේනජ් එකක බඩු තියෙනවා. ඒත් හෝල්සේල් ප්‍රයිස් එකට දෙනනේ කෑලි 12ක් ගත්තාම.
මම රවුමක් දාලා ඇත්තටම මොකුත් වැඩිය නොගෙන ආවා. මම මුලින්ම බැංකොක් ආපු දවසේ ගිය බැංකාපි වල රෙදි සපත්තු බෑග් සිල්ලරට ලාබෙට ගන්න පුලුවන්කම තිබුනා ෂොපින් මෝල් වල. ඒත් චයින ස්ට්‍රිට් වල සිල්ලර මිල අඩු නැහැ. ටිකක් වැඩියි කියලා තමයි හිතුනේ.
මම එන ෆ්ලයිට් එකට බැගේජ් එකක් දැම්මා. ඒත් මොකුත් වැඩිය අරන් ආවේ නැහැ. මට හිතුන දෙයක් තමයි ඇත්තටම මේවෑ බඩු ලාබ ඇති. ඒත් ඉතින් අපි වගේ ගෙදර අයට ඕනි ඇදුම් කෑලි ටිකක් ගන්න වගේ වැඩකට ලංකාවේ තැන් ටික වාසියි. සමහර විට බැංකොක් වල වෙන ඒරියා ඇති ලාබෙට. ඒත් සොපින් කියන්නේ මම එච්චර ඉන්ටරෙස්ට් සබ් එකක් නෙමෙයි. අනෙක් පැත්තෙන් පිටකොටුව කටේම රක්ශාව කරන මට පිටකොටුවෙන් වුනත් ඕනි දෙයක් ගන්න හැකි නෙ.
ෂොපින් වැඩේ බාගෙට කරලා ඔය කොන්ඩකටු සපත්තු බෑග් බෙල්ට් වගේ සුකුරුත්තන් ටික්ක අරගෙන නවාතැනට ආවා. ඇවිත් එතැනින් ටැක්සියක් ගහන් එයාපෝට් එකට ගියා. ඇත්තටම එයාපෝට් එකට ටැක්සිය වැදුනේ මීටර් එක බාත් 180යි. මම බාත් දෙසියක් ඩයිවරයට දුන්නා.
ගුවන් තොටට ආවම එකම ටයිම් එකට එයා ඒසියා ප්ලයිට් තුනක් අදිනවා.මල කෙලියයි ඉතින් මාර ට්‍රැෆික්.ඇත්තටම මගේ මලු දෙකක් තිබුනට දෙකේම කිලෝ දහයක් නැහැ. ඒදෙකම කිසි ගින්නක් නැතුව ගෙනියන්න තිබුනා. ඒත් මම තව බෑග් එකක් ගෙනියන්න මෙව්වා එකක් දාලා තිබුනා. ඒ නිසා ඒක ලැගේජ් දැම්මා.
තායි දෙවනි එයා පොට් එක වෙච්චි දොන් මුවන් එකයි ලංකාවේ එකයි අහසට පොලව වගෙ. එහේ සුපිරිකියනවා නෙමෙ. ඒක හරි ඇක්ටිව්. මිනිස්සු රෙස්පොන්ස් කරනවා. ලංකාවේ එක මැරිලා වගේ.අ ැවිදින මලමිනි ටිකක් වගේ ලංකාවේ එයාපෝට් එක.
ඉතින් එතනින් එලියට  ආවම ටැක්සි කාක්කො. මේ කියනනේ කටුනායක ගැන. ටිකක් විතර එහායින් තිබුනා ඒ සි බස් එකක්. ඒකේ නැග්ගා. ඒ සී බස් එක ටිකක් විතර වෙලා ගියා එන්න ඒත් ඉතින් පැයකින් විතර යාන්තම්කොට කොට ආවා. ගුවන් තොටුපලයට යන්න ටැක්සි. ඉන් පස්සේ පරිවාර සෙනග. මම රට ඉදන් එනකල් බලං ඉන්න කට්ටිය කවුරුවත් මට නැහැ. ඉතින් බස් එකේ ඇවිත් බෝඩිමට ගොඩ වුනා.
මේ අවසාන කෑලි දැම්මේ රට යනවා අපිට දුකයි. ඇත්ත කාලයක් ඉන්න රට යනවා නම් කට්ටිය එක්ක යන එක වටිනවා.එ ්ත් ඉතින් ටුවර් එක්ක කියන්නේ ලොකු දෙයක් නෙමෙ නේ. ඕකට එයාපොට් ගානේ රස්තියාදු වෙන්න කාරුවත් ඕනි නැහැ.
දවස් දහයක් රෑ 10ක් ( ඇත්තටම මේ කාලේ කොච්චරද කියන්න මටත් නිච්චියක් නැහැ) මම තායිලන්තේ උන්නා. හැමෝම යන පතායා පුකෙට් සහ බැංකොක් වීදි වලට ගියෙත් නැහැ. හැමෝම යන නිසාම ස්කිප් කලානෙමෙයි. අපේ රට සංචාරකයෝ එන රටක්. ඉතින් සංචාරකයෝ හම්බෙන්න නම් ඔය හික්කා, ට්‍රින්කෝ ඇල්ල පැත්තට ගියාම සිගිරියට නුවරට ගියාම හැකි. ඒත් රටතොට බලාගන්න නම් ඒම බැහැ. මට ඕනි වුනේ රට තටෙ ආදිය මිනිස්සු ජීවත්වෙන විදියට ආදිය බලලා ඒ රටේ ලෝකල් ටුවර් බුවෙක් විදියට ට්‍රැවල් කරන්න. මගේ ගෝල් එක හිතුවටත් වඩා සක්සස් වුනා.
ඇත්තටම තායිලන්තයවගේ රටකට යන සුද්දෙක් අපේ වගේ රටකට ගෙන්වාගැනීමත් ටිකක් අමාරු රාජකාරියක්. මොකද තායි රට කියන්නේම ටුවරිස්ට්ලට මාර සපෝටිව් සිස්ටම් තියෙන රටක්. තායි වල හොදම සල්ලිකාර ටුවරිස්ට්ලාට වගේම බැක්පැකර්ස්ලටත් බොහොම ලේසියෙන් ට්‍රැවල් කරන්නට හැකියාව තියෙනවා. අද වෙද්දි අපේ රටේ බෝම්බ ප්‍රහාර එක්ක ටුවරිසම් අනතුරේ ලක්වෙලා. ඉතාම කණගාටුදායක විදියට සාමාන්‍ය ජන ජීවිතය කඩාගෙන වැටෙන ලයින ්එකක් පෙන්නුම් කරනවා. මම දැකපු තායි එයාපෝට්, තායි දුම්රිය නැවතුම්, තායි බස් නැවතුම් තායි නගර සැලැසුම් ආදිය හැම දෙයක්ම ලංකාවට වඩා දියුණුයි. ලංකාවේ පෙටා බස් නැවතුමට ඇත්තටම මොකද්ද තියෙන එන්ටරන්ස් එක? එහෙම එකක් නැහැ.හිතුන හිතුන පැතිවලින් බස් නැවතුමට එනවා. ඒ වගේම බස් නැවතුමට හරියට ටැක්සි පාක් එකක් නැහැ.. මිනිහෙක්ට වාහනෙකින් ඇවිත් දුර බස් එකකට යන්න බහින්න තැනක් නැහැ. බස් බුක්කරගන්න ක්‍රමවේද නැහැ.
මම ගිහින් තිනේනේ රටවල් තුනයි. නේපාලය, ඉන්දියාව,තායි රට. ඇත්තටම සංචාරකයින්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජනයාටත් ලංකාවට වඩා හොද පොදු ප්‍රවාහන සේවයක් ඒ රටවල් තුනේ තියෙනවා.
ඉතින් ආයේ සංචාරයක් ගියොත් ආයේ හමුවෙමු.


%d bloggers like this: